Watch Trailer

Batman Forever (1995) with Sinhala Subtitles | සදහටම වවුල් මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ඔයාල හැමෝටම! ඔන්න මම අයෙත් ආව මගේ ජිවිතේ දෙවැනි සබ අරගෙන. ඇත්තම කිව්වොත් මම මුලින්ම නමෝ විත්තියෙන් ආරම්භ කරපු සබ තමා මේක. නමුත් සමන් සහෝ yes man(2008) දුන්න නිසා මුලින්ම එක ඉවරකලා. දිගු නිහැඩියාවකට පස්සේ තමා ඉතින් මම මේක ඉදිරිපත් කරන්නේ. කලින් සබ බලලා මාව දිරිමත් කරපු හැමෝටම ගොඩක් පින්. මේ…

Batman Forever (1995)ආයුබෝවන් ඔයාල හැමෝටම! ඔන්න මම අයෙත් ආව මගේ ජිවිතේ දෙවැනි සබ අරගෙන. ඇත්තම කිව්වොත් මම මුලින්ම නමෝ විත්තියෙන් ආරම්භ කරපු සබ තමා මේක. නමුත් සමන් සහෝ yes man(2008) දුන්න නිසා මුලින්ම එක ඉවරකලා. දිගු නිහැඩියාවකට පස්සේ තමා ඉතින් මම මේක ඉදිරිපත් කරන්නේ. කලින් සබ බලලා මාව දිරිමත් කරපු හැමෝටම ගොඩක් පින්. මේ සබෙත් ගොඩක් වැරදි ඇති සමහර විට. මොකද මේකේ පාවිච්චි වෙලා තියෙන ඉංග්‍රීසි ගොඩාක්ම ඉහල මට්ටමේ ඒවා. ගුණදොස් තිබුනොත් කමෙන්ටුවක් දාලා මාව නිවැරදි කරන්න කියලා ඉල්ලීමකුත් කරනවා ඔන්න.පොඩි කාලේ ඉදන්ම Batman මගේ ලෝකේ වීරයෙක් වෙලා හිටිය නිසා මේ සලේරුව ගැන ගොඩක් ආදරයෙන් තමා වැඩේට ඇත ගැහුවේ.
අද ගෙනාපු කතාවේ නම Batman Forever. මේකට පාදක වෙලා තියෙන්නේ DC comicsලගේ  චරිතයක් වුන Batman ම තමා. DC comics ලා ගැන නම් අහලා ඇතිනේ සහොලා. මේ දවස්වල විකාශය වෙන Arrow, Flash, Supergirl, DC’s Legends of Tomorrow වගේ කතන්දරත් එයාලම තමා කරන්නේ. මුලින්ම චිත්රකතාවක් විදියට batman ව මෙයාල ඉදිරිපත් කළා.මූලික Batman චිත්‍රපටි මාලාවේ තුන්වෙනි සලේරුව විදියට තමා මේ චිත්‍රපටිය එළිදකින්නේ. ඒ 1995 අවුරුද්දේදී. Joel Schumacher මාමා තමා අධ්‍යක්ෂක තුමා. Tim Burton තමා නිෂ්පාදක. මේ කතාවේ විශේෂයක් තියෙනවා. කලින් කතාවල වීර Batmanගේ චරිතය කරපු  Michael Keaton අයියා වෙනුවට මේකෙදි  Val Kilmer අයියා Batman චරිතයට පන පොවන එක.Batman කියන්නේ ඉතින් ද්විත්ව චරිතයක්නේ.දවල් දවසට එයා  කෝටිපති ව්‍යාපාරික Bruce Wayne. රට ඉතින් දුෂ්ටයෝ අල්ලන Batman. මේ චරිත දෙකටම පන පොවන්නේ ඉතින් Val Kilmer අයියා තමා. තව පොඩ්ඩෙන් අමතක වෙනවා. Tom Cruise අයියගේ කලින් බිරිද, සුරූපී Nicole Kidman අක්කත් මේ සලේරුවේ ඉන්නවා
අපි කතාව පැත්තට හැරෙමුකො. මේ කතාව දිවෙන්නේ කොහොමද Batman මුහුණු දෙකේ දුෂ්ටයා සහ තුන් තේරවිලි කාරයාව නවත්තන්නේ කියලයි. මේකෙදි Batman ට අලුත් සහයකයෙකුත් එකතු වෙනවා. එය නමින් Robin. ඔව් ඔව් අර කොලපාට ඇදුම අදින කෙනා තමා. තුන් තෙර්විලිකාරයා කියන්නේ කලින් Bruce Wayne ගෙ Wayne Enterprise එකේ කලින් වැඩ කරපු සේවකයෙක්. එය අලුත්ම ගැජමැටික් එකක් හොයාගෙන දුෂ්ටයෙක් වෙනවා. මුහුණු දෙකේ දුෂ්ටයානම් කව්ද කියලා කියන්න ඕන නැනේ. Harvi Dent කිව්වාම කට්ටයට මතක ඇතිනේ. කලින් සලේරු බලලා නැත්නම් නම් ඉතින් දැනගන්න විදියක් නැ ඉතින්. තුන් තේරවිලි කාරය හොයා ගත්ත ගැජමැටික් එක මොකක්ද? එකෙන් මොකක්ද කරන්න පුළුවන්? Batman ගෙ සහයකයා කව්ද? කොහොමද එයා Batman එකක එකතු වෙන්නේ? Batman කොහොමද තමාගේ සහයකයත් එක්ක මේ දුෂ්ටයෝ දෙන්නට විරුද්ධව සටන් කරන්නේ? මේ ප්‍රශ්නවලට උත්තර තියෙනවා මේ සලේරුව බැලුවොත් ඉතින්. එහෙනම් ගිහින් එන්නම්. කොමේන්ටුවකින් ගුණදොස් කියන්න අමතක කරන්න එපා. තවත් සබකින් හමුවෙමු.

