Watch Trailer

Logan Lucky (2017) Sinhala Subtitles | ලෝගන් පවුලේ වාසනාව උරගෑම [සිංහල උපසිරසි සමඟ]

2017 අගෝස්තු 18 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ කරපු මේ චිත්‍රපටිය IMDB දර්ශකයෙ 7.1ක අගයක් වගේම Rotten Tomatoes එකේ විචාර වලින් 93%ක් ම හොඳ විචාර ලබාගත්තු චිත්‍රපටියක්. Steven Soderbergh අධ්‍යක්ෂණය කරපු විනාඩි 118ක් පුරා දිවෙන මේ චිත්‍රපටියට කරපු වියදම ඇමරිකානු ඩොලර් මිලියන 29ක්. අගෝස්තු මාසෙ සිනමා ශාලාවල…

2017 අගෝස්තු 18 වෙනිදා ප්‍රදර්ශනය ආරම්භ කරපු මේ චිත්‍රපටිය IMDB දර්ශකයෙ 7.1ක අගයක් වගේම Rotten Tomatoes එකේ විචාර වලින් 93%ක් ම හොඳ විචාර ලබාගත්තු චිත්‍රපටියක්. Steven Soderbergh අධ්‍යක්ෂණය කරපු විනාඩි 118ක් පුරා දිවෙන මේ චිත්‍රපටියට කරපු වියදම ඇමරිකානු ඩොලර් මිලියන 29ක්. අගෝස්තු මාසෙ සිනමා ශාලාවල ප්‍රදර්ශනය පටන් ගත්තට මේකෙ වීඩියෝ පිටපත් රිලීස් කලේ 2017 නොවැම්බර් මාසෙ 14 වෙනිදා. ඒ කියන්නෙ සති දෙකකට කළින්.

උපසිරැසි කරන වැඩෙන් පොඩි විවේකයක් ගන්න හිතුවත් බයිස්කෝප් එකේ සිසිල ප්‍රසාද් සහෝදරයගෙ ඉල්ලීම නිසා මේකත් කරන්නම් කියල බාර ගත්තා. අලුත්ම සුපිරි චිත්‍රපටියකට සිංහල උපසිරැසි කරන වැඩේ මට බාරදුන්නට ඔන්න සිසිල ප්‍රසාද් සහෝදරයටත් ස්තුතියි! මේක තමයි මගේ අට වෙනි උපසිරැසිය.

හරි ආපහු චිත්‍රපටිය පැත්තට හැරෙමුකො. මේකෙ ප්‍රධාන චරිතය “ජිමී ලෝගන්” විදිහට Channing Tatum රඟපානවා. Step Up(2006), G.I.Joe: The Rise of Cobra (2009), The Eagle (2011), Side Effects (2013), G.I. Joe: Retaliation (2013), Jupiter Ascending (2015) කියන්නෙ Channing Tatumගෙ ජනප්‍රිය චිත්‍රපටි කිහිපයක් තමයි. ජිමී ලෝගන්ගෙ මල්ලි “ක්ලයිඩ් ලෝගන්” (එක අතක් නැති බාර් සේවකයා) ගෙ චරිතය කරන්නෙ Adam Douglas Driver. (Star Wars: The Force Awakens (2015), Midnight Special (2016), Paterson (2016)) ලෝගන් සහෝදරයන්ගෙ මේ සුපිරි ගේමට එකතු කරගත්ත අනිත් වැඩකාරයා තමයි “ජෝ බෑන්ග්”. Daniel Craigගෙ ඒ මූණත් ඔයාලට නම් මතක ඇති. (Spectre (2015), Skyfall (2012), The Invasion (2007), Casino Royale (2006)). ඊට අමතරව Riley Keough (American Honey (2016), Mad Max Fury Road (2015), Magic Mike (2012)), Katie Holmes, Jim O’Heir, සහ ජිමී ලෝගන්ගෙ පුංචි කෙළි පොඩ්ඩ “සාදි” විදිහට Farrah Mackenzie රඟපානවා.

