ඉන්දියාවේ ඉතාමත් ජනප්‍රිය වූ, 1954 වර්ෂයේ හොඳම චිත්‍රපටය ලෙස ෆිල්ම් පෙයාර් සම්මාන 3 ක් දිනාගත් මෙම කලාත්මක, හැඟුම්බර නිර්මාණයෙහි කතාව ගලාගෙන යන්නෙ මෙහෙමයි….මව සහ පියා නොමැති දිළිඳු දරුවන් දෙදෙනෙකු වූ බෝලා සහ බේලු, කුරිරු ගති පැවතුම් ඇති තම නැන්දා කෙනෙක් භාරයේ හැදී වැඩේ. ඇය මොවුන්ව හිඟමනේ යොදවා මුදල…

Boot Polish (1954)

ඉන්දියාවේ ඉතාමත් ජනප්‍රිය වූ, 1954 වර්ෂයේ හොඳම චිත්‍රපටය ලෙස ෆිල්ම් පෙයාර් සම්මාන 3 ක් දිනාගත් මෙම කලාත්මක, හැඟුම්බර නිර්මාණයෙහි කතාව ගලාගෙන යන්නෙ මෙහෙමයි….මව සහ පියා නොමැති දිළිඳු දරුවන් දෙදෙනෙකු වූ බෝලා සහ බේලු, කුරිරු ගති පැවතුම් ඇති තම නැන්දා කෙනෙක් භාරයේ හැදී වැඩේ. ඇය මොවුන්ව හිඟමනේ යොදවා මුදල් උපයා ගනියි. එහෙත් එය ජනතාවට හිරිහැරයක් බව එම දරුවන් දෙදෙනාට වැටහීම නිසා ඔවුන් මහමඟ යන්නන්ගේ සපත්තු පොලිෂ් කර මුදලක් උපයා ගනියි. කෲර නැන්දා විසින් එය ද දිනපතා ඔවුන්ගෙන් පැහර ගනු ලබයි.

පසුව නැන්දාගේ නිවසේ රැකවරණය අහිමිවන මොවුන්ට ජෝන් චාචා නැමති දයාබර මිනිසාගේ නිවසේ සෙවණක් ලැබේ. නීති විරෝධී කටයුත්තක් නිසා ඔහු ද සිරගත වීමෙන් මොවුන් දෙදෙනා මහ මඟට වැටේ. එහි දී මෙම අයියා සහ නංඟීට ඔවුන් එකිනෙකා අතරමංවීම නිසා වෙන්වීමට සිදුවේ. ඔවුන් දෙදෙනා නැවත හමුවේ ද? ඔවුන්ගේ ජීවිත සාර්ථක වේද? මෙම සුන්දර චිත්‍රපටය නරඹලාම එය දැනගන්න.

ෆිල්ම් ෆෙයාර් සහ වෙනත් සම්මාන ගණනාවක් දිනූ මෙම චිත්‍රපටය ශ්‍රී 420, ආවාරා, සංගම් ආදී ජනප්‍රිය නිර්මාණ පෙළක් දායාද කරදුන් ” රාජ් කපූර් ” නැමති ඉන්දීය මහා සිනමාවේදියාගේ තවත් එක් නිර්මාණයකි.

පැරණි අනර්ඝ ඉංග්‍රීසි චිත්‍රපට බයිස්කෝප් වෙබ් අඩවියට යොමුකර තිබුණත්, පැරණි හින්දි නිර්මාණ එකතුවක් එහි නොතිබූ නිසායි මෙවැනි චිත්‍රපට සඳහා උපසිරසි යෙදීමට මා හට අදහසක් පහළ වූයේ. මා ඉදිරියේ දී 1950, 60, 70 දශකයන්හි ජනප්‍රිය හින්දි නිර්මාණ එකතුවක් එවන් චිත්‍රපට ප්‍රියකරන්නන් උදෙසාම තිළිණ කරන්නම්.

ස්තුතියි! ඔයාලගේ අදහස් දැක්වීම ඉතා අගය කරන්නෙමි.

