ඔන්න එහෙනම් මෙවරත් මම ඔයාලට 50 දශකයේ තවත් අතිශය ජනප්‍රිය වූ පැරණි හින්දි සිනමාපටයක් අරගෙනයි ආවෙ. පැරණි හින්දි සිනමා රසිකයින් නම් නම දුටු සැණින්ම හඳුනා ගන්නා චිත්‍රපටයක්. ඉතාම මියුරු ගීත රැසකින් සමන්විත සංගීතමය චිත්‍රපටයක් ලෙස බයිජු බව්රා හඳුන්වා දිය හැකියි. එසේම ඉතාමත්ම සංවේදී ආදර කතාවක්ද චිත්‍රපටය…

ඔන්න එහෙනම් මෙවරත් මම ඔයාලට 50 දශකයේ තවත් අතිශය ජනප්‍රිය වූ පැරණි හින්දි සිනමාපටයක් අරගෙනයි ආවෙ. පැරණි හින්දි සිනමා රසිකයින් නම් නම දුටු සැණින්ම හඳුනා ගන්නා චිත්‍රපටයක්. ඉතාම මියුරු ගීත රැසකින් සමන්විත සංගීතමය චිත්‍රපටයක් ලෙස බයිජු බව්රා හඳුන්වා දිය හැකියි. එසේම ඉතාමත්ම සංවේදී ආදර කතාවක්ද චිත්‍රපටය තුළ ගලා යයි. මෙය ශ්‍රී ලංකාවේද අතිශය ජනප්‍රිය වූ අතර සංගීතයේ මිහිරි බව හේතුවෙන් මෙහි ඇතැම් ගී තනු ඇසුරෙන් සිංහල ගීතද නිර්මාණය කොට තිබේ. ලතා මංගේෂ්කාර්, මොහොමඩ් රෆි සහ ශම්ෂාඩ් බෙගම් ගීත ගායනය සඳහා දායක වී තිබෙන අතර මොහොමඩ් රෆි චිත්‍රපට පසුබිම් ගායනය තුළ සිය ස්ථාවරත්වය සකසා ගත්තේ මෙම සිනමාපටය තුළින් වීමද වැදගත් කරුණකි. මෙහි බයිජු ලෙස භාරත් භූෂාන් ද, ගෞරි ලෙස මීනා කුමාරිද රංගනයේ යෙදේ. බයිජු බව්රා චිත්‍රපටයේ මීනා කුමාරිගේ අති දක්ෂ රංගනය හේතුවෙන් ඇයට එම වසරේ හොඳම නිලිය සම්මානයද හිමිවිය. IMDB දර්ශකයෙහි 7.4 ක ඉහළ අගයක් ලබාගැනීමටද මෙම චිත්‍රපටය සමත්ව තිබේ.එසේ නම් යුගයක වෙනසක් ඇතිකළ මෙම සිනමාපටයෙහි කතා සාරාංශය පිළිබඳව මඳක් අවධානය යොමු කොට බලමු.

