Watch Trailer

Let Her Out (2016) with Sinhala Subtitles | ඇයට පිටවෙන්න දෙන්න [සිංහල උපසිරසි සමඟ] (18+)

ඇය කවුරුන්ද..? ඔබට සිතාගත හැකිවේවිද..? බොහෝදුරට නොහැකි වනු ඇති. මන්ද යත් ඇයව ඇමතීමට නමක් නැත, ඇය මියගොස් ඇත්තේ ඇයගේ මව් කුස තුළදීමය. එසේනම් කුමක්ද, තවත් ඈ සමඟ.. ඔබට සිතෙනු ඇති. සාධාරණයි. හිඳින්න, මා ඔබට විස්තර කරන්නම්. ඇයගේ මව, තම ශරීරය විකුණා මුදල් හම්බ කරන්නියක්. කොටින්ම කිවහොත්, වෛශ්‍යාවක්. ජීවත…

ඇය කවුරුන්ද..? ඔබට සිතාගත හැකිවේවිද..? බොහෝදුරට නොහැකි වනු ඇති. මන්ද යත් ඇයව ඇමතීමට නමක් නැත, ඇය මියගොස් ඇත්තේ ඇයගේ මව් කුස තුළදීමය. එසේනම් කුමක්ද, තවත් ඈ සමඟ.. ඔබට සිතෙනු ඇති. සාධාරණයි. හිඳින්න, මා ඔබට විස්තර කරන්නම්.

ඇයගේ මව, තම ශරීරය විකුණා මුදල් හම්බ කරන්නියක්. කොටින්ම කිවහොත්, වෛශ්‍යාවක්. ජීවත්වූයේ නවාතැන්පොළක. එම කාන්තාව ඇගේ වෘත්තිය තමාට ගැටළුවක් නොවන අන්දමින් පවත්වාගෙන යනවා. නමුත් එක්තරා දිනක, නොසිතූ මොහොතක පැමිණෙන ආගන්තුකයෙක් එම කාන්තාවට බලහත්කාරකමක් සිදුකර පිටව යනවා. අවාසනාවන්ත ලෙස, මා මෙතෙක් ‘ඇය’ යන්නෙන් පැවසූ පුද්ගලයාගේ පියා වන්නේ ඔහුයි. කාලය ගතවුණි. දරුවන් බිහිකිරීමට ආසන්නව තිබියදී ඇයගේ මව ඉතා දරුණු තීරණයක් ගන්නවා. එය නම්, ආගන්තුකයාගේ දරුවන්ගේ ජීවිතද සමඟ තමාගේ ජීවිතය අහිමි කරගැනීමයි.

එම සිදුවීමෙන් මවගේ ජීවිතය අහිමි වුවත්, දරුවෙකු බේරාගැනීමට වෛද්‍යවරුන් හට හැකිවෙනවා. ඒ ගැහැණු දරුවෙක්, දැන් ඔබට නිසැකවම ගැටළුවක් ඇති. එසේනම් මා මුලින් පැවසුවේ කුමක්ද කියා. නිවැරදියි, නමුත් ඒ මෙලොව එළිය දුටු දැරිවිය මා පැවසූ ‘ඇය’ නම් නොවෙයි. ඒ ‘හෙලන්’ නම් ඇගේ සොහොයුරියයි. නිවුන් දරු දෙදෙනෙකුගෙන් එක් අයෙක්. එවිට මා ‘ඇය’ යනුවෙන් පවසන කෙනා මියගොස්ද..? විද්‍යානුකූලව ඔව්. නමුත් ඇයගේ මෙලොවට පැමිණීමේ දැඩි ආශාව තම මවගේ සිරුරෙන් ඉටුකරගත නොහැකි බව තේරුම් යත්ම, ඇය ඊට වෙනත් මඟක් සොයාගන්නවා. ඇය සොහොයුරිය (හෙලන්) ගේ සිරුරට ඇතුල්වී, වසර ගණනක් හෙලන්ගේ හිසෙහි සැගවී, සිරවී සිටිනවා. කෙසේ හෝ වසර 23කට පසු ඇයට හෙලන්ගේ සිරුරෙන් පිටවීමට.. නැතිනම්, ඇගේ ආත්මයට එම සිරුරේ පාලනය ලබා ගැනීමට.. අවස්ථාවක් උදාකරගැනීමට හැකි වෙනවා.