Boot Polish (1954) on IMDb

 

 

1.46 GB කොපිය මෙතනින් බාගන්න

cf97fbb849f864534eb5222277806e04dc5ba613 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

478 downloadsDownload Boot.Polish.1954.baiscopelk.zip43 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/PriyanthaD.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

විතානගේ ප්‍රියන්ත

Subtitles

478 downloadsDownload Subtitles43 KB

66 comments

  1. chathura

    priyantha patta ea.digatama old hits karamu ela ela

  2. Vithanage Priyantha Dayakeerthi

    බයිස්කෝප් වෙබ් අඩවියේ උප සිරැසි යෙදූ පැරණි හින්දී චිත්‍රපට හිඟයක් මා දුටුවා. එම හිදැස පිරවීමේ තුන්වන උත්සාහයයි මේ.

    ඔයාලාගේ අදහස් දැක්වීම් මා හට දිරි ගැන්වීමකි.

    ස්තුතියි!

  3. එල්.සී. දමැල්

    නියමයි සහෝ...
    උපසිරසට තුති...
    ජය..

  4. Aloka

    suba pathum

  5. lasiru

    Thanx....!

  6. face book

    sub eka wadak na ban.ube mahansiya aparade.aluth film ekakat sub dapanko.

  7. nishan

    ow ban.sub eka melo rahak na.aluth ewa diyankooo...

    1. Vithanage Priyantha Dayakeerthi

      face book, nishan, ඔය දෙන්නා සබ් එක වෙබ් එකට ඇතුළත් කරපු ගමන් මේක මෙලෝ රහක් නෑ කියනවා.

      ඔයාලා මේක නරඹලා නොවෙයි ඔය කිව්වෙ. වර්ෂය අනුව ෆිල්ම් තෝරා ගන්නා ඔය දෙන්නගේ කමෙන්ටුව මට වැදගත් නැහැ.

  8. kumara

    aluth sub naddoooooo

  9. nisha

    apoo.. parana ekakne.aluth ewa nadda

    1. Vithanage Priyantha Dayakeerthi

      face book, nishan, kumara, nisha හතර දෙනාට වෙතට,

      ඔයාලාගේ අදහස් දැක්වීමට ගොඩක් ස්තුතියි! ඇත්තෙන්ම ඔයාලවගේ ආත්මාර්ථකාමීව හිතන අයට නෙමෙයි මම දිනගනණක් මහන්සිවෙලා මේක දැම්මේ. මේ වෙබ් එකේ අලුත් උපසිරසි ගැන්වීම් 60 ක පමණ පෝලිමකට පස්සේ තමයි මේ එකම පරණ එකත් වැටුනේ. එකත් ඔයාලා හතරදෙනා වගේ හිතන අයට දරාගන්න අමාරුයි කියල මම මේක දාන්න කලින්ම දන්නවා.

      මේ චිත්‍රපට බලන්න කැමති අය මේ සමාජයේ ඕනෑතරම් ඉන්නවා. ඒ අයට මේවා සැපයුමක් නැති එක තමයි ප්‍රශ්නය.
      ඔය හතර දෙනා පොඩ්ඩක් පත්තරයක්, පොතක්, ප්‍රවෘතියක් බලන්න පුරුදු වෙන්න, මොකද මේ පැරණි හින්දි චිත්‍රපට සඳහාම වෙනම සංගම් පවා ලංකාවේ ගොඩනැගී තිබෙනවා.
      "ආවෝ ගියෝ" මේරු වගේ නොවෙයි මේ චිත්‍රපට. මම දන්නවා අපේ රට පුරා මේ උපසිරැසිය දශක ගණනාවක් රසවිඳිනබව.

      ගොඩක් ස්තුතියි! මේ වගේ අදහස් දැක්වීමකට ඔයාලා හතර දෙනා මග පාදලා දුන්නට.

    2. sirimali

      ane ub a hu kap an hu thth a.

    3. flash

      ub e ammata kiyapa n owa.

