ආයුබෝවන් යාළුවනේ, ඔන්න ඉතින් දවස් 10ක කාලේ ගොඩක් අයට ගෙදර ඉන්න වෙනවනේ,කම්මැලිකම යන්නත් එක්කලා ඔයාලට බලන්න අගෝස්තු මාසේ 22 වන දින එළිදක්වන ලද Horrer ගණයට අයත් IMDb අගය 7.6 අරගත්ත සුපිරි චිත්‍රපටයක් ඔය ගොල්ලන්ට අරගෙන ආවා. ප්‍රධාන චරිතය මෑතකදි එළිදක්වන ලද Thittam Irandu (2021) චිත්‍රපටයේ මෙන්ම Ka Pae…

ආයුබෝවන් යාළුවනේ, ඔන්න ඉතින් දවස් 10ක කාලේ ගොඩක් අයට ගෙදර ඉන්න වෙනවනේ,කම්මැලිකම යන්නත් එක්කලා ඔයාලට බලන්න අගෝස්තු මාසේ 22 වන දින එළිදක්වන ලද Horrer ගණයට අයත් IMDb අගය 7.6 අරගත්ත සුපිරි චිත්‍රපටයක් ඔය ගොල්ලන්ට අරගෙන ආවා. ප්‍රධාන චරිතය මෑතකදි එළිදක්වන ලද Thittam Irandu (2021) චිත්‍රපටයේ මෙන්ම Ka Pae Ranasingam(2020), World Famous Lover(2020), Vaanam Kottatum(2020), Namma Veettu Pillai(2019) වල චරිත නිරූපණය කරන ලද Aishwarya Rajesh හා භූමිකාගේ චරිතයට පණ පොවන්නේ Avantika Vandanapu යන නවක නිළියයි. කතාව හා අධ්‍යක්ෂණය Rathindran R. Prasad විසිනුයි. ත්‍රාසජනක චිත්‍රපටයකටත් වඩා අධ්‍යක්ෂවරයා උත්සාහ දරල තියෙන්නේ භූමිකා නම් දැරියගේ භූමියට තියෙන සම්බන්ධතාව ඉස්මතු කර දක්වන්නද කියන කාරණාවයි. පැයකුත් විනාඩි 56ක් දිවෙන කතාංගය දෙසට පොඩ්ඩක් එබිල බලමු.
භූමිකා ආරම්භ වන්නේ නාගපට්ටිනම් අසල සිදු වූ අනතුරකින්.. මිනිසෙකු තම ගැබිනි බිරිඳට දුරකථනයෙන් කතා කරමින් සිටියදී ට්‍රක් රථයක් ඔහුගේ කාරයේ ගැටී ඔහු මිය යනවා. පසුව කතාව ඌටිවල පුදුමණ්ඩු ගම්මානය වෙත මාරු වන අතර එහිදී අපට ප්‍රධාන චරිත කිහිපයක් මුණ ගැහෙනවා. ගෞතම් හා ඔහුගේ මනෝවිද්‍යාඥ බිරිඳ සෑම් (අයිශ්වර්යා රාජේෂ්) සහ පුතා සිදු සමඟ ඇමතිවරයෙකුගේ දේපළ වෙළඳාම් ව්‍යාපෘතියක වැඩ ආරම්භ කිරීම සදහා පිටත් වනවා. ඔවුන් සමඟ ගෞතම්ගේ මිතුරිය ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ගයාත්‍රි ඔහුගේ ව්‍යාපෘතියට උදව් කිරීමට ආරාධනා කරන අතර ඔහුගේ සහෝදරිය වන ආර්තිද ඔවුන් සමඟ ගමනට එකතු වෙනවා. ඔවුන් දුර බැහැර වත්තක පිහිටි පරණ පාසැල් ගොඩනැගිල්ලක් වෙත යන අතර, ඉතා ඉක්මනින් අමුතු දේවල් සිදු වීමට පටන් ගන්නවා. ගයත්‍රී ක්‍රිෂන් නම් ඇගේ සහ ගෞතම්ගේ යහළුවෙක් සමග මැසේජ් කර කර ඉන්න අවස්ථාවක එතනට පැමිණෙන ගෞතම්ගේ නැගණිය ඉස්සර ක්‍රිෂාන් නිතර නිතර තමන්ගේ ගෙදරට පැමිණෙන බවත් ඔහු කඩවසම් පුද්ගලයෙක් බවත්ය. ඔහුගේ මෑතකදි ගන්නා