After Everything (2023) Sinhala Subtitles ඔන්න එහෙනම් මීට අවුරුදු හතරකට කලින් වීමා අයිය උපසිරැසි ගේන්න පටන් ගත්තු After ෆිල්ම් සීරිස් එකේ අවසාන සනිටුහන් කරන්නයි මේ සූදානම් වෙන්නේ. ආෆටර් කිව්වහම අපේ අය නොදන්නවා වෙන්න බෑනෙ, මොකද මෙහෙ සෑහෙන ජනප්‍රිය වුන ෆිල්ම් සීරිස් එකක් තමයි මේක. ඒකෙනුත් පලවෙනි ෆිල්…
After Everything (2023) Sinhala Subtitles
ඔන්න එහෙනම් මීට අවුරුදු හතරකට කලින් වීමා අයිය උපසිරැසි ගේන්න පටන් ගත්තු After ෆිල්ම් සීරිස් එකේ අවසාන සනිටුහන් කරන්නයි මේ සූදානම් වෙන්නේ.
ආෆටර් කිව්වහම අපේ අය නොදන්නවා වෙන්න බෑනෙ, මොකද මෙහෙ සෑහෙන ජනප්‍රිය වුන ෆිල්ම් සීරිස් එකක් තමයි මේක. ඒකෙනුත් පලවෙනි ෆිල්ම් එක නිසා තමයි ගොඩක් අය මේ ෆිල්ම් සීරිස් එක වැළඳ ගත්තේ. ඒක බලන කෙනාට හොඳින් දැනෙන ෆිල්ම් එකක්. හැබැයි පසුව නම් එයාලට මේකෙ ජනප්‍රියත්වෙ පවත්වගෙන යන්න බැරි වුණා ඕනාවට වඩා මේකෙන් ෆිල්ම් හදන්න අරන්. කොහොමින් හරි දැං මේකෙ අවසානෙට ඇවිත් තියෙනවා සහ මට නම් මේක ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්. කවුරු හරි මේකෙ එක ෆිල්ම් එකක්වත් නොබලපු කෙනෙක් ඉන්නවා නම් මුලින් ඒව බලල ඉන්න.
ඒ නැතත් මේකෙ පලවෙනි ෆිල්ම් එක බැලුවට නම් කිසිම පාඩුවක් වෙන එකක් නෑ. මොකද මමත් ඒක කැමතිම ෆිල්ම් එකක්, ඒ වගේම ඊට නොදැවෙනිව සුපිරියට දැනෙන විදිහට විමා අයිය සුපිරි සබ් එකකුත් ඒකට දීල තියෙනවා. එහෙනම් අපි මේ ෆිල්ම් එක පැත්තට හැරෙමු,
හැමෝම දන්නව වගේ මේක Anna Todd විසින් රචිත After පොත් මාලාව ආශ්‍රයෙන් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම මේක තමයි ආෆ්‍ට ෆිල්ම් සීරිස් එකේ පස් වෙනි ෆිල්ම් එක. සිනමා ශාලාවල් වලට නිකුත් වුණේ සැප්තැම්බර් 13 වෙනිදා. මේක අධ්‍යක්ෂනය කරන්නේ Castille Landon විසින්, එයාම තමයි After We Fell, After Ever Happy ෆිල්ම් දෙකත් අධ්‍යක්ෂනය කරේ. බෙදා හැරීම් කටයුතු කරන්නේ කලින් ෆිල්ම් වල බෙදා හැරීම් කටයුතු කරපු Voltage Pictures විසින්. මේ පාර මීට රංගනයෙන් දායක වෙනවා Josephine Langford / Mimi Keene / Hero Fiennes Tiffin / Benjamin Mascolo / Arielle Kebbel / Jessica Webber / Chance Perdomo / Stephen Moyer / Louise Lombard වැනි අය. මෙම සිනමාපටය විනාඩි 93 ක් පුරාවට දිව යන අතර Drama, Romance යන කාණ්ඩයට අයත් වන්නකි.