    4. Gunadasa

      මේ චිත්‍රපට බලන්න කැමති අය මේ සමාජයේ ඕනෑතරම් ඉන්නවා

      අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
      සුභපැතුම්.

  10. කේ.යූ.ජී. උදාර

    මේ වගේ පරණ වටින නිර්මාණවලට දිගට ම සබ් දෙන්න............
    සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.

  11. Kulanjana Maduranga

    niayamai…mewani watina nirmanayanta sub dena 1ka nm agaya krnna ona.thanks PRIYANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  12. Chaminda Lakruwan

    Niyamai..oya wage parana film digatama danna shatiya labewa.puluwannam (Naagina) film eka denna.

  13. thisal

    tnnnx machan parana unat supiri ekak wage balama balamu podi copyk nadda??

  14. Thanu

    Hindi film balanne nam na. Khma wunath sub 1ta thanx

  15. Ama

    බොහොම ස්තූතියි සහෝ!!!!!

  16. kasun

    පරන හිංදි වලට සබ් දාන්නේ උබ විතරයි බන් එල වැඩක්.....

  17. විරාජ් කොඩිතුවක්කු (තෙලා)

    පරණ හින්දි චිත්‍රපටවලට නම් මමත් ආසයි. අළුත් හින්දි ඒවා වගේ නෙවෙයි, පරණ ඒවල මොකක්දෝ හිතට කාවදින කලාත්මක ගතියක් තියෙනවා. සංගීතය, පසුතල හැම එකකින්ම ඒකට විශාල පන්නරයක් ලැබෙනවා කියලයි මට නම් හිතෙන්නේ.
    මෙවැනි හින්දි චිත්‍රපටයකට සබ් ගෙනාවට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!

  18. kasun

    සබට බොහොම ස්තූතියි සහෝ...

  19. Isuru1

    කාල භේදයක් නැතිව පැරණි හින්දි සහ බටහිර චිත්‍රපට බලන්න මමත් ආසයි. මේවා වටිනා චිත්‍රපට. රාජ් කපූර් මම ආසම කරන පැරණි නළුවෙක්. එතුමන්ගේ Mera Naam Joker, Sangam, Shree 420, Anari, Chhalia, Jis Desh Main Ganga Rehta Hai, Awara යන චිත්‍රපට වලටත් මම හරි ආසයි. ඔහුගේ චිත්‍රපට වල මනුෂ්‍යත්වය, ආදරය, කරුණාව වැනි දේවල් අනිවාර්යෙන් දකින්න පුළුවන්. සමාජයට යම් පණිවිඩයක් එතුමන්ගේ චිත්‍රපට වලින් ගෙන එනවා. මේක මම කලින් බලලා තිබුනත් සිංහල සබ් එක්කම මට ආපහු බලන්න පුළුවන්. උපසිරැසියට බොහෝ ස්තූතියි! ඉදිරියටත් මෙවැනි හොඳ කතා බයිස්කෝප් එකෙන් ගෙන ඒමට ඔබට තව තවත් ධෛර්යය ලැබේවා. තව පුංචි ඉල්ලීමක් කරන්නත් කැමතියි. ඔයාට පුළුවන්ද සහෝ “Mary Poppins (1964)” ෆිල්ම් එකට සබ් දෙන්න? ඒකට මම හරි ආසයි. ජය වේවා !!!!!!!!!!!!!!!!!!!!!!!

  20. නලින්

    ස්තුතියි ප්‍රියන්ත අයියා.. මෙවැනි පරණයි පරණයි කියලා අත හැරලා දන්නේ නැතුව සබ් දාපු එක නම් වටිනවා

    ජය වේවා!

  21. shan

    thama 60k wath download karala.me wage parana sub denna epa,site ekath chatar wenawa ban

    1. Vithanage Priyantha Dayakeerthi

      shan සහෝදරයා ඔයාට වැරදිලා. මගේ ඉලක්කය මේ උපසිරැසිය ඩවුන්ලෝඩ් කරපු ප්‍රමාණය නොවෙයි.

