UPDATE -> BLURAY Barbie (2023) Sinhala Subtitles කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය ඔස්සේ එක එක රැලි ඇතිවෙනවා, ඒක සාමාන්‍ය දෙයක්. ඒ රැල්ල ධනාත්මක හෝ සෘනාත්මක වේවා යම් නිර්මාණයක සාර්ථකත්වයට ඒක බොහෝ සෙයින් බලපානවා. ඔයාලට ගිය අවුරුද්දෙත් මතක ඇති Wednesday කතා මාලාව රැල්ලට ලෝකය පුරා හිටි හැටියෙ ජනප්‍රිය වුණා. අන…

UPDATE -> BLURAY
Barbie (2023) Sinhala Subtitlesකාලෙන් කාලෙට සමාජ මාධ්‍ය ඔස්සේ එක එක රැලි ඇතිවෙනවා, ඒක සාමාන්‍ය දෙයක්. ඒ රැල්ල ධනාත්මක හෝ සෘනාත්මක වේවා යම් නිර්මාණයක සාර්ථකත්වයට ඒක බොහෝ සෙයින් බලපානවා. ඔයාලට ගිය අවුරුද්දෙත් මතක ඇති Wednesday කතා මාලාව රැල්ලට ලෝකය පුරා හිටි හැටියෙ ජනප්‍රිය වුණා. අන්න ඒ වගේ,
මේ අරගෙන එන්නේ මෑතකාලයේදී සිනමා ක්ෂේත්‍රයේ විශාල පෙරලියක් කරපු ලෝකය පුරා අතිශය ජනප්‍රියට පත් චිත්‍රපටයක්, ඒක නමින් Barbie. මේ ෆිල්ම් එක තමයි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂක ක්‍රිස්ටෝපර් නෝලන්ගෙ ඕපන්හයිමර් ෆිල්ම් එක එක්ක කරට කර සටන් වදින්න ජූලි 21 වෙනිදා Warner Bros. විසින් අතෑරපු බෝම්බෙ.

සමාන්‍යයෙන් බැලුවොත් ලොකු හයිප් එකක් එක්ක හැදුනු ෆිල්ම් එකක් තියටර් රිලීස් කරන කොට සමාන්‍ය ෆිල්ම් රිලීස් කරහම වෙන්නෙ ඒ ෆිල්ම් ආදායම අතින් අතිශය පාඩු ලබන එක. හැබැයි මෙතනදි ඒක සෑහෙන්න වෙනස් වෙලා මේ ෆිල්ම් දෙක වෙනුවෙන් ලොකු රැල්ලක් සමාජ මාධ්‍ය වල ඇති වුණා Barbenheimer නමින්. ඒකෙන් ප්‍රේක්ශකයො ෆිල්ම් දෙක වෙනුවෙන් පිල් බෙදිල රැල්ලටත් එක්කම විශාල පිරිසක් මේක බලන්න තියටර් වලට ගිහින් සෑහෙන හයිප් එකක් ලෝකය වටා හැදුනා.

ඒකෙ ප්‍රතිපලයක් විදිහට Barbie ෆිල්ම් එකට හැකි වෙනවා ධනාත්මක ප්‍රතිචාරත් සමඟම ආදායම අතින් ඕපන්හයිමර් පරදා ඉතා කෙටි කාලයක් තුල ඇමරිකානු ඩොලර් බිලියනයෙ සීමාව පසු කරන්න, එනම් දින 15 වැනි කාලයක් තුලදී. ඒ අනුව මේ වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 1.4 අධික ආදායමක් උපයන්න හැකිවෙලා තියෙනවා වගේම ෆිල්ම් එක නිෂ්පාදනය කරන්න වැයවී ඇත්තේ ඇමරිකානු ඩොලර් මිලියන 145 පමණයි. ඒත් එක්කම මේ Barbie ෆිල්ම් එකට හැකි වෙනවා තව තවත් වාර්ථා එක් කරන්න එනම්,
1. කාන්තාවක් තනිව අධ්‍යක්ෂණය කල (Solo Directed) සිනමාපටයක් ඩොලර් බිලියනය පසුකල මුල්ම සිනමාපටය.
2. වැඩිම ඩොමෙස්ටික් ආදායමක් ලද, කාන්තාවක් විසින් අධ්‍යක්ෂණය කල සිනමාපටය සහ වැඩිම ආදායමක් ලද කාන්තාවක් විසින් අධ්‍යක්ෂණය කල දෙවෙනි සිනමාපටය.