කතාව ගැන කෙටියෙන් මතක් කලොත්, කලින් ෆිල්ම් එකේදි ඔයාලට මතක ඇති හාඩින් ටෙසාගෙන් අහන්නැතුව එයාගෙ පොතා ප්‍රකාශ කරන්න යනවා. පසුව ඒක ටෙසා දැනගත්තට පස්සේ දෙන්නා බහින් බස් වෙලා සම්බන්දෙ නතර කරනවා. ඊට අවුරුදු දෙකකට පමන පසුව තමයි මේ ෆිල්ම් එකේ කතාව තියෙන්නේ. මේ වෙනකොට හාඩින්ගෙ ආෆ්ට පොත සෑහෙන ජනප්‍රිය වෙලා සහ එයාගෙ පොත් ප්‍රකාශකයො හාඩින්ට බල කරනවා ඒකෙ දෙවෙනි පොත ලියන්න කියලා. ඒත් තාමත් හාඩින්ට ඒක ලියාගන්න අදහස් එන්නෑ. මොකද ඔහුගෙ කතාව ටෙසාත් එක්ක නතර වුණ නිසා.
ඉතිං ඔහු ආයෙත් බීමට හුරු වෙනවා වගේම ගෙදරින් වැඩිය එළියට බහින්නෙත් නෑ. ඉතිං එයාගෙ අම්මා එයාගෙ විනාසෙ බලාගෙන ඉන්න බැරි තැන එයාට යෝජනා කරනවා නතාලි නම් එයාගෙ පරණ යාළුවෙක්ව හම්බෙන්න ලිස්බන් වලට යන්න කියලා. ඒ වගේම හාඩින්ට නතාලිත් එක්ක තියෙන අතීතෙත් එච්චරම හොඳ එකක් නෙවේ, ඔහු නතාලිටත් සෑහෙන්න ලොකු වැරැද්දක් කරල තියෙනවා. ඒ අනුව ඔයාලට මේ ෆිල්ම් එක කලින් ආෆ්ටර් ෆිල්ම් වගේ නැතුව වෙනස්ම වටපිටාවක වෙනස්ම කතාවක් බලාගන්න පුළුවන්. ඒකත් ගොඩක්ම හාඩින්ගෙ ජීවිතේ ප්‍රශ්න විසඳගන්න හැටි තමයි මේ ෆිල්ම් එකෙන් පෙන්නලා දීල තියෙන්නේ.
එහෙනම් මෙච්චර කාලයක් ආෆ්ටර් ෆිල්ම් සීරිස් එක බලපු ඔයාලට එකෙ අවසානයක් මොන වගේ වෙයිද කියලා බලාගන්න මං ඉඩ තියලා මං සමුගන්නම්. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEBRip පිටපත සඳහා පමණක් ලබා දි ඇත.
15,639 downloadsDownload After-Everything-2023.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2020-01-04
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
After Everything (2023) Sinhala Subtitles, After Everything (2023), After Everything (2023) Sinhala Sub, After
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #2023
- #After Everything (2023)
- #After Everything (2023) Sinhala Subtitles
- #Anna Todd
- #Bimsara Yashan (ඔලිව)
- #Castille Landon
- #Editor's Pick
- #Hero Fiennes Tiffin
- #Josephine Langford
- #MaxxA
- #Mimi Keene
- #Must Watch
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
8 comments
Buddhika Lakmal
baiscopelk ishu
sub ekata thx lokka
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි ඔලිව සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!යුරාන් ධනුක (දනුවා)
උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ.
ෆිල්ම් සෙට් එකම බලන්න ගන්න ඕන.විමා
උපසිරසියට බොහොම ස්තුතියි ඔලිව.
විශේෂයෙන්ම මම පටන් ගත්ත ෆිල්ම් සිරිස් එක මේ වෙනකම් කරලා ඉවරම කලාට. :)Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dewadithya
Thanks for Sub!
Advertisement

අම්මෝ..... අන්තිමට ආෆ්ටර් මූවි සීරිස් එක ඉවරවුනා එහෙනං.... ☺☺
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..