      මම මීට පෙර උපසිරසි කරපු පැරණි හින්දි චිත්‍රපට DVD Shop හරහා ලංකාව පුරාම යනවා. දැනට ගිහිල්ල තියෙනවා.

      ඔයාගේ මොලයක් නැති ඔලුව පොඩි තැනකට කොටුවෙලා තියෙන්නෙ.

    2. flash

      ube amma nam kiwwe mage oluwa loku wadi kiyala.ammata maara happy ekak awalu

  22. raki

    old is gold.....ala sahooo!!!!!!! god bless*****

  23. හසන්ත

    ඔය අමනාපය ප්‍රකාශ කරලා තියෙන්නේ නම් කීපයකින් එක්කෙනෙක් එකම ඊමේල් එකකින් සහ එකම IP ඇඩ්‍රස් එකකින්. ඒ නිසා ඒ කෙනාට කියන්නේ බලන නොබලන එක ඔබ තුමාගේ වැඩක්. මේ වගේ පැරණි නිර්මාණ රසවිඳින බොහෝ පිරිසක් ඉන්නවා එයාල ගැනත් හිතලා මේ වැඩේ කරපු ප්‍රියන්ත සහෝදරයට කෘතවේදී වෙන්න ඕනේ මොකද සමහරවිට සමහර අය මේ වගේ ෆිල්ම් තිබුනද කියල නමක් දැනගන්නෙත් මේ උපසිරැසි නිර්මාණය නිසා. මොන කෙනා උනත් මේ වගේ නොමිලේ සේවයක් දෙනකොට ඒ ගැන අගයන්න පුරුදු වෙනවා නම් ඒක එයාලට ඉදිරි නිර්මාණ වලදී ලොකු රුකුලක් වේවි. මොකද මේකෙන් වැඩි වාසිය තියෙන්නේ උපසිරැසි බාගත කරන අයට මිසක් මහන්සි වෙලා උපසිරැසි හදන අයට නෙමේ මොකද එයාල තමන්ගේ විවේක වෙලාව තමා මේ අනික් අය වෙනුවෙන් කැප කරලා තියෙන්නේ. ඒ ගැන හිතලා කටයුතු කරනවා නම් ගොඩක් අගය කරනවා.

  24. Sisira Hegoda

    අපේ අලූත් පරම්පරාවෙ සමහර අය දන්නෙ නැහැ කලාව ගැන හරියටම. ඒකෙ වැරද්ද වැඩිහිටියන්ට පවරන්න වෙනවා ඇයි අපි ඊලඟ පරම්පරාවට හෙඳ දේවල් නොදී හිටියෙ.
    මේ ලෝකෙ පරණ නොවෙන එකම දේ තමයි කළාව. කළාව මොකක්ද? ගීතයක සිනමාවක, චිත‍්‍රයක, එහෙම නැත්නම් කොහේදි හරි වෙච්ච දෙයකට අපේ හිත මොනවා හරි කියනවා නම් එතන තමයි කළාව තියෙන්නෙ කියලා මම හිතනවා. එහෙම දෙවල් ගොඩක් තියෙනවා. ‘‘සමහර සින්දු හරිම පරණයි., මෙහෙම කියන ගමන්ම ඇයි අපි අනුරාධපුරේ යන්නෙ. ඇයි අපේ සුපිරි තරු වෙන්න හදන අය පැරණි ගීතම කියන්නෙ. නිකන් හිතන්න. අපි පම්පෝරි ගහන්නෙ 2500 ඉතිහාසය ගැන කියල. සුපිරි තරු වෙන්නෙ පරණ ගායකයින්ගේ සින්දු කියල.
    1958 දී නිපදවූ මධුමතී චිත‍්‍රපටය 2006 දී පූනේ හි අන්තර්ජාතික සිනමා උළෙලට ද 2011 දී ටොරෙන්ටෝ අන්තර්ජාතික සිනමා උළෙලට ද සහභාගි වී ඇත.
    ඔබගේ මහන්සිය අපතේ ගිහින් නැහැ දිගටම කරන්නට ධෛර්ය ලැබේවා. බොහොම ස්තූතියි. සුබ නව වසරක් වේවා

    1. Vithanage Priyantha Dayakeerthi

      ස්තුතියි! සිසිර හෑගොඩ මහත්මයා.