3. 2023 වසරේදී ඩොලර් බිලිනයක ආදායමක් වාර්තා කල පලමු ලයිව් ඇක්ෂන් සිනමාපටය සහ මේ වනවිට අවුරුද්දේ වැඩිම ආදායමක් ලද සිනමාපටය.
4. Warner Bros. ඉතිහාසයේ දැවැන්තම ආදායමක් ඉපැයූ සිනමාපටය.
5. රයන් ගොස්ලින් සහ මාග්‍රට් රොබී දෙන්නගෙම ඩොලර් බිලියනය පසුකල මුල්ම සිනමාපටය.
6. Barbie සිනමාපටය තමයි වේගයෙන්ම ඩොලර් බිලියනය වාර්ථා කල සිනමාපට අතර හයවෙනියට රැඳී සිටින්නේ.

දැං පේනවනේ මේ රැල්ල කොච්චර දුරට ගියාද කියලා. හැබැයි මං කලින් කිව්ව වගේ මේක සාමාන්‍ය ෆිල්ම් එකක් කියන්නත් බෑ. මොකද මේක අධ්‍යක්ෂණය කරන්නේ සම්මාන ලාභී අධ්‍යක්ෂක Greta Gerwig මහත්මිය විසින්. ඇය තමයි Little Women(2019), Lady Bird(2017) වැනි ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂණය කළේ. ඒ විතරක්ම නෙවේ මේකට ප්‍රධාන වශයෙන් රංගනයෙන් දායක වෙන්නේ අපි කොයි කවුරුත් ආදරය කරන Margot Robbie සහ Ryan Gosling දෙදෙනායි. ඊට අමතරව මෙයට රංගනයෙන් දායක වෙනවා Will Ferrell, Emma Mackey, Simu Liu, Michael Cera, Kate McKinnon, America Ferrera, Hari Nef, Ariana Greenblatt, Ncuti Gatwa, Connor Swindells වැනි ජනප්‍රිය නළු නිළියන් රැසක්. තවද මේ වනවිට IMDb 7.3 ඉහල අගයක් ගන්න හැකිවෙලා තියෙනවා මනාප 267,000 අධික ප්‍රමානයකින් සහ කුණු තක්කාලි 88% ගන්නත් හැකිවෙලා තියෙනවා.
එහෙනම් ඔය ඇතිනෙ ෆිල්ම් එකේ වටේ විස්තර, දැං අපි බලමු මේ ෆිල්ම් එක සම්බන්දයෙන් අපේ ගොඩක් කට්ටියට තිබ්බ ප්‍රශ්න ටික ගැන. මෙච්චර ජනප්‍රිය වෙන්න තරම් ඇත්තටම කවුද මේ Barbie කියන්නේ? හරි මෙහෙමයි ලංකාවෙ මෙහෙ වැඩිය මේ සංකල්පය ප්‍රසිද්ධ නැතත් ලෝකය පුරා විවිධ රට වල මේ සංකල්පය ඉතා ප්‍රසිද්ධයි. ඉතින් අපි බලමු කොහොමද බාබි නිර්මාණය වුණේ කියලා,
රූත් හැන්ඩ්ලර් නැතිනම් Barbie සංකල්පයේ නිර්මාතෘවරිය කියන්නේ මැටල්(Mattel) බෝනික්කො හදන සමාගමේ සම නිර්මාතෘවරියක්. එයා දකිනවා දවසක් එයාගෙ දුව පොඩි බෝනික්කො එක්ක සෙල්ලම් කරනවා සහ එයාගෙ හීන වගේ බෝනික්කන්වත් සරසනවා. ඉතින් රූත් තේරුම් ගන්නවා පුංචි ගෑහැනු ළමයින්ට තමන්ව දිරිමත් කරන්න පුළුවන් සහ මානසික වශයෙන් ශක්තිමත් කරන්න පුළුවන් බෝනික්කෙක් ඕනෙ කියලා. ඒ අනුව ඇය 1956 Barbie ව නිර්මාණය කරන්න සංකල්පය මැටල් එකට ඉදිරිපත් කරනවා. බාබිට ඕන දෙයක් වෙන්න පුළුවන් කියන සංකල්පයත් එක්ක තමයි රූත් Barbie ඉදිරිපත් කරන්නේ, ඒ කියන්නේ වෛද්‍යවරියක්, ගුරුවරයෙක්, ගුවන් නියමුවෙක්, ගඟනගාමියෙක් වුණත්.