හොඳයි. එසේ නම් මා විස්තර කළා ඇති. ඉතිරිය.. ඇයට හෙලන්ගෙන් පිටවීමට හැකිවේද, හෙලන් ඊට ඉඩ දේවිද, ඇය තමාගේ පළිගැනීමේ වියරුව කෙසේ සපුරා ගනීවිද කියා දැනගැනීමට ඔබම චිත්‍රපටය බාගත කර නරඹන්න. හොඳ මට්ටමේ හොරර් නිර්මාණයක් කියා පවසන්න පුළුවන්. නමුත් මෙහි අඩංගු ඇතැම් දර්ශන නිසා කුඩා ළමුන්ට නැරඹිය නොහැකියි. එසේනම් මා අදට සමුගන්නම්. නැවතත් උපසිරැසියකින් හමුවෙමු. අවසාන වශයෙන් චිත්‍රපටය බාරදීම සම්බන්ධයෙන් හසන්ත වික්‍රමරත්න සොයුරාට මගේ විශේෂ ස්තූතිය..

ජයවේවා…!

Let Her Out (2016) on IMDb

Size Zero (2015)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Let Her Out 2016 720p BRRip 650 MB – iExTV

Let.Her.Out.2016.720p.BRRip.x264.AAC.5.1.-.Hon3y

Let.Her.Out.2016.BDRiP.x264-GUACAMOLE

Let.Her.Out.2016.BRRip.XviD.AC3-RARBG

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

5,758 downloadsDownload Let-Her-Out-2016.zip67 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Chamith-Mihiranga.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමිත් මිහිරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-09-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,758 downloadsDownload Subtitles67 KB

23 comments

  1. Mithun

    අවන්කවම මුලු ලිපියම කියෙව්වා හොර් ෆිල්ම් එකක් නිස, හොර් එව මට පැන්වන්න බැ එච්චරම අසයි එ ටයිම් මුවි වලට,english nan අරින්නෙම නෑ ,හොද හො, නරක උනත් , ලිපියෙ කතාවට තවත් අස හිතුන බලමු අරම්ම බොහොම ස්තුතියි ඔබට උපසිරැසි දුන්නට,සතුටක් .
    පුළුවන් නම් ඉස්සරහටත් එන හොර් එවට උපසිරැසි කරන්න හොදම එවට
    ජය .... ඔබට.....

  2. prabodha

    Thank u bro sub ekata. Jaya wewa...!

  3. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට:::::::
    ::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::

  4. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  5. රයන් ද සිල්වා

    තෑන්ක්ස් සහෝ සිංහල උපසිරැසියට
    තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමි
    #ජය වේවා...

  6. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  7. පැතුම් ඉෂාර

    18+ උනත් මොකද ස්ටොරිය භොදනං... සබට තෑන්ක්ස් බ්රො!

  8. Manoj sajeewan

    Thanks lot!

  9. අසිත

    elama saho thanks

  10. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  11. Chalana

    thnx bro...

  12. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. mindika

    thanks !!!!!!!!!!!!!!

  14. Rajitha

    Thank you machan.....jayawewa.....!

  15. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  16. wicki

    Thanks

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. devinda

    Ty Bro.....Gdk Pin.

  19. chinthaka

    thank u very much.......

  20. anunethu

    Thanks

  21. sandharu

    Thanks brooo

  22. Rukshan37

    Ela

  23. Asitha.pramoth

    Thanks Brother

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.