මෙම කතා පුවත දිව යන්නේ ඉන්දියාවේ මහා අක්බාර් අධිරාජ්‍යයාගේ රාජ්‍ය සමය තුළයි. මේ කාලයේදී රජුගේ රාජ සභාවෙහි එවක භාරතයේ විසූ දක්ෂතම සංගීතඥයන් නව දෙනෙකු සිටි අතර ඔවුන් “නවරත්න” යන නාමයෙන් හැඳින්වුවා. මේ නවරත්නයන් අතර සිටි අති දක්ෂයා ලෙස තාන්සෙන් නම් සංගීතඥයා නම් දරා සිටියා. ඔහු වාසය කරන මන්දිරය තුළ ඔහු හැර කිසිවෙකුට ගීත ගායනා කිරීම තහනම් කොට තිබුණා. එහෙත් එක් දිනෙක බැතිමත් මුනිවර සංගීතඥයින් පිරිසක් විසින් අනවසරයෙන් මෙම මන්දිරයට බැති ගී ගායනය කරමින් පැමිණේ. තාන්සෙන්ගේ ආරක්ෂකයන් විසින් ඔවුන්ට ගායනය නතර කරන ලෙස දැන්වූවත් ඔවුන් එය ගණන් නොගනී.මේ හේතුවෙන් ආරක්ෂකයින් සහ මුනිවරුන් අතර ගැටුමක් ඇතිවන අතර මේ ගැටුමේදී මුනිවරුන් අතර සිටි අයෙකුව ආරක්ෂකයක භටයෙකු විසින් තල්ලු කිරීම හේතුවෙන් ඔහුගෙ හිස බිම වැදී හිසට දරුණු තුවාල සිදුවේ. ඒ අතර සිටි ඔහුගේ පුතු වන කුඩා බයිජ්නාත් තමා පියා අසලට ගොස් මරණාසන්න පියා අසල හඬමින් සිටී. කුඩා බයිජ්නාත්ද ගායනයෙහි දක්ෂයෙකි. මියයාමට ප්‍රථම ඔහු සිය පුතුට පවසනුයේ කිනම් හෝ දිනයකදී තමාව මැරූ පළිය තාන්සෙන්ගෙන් ලබාගන්නා ලෙසයි. කුඩා බයිජ්නාත් එය තදින්ම සිතෙහි තබා ගනියි. පසුව පියා නොමැතිව අනාථ වන මේ කුඩා බයිජ්නාත් පිළිබඳව පැහැදුණු එක් කරුණාවන්ත පුද්ගලයෙකු බයිජ්නාත්ව හදා වඩා ගනී.එම තැනැත්තාගේ ගමට යා යුත්තේ යමුනා ගඟින් එතෙරවයි. කුඩා බයිජ්නාත් සමඟ ගමට යාමට යමුනා ගඟ තරණය කිරීමට ගං ඉවුරට ආ එම තැනැත්තාව සහ බයිජ්නාත්ව එකී ගමේ තොටියාගේ කුඩා දියණිය වන ගෞරි විසින් ඔරුවෙන් ගම වෙත රැගෙන යයි. ඇයද බයිජ්නාත් හා සමවයසේ පසුවන කුඩා දැරියකි. ඇය බයිජ්නාත්ව බයිජු යන නාමයෙන් හඳුන්වනු ලබන අතර බයිජ්නාත්ව ඉන්පසු ගමේ කොයි කවුරුත් බයිජු යන නමින් හඳුන්වනු ලැබූහ.

කාලයාගේ ඇවෑමෙන් බයිජු සහ ගෞරි නව යොවුන් වියට එළඹෙන අතර ඔවුන් ආදරවන්තයින් බවට පත්වේ. ඇගේ ආදරය හේතුවෙන් බයිජුට තමාගේ පළිගැනීම පිළිබඳව අමතක වේ. දිනක් එම ගමට කොල්ලකරුවන් පිරිසක් පැමිණේ. ඔවුන් ගම්මානය කොල්ලකන අතරතුර බයිජු ගායන කළ ගීතයට වසඟ වූ එම කොල්ලකල්ලියේ නායිකාව ඔහු පිළිබඳව ආලයෙන් ගම බේරාගැනීමට නම් බයිජු තමා සමඟ පැමිණිය යුතුයැයි යෝජනා කරයි. එයට එකඟ වන බයිජු ඇයත් සමඟ පිටත්ව යයි. ඇගේ නවාතැන වෙත ගිය බයිජුට යම් සිදුවීමක් නිසා නැවතත් යටපත්ව තිබූ පළිගැනීම ඉස්මතු වේ. තාන්සෙන්ගෙන් පළිගැනීමට නම් ඔහුව සංගීතයෙන් පරාජය කළ යුතුය. එය රාජ්‍ය නීතියකි. තාන්සෙන් පරාජය වුවහොත් ඔහුට මරණ දණ්ඩනය හිමිවේ. එසේ නැතිව තාන්සෙන් හා තරඟ වදින්නා පරාජය වුවහොත් ඔහුට මරණ දණ්ඩනය හිමිවේ. මෙය සිහි වූ බයිජු එකී මංකොල්ලකාරියගේ නවාතැනෙන් පැන ගොස් ගමක පූසාරි කෙනෙකු යටතේ තාන්සෙන්ගෙන් පළිගැනීමේ අටියෙන් සංගීතය මනා කොට උගනියි. මේ අතර ගමෙන් පිටවූ බයිජු පිළිබඳව ආරංචියක් නොමැති නිසා ගම් සභාව විසින් ගෞරිව ඇයට කලින් තීන්දු කොට තිබූ නර්පත් නම් එම ගමේ සිටි ධනවත් පුරුෂයාට විවාහ කරදීමට කටයුතු සූදානම් කරයි. ඉන්පසුව කුමක් වේවිද? බයිජු තාන්සෙන් සමඟ තරඟ කර තාන්සෙන්ව පරාජය කර තමාගේ පළිය ගනියිද? බයිජුට ගෞරිව යළි ලබාගත හැකිවේවිද? බයිජුගේ සහ ගෞරිගේ ආදරයට සිදුවන්නේ කුමක්ද? මේ ප්‍රශ්නවලට පිළිතුරු බයිජු බව්රා චිත්‍රපටය නැරඹීම තුළින් ඔබට දැනගත හැකියි. මෙය මා විසින් ගූගල් වෙත අප්ලෝඩ් කළ වීඩියෝවකි. ඒ නිසා මා දක්වා ඇති මෙම https://drive.google.com/file/d/0B1VBKnUoZJ6GYi10QkRodjlxbUk  ලින්ක් එක කොපිකර ගූගල් සර්ච් බාර් එකේ පේස්ට්කර සර්ච් කිරීමෙන් මෙම සිංහල උපසිරසියට අදාළ වීඩියෝව පහසුවෙන් බාගත කිරීම සිදුකර ගත හැකිය.

