Watch Trailer

Batman: Return of the Caped Crusaders (2016) Sinhala Subtitles | කබා පැළඳගත් වීරයින්ගේ පුනරාගමනය. [සිංහල උපසිරැසි]

අද උපසිරැසි අරගෙන එන්නේ 2016 ආපු Batman Animated Film එකකට. මේක තමයි Batman: Return of the Caped Crusaders කියන චිත්‍රපටිය. මේක 1960 ගණන්වල ආව Batman TV series එකේ Animated Film එකක් විදියට තමයි හදලා තියෙන්නේ. ඒක නිසාම මේකේ ඉන්න බැට්මෑන් අපි හැමෝම දන්න කතා අඩුවෙන් වැඩ වැඩියෙන් කරන බැට්මෑන් නෙමෙයි.…

අද උපසිරැසි අරගෙන එන්නේ 2016 ආපු Batman Animated Film එකකට. මේක තමයි Batman: Return of the Caped Crusaders කියන චිත්‍රපටිය. මේක 1960 ගණන්වල ආව Batman TV series එකේ Animated Film එකක් විදියට තමයි හදලා තියෙන්නේ. ඒක නිසාම මේකේ ඉන්න බැට්මෑන් අපි හැමෝම දන්න කතා අඩුවෙන් වැඩ වැඩියෙන් කරන බැට්මෑන් නෙමෙයි. කොහොම වුණත් බැට්මෑන්ගේ බුද්ධිමත් බව නම් අඩුවක් නැතුව දක්වලා තියෙනවා (ගොඩක් අවස්ථාවල).

ඉතින් මේකේ පසුබිම ගැන කියනවා නම් මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Rick Morales විසින්. ඒවගේම මේකේ IMDb අගය 6.8/10. ඒවගේම Rotten Tomatoes දර්ශකයේ 94% ගන්නත් සමත් වෙලා තියෙනවා. කලිනුත් කිව්වා වගේ මේක අරගෙන තියෙන්නේ TV series එකකින් නිසා මේකේ බොහෝ චරිතවලට හඬකවන්නේ TV series එකේ රඟපාපු නළු නිළියොම තමයි. ඒ කියන්නේ, Adam West (බැට්මෑන්), Burt Ward (ඩික් ග්‍රේසන් නැත්නම් පළවෙනි රොබින්), Julie Newmar (කැට්වුමන්) ආදී අය. ආයෙමත් කියන්න ඕනේ මේකේ චරිත අපි දන්න සාමාන්‍ය බැට්මෑන් චරිතවලට වඩා වෙනස් වෙන්න පුළුවන් මොකද TV series එකකින් අරගෙන තියෙන නිසා.

කතාව ගැන කියනවා නම් මේක පටන් ගන්නේ බැට්මෑන්ගේ පරම හතුරන් වන ජෝකර්, රිඩ්ලර්, පෙන්ගුවින් සහ කැට්වුමන් යන අයගේ එකතු වීමෙන්. ඉතින් ඊලඟට මේ හතුරෝ යනවා රෙප්ලිකා රේ කියලා උපකරණයක් හොරකම් කරන්න. ඒ උපකරණයට පුළුවන් මොකක් හරි දේකට හැම අතින්ම සමාන පිටපත් හදන්න. එයාලගේ සැලසුම තමයි අභ්‍යවකාශයට ගිහිල්ලා පෘථිවිය වගේ ඒවා තුනක් (කැට්වුමන්ට නෑ) හදන්න එතකොට එයාලා එක් එක්කෙනාට පාලනය කරන්න පුළුවන් නිසා. එහෙම තමයි බැට්මෑන් ෆිල්ම් එකේ අවසානය වෙනකන්ම හිතාගෙන ඉන්නේ. ඊටපස්සේ බැට්මෑන් මෙයාලා ඔක්කොම හිරේට දානවා. මේ අතරේ කැට්වුමන්ට බැට්මෑන්ව එයාගේ පැත්තට නම්මගන්න ඕන වෙලා බැට්මෑන්ව නරක කෙනෙක් කරන්න විසක් දෙනවා. ඒත් බැට්මෑන් බැට්මෑන් නිසා මේ විෂෙන් එයාට බලපෑමක් ඇතිවෙන බවක් පේන්නේ නෑ. මේ අතර බෲස්ගේ ගතිලක්ෂණ ටිකක් වෙනස් වෙන්න ගන්නවා. එයා රොබින්ව සහ ඇල්ෆ්‍රඩ්ව ගෙදරින් එළවනවා. එතකොට තමයි තේරෙන්නේ කැට්වුමන්ගේ උපාය වැඩකරනවා කියලා! බැට්මෑන් රෙප්ලිකා රේ එක පාවිච්චි කරනවා එයාගේ පිටපත් හදාගෙන ගෝතම් අල්ලගන්න. මේක නිසා රොබින් සහ කැට්වුමන් එකතු වෙනවා බැට්මෑන්ව නවත්තන්න. එයාලට ඒක කරන්න පුළුවන් වේවිද? ඒක දැනගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

සිංහල උපසිරැසිය ගැන ඔයාලගේ අදහසත් යටින් කමෙන්ට් කරගෙනම යන්න. උපසිරැසියේ තියෙන්න පුළුවන් අඩුපාඩුවලට සමාවෙලා ෆිල්ම් එක බලන්න කියලා ඉල්ලන ගමන් ලිපිය අවසන් කරන්නම්. ආයෙමත් මේ වගේ උපසිරැසියකින් හමුවෙමු. සුබ දවසක්..

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

1,168 downloadsDownload Batman.Return.of_.the_.Caped_.Crusaders.2016.zip41 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

1,168 downloadsDownload Subtitles41 KB

8 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. indika75

    thanks..

  3. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  4. Nilush Angana

    Sub ekata thanx

  5. Anonymous

    niyamai kollo sub eka

  6. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!