Watch Trailer

Planet Hulk (2010) Sinhala Subtitles | හරිත රණශුරයාගේ ලෝකය [සිංහල උපසිරසි සමඟ]

බයිස්කොප් වාසි හැමෝටම සුභ දවසක්!මේ මගේ තුන්වෙනි උපසිරැසිය.ඉතින් කලින් සැරේ වගේම මේ පාරත් මං ගෙනාවේ animation ෆිල්ම් එකක්.මේක marvel animation ෆිල්ම් එකක්. marvel ඒවා බලන්න කවුරුත් කැමැති නිසයි අයෙත් animation එකක්ම ගෙනාවේ.ඒ වගේම මේක thor ragnarok එකටත් වැදගත් වෙන ෆිල්ම් එකක්.ඇත්තම කිව්වොත් උපසිරසිය…

බයිස්කොප් වාසි හැමෝටම සුභ දවසක්!මේ මගේ තුන්වෙනි උපසිරැසිය.ඉතින් කලින් සැරේ වගේම මේ පාරත් මං ගෙනාවේ animation ෆිල්ම් එකක්.මේක marvel animation ෆිල්ම් එකක්. marvel ඒවා බලන්න කවුරුත් කැමැති නිසයි අයෙත් animation එකක්ම ගෙනාවේ.ඒ වගේම මේක thor ragnarok එකටත් වැදගත් වෙන ෆිල්ම් එකක්.ඇත්තම කිව්වොත් උපසිරසියට වඩා මට මේ ලිපිය ලියන්න කල් ගියා.තවත් කියවන්නැතුව එහෙනම් අපි මේකේ විස්තර ටිකක් බලමු.

2006 දි ප්‍රකාශ කර Greg Pakගේ සහ Carlo Pagulayanගේ planet hulk කොමික් කථා මාලාව ආශ්‍රයෙන් නිපදවපු planet hulk ෆිල්ම් එක 2010 පෙබරවාරි 2වන දින තමයි නිකුත්වෙන්නේ. Animation, Action ,Adventure, Sci-Fi ගණයට අයත් මේකේ IMDb අගය 6.8ක්. මේක පැයකුත් විනාඩි 21ක ධාවන කාලයකින් යුතු අතර ෆිල්ම් එකේ අධ්‍යක්ෂක වෙන්නේ Sam Liu. Batman:The Killing Joker (2016), Teen Titans:The Judas Contract(2017), Batman and Harley Quinn(2017) අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙත් මෙයාම තමයි. Rick D. Wasserman, Lisa Ann Beley, Mark Hildreth, Liam O’Brien, Kevin Michael Richardson, Samuel Vincent ආදී හඩකැවීම් ශිල්පින් රැසක් හඩින් දායක වෙලා තියෙනවා. Avengers age of ultron ෆිල්ම් එක බලන්න ඇතිනේ හැමෝම..එකේ අන්තිම seen එකේ hulk යානෙක නැගලා අභ්‍යාවකාශෙට යනවා පෙන්නනවා නේද? Marvel Cinematic Universe එකේ එහෙම උනාට කොමික්වල,මේ ෆිල්ම් එකේ වෙන්නේ හල්ක්ගේ දරුණු කෝපය පාලනය කරගන්න බැරිවෙලා පෘතුවියට විශාල හානි වෙන නිසා iron man ඇතුළු avengersලයි S.H.I.E.L.D එකයි හල්ක්ව යානෙක දාලා වෙන ග්‍රහලෝකෙකට යවනවා.ඒ ග්‍රහලෝකේ පාලනය කරන කෘර රතු රජාගේ වහලෙක් විදිහට හල්ක්ට දරුණු ප්‍රතිවාදීයෝ එක්ක ග්ලැඩියේටර් සටන් කරන්න වෙනවා.අවසානයේ හල්ක් ග්ලැඩියේටර් කණ්ඩායම එක්ක රතු රජු පරදලා ඒ ලෝකේ ජනතාව බලාපොරොත්තු වෙන පාලකයා වෙනවා.ඉතින් මේ දවස් වල තිරගත වෙන Thor Ragnarok (2017) ෆිල්ම් එකත් නිපදවලා තියෙන්නේ මේ planet hulk එකේ පදනමින්..trailer එකේ ඔයාලත් දකින්න ඇතිනේ හල්ක් ග්ලැඩියේටර් කෙනෙක් විදිහට තමයි thor එක්ක සටන් කරන්නේ.එකෙන් අපිට හිතාගන්න පුළුවන් හල්ක් අර යානෙන් වෙන ලෝකෙකට යන්න ඇති කියලා.ඒක මේ ෆිල්ම් එක බැලුවාම ගොඩක් හොදට පැහැදිලි වෙයි.ඒ වගේම මේකෙන් marvel universe එකේ ඉන්න Beta Ray Billවත් දැකගන්න පුළුවන්.කොමික් කියවන අය නම් එයාව දන්නවා ඇති.මේ චරිතය ආරම්භ වෙන්නේ (1983) පලවෙන Thor #337 කොමික් කතා මාලාවෙන්.මං මේකේ Beta Ray Bill ගැන වැඩි හැදින්වීමක් කරන්න යන්නෑ.මෙයා Korbinite කියන ජීවි විශේෂයක්.එක සටනකදී මෙයා thorගේ Mjolnir එකත් උස්සනවා.එකෙන් මෙයාට thorගේ බලය ලැබෙනවා. thor එක්ක ඇස්ගාර්ඩ්වල ආරක්ෂකයෙක් විදිහටත් Bill කටයුතු කරලා තියෙනවා.තව පොඩි දෙයක් තියෙනවා.☺

