Watch Trailer

Balu Mahi (2017) Sinhala Subtitles | බාලුගෙයි මහීගෙයි පිස්සු කතාව [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ මම මේ සැරේ ගෙන එන්නේ මගේ සිවුවෙනි උපසිරසයි. විමුක්ති සහොදරයා තමා මට මේක භාර දුන්නේ. ස්තුතියි (වීමු). ඉතින් පොඩි වෙනසකට මම මේ සැරේ අතගැහුවේ පකිස්තාන චිත්‍රපටයකට විනාඩි 130 ක් එක දිගට දහස්කුත් විකාර මැද අපව බැද තබාගන්නවා. රුපියක් කෝටි 3ක් වියදම් කරලා බාලුයි මහීයි එකතුවෙලා මේකට IMDb මීටර…

ඉතින් යාලුවනේ මම මේ සැරේ ගෙන එන්නේ මගේ සිවුවෙනි උපසිරසයි. විමුක්ති සහොදරයා තමා මට මේක භාර දුන්නේ. ස්තුතියි (වීමු). ඉතින් පොඩි වෙනසකට මම මේ සැරේ අතගැහුවේ පකිස්තාන චිත්‍රපටයකට විනාඩි 130 ක් එක දිගට දහස්කුත් විකාර මැද අපව බැද තබාගන්නවා. රුපියක් කෝටි 3ක් වියදම් කරලා බාලුයි මහීයි එකතුවෙලා මේකට IMDb මීටරේ 7.1 ක් කරකවන්ඩ පුලුවන් වෙලා තියනවා..චිත්‍රපටර අධ්‍යක්ශනය කරලා තියෙන්නේ Haissam Hussain . සුරූපී නිලි Ainy Jaffri හා Osman Khalid Butt තමා මේකේ ප්‍රධාන චරිත පණ පොවන්නේ. ඒකියන්නේ මහීටයි බාලුටයි. හොදම නර්ථන අධ්‍යක්ශනය (Choreography) වෙනුවෙන් මේ ච්ත්‍රපටය නැ‍ටුම් කල Wahab Shah සම්මානයෙන් පාත්‍ර උනා..ඒ වගේමයි මේකේ ගීත ඉතාම මිහිරි. Rahat Fateh Ali Khan කියන නියම සින්දුවකුත් තියනවා..හරිම ලස්සනයි..

ඉතින් අපි කතාව පැත්තට හැරුනොත්.කතාව පටන්ගන්නේ අපේ කතා නායකයා යනවා මගුලකට නිකන් යනවා නෙවෙයි මගුල කඩන්ඩ තමා යන්නේ ඈ.. පොඩ්ඩක් අවුල් නේද ඉතුරු ට්ක ඇහුවහම ඊටත් වඩා අවුල්. ඉතින් මෙයාගේ පණ වගේ ඉස්කොලේ යන කාලේ ඉදන් කැම්පස් එකෙත් ආදරේ කරපු කෙල්ල මෙයාට බූට් එක තියලා වෙන කෙනෙක් බදින්ඩ තමා යන්නේ .බාලු යනවා එයා බදින්ඩ ඉස්සෙල්ලා මගුල් දවසේම ඇයට කියන්ඩ ඕක කරන්ඩ එපා , අපි කොච්චර ආදරෙන්ද හිටියේ තාමත් මගේ හදවතේ ඉන්නේ ඔයා විතරයි වගේ සුපුරුදු කතා ටික කියාගෙන යනකොටම මනමාලි වේල් එක පහත් කරනවා.බාලුට තරු පේනවා මූ ගිහින් තියෙන්නේ වැරදි මගුල් ගෙදරක ඉතින් එහෙන් ගුටි පූජාව ලැබෙන්ඩ ඔන්න මෙන්න තියලා මනමාලි එකපාරටම මැදට පනිනවා , සෙනඟ ඉස්සරහා බාලුගේ හරි පෙම්වතිය වගේ රඟපාලා බාලුත් ඇදගෙන පැනලා යනවා.. ඉතින් ඒ වගේ පුදුම රස සාගරයක් තමා කතාව පුරාවටම තියෙන්නේ.කෙනෙක්ගේ පිවිතුරු ආදරය තමන් අතින් වන ඉතා සුලු වරදකින් කැඩී ගියොත්. ඇය ඒකට කොහොමවත් සමාව නොදුන්නොත්, තමා පණ මෙන් ආදරය කරන ඇය කෙසේනම් නැවත ලබා ගන්නේද? මම හිතනවා එය හැමෝගෙම පොදු අත්දැකීමක් කියා (මගෙනම්). එවිට දැනෙන චිත්ත වේගය කොතරම් දරුණුද?ප්‍රේමයේ විප්‍රයෝග රසය කෙතරම් ක‍ටුකද? තමාගේ ජීවිතය පවා නැති කරගතතට කම් නෑ කියන තරමට එය ක‍ටුකයි..ඒ අවස්ථාවේ කෙතරම් ක‍ටුකදායක වුවත්. ඉන්පසුව ජීවිතයට පිය නඟන කෙනා තමන්ගේ ජීවිතය සතු‍ටු මලින් සරසනවානම් ජීවිතයම සුන්දර සිහිනයක් කරනවා නම් කලින් කෙනා තමා දාලා ගිය එක තමාට කෙතරම් දේව ආශිර්වාදයක්ද කියා දැනෙනවා නොඅනුමානයි.. 