ලද ජායාරූපයක් ඉල්ලාගන්න ලෙස ආදිති ගයත්‍රිගෙන් ඉල්ලීමක් කරනව. එක පාරම ෆොටෝ එකක් ඉල්ලන්න බැරි නිසා දෙන්න එකතුවෙලා සෙල්ෆියක් අරන් ක්‍රිෂාන්ට යනවා. පස්සෙ එයාගෙ ෆොටෝ එකක් එවන්න කිව්වාම එයා කියනව එයාගෙ ෆොටෝ එකක් ඔයාගෙ ෆෝන් එකේ තියෙනව කියල. ගයත්‍රියි අදිතියි පුදුම වෙලා ගැලරිය පරීක්ෂා කරල බලන්න හදනකොට කියනව ගැලරියේ නෙමෙයි, දැන් එවපු ෆොටෝ එක හොදට බලන්න මම ඒකෙ ඉන්නව කියල. ෆොටෝ එක සූම් කරල බලනකොට ආදිති බයවෙලා කෑ ගහනවා. එතනට එන සෑම් මොකද අහල එයාලගෙ බය නැති කරත් ගමනක් ගිහින් එතනට එන ගෞතම් කියන දෙයින් ඔක්කොමලා භීතියෙන් තැති ගන්නවා. ඒ මොකද්ද දන්නවද ? ක්‍රිෂ්ණා පහුගියදා රාත්‍රියේ අනතුරකින් ජීවිතක්ෂයට පත්වුණා කියන ආරංචිය. ක්‍රිෂ්ණා මැරුණා නම් ගයත්‍රී එක්ක මැසේජ් කරන අත්භූත පුද්ගලයා කවුද ?… එයාගෙ ඉලක්කය වෙන්නෙ මොකද්ද ?
අද….කිරි පමණක් බොන්න ඕන දරුවෙකු
උපත දුන් කෙනාව වෙනස් කරන්න පටන් ගත්තොත්
එදාට…මව….රාක්ෂයකු බවට පත් වෙනවා …
හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !

![]()
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.
14,907 downloadsDownload BOOMIKA-Update.zip87 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
58 comments
Anonymous
charu
supiri thanjs sub ekata
Kushan
Sub akta thanks
Anonymous
Sub ekata thanks!
Naveen
උපසිරසියට තුති
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
dilshan
sub eke timing awul neda
Kavindu
සිංහල උපසිරසියට ස්තුතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Nishan S Ariyarathna
thanks
Anonymous
බොලේ 7.6 ක් හොරර් එකකට තියේ නම් නොබලා කොමෙයි තෑන්ක්ස් මචන්
නිවැරදි කිරීමක්
නිවැරදි IMDb අගය- vote 473 කින් 6/10
oshanda
දවසින් දවස vote කරන ගාන අනුව ඒක වෙනස් වෙනව.මම සබ් එක කරනකොට තිබුණ අගයයි සදහන් කළේ.සහෝ...
දහරා මුතු අමා
උපසිරැසියට බොහොම ස්තූතියි.
මේක නම් බලන්නම ඉන්න එකක්.රනා
ස්තුතියි සහෝ
jeevan
thanks machi
Anonymous
patta
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ …!!
tharidu16
ade bn poster 1 sinhalen dammata kamak ne. eth nama sinhalen dammamama passe kaalek search karaddi hoyanna bane, me sinhala film neweyine bn. ekko sinhala english dekenma dapalla.
