යාළුවනේ ඔන්න අද ඔයාලට ගෙනාවෙ අලුත්ම අලුත් ඇනිමේෂන් චිත්‍රපටයක්. මේක මගේ මුල්ම චිත්‍රපට උපසිරැසිය. රූපවාහිනී කතා මාලාවකට උපසිරැසි දුන්නට චිත්‍රපටයකට උපසිරැසි දායකත්වය සපයන්නෙ මුල්ම වතාවට. ඒ සඳහා මට මේ උපසිරැසිය නිර්මාණයට ආරාධනා කරපු සමීර චතුරංග සහෝවත් මේ වෙලාවේ මතක් කරන්න ඕනෙ. ඉතින් අපි දැන් පොඩ්ඩක්…

යාළුවනේ ඔන්න අද ඔයාලට ගෙනාවෙ අලුත්ම අලුත් ඇනිමේෂන් චිත්‍රපටයක්. මේක මගේ මුල්ම චිත්‍රපට උපසිරැසිය. රූපවාහිනී කතා මාලාවකට උපසිරැසි දුන්නට චිත්‍රපටයකට උපසිරැසි දායකත්වය සපයන්නෙ මුල්ම වතාවට. ඒ සඳහා මට මේ උපසිරැසිය නිර්මාණයට ආරාධනා කරපු සමීර චතුරංග සහෝවත් මේ වෙලාවේ මතක් කරන්න ඕනෙ. ඉතින් අපි දැන් පොඩ්ඩක් කතාව ගැන බලමුකෝ…
මේ කතාව මිනිත්තු 74ක් පුරාවට දිවෙන ඇනිමේෂන් කතාවක්. කතාවෙ නම දැක්කම තේරෙන්න ඇතිනේ අපි කවුරුත් දන්න බාබි ඩෝල් ගැන කියවෙනවා. දැන් මෙහෙම කිව්වම අපේ සහෝදරයො හිතාවි අපෝ මේක ගැලපෙන්නෙ ගෑණු ලමයින්ට විතරයි කියලා. ඒත් මේක අපි සාම්ප්‍රදායිකව දන්න බාබි ඩෝල් ගැන නම් නෙවෙයි. ටිකක් විතර වෙනස්. මේකේ ප්‍රධාන චරිතය වෙන්නෙ කාරා කියන අළුත් තාලෙ කුමාරිකාවක්. වින්ඩමියර් කියන රාජධානියේ රාජකීය පවුලේ ඉන්න වැඩිමහලු දියණිය තමයි කාරා. අහම්බෙන් සිද්ධ වෙන මැජික් සමනළයෙක්ගෙන් ලැබුණ හාදුවක් නිසා මේ කුමාරිකාවට මැජික් බලයක් ලැබිලා සුපිරි වීරවරියක් වෙනවා. ඉතින් මෙයාගේ හොඳම යාළුවො දෙන්නත් එක්ක එකතු වෙලා නගරයේ සිද්ධ වෙන අපරාධ, අනතුරු වැනි සිද්ධීන් වලට සුපිරි දිස්නා මැදිහත් වෙනවා. “සුපිරි දිස්නා” කියන්නෙ මෙයාට දාගන්න නම. කාරාට මැජික් බලයක් ලැබුණා කිව්වට ලැබුණ හැටි හරියට කිව්වෙ නෑනෙ. ඒක මං කියන්නෙ නෑ. බලලම දැන ගන්නකෝ… කොහොමහරි ටික දවසක් යනකොට මෙයා එක්ක තරඟ කරන්න තවත් මේ වගේම මැජික් බලයක් තියෙන කෙනෙක් එනවා. ඒ අතරේ මේ රාජධානිය විනාශ කරන්න බලාගෙන ඉන්න කෙනෙකුත් ඉන්නවා. ඉතින් රාජධානිය විනාශ වෙනවද? කවුද බේර ගන්න එන්නෙ? කවුද කාරා සමඟ තරඟෙට එන අනිත් කෙනා? මේ දේවල් වලට උත්තර කතාව බැලුවම සොයා ගන්න පුළුවන්.
මෙහි කාරා කුමරිය ලෙස කටහඬින් දායකත්වය සපයන්නෙ Kelly Sheridan වන අතර චිත්‍රපටය පළමුවෙන්ම නිකුත් උනේ 2015 ජනවාරි මස 1 වන දින හංගේරියාවේදි. ඇමෙරිකාවේ මෙය තිරගත වන්නෙ ලබන මාර්තු මස 3 වනදායි. ඉතින් එහෙනම් සහෝදරියන්ට විතරක් නෙවෙයි සහෝදරයන් ඇතුළු පවුලේ සැමට නැරඹිය හැකි මෙම කාටූන් චිත්‍රපටය නරඹන ලෙස ඉල්ලා සිටිමින් මම සමු ගන්නවා.. තවත් උපසිරැසියක් සමඟින් ඉක්මනින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!!!