ඉතින් Barbie ගේ අනාගතේ ගැන දැකපු මැටල් එක තීරණේ කරනවා Barbie ව නිර්මාණය කරන්න. ඒ අනුව 1959 මාර්තු මාසයේදී නිළ වශයෙන් බාබිව වෙළඳපොලට හදුන්වා දෙනවා. බාබිව නිර්මාණය කරල තියෙන්නේ ශක්තිමත්, ස්වාධීන, ඕනම දෙයක් කරන්න පුළුවන් දෙයක් විදිහට, ඒ නිසා මේක සමාජය තුල සීග්‍රයෙන් ප්‍රචාරය වෙන්න ගන්නවා. ඒකට පුළුවන් වෙනවා සමාජය තුල සංස්කෘතික තුල විශාල බලපෑමක් එල්ල කරන්න ඉතින් බාබි බෝනික්කෙක්ට වඩා වැඩි දෙයක් බවට පත් වෙන්න හැකිවෙනවා. අවසානයේදී සමාජයේ කාන්තාශක්තියේ සලකුණ බවට බාබි පත් වෙනවා. බාබිගේ සැබෑ සංකල්පය තමයි සමාජය තුල කාන්තා ශක්තිය පිළිඹිබු කරලා පෙන්නන එක.
ඉතින් මේ ජනප්‍රියත්වයත් එක්ක කාලෙන් කාලෙට සමාජය වෙනස් වෙද්දි නව Barbie නිෂ්පාදන මැටල් එකෙන් ඉදිරිපත් කරනවා. එයාල විවිධ ශරීර වර්ණයන් තියෙන බෝනික්කන් හඳුන්වා දෙනවා. ගැහැනු ළමයින්ට ඕනෙම කෙනෙක් වෙන්න පුළුවන් කියලා පෙන්නන්න මැටල් එකෙන් වෛද්‍යවරියන්, ගඟනගාමීන්, ගරුවරු වශයෙන් විවිධ වෘතීන් එක්ක බාබිව නිර්මාණය කරන්න ගන්නවා. ඒ අනුව බාබි මේ වෙනකොට බ්‍රෑන්ඩ් එකක්, කාන්තා ශක්තියේ සංඛේතයක් වගේම මේ සංස්කෘතියෙ කොටසක් බවට පත්වෙලා හමාරයි. ඊට අමතරව බාබි නමින් ඇනිමේශන් ෆිල්ම්, ටීවී සීරිස් ගනනාවක් නිෂ්පාදනය වෙලා තියෙනවා. අපේ කට්ටියටත් මතක ඇති ටීවි එකේ අපි පොඩි කාලෙත් ලස්සන ලස්සන බාබි ඇනිමේශන් ෆිල්ම් විකාශනය වුණා.

රූත් හැන්ඩ්ලර් සහ ඇගේ සැමියා එලියට් හැන්ඩ්ලර්

දැං කට්ටියට හිතා ගන්න පුළුවන්නෙ Barbie කියන්නෙ කොච්චර දුරට ලෝකය පුරා ව්‍යාප්ත වුණ සහ ජනප්‍රිය වුණ බෑන්ඩ් නේම් එකක්ද කියලා. ඊලඟට අපේ කට්ටියට ඇතිවුණ ප්‍රශනයක් තමයි මොකක්ද මේ ෆිල්ම් එකේ කතාව කියන එක ගැන. මොකද ට්‍රේලර් එකත් කතාව ගැන හරියට අදහසක් ගන්න බැරි විදිහටනෙ තිබුනේ. Barbie ලන්තෙකුයි ඇත්ත ලෝකෙකුයි මොකක්ද මේ විකාරෙ කියලා ගොඩක් කට්ටියට හිතෙන්න ඇති. ඔන්න ඒ ප්‍රශ්නෙට උත්තරේ මං කියනවට වඩා දැං ඔයාලටම පුළුවන් ෆිල්ම් එක ඩව්න්ලෝඩ් කරල බලලාම දැනගන්න.