ඒ වගේම පුරුශාදිපත්වය දැඩිව පවතින ඒම සමාජයේ ගැහැනියට සිදුවන අසාධාරනය කතා කරන්ඩ කතාකරුවා මේ සියලු වටපිටාව සකසා ගෙන තියනවා කිවුවොත් මම නිවැරදි කියලයි මට හිතෙන්නේ.පිරිමින් කාන්තාව තමන්ගේ පාලනයෙන් යුතුව වැඩටික කරගෙන ගෙදර හිටියාම ඇති කියන තැන ඉදලා ඊටත් ප්‍රපාතයක් වන ගැහෙනු ලමුන් උපන් ගෙහි වල දානවා කියන අති බිහිසුනු තත්තවය සමාජයක් තුල තිබේ නම් එය කෙතරම් අවාසනාවන්ත සමාජයක් වෙයිද? මෙතරම් සුන්දර ආදර කතාවකට මෙවැනි සමාජයේ දරුනු ගැටලුවක් ඇතුලත් කිරීම තුල ඒ සමාජයේ කාන්තාව කෙතරම් ගැටලුවකට මුහුන දී ඇතිද කියා පෙන්නුම් කරන ප්‍රතිබිම්භයක් කියා මේ සලරුව හැදින්වීමටත් හැකි. ඉතාම පුලුල්ව හරබරව නැතිඋවුනාට, කතාව කතාවේ මූලික ඉලක්කය එයයි.අප සමාජය එතරම් අවාසනාවන්ත නැහැ කියා සතු‍ටු විය හැකි මුත් අපිත් යන්නේ ඒ පැත්තටද කියා යම් ප්‍රශ්නයක් අපට ඉතිරි කරනවා එදිනෙදා ලංකාවෙන් ඇසෙන තාත්තා දුවව දුශනය කරයි ආදී කතාත් එක්ක..එසේ යම් ආදර්ශයක්ද මෙමගින් සමාජ ගත කරනවා මුලින් කතා වුනා තරමටම හරබර නැති ඉතා සරල විහිලු ගොඩක් තියන comedy ගණයට තමා මෙය වැටෙන්නේ..ගැහැනු මායම් හැටහතර ගැනත් මේකේ කතා වෙනවා..තමන් නොදැනිම තමා කෙල්ලකට වසඟ වෙන්නේ කොහොමද කියලා පෙන්නනවා ..මහීයේ මායම් වලටද ශර්මීන් ගේ මායම් වලටද වලට බාලු අසුවෙන්නේ? නැතිනම් ඒ දෙකෙන්ම බේරෙන්ඩ බාලුට හැකිවේවිද? එහෙම බේරුන අය ලෝකේ ඉනවද? මම කිවුව සමාජ පරිවර්තනය ඇරබීමට බාලුට හැකිවේවිද? ඉතින් අපි බලමු බාලුටයි මහීටයි මොනවා වෙයිද කියලා..හැමෝටම ආරාධනා කරනවා මේ සිනමා සිත්තම නරබන්න තෙරුවන් සරණයි! නැවත හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Balu.Mahi.2017.720p.WEBRip.x264-[YTS.AM]

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත WEB පිටපත් සඳහා අදාළ වේ.

5,092 downloadsDownload Balu.Mahi_.2017.zip61 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන් ලසිත දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

නුවන් ලසිත දිසානායක

Subtitles

5,092 downloadsDownload Subtitles61 KB

32 comments

  1. nuwan1234

    1337x - mh4589.com එකේ Balu Mahi (2017) [WEBRip] [720p] [YTS] [YIFY] එක ගන්න

  2. Kanchaka

    Thanks Machan...Patta

  3. TharakaWAS

    ela.ela.bro..thanks subata.
    film 1ka balala innm...
    Jaya wewa....!!!!

  4. hasi.shah

    Thanks for sub. anyway its Urdu not Hindi

  5. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  6. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  7. SanjulaJeter

    Thanks

  8. Stranger

    thanks

  9. saduhiru1

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.

  10. Rajith Fernando

    බොහෝම ස්තූතියි!
    තව තවත් සිංහල උපසිරැසි අප හට ලබා දීමට ශක්තිය ධෛර්ය ලැබේවා!

  11. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Ayesh Prashan

    Thank You

  13. TharakaWAS

    supiri film 1kak bro...
    niyamai..
    sub 1ke nam samhara wachna wala poddak akuru maru wela tbuna.eka e taram awulk na.
    niyama film 1kak.hitata waduna.
    Digatama karan yamu.
    jaya wewa....!!!!

    1. nuwan1234

      thanks for the feed back! කොයි හරියෙද කියනවද? plz.. ඒක ඉස්සරහට වැදගත් වෙයි මට

  14. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  15. lucky1987

    page not found kiyala watanawane

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Lalani Maduwanthi

    Thank you,,,,,,nuwan malli

  18. kaushal_hapu

    thanks malli......

  19. pradeepdvd

    Thank you,,

  20. N_R

    Thanks.

  21. SP

    Thanx for the sub

  22. mindika

    Thanks !!!!!!

  23. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි නුවන් සහෝ උපසිරැසියට...
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  24. King_shan

    Sub eka down karnna be... not found kyla watwnone

  25. sublove

    niyama film ekak wage. sthuthi sub ekata

  26. sandunkularathna

    Download karanna ba bn me magula

  27. jkdtheekshana

    tnx, superb !!!!

  28. Bandarajbandara

    ELa thanks brooo

  29. MAALnath

    Thanks .................good luck .................
    The exorcist season 02
    Colony season 03
    Izombie season 04
    Sub denna .........................................

  30. 1997avishka

    Thnx borooo...

  31. Anonymous

    patta film eka hamooma blnna.