3BE6E5FD410474751DF1371DCD2A9B5D5A04CC56 B6F81F54DF930DF2829B6851FED1D3B160BD46EE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,967 downloadsDownload Barbie-In-Princess-Power-2015.baiscopelk.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ෂෙරින් සමාධි
Subtitles
26 comments
නලින් පෙරේරා
#YasmikaSH
ස්තූති වේවා... ස්තූති වේවා.. පළවෙනි චිත්‍රපටියම ඇනිමේෂන් එකක් නේද?
අපි ඉතින් ඔයාව දැක්කේ ටීවි සීරිස් වලින් විතරනේ..
ඉදිරියටත් මේ වගේ හොඳ නිර්මාණ වලට උපසිරසි දෙමුඔබට ජය෴
Kulanjana Maduranga
niayamai…thanks SEREEN sis..sub ekata..digatama sub demu.jaya wewa……
Sajith Anthony
ඇනිමේෂන් එකක් නම් අනිවා බලනවාමයි,
Sub එකට ගොඩාක් ස්තුතියි......
ජය වේවා!!Jack
නියමයි අක්කේ
ඇනිමේශන් කතා නම් අනිවා බලනවා.
දිගටම චිත්‍රපට වලට සබ් දෙන්න.
ස්තුතියි සබ් එකට.
ජය.“චූටී මල්ලි”
මේකන්ම් බැලෙන එකක් නෑ මට
කෝම උනත්
සබට තුති
ඔබට ජය..........ගයාන් රූකාන්ත
එල එල එහෙනම් දැන් ෆිල්ම් වලටත් අත ගැහුවා වගේ
බොහොම හොදයි බොහොම හොදයි,මම නම් වැඩිය ඇනිමේෂන් බලන කෙනෙක් නම් නෙමේ
එත් බාගෙන තියාගන්න්ම්කො ටයිම් එකක් ලැබුනොත් බලන්න
සබට බොහොම තුති අක්කේ,ජය!! :P :Pඅරකත් ඉක්මනටම ගේමු නේද..??;)
රොයිලි
බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kavinda
නියමයි අක්කේ
ඇනිමේශන් කතා නම් අනිවා බලනවා.KP Muthukumarana
Mamanam Me Jathiye Film Balana Kenek Nemei...
Gedara Inna Chuti Nangiyata Balanna Onna Download Karanna Demma...
Thanks For Subs...
Keep It Up...
Good Luck...
:) :) :) :) :)thisal
සබට තුති මෙක නම් බැලෙන එකක් නැ මට බබි ඩොල් කෙල්ලොන්ට නම් හොදා
Gayashan
Thanks
Yenu
Thank You very much sister…………..
Isuru
tnx bro....machan I movie eke tama hoda copy ekak awe nedda bn? cheerrs....
බ්ලැක් පැන්තර්
තවත් කාටූන් අක්කා කෙනෙක් එන්න යනවද මන්දා... හෙ හේ...
සබ් එකට තුති ෂෙරීන් අක්කේ...
ටීවී සීරියස් නම් බලන්නෙ නැති නිසා අක්කගේ ටීවි සීරියස් වලට නම් කමෙන්ට් කරලා නැතුව ඇති... ඒ ගැන සමාවෙන්න...kanthaDLA
ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
ගොඩක් වෙලාවට 3D ඇනිමේශන් තමයි බැලෙන්නේ.
ඒත් බලමු.
පුළුවන් වුනොත් බලලා දානවා... :)බොහෝම ස්තුතියි උපසිරැසියට.
ආයු -බෝ -වේවා !!!
sahan
thank you...
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)kanchana
mamanam balanawa sthuty sub dunnata
indika
thnq :)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි ෂෙරින් :P ජය
erandi
thank you sister ......!!!
Udara Damith B\K
...................බොහොම ස්තූතියි.................
Udara Damith B\K
..................THANKS.........................
vishnuka
Machan power puff girls karamu.jaya wewa.....
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි ෂෙරින්, චිත්‍රපට උපසිරැසි කරණයට සාදරයෙන් පිලිගන්නවා.
ජය වේවා! ඒලස්ස් !!