Watch Trailer

The Little Death (2014) Sinhala Subtitles | අමුතු ආශාවන්. [සිංහල උපසිරැසි සමඟ] (18+) (50*)

#50 වෙනි උපසිරැසිය. මේ 50 වෙනි සබ් එක වෙනුවෙන් ලිව්ව ලිපිය, ෆිල්ම් එක ගැන බලන්න නම් මේක අතෑරලා පහළට යන්න. 😬 එහෙම ගියාට තරහක් නෑ.ඔන්න විමා කියනව මේක පණහලු. 😂 මම දන්නෑ, මම ඔය සබ් එහෙන් මෙහෙන් කරා මිසක් ගණන් කරේ නෑ. මම නොකළට විමා නම් ගණන් කරලා ඈ. කොහොම හරි මේ සබ් කවුන්ට් කිරීම […]

#50 වෙනි උපසිරැසිය. මේ 50 වෙනි සබ් එක වෙනුවෙන් ලිව්ව ලිපිය, ෆිල්ම් එක ගැන බලන්න නම් මේක අතෑරලා පහළට යන්න. 😬 එහෙම ගියාට තරහක් නෑ.ඔන්න විමා කියනව මේක පණහලු. 😂 මම දන්නෑ, මම ඔය සබ් එහෙන් මෙහෙන් කරා මිසක් ගණන් කරේ නෑ. මම නොකළට විමා නම් ගණන් කරලා ඈ. කොහොම හරි මේ සබ් කවුන්ට් කිරීම මට නියමට පැටලිලා තියෙන්නෙ. කෝම හරි, මේ වෙලාවෙ කියන්න දේවල් ටිකක් තියේ, ඒක කියලා දාන්න ඕන.කට්ටිය කියන කතා වලින් මම තේරුම්ගත්ත දෙයක් තමා ගොඩක් අපේ සබ් බලන පිරිස හිතන් ඉන්නෙ මේක ගොඩක් ලේසි පහසු වැඩක් කියලා. එහෙම අයට මම බොහොම ආදරෙන් ආරාධනා කරනවා, බයිස්කෝප් පවුලට එකතු වෙලා සබ් එකක් කරන්න කියලා. එතකොට හැමදේම තේරුම්ගනී. අනිත් එක, “හැමෝම හිතන් ඉන්නෙ සබ් කරනවා කියන්නෙ ඉංග්‍රීසි සිංහලයට නිකන් ඔහේ දානවා කියලා. එහෙම එකකට සබ් කරනවා කියලා කියනව නම් මේක මීට වඩා බොහොම ලේසියෙන් කරන්න තිබුණා. සබ් එක ගත්තා, ගූගල් ට්‍රාන්ස්ලේට් කරා දැම්මා. 😂 ඒකනෙ ට්‍රාන්ස්ලේට් කරනවා කියන්නෙ. නිකමට ඉංග්‍රීසි සබ් එකක් අරන් එහෙම කරලා ප්ලේ කරලා බලන්නකො රස වින්දනයක් තියේද කියලා. සබ් කරනවා කියන්නෙ කලාවක්, ඒක ඉගෙනගන්න ඕන, හුරු කරගන්න ඕන කලාවක්.” චිත්‍රපටයක රසවින්දනයට බාධා නොවෙන්න සබ් කරන්න හැමෝටම බැහැ. අපිත් තාම ඒක ඉගෙනගනිමින් ඉන්නේ. රොයිලි අයියා, සමීර, විමා ආදී අපේ සහෝදරයන් ගාවට මට නම් කිට්ටු කරන්නත් බෑ, ඒ අස්සෙ තවත් අපේ ඉන්නවා අද ටීවී එපිසෝඩ් ආවම දවස් දෙකෙන් සබ් එක එළියට දාන සබ් මැෂින් වගේ උන්. 😂 අනික ඒ සබක වැරැද්දක් හොයන්නත් නෑ. එහෙම අයයි අපියි නිකන් අහස පොළොව වගේ. මොකද මම මේ සබ් ලයින් 1300 ක් විතර කරේ දවස් පහළවකින්. 😂 ඉතින් ආයෙ මොන කතාද මම ඉන්න තැන ගැන..

