Watch Trailer

Badmaash (2016) Sinhala Subtitles | හිත හොඳ නරකයා [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් සිංහලෙන් සියලු දෙනාහට සුභාසිරි..! එසෙනම් අද දින මා බයිස්කෝප් සිංහලෙන් අඩවියට ගොඩ වන්නේ 2016 වසරේ තිරගතවු දකුණු ඉන්දියානු කර්නාටක ප්‍රාන්තයේ කන්නඩ භාෂාවෙන් නිමැවුනු තවත් එක් Action , Romantic , Thriller ඝණයට අයත් අගනා සිනමා සිත්තමක් සමඟින් එසෙනම් භාරගත් සැනින් ඔබවෙත ගෙන ඒමට සිදුවු ප්‍රමාදය…


බයිස්කෝප් සිංහලෙන් සියලු දෙනාහට සුභාසිරි..! එසෙනම් අද දින මා බයිස්කෝප් සිංහලෙන් අඩවියට ගොඩ වන්නේ 2016 වසරේ තිරගතවු දකුණු ඉන්දියානු කර්නාටක ප්‍රාන්තයේ කන්නඩ භාෂාවෙන් නිමැවුනු තවත් එක් Action , Romantic , Thriller ඝණයට අයත් අගනා සිනමා සිත්තමක් සමඟින් එසෙනම් භාරගත් සැනින් ඔබවෙත ගෙන ඒමට සිදුවු ප්‍රමාදය පිළිබඳව සමාව අයැදිමින් (මෙම චිත්‍රපටය සඳහා කිසිඳු භාෂාව කින් උපසිරැසියක් මෙතෙක් නිකුත් වී නොැති අතර කාලරාමු නිපැයුමද මාවිසින්ම සිදුකරන ලදි )මෙම සලරුව මාහට ඉක්මණින් අවසන් කිරිමට සහය දුන් සී.ආර් ජයලත් සහෝට ස්තුතිවන්ත වෙමින් කතාව දෙසට යොමුවන්නට කැමැතියි.!

2016 වසරේ නොවැම්බර් මස 18 දින තිරගත කිරිම ඇරඹු මෙම චිත්‍රපටය සඳහා ImdB අගය 10/6.8 ක් ලැබී තිබෙනවා මෙහි වියදම ලෙස ඉන්දියානු රුපියල් 50,000,000 ක් ලෙස දැක්වෙනවා තවද මෙහි නළු නිලියන් වනුයේ කන්නඩ නළු ධනංජය සහ සංචිතා ශෙට්ටි යන දෙපලයි අධ්‍යක්ෂණය ආකාෂ් ශ්‍රී වාස්තව විසින් සිදුකර ඇති අතර නිෂ්පාදනය රවි කේෂප් විසින් සිදුකර ඇත. එසෙනම් චිත්‍රපටයේ කතා වස්තුව දෙසට අවදානය යොමුකර බලමු. ඉන්දියානු චිත්‍රපට බලනා ඉන්දියාව පිළිබඳව දන්නා ඔබ කවුරුත් නම ඇසු පමණින් හොඳින් හඳුනන කොහිනූර් දියමන්තිය පිළිබඳව මා ඔබට අමුතුවෙන් කිව යුතු නෑ මිල අධිකම දියමන්තිය වන්නේද එයයි නමුත් බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ දී බ්‍රිතාන්‍යයනට පවා ඇස නොගැටුනු තවත් එක් වටිනා මාණික්‍යයක් ඉන්දියාවේ තිබෙනවා ඒ මාණික්‍යයට වෙනස් ආකාරයෙ නමක්ද තිබෙනවා ඒ විතරක් නෙවෙයි ඒ මාණික්‍යය තුල විශාල බලයක් තිබෙනවා . මාණික්‍යය ගැන එසේ සඳහන් වද්දි මෙම කතාවේ විජය චෞහාන් සහ ප්‍රියා සිම්හා යන නමින් පෙම්වතුන් දෙපලක් සිටිනවා කෙසේ හො එක් දිනක සිඳුවු අවාසනාවන්ත සිදුවීමකින් මොවුන් දෙදෙනාට ප්‍රාන්තයේ ඇමතිවරයකු නිසා වෙන්වීමට පවා සිදුවනවා ඉතින් එතැන් පටන් විජයගේ සියලු ප්‍රයන්තයන් තම පෙම්වතියව නැවතත් තමා ලඟට ලංකරගැනීමටයි එසේ නම් මා ඉහත කී මාණික්‍යෙය් නම මොකද්ද..? ඒ මාණික්‍යය තුුල ගැබ් වී ඇති බලය කුමක්ද..? විජය සහ ප්‍රියාට ඒ වගේම ඇමතිට මෙම මාණික්‍යෙය් ඇති සම්බන්දය මොකද්ද මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලබාගැනීමට නම් චිත්‍රපටය බලන්නටම සිදුවනවා චිත්‍රපටය හොඳින් රසවිඳ ඔබගේ වටිනා අදහස් උදහස් දක්වා යන මෙන් ඉල්ලා සිටිමින් අදට මා නවතිනවා ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි..!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

7,134 downloadsDownload Badmaash-2016.zip63 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/MTRTharidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015/10/16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

7,134 downloadsDownload Subtitles63 KB

26 comments

  1. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට, ජය වේවා...!

  2. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  3. පිස්සු ගෙම්බා

    බොහොම ස්තූතියි ඔබගේ උපසිරැසියට තවත් මෙවැනි නිර්මාණ කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබෙන්න පතමි

  4. C. R. ජයලත්

    Thankzzz මාව මතක් කලාට!
    ජය වේවා තව තවත් සබ් කරන්න ශක්තිය ලැබේවා!
    ලස්සන චිත්‍රපටයක්!

  5. silentS

    Pattaaaaaaaaaaaa

  6. amila

    bohoma sthuti yalu relic hunter tv seris ekata sub denna puluwanda pliz

  7. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....

  8. widuranga

    Pelli Choopulu dennako bro
    thanx for sub

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  10. Chami.S

    Thanks..
    Good Luck..

  11. Pawan Shamika

    Ela mchn

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. dushmantha

    Mass maharaj Ravi tejage aluthma Telugu film eka "raja the great" film eke hdrip awith godak kal. Ekata sub karanwada? 2017 release Una boxoffice super hit Telugu film ekk.. Sub karnna patta watina film ekk

    1. Tharindu_Rukshan_Perera

      දෙන්නම්

  14. D.Chamara

    bohoma sthuthi sahooo jaya...

  15. madusara

    බොහොම ස්තුතියි.

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. දමිත්

    බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට තරිඳු සහෝ.
    ජයෙන් ජය.

  18. Indrajith

    thanks for the subtitles

  19. madushangamage

    ela niyamai thankes bro...

  20. DigitalstudiosRavi23

    thanx for sub

  21. SanjulaJeter

    Thanks

  22. Muthuni

    Super......

  23. apa

    patta.thanks sub ekata.

  24. Udaya Fdo

    thanks

  25. Anonymous

    Thnx for sub...