      මම ඔයාගේ කමෙන්ටුව බලාපොරොත්තුව හිටියේ.

      ඒ වගේම මා දිරිමත් කරන සියලු දෙනාටමත් මාගේ අවංක ස්තුතිය!

  25. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    නියමයි නියමයි.
    උඩ බුරපු බල්ලොන්ට වෙන අය ගහනකම් ඉන්නැතුව ඔයාම කනට ගහපු එක මරු.
    සබට තැන්ක්ස්.
    ජය වේවා. !

  26. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  27. සසංක

    දිගටම කරගෙන යමු මිත්‍රයා...

  28. නිර්මාණී

    බොහොම ස්තූතියි උපසිරසියට. පරණ චිත්‍රපටි වල තියන ලස්සන ඒවා නොබලන අය දන්නෙ නෑ. ඒත් හරිම ලස්සන කතා තියෙන්නෙ. ඒ වගේම හරිම ලස්සන සිංදු. තවත් මේ වගේ ලස්සන චිත්‍රපටි අරන් එන්න කියලා ඉල්ලනවා. සුභ පැතුම්. හැකි නම් Kabhie Kabhie (1976 ) චිත්‍රපටියට උපසිරසිය කරන්න. ලස්සන සිංදු තියන, බලන්න ආසාවෙන්න ඉන්න චිත්‍රපටියක්.

  29. දහරා මුතුඅමා

    ශා නියමයි. මෙන්න තව එකක් දීලා. ඉස්සර මේක නිතරම සිරසේ පෙන්නනවා. මාරම ලස්සන ෆිල්ම් එකක්. අලුතෙන් එන ඒවා වගේ නෙවෙයි. අවුරුදු 60ක් උනත් තාමත් මේවා ගොඩක් ජනප්‍රියයි. සිංදු උනත් තාමත් මතකයේ තියෙනවා. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. තවත් මේ වගේ ඒවා දෙන්න අයියේ.

  30. Yenu

    Thank you..digatama sub denna........oyage film 1k deelada kiyala dawas keepeka idan balan hitiye...digatama sub denna me film walatama...aluth ewa denna oni tharam ayath innawane..............ane Taj Mahal Naddo???

    1. Vithanage Priyantha Dayakeerthi

      yenu වෙතට,

      ” හාති මෙරේ සාති, මධුමතී, ටජ් මහල් ” වැනි පැරණි හින්දි චිත්‍රපටවලට සිංහල උපසිරසි කරන්න කියල ඉල්ලීම් තියෙනවා.
      එහෙත් එම පැරණි හින්දි චිත්‍රපටවලට වෙනත් අය සිංහල උපසිරසි කරල තියෙන්නේ. ඒවා DVD Shop වල තියෙනවා. එහෙම මිලදී ගත් පැරණි හින්දි චිත්‍රපටනම් මා ළඟ තියෙනවා. ඒවායේ නාමාවලිය පහත තියෙනවා. සේවයක් විදියට මට ඒවා කොපි කරල ඔයාලට එවන්න පුළුවන්. එක් සිංහල උපසිරසියක් කරන්න දින ගණනාවක් යන නිසා මම කරන්නේ එසේ කලින් නොකරපුවා විතරයි. මගේ දුරකතන අංකය 0718222697.