තෙරුවන් සරණයි. ජයෙන් ජයම වේවා!

NEW

 

Batman Forever (1995) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Batman.Forever.1995.720p.BRrip.x264.YIFY
Batman.Forever.1995.1080p.BluRay.x264.YIFY

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

234 downloadsDownload Batman-Forever-1995.zip86 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2009/03/HasithDeegoda-e1486673793411.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසිත දීගොඩ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

234 downloadsDownload Subtitles86 KB

22 comments

  1. Udara Damith B/K

    දෙකට සුබ පතනවා
    මේක ටිකක් පරණ නිසා ඩවුන්ලෝඩ් කරන්ඩ අමාරුවෙයි වගේ
    කමක් නෑ බලමුකෝ

    1. Sanindu Lakkitha

      Machan seed ekakwat neti torrent ekak unat direct vidiyata lesiyen download karaganna puluwan SEEDR.CC site eken. Nettam Baiscopedownlodes eket film eka upload karavi..

    2. Web-බුවා

      මියගිය torrent එකක් ඒ කිව්වේ seed 0 හා leeches 0 තියෙන එකක් උනත්,ආපහු නැගිට්ටවන්න පුළුවන් කට්ටිය'ගේ sup එක තියේ නම්. මුළින් අදාළ torrent එක තෝරාගන්න. කට්ටිටත් එක්ක set වෙන්න. පස්සේ download කරන්න පටන් ගන්න. එතකොට ඒ මැරුණු torrent එක ආපහු seed වෙන්න පටන් ගන්නවා. මෙතන දී උනත් ඒක කරහැකි. දැන් සබ් ගන්න හැමෝම yify torrent එක නම් ගන්නේ අනිවා ඒක දැන් seed වෙනවා. දැනට 22ක් සබ් බාලා ඉතිං එයාලගෙන් 10 දෙනෙක්වත් film එක බානවා ඇති. seed 10ක් තියේ කියන්නේ අඩු තරමින් torrent එක high speed බාගත නොවුනත්, download වෙන්න පටන් ගන්නවා. නැත්නම් seeder වැනි අඩවියකට torrent එක upload කරන්න. ඒත් මතක තියා ගන්න torrent cloud අඩවිවලින් ඒ direct download පහසුකම ලබා ගන්න නම්, අනිවා torrent එකේ අවමයෙන් seed 1 හා leech 1ක් තිබිය යුතුයි. මොකද එයාලා torrent එක fetch කරන්න use කරන්නේ P2P (peer to peer) තාක්ෂණය. ඒ ගැන සරලවම කිව්වොත්, අපි මේ දවස ගානේ පාවිච්චි කරන torrent ක්‍රමය තමා. එයාලා කරන්නේ අපි වෙනුවෙන්, අපි fetch කරන්න කියලා ඉල්ලන ඒ අදාළ torrent එක එයාලා අපිට දීලා තියෙන cloud storage එකට download කරලා දෙනවා. ඒ දේ කරන්න අනිවා ඒ torrent එක active වෙච්ච එකක් වෙන්න ඕන. මොකද එයාලත් පාවිච්චි කරන්නේ, කලින් කිව්වා වගේ අපි use කරන P2P tech එක නිසා. ඉතිං අපිට dead torrent එකක් බාන්න බැරි නම්, එයාලාටත් බෑම තමයි. ඔන්න ඔය හේතුව නිසා තමා කට්ටිය කියන්නේ, torrent එක upload වෙන්නේ නෑ කියලා. හිමිං upload වෙන්නේ වගේ කතා. :D ඉතිං පස්සේ අරම torrent ආකාරයට බාපූ file එක හෝ කිහිපය එයාලා අපිට download කරගන්න හරි online stream හරි කරගන්න පහසුකම දෙනවා. එතනින් එහාට ඉතිං ආයේ මොන මඟුලක් කියන්න ද නේ? lol.