ෆිල්ම් එක බලනවාද නැද්ද කියන එක ඔයාල තීරණේ කරන්න, මොකද මේක ලස්සන සිංදු ටිකක් එක්ක යන හාස්‍ය මුසුවුණු සමාජෙට වටින පණිවිඩයක් දෙන ෆිල්ම් එකක්. මෑතකදි ඉතා ජනප්‍රියට පත් Dua Lipa ගෙ Dance The Night සිංදුවත් Billie Eilish ගෙ What Was I Made For? සිංදුවත් මේ ෆිල්ම් එකේම තමයි තියෙන්නේ. හැබැයි ෆිල්ම් එක බලන අයට එක දෙයක් කියන්න ඕනෙ, ඒක තමයි මේක ඩොලර් බිලියනයක් හෙව්වට මෙච්චර ජනප්‍රිය වුණාට එච්චර ලොකු දේවල් ෆිල්ම් එකෙන් බලාපොරොත්තු වෙලා මේක බලන්න එපා. මොකද මේක සරල කතාවක්. හැබැයි ඔයාල මේක සරල කතාවක් කියල හිතන් බැලුවොත් ඔයාලට මේකෙන් ගැඹුරු පණිවිඩයක් තමන්ගෙ ජීවිතේට වුණත් එක් කරගන්න බැරි නෑ.
එහෙනම් මෙච්චරයි කියන්න තියෙන්නෙ. හැමෝටම ෆිල්ම් එක බලන්න ආරාධනා කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HC-WEB/ORIGINAL WEBRIP/BR පිටපත් සඳහා පමණක් ලබා දි ඇත.
Br පිටපත සඳහා උපසිරසි යාවත්කාලීන කිරීම ” සනුක අක්නාත්”
26,452 downloadsDownload Barbie-2023-Sinhala-Subtitles.zip125 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Barbie, Barbie (2023) Sinhala Subtitles, Barbie Sinhala sub
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #America Ferrera
- #Barbie Sinhala Sub
- #Barbie Sinhala Subtitles
- #Bimsara Yashan (ඔලිව)
- #Box Office Hits
- #Margot Robbie
- #MaxxA
- #Ryan Gosling
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
24 comments
Buddhika Lakmal
wasana
sub eke aga tika weda da
wasana
sub eke aga tika weda ne
Bimsara Yashan(ඔලිව)
එහෙම නම් අවුලක් නෑ. වැඩ කරනව.
යුරාන් ධනුක (දනුවා)
ගැම්මක් තමයි ඔලිව සහෝ
එන ක්ෂනිකෙන්ම සබ් එකත් දීලා
බොහෝම ස්තූතියි සහෝ !!!විමා
කොපියක් ආව ගමන් සබ් එක දුන්නට උපසිරසියට බොහොම ස්තුතියි ඔලිවර්!
ඒ වගේම ලිපිය නම් ගින්දර.
අනිවා බලන්න ඕන ෆිල්ම් එකක් හැබැයි වෙබ් කොපිය ආවම ගන්නව.
අනිවා අප්ඩේට් එකක් ඕනා...Kantha_DLA
ගොඩක්ම ස්තූතියි ඔලිව ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Sujith
සුපිරි සුපිරි.... වෙබ් ආවම අප්ඩේට් එකක් ඕනෙ එලකිරි වගේ..
ශ්‍රී
අනුන්ට ගූගල් කිය කිය මුන් ගූගල් දෙනවද කොහෙද. උදේ පාන්දරම දීලා
පමුදිත
තෑන්ක්ස් අයියේ. සබ් එක නම් මරු. මටත් දැන් තමා කතාව තේරුනේ.
Tehan
Apita Subtitles request krnn widihak nedd?
Vandits (2022)
Everest (2015)
The Unknown Saint (2019)Me fils wala sub denn puluwanda?
Anonymous
sub eke mada hariye idan wada na
Niroshan
ස්තුතිය සිංහල subtitles එකට
Bro 2023 movie ekata sinhala subtitles dennakoRoshan
Thnx bro...great job...good luck...
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට...ඉදිරි ගමනට ජය වේවා...❤️❤️❤️
Buddhika Lakmal
අප්ඩේට් එකට තෑන්ක්ස් මචං....
ishan
sub ekata thx bro
Sahan Gayantha
thanks a lot brother sub ekata
Kantha_DLA
request:
Talk to Me (2022)
Strays (2023)
Jules (2023)LAHIRU
සබ් එකට තෑන්ක්ස් හොඳේ !!
Ruchira
Thanks for the sub!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Barbie (2023) Sinhala Subtitles | ලෝක දෙකක් වෙනස්කල බාබි! [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/Barbie-2023-a.jpg)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