එතකොට මම කරන සබ් කවුරුත් තෝරගන්න අකමැති වෙන වර්ගේ ඒවා, මේකත් එහෙම එකක් තමා. ඒ මොකද, මට දඩි බිඩියේ සබ් කරන්න බෑ. සබ් කරන්න කලින් මම ෆිල්ම් එක බලන්න ඕන, ආයෙ සබ් කරන අතරෙදිත් ෆිල්ම් එක බලන්න ඕන, සබ් එක කරලා ඉවර වෙලත් ආයෙත් ෆිල්ම් එක බලන්න ඕන. මම සබ් කරන ෆිල්ම්, සිරීස් මම තුන් වතාවක් බලනවා. ඉතින් මෙහෙම විකාර ඉක්මනට කරන්න බැරි නිසයි මට ලොකු ටයිම් මාජින් එකක් ගන්න පුළුවන් සබ් එකක් කරන්නෙ. මට ඉතින් හැමදාම අරක කරපන් මේක කරපන් කියලා ෆිල්ම් එවන්නෙ ඉතින් විමා තමයි. මෙතෙක් කරගෙන ආව සබ් ටික නිසා ඇත්තටම ලොකු දැණුමක් නම් මට ලැබුණා. ආයෙ ඔයාලා ඒ සබ් ඩවුන්ලෝඩ් කරගෙන බලනවා දැකලා ලොකු ආත්ම තෘප්තියක් ලැබුණා. හොඳයි එහෙනම් එච්චරයි. අපිත් එක්ක දිගටම ඉන්න, කමෙන්ට් දාලා අපිව දිරිමත් කරන ඔයාලට ගොඩක් ස්තුතියි. දිගටම අපිත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා..

මේක අනිවාර්යයෙන් බලන්න ඕන අවුරුදු 18 ට වැඩි අය, එහෙම නැති එකෙක් මේ ලිපිය කියවන්න හරි හදනවා නම් වහාම දුවපාන් මෙතනින්. 😂 හොඳයි එහෙනම් ෆිල්ම් එක ගැන කතා කරමු, මුලින්ම කියන්නෙ මේක විමා නොහොත් ශාන් විමුක්ති සහෝදරයා මට සබ් කරන්න බාර දුන්න ෆිල්ම් එකක්. ඔය යකා දෙන ෆිල්ම් මරු කියලා කොහොමත් දන්නවා නෙ. ඒ නිසා මේ ෆිල්ම් එක ගැන අටුවා ටීකා ඕන්නෑ, පට්ට තමා.මේක ඕස්ට්‍රේලියානු චිත්‍රපටයක්. ඒක හොඳට දැණුනා සබ් එක කරද්දි, ලොකු සංකීර්ණ භාෂාවක් නෑ, බොහොම සරල ලස්සන ඩයලොග් ටිකක් තමා තිබුණේ. විනාඩි 96 ක් පුරාවට දිවෙන මේ ෆිල්ම් එකේ පිටපත වගේම අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Josh Lawsan. ඇත්තටම බොහොම දක්ෂ, හැකියාවන් ගොඩක් තියෙන කෙනෙක්. වැඩි වයසක් නැති මේ තරුණ අධ්‍යක්ෂක වරයා නළුවෙක් විදියටත් ඔයාලට මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන්. (Paul). අධ්‍යක්ෂක වරයා තරුණ වීම නිසාද දන්නෑ මේක මම දැක්ක බොහොම තාත්වික ෆිල්ම් එකක්, උදාහරණයක් හැටියට Skype වල Ring tone පවා එලෙසින්ම යොදාගෙන තියෙනවා, ඒ වගේ තව දේවල් ඔයා මේ ෆිල්ම් එකේදි දකීවි. IMDB එකට අනුව මේක Comedy, Drama, Romance කියන ගණයට තමා වැටෙන්නේ.එතකොට ඔයාලා ඉතින් අනිවා මුලින් බලන්නෙ මේකෙ IMDB රේටිංස් නෙ. 7.1 රේටිංස් තියෙනවා මේකට. ඒ මදෑ නේ? ඉහළ රේටිං එකක් තියෙනවා.අනික් දේ මේක නිකන් ඇඟට අරන් බලන්න පුළුවන් ෆිල්ම් එකකුත් නෙවෙයි. මම කොහොමත් එහෙම ෆිල්ම් කරන්නෙ නෑනෙ. මේක එක්තරා විදියක අධ්‍යාපනික ෆිල්ම් එකක් කියලා කියන්න පුළුවන්..