      හාති මෙරේ සාති, මධුමතී, ටජ් මහල්, ගීත්, අභිමාන්,ඒක් පුල් දෝ මාලි, ආවාරා, කති පතන්, ආරාධනා, ලව් ඉන් ටෝකියෝ, මදර් ඉන්දියා, රාජ් කුමාර්, බොබී, මිස් මේරි, ගංගා ජමුනා, කොහිනූර්, අම්රපාලි, අංගුලිමාල, ජබ් ෆෙයාර් කිසිසේ හෝතා හේ, සී අයි ඩී, ටැක්සි ඩුයිවර්, බෝයි ෆෙුන්ඩ්, කාජල්, පරදේශි, ජුලී,

  31. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  32. ISU

    කාල භේදයක් නැතිව පැරණි හින්දි සහ බටහිර චිත්‍රපට බලන්න මමත් ආසයි. මේවා වටිනා චිත්‍රපට. රාජ් කපූර් මම ආසම කරන පැරණි නළුවෙක්. එතුමන්ගේ Mera Naam Joker, Shree 420, Anari, Chhalia, Jis Desh Main Ganga Rehta Hai යන චිත්‍රපට වලටත් මම හරි ආසයි. ඔහුගේ චිත්‍රපට වල මනුෂ්‍යත්වය, ආදරය, කරුණාව වැනි දේවල් අනිවාර්යෙන් දකින්න පුළුවන්. සමාජයට යම් පණිවිඩයක් එතුමන්ගේ චිත්‍රපට වලින් ගෙන එනවා. මේක මම කලින් බලලා තිබුනත් සිංහල සබ් එක්කම මට ආපහු බලන්න පුළුවන්. උපසිරැසියට බොහෝ ස්තූතියි! ඉදිරියටත් මෙවැනි හොඳ කතා බයිස්කෝප් එකෙන් ගෙන ඒමට ඔබට තව තවත් ධෛර්යය ලැබේවා!

  33. රොයිලි

    බොහොම ස්තූතියි විතානගේ සහෝ සිංහල උපසිරැසියට. බොහොම වටිනවා මේ වගේ සුපිරි නිර්මාණ අපි එක්ක බෙදාගන්න එක. ජය෴෴ :P :P

  34. RSU

    උපසිරැසියට බොහෝ ස්තූතියි! තව පුංචි ඉල්ලීමක් කරන්නත් කැමතියි. ඔයාට පුළුවන්ද සහෝ "Mahal (1949), Tower House (1962)" සහ “Mary Poppins (1964)” ෆිල්ම් වලටත් සබ් දෙන්න?

  35. Vilochan Sanjee

    meka godak lassana film ekak... dashaka gananaawak giyath bohoma sundarawa widinna puluwan sundara kalaa nirmaanayak... apa hama dena wenuwen karana me sewaya itha gaurawayen agaya karanawa... bohoma sthuthiy saho...

  36. අදිත ප්‍රවීන්

    කොච්චර අලුත් හින්දි චිත්‍රපට ආවත් මේ වගේ පරණ චිත්‍රපට එක්ක හැප්පෙන්න ඒවාට බෑ .
    බොහොමත්ම ස්තුතියි ඔයාගේ වටිනා කාලය කැපකරලා මේ වගේ විශිෂ්ට චිත්‍රපටයකට උපසිරැසි නිර්මාණය කළාට .
    මේ කරන වැඩේ දිගටම කරගෙන යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා !

  37. Ash

    thanks kollo

  38. mihiraj

    Well done Keep going. I love Hindi Old hits. Thanks

  39. Global

    Honda wedak Saho. Old Is Gold Kiyanne Nikan Newei. Man Lagath Old Hindi Movies Sahenna Thiyenawa.
    Dan Kale Inna Eun Monawada Danne...? Thamanta Thamange Watinakamawath Danne Nethi Eunta Mewa Kohomath Agayak Naha Saho......
    Thanks..Welldone...
    Digatama Sub Denna....!

  40. “චූටී මල්ලි”

    පරන ඒවගෙ සින්දුවල
    මාර ලස්සනක් තියෙනවා
    ඒක මොකද්ද කියලා
    හරියටම වචනයෙන් විස්තර කරන්න බැරි
    අමුතු ගතියක්
    ඒක නිසයි අදටත් භාරත ගී වින්දන
    වගෙ වැඩසටහන් මිනිස්සු බලන්නෙ
    දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  41. Chandraratne

    Very emotional story. Thanks a lot. If you can please prepare a subtitle of "Sangam" in 1964 by Raj Kapoor. I heard it is a box office film in Sri Lanla too

