ඕන්න මගේ 4වෙනි උපසිරැසියත් ගෙනාවා. හම්මා දැන් එක කිට්ටුව උපසිරැසි 3ක් දුන්නා. පොඩි නිවාඩුවකුත් ලැබුනු එකේ උපසිරැසි හදලා ඔයාලට දෙන්න තමයි හිතන් ඉන්නේ. මේ සැරෙත් මම ගෙනාවේ හින්දි චිත්‍රපටයක්. මේකත් Romantic film එකක්. හරි අපි චිත්‍රපටය ගැන බලමුකෝ. මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේ Shadaab Mirza ඒවගේම…
ඕන්න මගේ 4වෙනි උපසිරැසියත් ගෙනාවා. හම්මා දැන් එක කිට්ටුව උපසිරැසි 3ක් දුන්නා. පොඩි නිවාඩුවකුත් ලැබුනු එකේ උපසිරැසි හදලා ඔයාලට දෙන්න තමයි හිතන් ඉන්නේ. මේ සැරෙත් මම ගෙනාවේ හින්දි චිත්‍රපටයක්. මේකත් Romantic film එකක්. හරි අපි චිත්‍රපටය ගැන බලමුකෝ.
මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේ Shadaab Mirza ඒවගේම නිශ්පාදකයා වන්නේ Shabana Hashmi. මෙම චිත්‍රපටය නිකුත් කරන්නේ 2015 මාර්තු 27 වෙනිදා. ඒවගේම imdb අගය 5.4 අගයක් වෙනවා. මෙහි ප්‍රධාන චරිත රඟපාන පුද්ගලයින් වන්නේ,
*Sara Loren as Barkhaa
*Taaha Shah as Jatin Sabarwal
*Priyanshu Chatterjee as Akaash
*Shweta Pandit as Madhu
*Puneet Issar as Sabarwal
*Ashiesh Roy as Mr. Shetty/Anna
අපි දැන් කතාවේ තේමාව බලමුකෝ,
මෙම කතාව ආදර කතාවක් කියලා මම සදහන් කරානේ. ඉතින් මේ කතාවේ අපේ විරයා වන ජතින් ඔහුගේ මිතුරා වන ගුල්ලු සමග හිමාචල් වල සංචාරයක යෙදෙනවා. එතනදි මේ ජතින් එයාගේ කැමරාව නැතිකර ගන්නවා. මේ ගැන පොලිසේ පැමිණිල්ලක් දමන්න මෙයා යනවා. එතනදි මෙයා එක ගැණු ලමයෙක්ව දකිනවා ඒ තමයි බර්කා. මේ බර්කා මෙයාගේ නැතිවුන කැමරාව අරගෙන එන්නේ. එදා ඉදන් ඉතින් මේ ජතින් ඇයගේ පස්සෙන් යනවා. අන්තිමෙදි මේ ජතින්ට බර්කා එයාගේ පස්සෙන් එන්න එපා කියලා බනිනවා. එත් මෙයා නෙවෙයි අතාරින්නේ. මේ ජතින් කියන්නේ නිති ශිෂ්‍යයෙක්,මොහුගේ තාත්තත් ඒ වගේම නිතිඥයෙක්. ජතින්ගේ පියා හා ජතින් එකතුවෙලා ශෙට්ටි නම් බාර් හිමියෙකුගේ නඩුවක් විසදලා දෙනවා. එකට හරියන්න මේ ශෙට්ටි මෙයාලට තම්න්ගේ බාර් එකට ඇරයුම් කරනවා. ඉතින් මේ ජතිනුයි ඔහුගේ යාලුවයි මේ බාර් එකට යනවා.එතනදි මේ ජතින් නොහිතු දෙයක් දකිනවා. ඒ තමන් ආදරය කරන ගෑනු ලමයා මේ බාර් එකේ නටන කෙනෙක්. එදා ඉදන් මේ ජතින් හැමදාම මේ බාර් එකට එන්න ගන්නවා. මෙක ඔහුගේ යාළුවට දුකක්. එතින් මේ යාළුවා මේ බර්කාව බාර් අයිතිකරුගෙන් එක රැයකට ජතින්ට දෙන්න ඉල්ලන්වා. එතනදි මේ යාලුවට දෙපැත්තෙන්ම දෝෂාරෝපණය එල්ල වෙනවා. අන්තිමෙදි මේ යාලුවම මේ දෙන්නව එකතු කරන්න උත්සහා දරනවා. බර්කා ජතින්ගේ අවංක ආදරය දැනගත්තත් ඇයට එය ප්‍රතික්ෂෙප කරනවා.මොකද මේ බර්කා දැනටමත් අම්මා කෙනෙක්. ආකාශ් නම් පුද්ගලයකු මේ බර්කාව අසරණ කරනවා. එත් මේ ජතින් ඒ සියල්ල පසෙක දමා මේ බර්කාව තමන් ලගට ගන්නවා. එත් මොවුන්ට සතුටින් පවුල් ජිවිතය ගත කරන්න වෙන්නේ නෑ. බර්කා මේ අයව හැරදාලා යනවා.