      ජය! :)

    3. Hasitha Deegoda

      සහෝ මේක භාගන්න මට නම් ලොකුම අවුලක් වුනෙත් නැ....old is gold කියනවනේ....පරණ වුනාට මේක බලන්න වටිනවා....බොහොම ස්තුතියි සහෝ....

    4. Udara Damith B/K

      මන් කලින් කිව්වට ඔන්න ගත්තා
      එල

  2. Sanindu Lakkitha

    දෙවෙනි උපසිරැසටත් හදවතින්ම සුභ පතනවා සහෝ..දිගටම උපසිරැසි ලබා දෙන්න..
    මේ උපසිරැසට බොහෝම ස්තුතියි..
    බුදුසරණයි..

    1. Hasitha Deegoda

      බොහොම ස්තුතියි සහෝ...අනිවා දිගටම කරන්න යන්න තමා බලාපොරෝත්තුවා ඉතින්...ජය!!! බුදුසරණයි

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. Hasitha Deegoda

      බොහොම ස්තුතියි රොයිලි සහෝ

  4. Web-බුවා

    මේකෙ සබ් මං හොය හොයා හිටිය එකක් කිව්වොත් පිළිගන්නවද? ඔව්! හෝ නෑ! ඒක තමා ඇත්ත. හොය හොයා හිටියා කිව්වට දෙනකං තාම හිටියේ. :P මොකෑ ඉතිං හොයන්න කියලා සිංහල සබ් දෙන අඩවි හැට හුටාමාරක් තියේ ඈ! lol.
    සබට බොහොම ස්තූතියි.

    ජය! :)

    1. Hasitha Deegoda

      හා හා ඔච්චරම කියන එකේ පිලිගන්නම වෙනවනේ සහෝ!!! එකනේ ඉතින් ඕනෑම සලේරුවකට ඉතින් සිංහල සබක් නම් ඉතින් බයිස්කොප්ම තමා :ප්:ප් :ප්

  5. එල්.සී. දමැල්

    ස්තුතියි සහෝ...
    මේක මං මීට අවුරුදු කීපයකට කලින් තුන් හතර වතාවක්ම ආසාවෙන් බලපු කතාවක්...
    දැන් සිංහලෙන්ම බලන්න පුළුවන්...

    1. Hasitha Deegoda

      එල එල බලලම කියන්නකෝ අඩුපාඩු මොක්ත් තිබුනොත් එහෙම

  6. Kulanjana Maduranga

    niayamai…thanks HASITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Chalana Rukshan

    thnx bro...

  8. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  9. dasun

    ela mchan . keep it up

  10. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා…!!

  11. Damith Winchester

    ඒත් බං ගෝතම් එකේදී රිඩ්ලර් වෙන්නේ GCPD එකේ වැඩ කරන නිග්මා කියන පොරනේ

  12. HummerDanu

    thanks bro

  13. Shaggie

    Thnks mchn

  14. ravidu ishan

    සබ්එකට Tnx mchn,, ජය!! ✌️✌️