මෙය මාගේ “බයිස්කෝප් වෙබ් අඩවිය” හරහා දෙනු ලබන තුන්වෙනි සිංහල උපසිරසිකරණයයි. මා විසින් මීට පෙර සිංහල උපසිරසි යෙදූ “බයිස්කෝප් වෙබ් අඩවිය” තුළ ඇති “මේරේ ජීවන් සාති” සහ ජග්ටේ රාහෝ” සිනමාපට සඳහාද රසික ප්‍රතිචාර බොහොමයක් ලැබුණා. ඉතිං මෙවැනි විශිෂ්ට සිනමා නිර්මාණ ඔබට දායාද කිරීමට ලැබීම පිළිබඳව මා සුපුරුදු ලෙස ඔබ අප හොඳින් හඳුනන අපේ “විතානගේ ප්‍රියන්ත දයාකීර්ති සොයුරා” හට මගේ ප්‍රණාමය පුද කර සිටිනවා. ඔහුගේ ලෙන්ගතු ඇල්ම බැල්ම නිසා තමයි මෙවැනි පැරණි විශිෂ්ට චිත්‍රපට සඳහා අපට උපසිරැසි නිර්මාණය කිරීම සඳහා අවැසි ශක්තිය, ධෛර්යය ලැබෙන්නේ.එහෙනම් තවත් මෙවැනි වූ පැරණි විශිෂ්ට හින්දි සිනමා නිර්මාණයකින් නැවත හමුවන තෙක් මා ඔබෙන් සමුගන්නවා. එමෙන්ම පැරණි හින්දි සිනමාපට ප්‍රිය කරනා ඔයාලා වෙනුවෙන්ම ඉදිරියේ දී 1960, 1970 දශකවල සිනමාපට සඳහා උපසිරසි නිර්මාණය කරන්න මම තීරණය කරලා තිබෙන්නේ. ඉදිරියේ දී හැකියාවක් ලැබෙන අවස්ථාවල දී ඒවා ලබා දෙන්නම්. ඒ වගේම බාගත කරගන්නා ඔයාලා මේ උපසිරසිය වෙනුවන් වචන කිහිපයක අදහස් දැක්වීමක් සිදු කරනවා නම් එය මට ලොකු ශක්තියක් වේවි ඉදිරි ගමනට. ස්තූතියි!

නැවත මෙවන් උපසිරසියකින් හමුවෙමු.

Baiju Bawra (1952) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය ඉහත සඳහන් පිටපත සඳහා අදාළ වේ.

 

976 downloadsDownload Baiju-Bawra-1951.zip54 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/kasun-Harshana.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කසුන් හර්ෂණ අත්තනායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කසුන් හර්ෂණ අත්තනායක

Subtitles

976 downloadsDownload Subtitles54 KB

17 comments

  1. Udara Damith B/K

    නියමයි

  2. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    රූපවාහිනියේවත් මේ චිත්‍රපට දකින්න ලැබෙන්නේ නැති කාලකෙ පැරණි සිනමාව නැවතත් රසික අප අතරට රැගෙන ඒම පිලිබඳ මාගේ ගෞරවය!
    ::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::