ෆිල්ම් එකේ කතාව ගැන ටිකක් කිව්වොත් මෙහෙමයි, අනිවාර්යයෙන් මේක කම්මැලිකමක් නම් නැතිව බලන්න පුළුවන්. චිත්‍රපටය බලන්න එපා වෙන්නෙ නම් නැහැ. (තුන් පාරක්ම බලපු නිසයි කියන්නෙ 😂) මේකෙන් කතා කරන්නේ විවිධ පුද්ගලයන් ගේ විවිධ ලිංගික ආශාවන් ගැන. ලංකාවේ ලිංගික අධ්‍යාපනය කියන එක අතිශය දරුණු මට්ටමක තියෙන නිසා 😂 මම හිතනවා 18 ට වැඩි අපේ තරුණ පිරිස අනිවාර්යයෙන් බලන්න ඕන චිත්‍රපටයක් තමා මේක. එකිනෙකාගේ ආශාවල්, හැඟීම් තේරුම්ගන්න බැරිව පවුල් ජීවිත විනාශ වෙන එක ලංකාවට විතරක් ආවේණික දෙයක් නෙවෙයි. ආදර සම්බන්ධයකදී හෝ විවාහ වුණාට පසුවත් එකිනෙකා ගැන මනා අවබෝධයක් තියෙන එක ගොඩක් වැදගත්. දෙන්නා අතර මනා අවබෝධය කොච්චර වැදගත් ද කියන එක මේ චිත්‍රපටය බලන ඔයාට දැනේවි. බලලා ආතල් එකක් ගන්න විතරක් නෙවෙයි, බලලා ජීවිතයට පාඩමක් එකතු කරගන්න මේ චිත්‍රපටය නරඹන්න කියලා මම බොහොම කැමැත්තෙන් ආරාධනා කරනවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා අදාළ වේ.

10,395 downloadsDownload The-Little-Death-2014.zip86 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

10,395 downloadsDownload Subtitles86 KB

63 comments

  1. ශසිත් සඳරුවන්

    පළමු කඩඉමට සුභපැතුම් ප්‍රභාෂ් සහෝ...
    තවත් උපසිරැසි අරන් එන්න කාලය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  2. Hard Rock

    ela machan

  3. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    පට්ට කොමඩියක් වගේ....
    50 වෙනි උපසිරසියට සුබ පැතුම්! 100ත් ගහමු ඉක්මනටම....

  4. sameeradjay88

    මගෙන් සුභ පැතුම්!!!!!!

  5. malith

    Ela ela

  6. Kaushan Herath

    සබට තෑන්ක්ස් සහෝ.
    කඩයිමට සුබ පැතුම්.

  7. akalankagayan

    Thnx..........

  8. eranda weerasinghe

    බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.

    ෴෴ජය වේවා෴෴

  9. Sanath Indika

    thx bro

  10. Ishan Madusha

    50 උපසිරැසියට සුබපැතුම් සහෝ
    බොහොම ස්තූතියි

  11. Kulanjana Maduranga

    Hat off Respect Bro….Great work & Lot of thanks NADEESHAN saho.wish u’r great future..

  12. Batzi

    සුබපැතුම් සහො

  13. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට. ඒ වගේම 50 වෙනි උපසිරස කඩඉමට හදවතින්ම සුභ පැතුම්..තව තවත් උපසිරස කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා..බුදුසරණයි..ජය වේවා!!!

  14. James DC

    50 වෙනි කඩයිමට සුභ පැතුම් සහෝ....

  15. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!
    ඒවගේම 50 වෙනි කඩඉම වෙනුවෙනුත් සුබ පැතුම්.....
    දිගටම සබ් කරමු.
    ඔබට ජය......!

  16. TharakaWAS

    Sub 1kata Thanks bro..
    jaya wewa...!!!

  17. TharakaWAS

    50 weni kadaimata suba pathum...
    Idiriyata twa twat sub genna...
    hamadmat api oylawa agaya karnwa..
    jaya wewa...!!!

