Watch Trailer

Alpha (2026) with Sinhala Subtitles | ඇල්ෆා [සිංහල උපසිරසි සමඟ]

Alpha (2026) Sinhala Subtitles ඉතින් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ආදරණීය රසිකයන් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් මම අද අරගෙන ආවේ මගේ 185 වැනි උපසිරැසි නිර්මාණය. මේක ඉන්දියානු සිනමාවේ මෑත කාලීනව නිර්මාණය වුණු අති දැවැන්ත පිරිවැයක් සහිත, YRF Spy Universe හා සම්බන්ධ දැවැන්ත ක්‍රියාදාම සිනමා අත…

Alpha (2026) Sinhala Subtitles

ඉතින් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ආදරණීය රසිකයන් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරන ගමන් මම අද අරගෙන ආවේ මගේ 185 වැනි උපසිරැසි නිර්මාණය. මේක ඉන්දියානු සිනමාවේ මෑත කාලීනව නිර්මාණය වුණු අති දැවැන්ත පිරිවැයක් සහිත, YRF Spy Universe හා සම්බන්ධ දැවැන්ත ක්‍රියාදාම සිනමා අත්දැකීමක්. ඒ තමයි ශිව් රවයිල්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුණු Alpha (2026) චිත්‍රපටය.

මෙහි කතාව ගෙතෙන්නේ 1999 වසරේ කාර්ගිල් යුද්ධයෙන් පසුව, ඉන්දියානු හමුදාව විසින් ආරම්භ කරන ලද අති රහසිගත “ඇල්ෆා” (Alpha) නමැති සුපිරි සොල්දාදුවන් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් වටායි. මේ ව්‍යාපෘතිය හරහා දියුණු කළ “ඇල්ෆා සීරම්”  එක මඟින් සාමාන්‍ය මිනිසුන්ට අසාමාන්‍ය ශක්තියක් සහ තුවාල ඉක්මනින් සුව වීමේ හැකියාවක් ලබා දෙනවා. මෙම රහසිගත හමුදා කඳවුරේ ඝාතකයෙක් ලෙස පුහුණු කරන තරුණියක් තමයි සීතා . ඇයව කුඩා කාලයේදීම පැහැරගෙන ගොස්, මේ අතිමානුෂික පුහුණුව ලබා දෙන්නේ රහසිගතව පකිස්ථානයට වැඩ කරන දරුණු හමුදා නිලධාරියෙක් වන මේජර් සරාර් ඛාන් නොහොත් ෆතේ සිං විසිනුයි. නමුත් කාලයත් සමඟ තමන්ගේ අතීතය සහ පවුල ගැන ඇත්ත දැනගන්නා සීතා, තමන්ව මේ තත්ත්වයට පත් කළ අයට එරෙහිව තනිවම සටන් කරන්න තීරණය කරනවා. ඇය මේ ගමනේදී තමන්ගේ කිසිදා නොදුටු සහෝදරිය වන දුර්ගා සහ RAW ආයතනයේ ප්‍රධානී වික්‍රාන්ත් කෞල් සමඟ එකතු වී, මුළු රටම විනාශ කිරීමට සැලසුම් කරන මේ දරුණු හමුදා ප්‍රධානියාව විනාශ කිරීමට දියත් කරන අතිශය භයානක මෙහෙයුම තමයි මුළු චිත්‍රපටය පුරාම දිග හැරෙන්නේ.

බොලිවුඩයේ ජනප්‍රිය නිළියන් දෙදෙනෙක් වන ආලියා භාට් සහ ශාර්වරී වාඝ් ප්‍රථම වතාවට ප්‍රධාන චරිත නිරූපණය කරන මේ චිත්‍රපටය, ඉන්දියාවේ පළමු කාන්තා ප්‍රධාන ක්‍රියාදාම-ඔත්තු සේවා චිත්‍රපටය ලෙසින් ඉතිහාසයට එක්වෙනවා. මීට අමතරව අනිල් කපූර් සහ බොබී ඩියෝල් යන ප්‍රවීණ නළුවන්ගේ රංගනයෙන්ද මෙය වර්ණවත් වී තිබෙනවා. YRF Spy Universe හි (Pathaan, Tiger, War) හත්වැනි චිත්‍රපටය වන මෙහිත් දැවැන්ත සටන් ජවනිකා, වෙඩි හුවමාරු සහ ත්‍රාසජනක හඹායෑම් දර්ශන සඳහා ඉතා ඉහළ පිරිවැයක් දරා තිබෙනවා. විශේෂයෙන්ම බොබී ඩියෝල් සහ ආලියා භාට් අතර සිදුවන අවසාන සටන සිනමාහල් දෙවනත් කළ දර්ශනයක් බව නොරහසක්. ඒ වගේම මීට පෙර චිත්‍රපටවලට සම්බන්ධ වුණු ප්‍රබල චරිතයක් වන රිතික් රොෂාන් ගේ විශේෂිත ආරාධිත රංගනයක් ඇතුලත් වෙනවා.

මෙය සම්පූර්ණයෙන්ම සටන් සහ හමුදා මෙහෙයුම් පාදක කරගත් වේගවත් ක්‍රියාදාම චිත්‍රපටයක්. මේකේ එන ගුරු ජි වචනය සිංහලට එන්නේ ගුරුවරයා අදහස උනත් ගැලපෙන්න සර් වචනය මම යුස් කළා.  අවසාන වශයෙන්, උපසිරැසි ගැන්වීමේදී හැමදාමත් අදහස් දක්වමින් මා දිරිමත් කරන ඔබ සැමටත් හදවතින්ම ස්තූතියි! එහෙනම් මේ අති දැවැන්ත ක්‍රියාදාම චිත්‍රපටය නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරනවා.

බුදු සරණයි….!

 

Alpha (2026) Sinhala Subtitles

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB/BR  පිටපත සඳහා අදාළ වේ.

2,108 downloadsDownload Alpha-2026.zip47 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ අසංක ප්‍රදීප් රණතුංග ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2016-05-10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Alpha Sinhala Subtitles

Subtitles

2,108 downloadsDownload Subtitles47 KB

4 comments

  1. Chaminda Priyanga

    Thanks bro sub 1ta

  2. Buddhika laKMal

    තෑන්ක්ස් මචං මේකට සබ්එක දුන්නට

  3. Sahan Gayantha

    thanks a lot Asanka saho sub ekatra

  4. Kelum wijesingha

    සුපිරියක් කොල්ලෝ සුපිරියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.