ෆ්‍රෑන්ක් කිචන්…වෘත්තීමය කුලී ඝාතකයෙක්. ඝාතනය කිරීමට ඔහු සතු දක්ෂතාවය නිසාම, ඔහුගේ ක්ෂේත්‍රය තුල හිනි පෙත්තෙම රජයන පුද්ගලයෙක්. මුදල් වෙනුවෙන්, ඕනෑම ආකාරයක ඝාතනයක් සිදුකිරීමට පසුබට නොවන, දරුණු සිතක් සහිත, අනුකම්පා විරහිත දාමරිකයෙක්. කිසි දිනෙක නොවරදින සිය ඉලක්කය හේතුවෙන්, පාතාල නායකයින්ගේ සිත් දිනාග…
ෆ්‍රෑන්ක් කිචන්…වෘත්තීමය කුලී ඝාතකයෙක්. ඝාතනය කිරීමට ඔහු සතු දක්ෂතාවය නිසාම, ඔහුගේ ක්ෂේත්‍රය තුල හිනි පෙත්තෙම රජයන පුද්ගලයෙක්. මුදල් වෙනුවෙන්, ඕනෑම ආකාරයක ඝාතනයක් සිදුකිරීමට පසුබට නොවන, දරුණු සිතක් සහිත, අනුකම්පා විරහිත දාමරිකයෙක්. කිසි දිනෙක නොවරදින සිය ඉලක්කය හේතුවෙන්, පාතාල නායකයින්ගේ සිත් දිනාගැනීමට හැකියාව ලද, ලොවෙන් සැඟවී ගිය චරිතයක් සහිත පුද්ගලයෙක්.
දිනක්, නොසිතූ අයුරින්, නගරයේ බලය සියතට ගෙන සිටින්නාවූ දරුණු පාතාල නායකයෙක් ඔහු හමුවට පැමිණෙනවා. මේ හමුවේ අවසානය සනිටුහන් වන්නේ, ඉහත කී කුලී ඝාතකයා සිහිසුන්ව ඇද වැටීමෙන්. සිය වෘත්තීය ජීවිතය තුල ප්‍රථම වතාවට පරාජය පිළිගැනීමට ඔහුට සිදුවෙනවා. අවසානයේ ඔහු පරාජය පිළිගනිමින්, දීර්ඝ නින්දකට වැටෙනවා.
නැවතත් ප්‍රකෘති සිහිය ලද ඔහුට, සිදුවී ඇති දෙය දැකීමෙන් ප්‍රකම්පා වී යනවා. මේ තාක් කාලයක් පුරාවට පිරිමියෙක්ව සිටියාවූ මෙම කුලී ඝාතකයා, තාවකාලිකව සිහිය අහිමිවීමෙන් අනතුරුව නැවතත් සිහිය ලැබෙන විට, පූර්ණ වශයෙන්ම කාන්තාවක් බවට පරිවර්තනය වී හමාරයි. සිදුවන්නේ කුමක්දැයි තේරුම්ගත නොහැකිව, ඇය අසරණ තත්වයට පත්වෙනවා. සිහිය විකල්වූ පුද්ගලයෙකු මෙන් හිස හැරුණු අත ගමන් කරනවා. නමුත්, අවසානයේ ඇයට සත්‍ය පසක් වෙනවා. සිදුවූයේ කුමක් වූවත්, තමාට යලිත්, පෙර සිටියාවූ තමන් බවට පත්විය නොහැකි බව. ඇයගේ බාහිර පෙනුම, සිතුම් පැතුම්, අභ්‍යන්තර ක්‍රියාකාරිත්වය ආදී මේ සියල්ලක්ම කාන්තාවකගේ ආකාරයට පරිවර්තනය වී හමාරයි. පෙර ජීවිතයෙන්, මේ වනවිටත් ඇයට ඉතුරුව ඇති එකම දෙය වන්නේ, කිසිදා නොවරදින තියුණු ඉලක්කය පමණයි.
අවසානයේ ඇය තීරණයකට පැමිණෙනවා…තමාට මේ දෙය කලේ කුමන පුද්ගලයෙකු හෝ වේවා, ඔවුන්ගෙන් අතිශය දරුණු අන්දමින් පලිගැනීමයි. පැටලුණු නූල් බෝලයක් බඳුවූ අභිරහසක් පියවරින් පියවර විසඳමින්, තමාට සිදුවූ අකටයුත්ත වෙනුවෙන් ඊට වගකිවයුතු පුද්ගලයින් සොයා, ඔවුන්ගෙන් පලිය ගැනීමට මෙම සුරූපී තරුණියට හැකියාව ලැබේවිද…?