බර්කා ඇයි ජතින්ව දාලා යන්නේ? එතකොට මේ ආකාශ් කවුද? බර්කගේ ජිවිතේට මොනවා වෙයිද? චිත්‍රපටය බලලම දැනගමුනේද? නැත්තම් කිසි ගතියක් නෑනේ.එහෙනම් මීළඟ උපසිරැසිය සමග හමුවෙමු. අමතක නොකර පහලින් අදහස් යෝජනා බයිනවනම් බැනුම් හැමදෙයක්ම type කරගෙනම යන්න. ජයවේවා!!!!!
760 MB (WebRip) කොපිය මෙතනින් බාගන්න
CD624A171E0E0BC108F51B789B2CDDD1F98122DA998 MB (720p WebRip) කොපිය මෙතනින් බාගන්න
9386167E1CB521BBF6263364A13D532CD92B0C5E Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
6,302 downloadsDownload Barkhaa-2015-Baiscope.lk_.zip97 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/SankaS.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සංඛ සඳනුවන් (සනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සංඛ සඳනුවන්
Subtitles
22 comments
චාරුක ඉඳුනිල්
kavindugayshan
Bhaag Johnny (2015) mekata ssub dennako
asan
ස්තුතියි..
නලින් පෙරේරා
ස්තුතියි සනා... :D සිංහල උපසිරසියට
ජය වේවා!
kasun
thanks
Gayan
Thanks sub ekata ....
Kulanjana Maduranga
niayamai…thanks SANKA saho..sub ekata..digatama sub demu.jaya wewa……
R.D
බොහොම ස්තුතියි සහෝ......
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!!!!!!kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Pramod Karunarathne
thanx saho...
රොයිලි
බොහොම ස්තූතියි සංඛ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Danushka Jayanath
පට්ටනේ මේ දැන් බානවා බලන්න... :)
SIRAJ (සිරාජ් ප්‍රියන්ත)
නියමයි නියමයි සහෝ.....
සුපිරි කතාවක්
සිංහල උපසිරැසියට දෙන්නටම ගොඩාක් ස්තූතියි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !kanchana
aneeee amaruwen sub hadala baninna kiyanne ay?
mata nam sub tika hoday...
sthutiy
lahiru
niyamai mcn..ape kollege wadak...ela
kavi
tnx sahooo...jaya wewaa !!!!!!!!!!1
chacha
ඇත්තටම මේක තමා වෙන්ඩ ඔනේ ඒ ගැනිට ගොඩක් සතුටුයි කතාවක හරි එහෙම දෙයක් වෙනවට..තමන්ට පන වගේ අදරේ කරන කෙනාගේ අදරේට පිටුපාලා වෙනම කෙනෙක් පස්සේ යන ගෑනුන්ට මීට වඩා දෙයක් වෙන්ඩ ඔනේ..නමුත් හැබෑ ලොකේ මෙහෙම නෑ අවංකව ආදරේට නිගා කරන ගෑනුන්ටමයි ලස්සන ජිවිතයක් ලැබෙන්නේ..එහේම ආදරේ කරන පිරිමිටයි ජිවිතේ අපායක් වෙන්නේ..
chacha
ඇත්තටම මේක තමා වෙන්ඩ ඔනේ ඒ ගැනිට ගොඩක් සතුටුයි කතාවක හරි එහෙම දෙයක් වෙනවට..තමන්ට පන වගේ අදරේ කරන කෙනාගේ අදරේට පිටුපාලා වෙනම කෙනෙක් පස්සේ යන ගෑනුන්ට මීට වඩා දෙයක් වෙන්ඩ ඔනේ..නමුත් හැබෑ ලොකේ මෙහෙම නෑ අවංකව ආදරේට නිගා කරන ගෑනුන්ටමයි ලස්සන ජිවිතයක් ලැබෙන්නේ..එහේම ආදරේ කරන පිරිමිටයි ජිවිතේ අපායක් වෙන්නේ..අවංක ආදරේට නිගාදෙන ගෑනුන්ට ආය සන්සාරේ කවමදාකවත් ඇත්ත ආදරක් ලැබෙන්ඩ හොදනෑ..ආත්මගානක් තමන්ව රවටන පිරිමි අයම ලැබෙන්ඩ ඔනේ..
channa
බොහොම ස්තූතියි සංඛ
කවිදු පෙරේර.
ගොඩක් ස්තූතියි
Godzilla912
Be here now 2015 sub eka nadda?
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Barkhaa (2015) with Sinhala Subtitles | සදාතනික ප්‍රේමයක්. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/Barkhaa-2015.jpg)

නියමයි මචන්. මම ඔය ෆිල්ම් එක බැලුවා. සුපිරි ඉස්ටෝරිය. තවත් සැරයක් සබ් එකත් එක්ක බලනවා.☺☺☺☺☺✔