කොහොමද කට්ටියට ඉතින්, imdb මීටරය 7.7කට කරකවපු, 2004 දි නිකුත් උණත් අදටත් කට ඇරගෙන බලන් ඉන්න පුළුවන්, රාම් ගෝපාල් වර්මාගේ දායකත්වයෙන් නිෂ්පාදනය වෙච්ච, උර්මිලා මතොන්ද්කාර්ගේ අසමසම රංගනයෙන් හැඩ වෙච්ච සුපිරි පිලුමක් තමා අද අරගෙන ආවේ. උර්මිලා දැන් නම් වැඩිය පේන්න නැති උණත් කාටවත් අමතක නැතිව ඇති කියලා හි…

කොහොමද කට්ටියට ඉතින්, imdb මීටරය 7.7කට කරකවපු, 2004 දි නිකුත් උණත් අදටත් කට ඇරගෙන බලන් ඉන්න පුළුවන්, රාම් ගෝපාල් වර්මාගේ දායකත්වයෙන් නිෂ්පාදනය වෙච්ච, උර්මිලා මතොන්ද්කාර්ගේ අසමසම රංගනයෙන් හැඩ වෙච්ච සුපිරි පිලුමක් තමා අද අරගෙන ආවේ. උර්මිලා දැන් නම් වැඩිය පේන්න නැති උණත් කාටවත් අමතක නැතිව ඇති කියලා හිතනවා. මෙයාට අමතරව සයිෆ් අලි ඛාන් මේකේ ප්‍රධාන චරිතය රඟපානවා. මේක රුපවාහිනියේ ගියාද කියලා නම් හරියට දන්නේ නැහැ. කොහොම වුණත් ආයෙත් බැලුවට පාඩු නැති පිලුමක්. කථාවත් පොඩ්ඩක් කියන්නම්කෝ.
සාරිකා කියන්නේ බොම්බයේ ට්‍රැවල් ඒජන්සියක වැඩ කරන ලස්සන අහිංසක තරුණ කෙල්ලෙක්. අහිංසක වැඩි හින්දම සමාජය එක්ක ගොඩක් පරිස්සමින් තමා මෙයා වැඩ කරගෙන යන්නේ. දවසක් මෙයා වැඩ කරන තැනට කරන් කියලා කඩවසම් ව්‍යාපාරිකයෙක් එනවා. මිනිහා මෙයා දැකලා වශී වෙනවා. කරන් සාරිකාගේ හිත ගන්න එක ඒක දේවල් කරත් සාරිකා ඒවා මග ඇරලා ඉන්නවා. ඒත් පහු වෙන්න වෙන්න සාරිකාටත් කරන්ව මග ඇරලා ඉන්න බැරිවෙනවා. කොහොම කොහොමහරි දෙන්නා අතර ආදරයක් ඇතිවෙනවා. හැමදෙයක්ම හොඳින් සිද්ධ වේගෙන යද්දී සාරිකා හිතාගෙන හිටියේ මේ සම්බන්ධෙ ගැන ගෙදරටත් දන්වන්නයි.
ඒත් හදිසියේම හිතුවේ නැති විදිහට හැමදෙයක්ම විනාශ වෙලා යන්න ගත්තා. කරන්ගේ යාළුවෙක් සාරිකාගේ ගෙදර තියලා යන සුට්කේස් එකක් හින්දා සාරිකාගේ ජීවිතේ එහෙමම කණපිට පෙරළෙනවා. පොලිසියට ලැබෙන ආරංචියක් හින්දා, සාරිකාගේ ගෙදර හෝදිසි කරද්දී මේ සුට්කේස් එකත් එක්ක සාරිකාත් මාට්ටු වෙනවා. නොහිතපු විදිහට මේ හැමදේටම එයා වැරදිකාරයා වෙලා හිරේට නියම වෙද්දී කරනුත් තමන්ට පුළුවන් හැමදේම සාරිකාව බේරගන්න කරමිනුයි හිටියේ. ඒත් හදිසියේම සාරිකා හොයාගන්නවා………
මීට වඩා නම් කියන්න බැහැ වගේ. මේ කිව්වත් වැඩිද මන්දා. එහෙනම් බලලා නැති කට්ටිය වැඩිය හිතන්නේ නැතුව බාගෙන බලන්න. ෂුවර්, ඔයා ගිය data ගැන පසුතැවිලි වෙන එකක් නම් නැහැ !
e3a1120e0b26fee535364a45da25e161adbf0119 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
2,065 downloadsDownload Ek.Hasina.Thi_.2004.baiscopelk.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
PHOENIX
Subtitles
20 comments
ඉසු ඩිපි (Isu DP)
කේ.යූ.ජී. උදාර
මේක නම් උපරිමයි...........
නොබලපු කෙනෙකුට බලන්න කියල ඉහළින් ම නිර්දේශ කරන්න කැමතියි.
සිංහල සබට බොහොම ස්තූතියි මයුර.lakmal
thx.... superb movie...
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!prabath
thnkx
නලින්
ස්තුයියි මයුර සහෝ, ලිපියේ හැටියට නම් සුපිරිම කතාවක් වගේ... එලස්ස්ස් වේවා...
ජය වේවා!
Kulanjana Maduranga
niayamai…thanks MAURA saho..sub ekata..digatama sub demu.jaya wewa......
Yenu
Thank you..digatama sub denna........
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
thisal
ttnx bn patta ekak wage ela ela tawa sub demu
me
Thanks
විරාජ් කොඩිතුවක්කු (තෙලා)
සබට බොහොමත්ම ස්තූතියි සහෝ! ජය වේවා!!!
“චූටී මල්ලි”
සෙට් උනොත් තමා බලන්නෙ
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය...........raki
***thanks macho***
kanchana
mama balala ne.... onna ehenam gaththa...
thank u malli
THARINDU
thanks machan sabata.digatama supiri film welata sub denna.
වරුණ රංගජිත් (වරූ)
සබට ගොඩක් ස්තූතියි
ඉදිරියටත් සබ් දෙමු
ජයෙන් ජයම වේවාතිසර නියෝ
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයwaruna
grt bro...thnx 4 subtitles
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

එල ඈ..
බාමී, බාමී.
මේව ඉතින් මග අරින්නෑ.
සබට තැන්ක්ස්.
ජය වේවා. !