Action, Crime, Thriller යන කාණ්ඩ යටතේ 2016 සැප්තැම්බර් මස 11 වෙනි දින මහජන ප්‍රදර්ශනය සඳහා නිකුත්වූ චිත්‍රපටයක්…Fast & Furious සහ Resident Evil යන චිත්‍රපට මාලාවන් හේතුවෙන් ප්‍රේක්ෂකයින් අතර අතිශය ජනප්‍රියත්වයක් හිමිකරගත් Michelle Rodriguez ගේ විශිෂ්ඨ ද්විත්ව රංගනයකින් හැඩ වැඩ ගැන්වී, සුප්‍රකට Alien චිත්‍රපට මාලාව නිෂ්පාදනය කල, Walter Hill ගේ අධ්‍යක්ෂණයෙන් ඔපමට්ටම්වූ සලරුවක්…සියළුම බයිස්කෝප් රසික රසිකාවියන් වෙත, නැරඹීමට කෙරෙන්නාවූ සුහද ආරාධනාවයි මේ.
ප.ලි. – චිත්‍රපටය තුල පූර්ණ නිරුවත් දර්ශන අන්තර්ගත වන හෙයින්, අතිශයින්ම වැඩිහිටියන්ට පමණක් උචිත චිත්‍රපටයක් බව කරුණාවෙන් සලකන්න.
චිත්‍රපටය සඳහා උපසිරැසි ගැන්වීමට අවස්තාව ලබාදුන් හසන්ත සොයුරාට විශේෂ ස්තුතිය.

Due to copyright issues, we do not provide any torrent links.
The Assignment (2016) 720p WEB-DL – 850MB – ShAaNiG
ලබා දී ඇති උපසිරසි සියළුම WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
5,153 downloadsDownload The-Assignment-2016.zip52 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිල ප්‍රසාද්” සහ “යුශාන් පියුමාල්” යන සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
33 comments
prasheen
Kantha_DLA
නිරතුරුවම අලුත්ම චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙන ඔබට
.............. මාගේ ප්‍රණාමය........
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
-----ස්තූතියි-----Ravi
Thankz patta
Sohan jayasooriya
Thanku dennatma sub ekata
අසිත
elama saho thanks
Charli Max
ela saho
Charli Max
Hyper (2016) 720p WEBHDRip x264 AAC - RDLinks mekata sub dannako
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chanaka jayasuriya
sub ekata thanks jayawewa.....
Sanjaya Chathuranga
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි
Kulanjana Maduranga
thanks SISILA & USHAN sahola..sub ekata..digatama sub demu.jaya wewa……
කෞෂාන් පියුමන්ත
පහරක් වගේ.එත් මීටරේ කැරකිලා තියෙන්නේ අඩුවෙන්නේ.අවුලක් නෑ සබට තැන්ක්ස් බ්රෝල
Sisila Prasad
මේක R කාණ්ඩයේ චිත්‍රපටයක් සහෝ. ඒ කියන්නේ, ප්‍රචණ්ඩත්වය සහ ලිංගිකත්වය කෙරෙහි, චිත්‍රපටයේ වැඩි අවධානයක් යොමු වෙලා තියෙනවා. චිත්‍රපටයේ imdb අගය අඩුවෙන්න, ඒකත් හේතුවක් කියලා මට හිතෙනවා :)
Chalana Rukshan
lipiya kiyawaddima hithuna sisila aiyage ekak wennathi kiyala.. thnx bro...
Dulanga
Thanks
maduranga
assignment 2017 nam supiri . 2016 wadak na .
eeth me photo eka dala thiyenne 2017 eken .
attatama sub eka dunne mona ekatada ?
loku prashnayakSisila Prasad
මේ චිත්‍රපටයේ නම The Assignment (2016).
චිත්‍රපටය ඇමරිකාවෙදි තිරගත වුනේ, 2017 මාර්තු මාසේ.
ඒ වුනාට, 2016 වර්ෂයට තමයි චිත්‍රපටය අයිති වෙන්නෙ.ඔයා ඔය කියන තවත් චිත්‍රපටයක් තියෙනවා, ඒකෙ නම Assignment. නම අනුව හරියට බලන්න. එතකොට කිසිම පැටලිල්ලක් වෙන්නෙ නැහැ.
චිත්‍රපටය හොඳ නැහැ කියන කතාව නම්, ඒක එක එක පුද්ගලයාගේ රස වින්දනය අනුව වෙනස් වෙනවා. එක්කෙනෙක් කැමති එකකට, තවත් කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. ඒක සාමාන්‍ය දෙයක්. ඒත්, මගේ මතය නම්, Michelle Rodriguez වගේ ප්‍රසිද්ධ කෙනෙක්, කිසිම වැඩකට නැති චිත්‍රපටයක රඟපාන එකක් නැහැ.
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!LAHIRU
tx ,,,,,
Amila Mudalige
Thanks saho
pramuk
thanxxx......
Kaazz_bat
ස්තූතියි සහෝ සබ් එකට,. ජය,.
Bobby
Thanks guy
sas
meka web copy da bro hoda copy yak nadda thama
Mithun
Blurry update karannako
Ravin Laksitha
thanks bro......
Nishan
Thanx bro
muditha
හොද වැඩක් සිසිල සහෝදරයා
ඔබට ජයෙන් ජයNayanajith
bluray update karanna puluwanda? yify ekenma movie eka dala thiyenne
Malin Anjana
Not a good work this time
Udaya Fernando
Thanks bro
Dewadithya
Thanks for Sub
Rukshan37
Ela
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thank you saho.. mama ehenam 18ta wadi wenakan idala meka balannada?