දැන් ලෝගන්ලා ගැන ගොඩක් කියවුණානෙ. ඔව් ඉතින් චිත්‍රපටියෙ නමත් ලෝගන්ලා ගැනනෙ. ජිමී, ක්ලයිඩ්, මෙලී, කියන ලෝගන් සහෝදරයන්ගෙ පවුලෙ අය වැටිලා ඉන්න අමාරු තත්ත්වෙන් ගොඩ ගන්න ජිමීගෙ සුපිරි සැලසුමකට තවත් කට්ටිය එකතු කරගෙන ගහන නියම ගේමක් තමයි මේකෙ පෙන්නන්නෙ. හොරකම් කරන එක නම් හොඳ වැඩක් නෙවෙයි. ඒත් මේ වගේ සැලැස්මකට නම් තෑග්ගක් දෙන්න වටිනවා.

ඉතින් ලෝගන්ලගෙ මේ වැඩේ සාර්ථක වෙයිද, නැත්නම් කට්ටියටම හිරේ තපින්න වෙයිද කියලා චිත්‍රපටිය බැලුවොත් තමයි දැනගන්න වෙන්නෙ. දැන් ඉතින් සිංහල උපසිරැසිත් තියෙනවනෙ?

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

16,362 downloadsDownload Logan.Lucky_.2017.zip58 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Ranjeewa-K.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රංජීව කේ. ලියනගේ

Subtitles

16,362 downloadsDownload Subtitles58 KB

42 comments

  1. Thilina Chamara

    thank you

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  3. prabodha

    Thanks bro sub ekata..

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. සමිත හිරුෂාන්

    ස්තුතියි අයියේ

  6. අසිත

    elama saho thanks

  7. damith

    thanks saho. jaya wewa...!!!

  8. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට, ජය!

  9. dineth roshan

    The Unit eke sub krpnkooooo

  10. Udaya Fernando

    Thanks Ranjiwa

  11. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  12. DG

    bohoma sthuthi saho...

  13. Madhushan

    thanks machooooooo
    film eka bagena sub eka denakal hitiye....
    jaya wewa.....

  14. C. R. ජයලත්

    Niyamai Saho Jaya Wewa!!!!!

  15. amila

    bohoma sthuti yalu relic hunter tv seris ekata sub denna puluwanda pliz

  16. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  17. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  18. Dulanga

    Thanks

  19. LSM HUSKAA

    උපසිරැයට බොහෝම ස්තුතියි,ජය!

  20. D.Chamara

    aniwa balanna onia sahooo. bohoma sthuthi.. jaya ....

  21. shehan lakmina

    niyamai digtama sub ooneeee

  22. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  23. Amila Mudalige

    Sub ekta Thanks!

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. දමිත්

    සිංහල උපසිරැසියට බෙහෙවින්ම ස්තුතියි සහෝ.
    ජයෙන් ජය.

  26. blacktask

    ***සියලු කැපකිරීම් මැදින් කරනා වූ ***
    *********මේ මහගු කාර්‍යට**********
    :-) :-) :-) :-) ඔබට ස්තූතී :-) :-) :-):-)

  27. duleepa

    උපසිරසියට ගොඩක් ස්තුතියි සහෝදරයා .....

  28. irosh

    ස්තූතියි සහෝ...

  29. Nipun Tharuka

    Thanks sub ekata.....

  30. ishan1653

    Ela. macho..

  31. sam fisherr

    thanks good movie great job

  32. Kasun A.

    upasiresiyata thuthi ranjeewa saho.jaya!

  33. kelumnp

    Thank You

  34. Virajperera

    tnx saho

  35. Lakshansilva18

    Thanks

  36. Bimbisha

    Thank you

  37. sasanka sathyajith

    Thanks for the sub

  38. Anonymous

    sthuthi

  39. Anonymous

    t

  40. Anonymous

    subtitle not downloding,, pls check

  41. Indika

    Subtitle link not working

  42. Sahan Gayantha

    thanks a lot Ranjeewa saho sub ekata