  3. Withanage Priyantha Dayakeerthi

    කසුන් හර්ෂණ සොයුර,
    ඔබ මීට පෙර සිංහල උපසිරසි ලබාදුන් පැරණි හින්දි සිනමාපට දෙකම මා නැරඹුවා. මෙයත් එසේම අනිවාර්යයෙන්ම නරඹනවා. මෙම සිනමාපටය එදා මෙන්ම අදත් භාරතයේ ගෞරව ප්‍රණාමය ලැබෙන අගනා සිනමාපටයක්. ඉතා ජනප්‍රිය වූ ගීත රැසක්ම මෙහි අඩංගුව තිබෙනවා. වර්තමාන අප සමාජයේ සිටින පැරණි හින්දි සිනමාපට ලෝලීන්ට මහඟු අවස්තාවක් ඔබ මේ ලබා දී තිබෙන්නේ, එම සිනමාපටය අර්ථය සහිතව නැවත නරඹන්නට. ඔබ මේ කරන්නාවූ මහඟු සේවයට මාගේ ප්‍රණාමය මෙසේ පුද කරන්නෙමි, නැවත මෙවැනි අගනා සිනමාපට උපසිරසියක් ඔබෙන් බලාපොරොත්තු වෙමි. ස්තුතියි!!!

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. කසුන් හර්ෂණ

    මා මිත්‍ර ප්‍රියන්ත දයාකීර්ති සොයුර,

    ලිපිය සකසා චිත්‍රපටය බයිස්කෝප් වෙත යොමුකිරීම වෙනුවෙන් ඔබට ඉතාමත්ම තුති.එසේම ඔබෙන් සාර්ථක
    උපසිරැසියක් සැකසීමට අවැසි කරුණු ඉගෙන ගත්තා.අනිවාර්යයෙන්ම මෙවැනි පැරණි විශිෂ්ට හින්දි නිර්මාණ අප සහෘදයා හට තිලිණ කළ යුතුයි.මෙම චිත්‍රපට තුළින් අපේ ජීවිතයට කුමක් හෝ ගැනීමට යමක් තිබෙනවා.ඔබත් පැරණි විශිෂ්ට හින්දි සිනමා නිර්මාණයන් හට උපසිරැසි ගන්වනවා.මාත් ඒවා නරඹනවා. ඔබේ උපසිරැසි ඉතා හොඳ මට්ටමක තිබෙනවා.දිගටම සබ් කරන්න.නවත්වන්න එපා.ඔබේ උපසිරැසි නොලැබීම අපට දැරිය නොහැකි පාඩමක්. අදහස් දැක්වූ හැමෝටම පින්.ඔයාලගෙ comments වලින් ඊළඟ නිර්මාණය තවත් හොඳින් කිරීමට අවැසි ශක්තිය මට ලැබෙනවා.පැරණි හින්දි සිනමාවට ආදරේ කරන ඔයාල වෙනුවෙන් මා තවත් මෙවැනි විශිෂ්ට නිර්මාණයන් උපසිරැසි ගන්වා පලකරනවා. ස්තූතියි ඔබ සැමටම.

  6. Soori

    නොනැවතී ඉදිරියටම යමු. තව තවත් පැරණි විශිෂ්ඨ ගණයේ චිත්‍රපටවලට උපසිරැසි දෙමු. බොහෝම ස්තුතියි කසුන් හර්ෂණ සහෝ උපසිරැසට...!!!

  7. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

    1. Anonymous

      Good job

  8. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  9. shasith sandaruwan

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  10. දහරා මුතු අමා

    ඇත්තටම ලස්සන කතාවක්. අන්තිමට හරියට දුක හිතෙනවා.
    නියම සිංදු ටිකක් තියෙන්නෙ.
    තවත් මේ වගේ පරන ඒවම දෙන්න.

    1. කසුන් හර්ෂණ

      අනිවාර්යයෙන්ම මම දිගටම මෙවැනි පැරණි ලස්සනම ලස්සන චිත්‍රපට සඳහා දිගටම සබ් දෙනවා දහරා මුතු අමා සොයුරිය.ඔබේ උපසිරැසිත් අපූරුයි.ඔයත් මේ වගේ පැරණි ලස්සන චිත්‍රපට වලට ඉදිරියෙදි සබ් කරයි කියල මං විශ්වාස කරනවා

  11. Thilakarathna

    Apa wenuwen parani ewa gena enawata sthuthiyi...

    1. කසුන් හර්ෂණ

      දිරිමත් කිරීම ගැන බොහොම ස්තූතියි! නුදුරු දිනකදී මගේ ඊළඟ උපසිරැසි නිර්මාණයෙන් හමුවෙමු.

    2. Anonymous

      Thank you

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Janitha

    Aaja nachala movie ekata sub ekak dannako plzz