මේ ටික මං අන්තර්ජාලයෙන් ගත්ත ෆිල්ම් එකේ ගොඩ දෙනෙක් නොදන්න කරුණු ටිකක්, මේ ටිකත් කියවලා බලන්නකෝ.

marvel comic චරිතයන් වන star lord, Grandmaster,Adam Warlock,gamora සහ Pip the Troll යන සියල්ලම සටන අතරතුර රතු රජුගේ පිටිපස්සේ ඉන්නවා.(සමහර අය)

පළමු කොමික් කතාවේදී හල්ක්ගේ ප්‍රතිවාදියා වෙන්නේ silver serfer.නිෂ්පාදකයාට චිත්‍රපටය සදහා silver serferගේ අයිතිය නොලැබුණ හින්දයි Beta Ray Bill අරන් තියෙන්නේ.ඒ වගේම silver serferට වඩා Beta Ray Bill ග්ලැඩියේටර් සටනකට ගැලපෙයි කියලා ඔහු හිතලා තියෙනවා.

පළමු කොමික් කතාමාලාවේ ක්‍රොග්ගේ අතීත කතාවේදී thorගේ තනිසටන,ෆිල්ම් එකේදී වෙනස් වෙන්නේ Beta Ray Bill thorට උදව් කිරීමේ දර්ශනයෙන්.

හල්ක් සකාර්ගේ පුත්‍රයා හෝ World Breaker දැයි දැනගැනීමට සභාව උත්සාහ කරයි. Marvel’s Fear තුල,හල්ක් විසින් Nul, (the Breaker of Worlds) ඔසවලා තියෙනවා..

සිනමා පටය පුරාවටම හල්ක් බෘස් බැනර්ට හැරෙන්නෑ. ලේඛක Greg Pak කියන්නේ ඒ ලෝකේ වායුගෝලය මිනිසුන්ට විෂ සහිත වන හින්ඳා හල්ක් ආපසු වෙනස් වුනොත් බැනර් විදිහට මැරෙනවා කියලා.

මං හිතනවා මේක ගැන කිව්වා ඇති කියලා.කියන්න ගත්තොත් කොහෙන් ඉවරවෙයිද දන්නෑ. ඉතින් මේ ෆිල්ම් එකටත් උදව් කරපු සිසිල ප්‍රසාද් සහෝට,ශාන් විමුක්ති සහෝට ගොඩක් ස්තුතිවන්ත වෙනවා,ඉතින් thor ragnarok එක බලන්න කලින් මේක බලලා hulk ගැන පොඩි අදහසක් දාගන්න.ඒ වගේම comment දාලා යන්නත් අමතක කරන්න එපා.එහෙනම් තවත් බයිස්කෝප් එකකින් හමුවෙනතුරු බයිස්කෝප්වාසි සියලුදෙනාට සුභ දවසක්. තෙරුවන් සරණයි !

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.

3,396 downloadsDownload Planet-Hulk-2010.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/madhubhashana-bandara.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුභාෂණ බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-10-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

මධුභාෂණ බණ්ඩාර

Subtitles

3,396 downloadsDownload Subtitles25 KB

29 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ
    ජය වේවා!

  2. Thanusha

    Thanks saho patta Film aka

  3. KAVINDA GAMAGE

    ගොඩාක් වටිනවා .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්

    marvel කිවොත් ඕනෑම එකක් බලනවා .
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

  4. Sanjaya

    thanks machan.marvel comic gena thawa wisthra tikak denavada.most powerful superhero,most powerful villain

  5. Malinda

    ela. baami.
    Thanks.

  6. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  7. damit

    bohoma sthuti yalu relic hunter tv seris ekata sub denna puluwanda pliz

  8. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සබ් එකත් එක්කම බලන්න ඕනේ ආයේ...

  9. Sajith Anthony

    උපසිරැයට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  10. අශාන් ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි.. මේ Film එක ගන්න Link එකක් Comment කරන්නලාකො..

    1. Udara Damith B/K

      45af27ead407850b7e5d31a7436a8e195b6136a4
      මන්නම් මේක ගත්තේ අනිතෙවට සීඩ් නෑ

  11. nisha

    sub avatar thanks.

  12. Udara Damith B/K

    ටොර රැන්ගොක් එන්ඩ කලින් මේක දුන්නට එල වේවා
    ස්තුති වේවා
    ජයවේව
    නැත්තම්
    කට අරගෙන බලන් ඉදියි
    හලක් කාරයට මේ මොන උනේද කියලා

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  14. S.K.Ruchiranga

    thzz broo sub ekata

  15. අසිත

    elama saho thanks

  16. බස්සගේ වැඩක්

    kauru hari direct download karanna link ekak denawada..???? 700MB wage BRrip ekak.... plsss

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. එල්. සී. දමැල්

    watinawa me welawe meke sub labunu eka
    bohoma thanks :)

  19. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  20. Harsha

    Bro.. මේ වර්ගයේ animation comic movie s walata sub eka karanawanam godak hoadai... Marvel comic nam haodai

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. දමිත්

    බොහොම ස්තුතිසි සිංහල උපසිරැසියට මධුභාෂණ සහෝ.
    ජයෙන් ජය.

  23. wishwa thikshana

    720 p torrent link ake hash aka avannako

  24. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank you

  25. Gayan_madushanka_

    Thanks bro

  26. sayuru_tharanga

    Sub ekata godak sthuthi sahoo.........

  27. Kasunabayasekara

    Thanks bro

  28. Sandunprabath1230

    Thanks machan