  18. wnrodrigo

    Good work brother, Thanks!

  19. Piumi ann

    thankz malli good worke................

  20. Ishan007

    cngrtz bro.. thanx for sub

  21. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…50 වෙනි උපසිරසියට සුබ පැතුම්!

  22. jagath55

    thanks

  23. SAjith Anthony

    50 වෙනි උපසිරසියට සුබ පැතුම්!
    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  24. TPrabath

    SUBTITLES ganna bane not fund page kiyaawatenawa

  25. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  26. DilanDilshan

    thankz sahoo..jaya wewa. me wage digatama sub denna.

  27. රොයිලි

    උණුසුම් සුබ පැතුම් නදීශාන් සහෝ කඩයිමට. හැකි ඉක්මනින් 100 ටත් යන්න ලැබේවායි පතනවා. වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P

  28. Bandara 1976

    50 වෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම් ප්‍රභාෂ් නදීශාන් ....

    1. Bandara 1976

      50 වෙනි උපසිරැසියට උණුසුම් සුබ පැතුම් ප්‍රභාෂ් නදීශාන් ….Basic Instinct 2 (2006) උපසිරැසියත් ලබාදෙන්න සහෝ

  29. kasunudayantha

    well played,come on lets go soon for a century...all the best..

  30. kasunnamal

    නියමයි….සබ් එකට තැන්ක්ස්….

  31. asintha rukshan

    congracts

  32. kalinda gurudeniya

    uba patta awanka dial ekak bro bokke ekak tiyan kathawak nati bawa dapu lipiyenma theruna.good luck bro.ubala me karana pinen ubalage hama wadakma sarthaka wenna ouna!

  33. rangika Kariyawasam

    ස්තුතියි සහෝ සබට. නියම වැඩක්..

  34. chinthaka_priyadrshana

    Thank U very much bro......Go Ahead......!

  35. තරිඳු රසාංග

    50ට හදවතින්ම සුභ පැතුම් සහෝ! ඉස්සරහටත් වැඩේ කරගෙන යමු,ජයවේවා!

  36. neelanethra

    tnks bro....

  37. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු...
    ජය
    ඒවගේම 50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා සහෝ

  38. shehan_chanuka

    thanx bro

  39. Rajitha Suranjana

    50වන උපසිරැසියට සුභ පැතුම්!ජය!

  40. isuru dilshan

    50වෙනි උපසිරැසියට සුභපැතුම් මචං!!
    දිගටම වැඩේ කරගෙන යමු!! ජයවේවා!!

  41. ප්‍රබුද්ධ කේසර විතානගේ

    50 වැනි උපසිරසියට උණුසුම් සුභපැතුම්!
    ඊළඟ කඩඉමත් ජයගන්න සුභ පතනවා!
    දිගටම වැඩේ කරගෙන යමු!
    ජයවේවා!
    :) :) :)

  42. Helili Hemamali

    50 වෙනි කඩයිමට සුබ පැතුම් සහෝ! ඉදිරියටත් අගනා උපසිරැසි නිර්මාණ වලින් දකින්න ලැබේවි කියලා බලාපොරොත්තු වෙනවා.

  43. s.s.m

    Tz sub ekata... Jayawewa!!

  44. AsithaDilruwan

    Ela saho thanks

  45. ප්‍රණීත් චින්තක

    ප්‍රභාශ් සහෝගේ මුල්ම කඩයිමට උණුසුම් සුබපැතුම් එකතු කරනවා. මගෙත් මුල්ම 50 මං දන්නෙත් නැතුවම තමයි වැදුනේ. ඔව්වා එච්චර ගනන් ගන්න එපා. ඔහොම තමයි ජීවිතේ. :D තව තව උපසිරැසි කරලා තව කඩයිම් පන්නන්න හැකුයාව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    ආයු -බෝ -වේවා !!!

  46. Chulender kasun

    බොහොම ස්තුතිය සහෝදරයා
    ජය වේවා ...

  47. Virajperera

    tnx saho

  48. pasindu sri

    tanx

  49. MuthuAma

    50 ට උනුසුම් සුබ පැතුම් මල්ලි.
    දිගටම කරගෙන යමු.

  50. Sanju11111

    Elmaaa

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.