Watch Trailer

Batman: Knightfall Part 1: Knightfall (2026) Sinhala Subtitles | අඳුරු නයිට්වරයාගේ වැටීම [සිංහල උපසිරැසි]

Batman: Knightfall Part 1: Knightfall (2026) Sinhala Subtitles ආයුබෝවන් යාළුවෝ හැමොටම. කාලෙකින් බලන්න හම්බුන සුපිරිම ඇනිමේෂන් ෆිල්ම් එකක උපසිරසි ඔයාලට ගෙනාවා. ඔයාලා බැට්මෑන්ට ආසනම් ඒ වගේම කලින් නිකුත් උන DC ඇනිමේෂන් ෆිල්ම්ස් වල රසිකයෙක්නම් එහෙමත් නැත්තම් ඔයා කවදාවත් ඇනිමේෂන් බලලා නැත්තම් බය නැතුව අ…

Batman: Knightfall Part 1: Knightfall (2026) Sinhala Subtitles

ආයුබෝවන් යාළුවෝ හැමොටම. කාලෙකින් බලන්න හම්බුන සුපිරිම ඇනිමේෂන් ෆිල්ම් එකක උපසිරසි ඔයාලට ගෙනාවා. ඔයාලා බැට්මෑන්ට ආසනම් ඒ වගේම කලින් නිකුත් උන DC ඇනිමේෂන් ෆිල්ම්ස් වල රසිකයෙක්නම් එහෙමත් නැත්තම් ඔයා කවදාවත් ඇනිමේෂන් බලලා නැත්තම් බය නැතුව අනිවාර්‍ය්‍යෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක් තමයි මේ Batman Knightfall Part 1 කියන්නේ. මේක 1993දි Batman Knightfall කියන කොමික් සීරීස් එක පාදක කරගෙන තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. මේකේ දෙවන කොටස Batman Knightfall Part 2 මේ වසරෙම නිකුත් වෙන බවටත් ඒ වගේම Batman Knightfall Part 3 ෆිල්ම් එක 2027දී නිකුත් වෙනවා කියලත් වෝනර් බ්‍රදර්ස්ලා දැනුම් දීලා තියෙනවා.

ඉතිං ෆිල්ම් එක ගැන කතා කලොත් 8.0ක දැවැන්ත IMDb අගයක් සහ 97%ක කුණු තක්කාලි අගයක් ලබාගන්නත් මේ නිර්මාණය මේ වෙද්දි සමත් වෙලා තිබෙනවා. ඒ වගේම සමහර විචාරකයෝ මේ චිත්‍රපටය Batman: Mask of the Phantasm (1993) ෆිල්ම් එකට පස්සේ නිකුත් උන හොඳම බැට්මෑන් චිත්‍රපටය විදියටත් හඳුන්වනවා. මේ මාසේ 25 වෙනිදා ඩිජිටල් පිටපත් නිකුත් උන සිනමාපටයේ චරිතයන්ට හඬ දායකත්වය ලබාදෙන්නේ මෙන්න මේ අයයි:

Anson Mount – බෘස් වේන්/ බැට්මෑන්

Michael Mando – බේන්

Pablo Schreiber – ජෝන් පෝල් වැලේ/ඇස්‍රියෙල්

Jack Griffo – ටිම් ඩ්‍රේක්/රොබින්

Bruce Boxleitner – කමිෂනර් ගෝර්ඩන්

David Dastmalchian – එඩ්වඩ් නිග්මා/රිඩ්ලර්

Simon Templeman – ඇල්ෆ්‍රඩ් පෙනිවර්ත්

Toks Olagundoye – ශොන්ඩ්‍රා කින්සොල්වින්

Jason Flemyng – ජර්විස් ටෙක්/මෑඩ් හැටර්

Jessica Camacho – රෙනේ මොන්ටෝයා

Mick Wingert – හාවි බුලොක්

Andrew Morgado – වික්ටර් සාස්

කතාව සැකවින් කිව්වොත් මේ වෙද්දි බෘස් වේන් එහෙමත් නැත්තම් ගෝතම් නගරයේ අඳුරු නයිට්වරයා වෙන බැට්මෑන් ඉන්නේ එයාගේ දෙවෙනි සහයක රොබින් උන ජේසන් ටොඩ්ගේ මරණයෙන් ඇතිවුන කම්පනයෙන්. ඒ නිසා බෘස් වේන්ට මානසික උපදේශන වලටත් සහභාගි වෙන්න සිද්ධ වෙලා තියෙනවා. මේ අතරතුර ආකම් රෝහලේ පිපිරීමක් වෙලා ඒකේ ඉන්න මානසික රෝගී අපරාධකරුවෝ පැනලා ගිහින් ගොතම්  පුරාම අවුල් ඇති කරනවා. ඒ වගේම නගරයේ ඉන්න මැරකල්ලි අතරත් ගැටුම් වර්ධනය වෙනවා. මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ බැට්මෑන්ට වගේම බෘස් වේන්ටත් තර්ජනයක් වෙන මහ භයානක සතුරෙක් බව දැනගද්දි බැට්මෑන් ගොඩක් පරක්කු වැඩියි

එහෙනම් ආපහු සැරයක් කියන්නේ ඇනිමේෂන් වලට ආස අය වගේම අළුතින් බලන්න ගන්න අයටත් කියාපු ෆිලුමක් තමයි මේ Batman Knightfall Part 1 කියන්නේ. හැබැයි මේක අපි හැමදාම බලන තාලේ සාම්ප්‍රදායික වීර කතාවක් නොවෙන වග ඔළුවේ තියාගෙනම මේක බලන්න කියලා මතක් කරන්නම ඕන. ඒ වගේම ඔයාලා සිරසේ ගිය The Batman 2004 සීරීස් එක බැලුවනම් ඒකට සමාන දර්ශන කීපයක්ම බලාගන්න පුළුවන් වෙයි. උපසිරසිය බාගන්න ගමන් පුළුවන්නම් අදහසක් දක්වගෙනම යන්න. ඒ වගේම මට මේ උපසිරසිය බාරදුන්න රවිඳු හේෂාන් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙන ගමන් මම සමුගන්නවා. වාසනාවක් තිබුනොත් තවත් උපසිරසියකින් ඉක්මනට හමුවෙමු. ජය වේවා!   

Batman: Knightfall Part 1: Knightfall (2026) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEBRIP පිටපත් සඳහා පමණක් අදාළ වේ.

405 downloadsDownload Batman-Knightfall-Part-1-Knightfall-2026.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Batman: Knightfall Part 1: Knightfall Sinhala Subtitles

Subtitles by

යුරාන් ධනුක

Subtitles

405 downloadsDownload Subtitles32 KB

1 comment

  1. නිශාන් සමීර

    ●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●