  42. Chandraratne

    Very emotional story. Thanks a lot. If you can please prepare a subtitle of "Sangam" in 1964 by Raj Kapoor. I heard it is a box office film in Sri Lanka too

    1. Vithanage Priyantha Dayakeerthi

      බොහෝ දෙනෙක්ගේ ඉල්ලීම මත මම දැනට"සංගම්" එකේ උපසිරසි කරගෙන යන්නෙ. එහි ලස්සන, ජනප්‍රිය සින්දු එකතුවකුත් තියෙනවා. කාල වෙලාව අනුව 'රාජ් කපූර්ගේ" ෆිල්ම්වලට තමයි උපසිරසි දෙන්න අදහස් කරගෙන තියෙන්නෙ.

      ඉහත අගය කිරීම ගැන ගොඩක් ස්තුතියි!

      මා මීට පෙර උපසිරසි කළ "Dosti"(1964) සහ "An evening in Paris"(1967) පැරණි හින්දි චිත්‍රපට මේ වෙබ් එකෙන් නැරඹුවාද?

  43. chamara

    I have seen this film. It is very good. thanks for ur effect.

  44. ග්ජුම්පියෝ

    මම ඕක සිරසේ බැලුවා ලස්සන කතාවක් නම් නෙමේ ඒත් ඒකෙන් කියන්නේ නෑ පරන කතා ලස්සන නෑ කියන එකනම් රාජ් කපුර්ගෙ ලස්සන කතා තියෙනවා

  45. වරුණ රංගජිත් (වරූ)

    උපසිරැසියට තුති
    ජයන් ජයම වේවා

  46. වරුණ රංගජිත් (වරූ)

    පරණ ඒවට සබ් කරන නිසා පොඩි ඉල්ලීමක් තියනවා
    අභිමාන් හින්දි ෆිල්ම් එකටත් සබ් එක දෙන්නකෝ
    මම හරිම ආස ෆිල්ම් එකක්
    අනිත් අයත් ආස වෙයි ඒ ෆිල්ම් එකට
    මෙන්න ටොරන්ට් ලින්ක් එකක්
    http://katproxy.com/abhimaan-1973-hindi-dvdrip-by-praths-t6…
    සබ් එක කරමුකෝ මේකටත්
    ජය වේවා..

    1. Vithanage Priyantha Dayakeerthi

      සිංහල උපසිරැසිය යෙදූ "අභිමාන්" චිත්‍රපටය මා ළඟ තියෙනවා. ඒ පිළිබඳ විස්තර කමෙන්ටුවක් ඉහත තියෙනවා ඒක බලන්න.

  47. Manu

    Very good affect. Thank!
    I very like old Hindi movies.

    I wish long life!

  48. තිසර නියෝ

    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  49. ධනු

    මේ සමාජයේ මෙවැනි පරණ සළරුවන් පෙන්වලා දුන්නට තුති ප්‍රියන්ත අයියේ.
    අපි සෑම දෙනා වෙනුවෙන් මහන්සි වෙලා කරනු ලබන මෙම කරතව්‍ය ඉතා අගය කොට සලකනවා.
    වෙන අයට මේව අගේ තේරේන්නෙ නැති එක ලොකු පාඩුවක්.

    1. [email protected]

      එක් එක් අයගේ රුචිකත්වය වෙනස්, නව පරපුරේ ගොඩක් අය කැමති පරිඝනක ප්‍රයෝග අධික අලුත් ෆිල්ම් බලන්න. වැඩිහිටි පරපුරේ ගොඩක් අය කැමති පරිඝනක ප්‍රයෝග නොමැති කලාත්මක පැරණි ෆිල්ම් බලන්න. ධනු සොයුරා වැනි අලුත් පරපුරේ කෙනෙක් මෙය අගය කිරීම පිළිබඳව මම ගොඩක් සතුටු වෙනවා. ස්තුතියි!

  50. kamal

    Thanks for the subtitle brother. wish you all very best for your great effort. if you have free time please prepare subtiltes for dilip kumar fils.

Load more comments