oshanda
මේ සම්බන්ධයෙන් අපේ ඇඩ්මින් මඩුල්ලේ අවධානය යොමු කරල බලන්න කියල ඉල්ලනව... සහෝ...ඔයාට ලේසි විදියක් කියන්නම්... සබ් එක ඩවුන්ලෝඩ් කරල ඒකෙ නමින් සර්ච් කරන්න ...ස්තූතියි
Anonymous
meeka download karanna site ekak kiyanna puluwanda
tharidu16
එහෙම නෙවෙයි ඔසා මම අදහස් කරේ. තව අවුරුද්දකට පස්සේ වාගේ එකෙක් ඇවිල්ලා ඌට ෆිල්ම් එකේ සබ් එක ඕනි උනාම boomika කියලනේ සර්ච් කරන්නේ. අන්න එතකොට ඌ හිතනවා මේකේ ඒ ෆිල්ම් එක නැ කියලා. මොකද imbd එකේ තියෙන විදිහටනේ කවුරුත් නම බලන්නේ. මේවා සිංහල චිත්‍රපටි නෙවෙයිනේ නම් ඇයි බං සිංහලෙන් නම ලියන්නේ කියලා අහන්නේ. අර ජගමේ තන්ධිරන් එකත් බලහං. කුණුහරුප වාගේ. එක්කො ටැමිල් වලින් දැම්මානම් තව සාධාරණයි කිවෑකි. කවුරුවත් ඇවිල්ලා සර්ච් බාර් එකේ ජගමේ තන්ධිරන් කියලා සර්ච් කරනවාද බං
? ස්තූතියි.Anonymous
නමේ ප්‍රශ්නෙ කලිනුත් ඇවිල්ල තියෙනවා.ඒකට හේතුව කොපිරයිට්.ඉන්දියන් කාරයො කොහොමත් ලංකාවත් එක්ක කේස්.ඒකයි එහෙම වෙන්නෙ.හොලිවුඩ් ෆිල්ම් වලට එහෙම අවුලක් වෙන්නෑ.මමත් දැනගත්තෙ drishyam 2 ෆිල්ම් එකේදි කමෙන්ට් වලින්.පස්සෙ nizaal ෆිල්ම් එකත් english නමෙන් දාල දවස් තුනකට පස්සෙ කොපිරයිට් වැදිල අයින් කරා.ආයෙ නම සිංහලෙන් දැම්ම.හින්දි,මලයාලම්,ටැමිල්,තෙලිගු මේ ඔක්කොම සින්හලෙන් තමා ඉස්සරහට දාන්න වෙන්නෙ.වෙන විකල්පයක් නෑ.
tharidu16
appatasiri ehema seen1 d? kauda danne. thanks bro danuwath kirimata.
indika75
thanks..
Anonymous
තැන්කු වේවා
Lahiru
Me sub akata oyala dena file format aka mach wenne
Anonymous
සබ් එකට ස්තුතියි මචං...
ඒත් කිසිම එකකට මැච් වෙන්නේ නෑ..
ගොඩක් ටයිමිං අවුල්...shashen shiwantha
Ow puluwannm hadanna.
sangeeth
download click kalama film 1 download wenne na sub down wenawa a ai
Idunil Weerasinghe
Thanks brother
Anonymous
Thanks a lot mchn
Anonymous
ෆිල්ම් එකනං කියන තරං මහා ලොකු කොලිටියක් නෑ.සබ් එකට තෑන්ක්ස් සහෝ..
dilshan
sub eka wada karanawada? mame meda
dilshan
sub eka wada karanawada? nane neda
Anonymous
ගොඩක් ටයිමින් අවුල් සහෝ.අනික ෆිල්ම් එක බැලුවට පස්සෙ IMDb ratings බැලුවා. 5.8යි තියෙන්නෙ..ඉස්සරහට තව අඩු වෙයි...
Anonymous
Timing sync කරලවත් බලන්න බෑ. 40 second විතර delay එකක් තියෙනවා. අප්ඩේට් එකක් දෙනවනම් වටිනවා. Anyway sub එකට thanks..
Anonymous
me film eka download karaganna link ekk dennkoo
Anonymous
baiscopedownloads.co kiyana sait ekt ynna.
Anonymous
pornhub akata palayan
Anonymous
sub eka timing awal. sahoo.
oshanda
sub eke timing hadala dunna...apahu aran balanna sahooo
Kushan Madhuwantha
mona magulakda meke subtitle...oyla dila tiyena torrent link eken mm film eka download kala..et me subtitles match wennne na..danawa nm hariyana subtitle danna..nikan minissu rawattanna epa
oshanda
minissu rawattanna sub karanne ne.. meka ආත්ම තෘප්තියට karana deyak sahoo..sub ekak gahanna aduma dawas 3k wath yanawa. api meka denne නොමිලේ.issella apu HD ekata thamai sub eka kale.. sub eka hariyata dila thiyenawa.. apahu serayakuth dila thiyenawa.. aran balanna.. film eka download karala sub eka hoyanna kalin baiscopelkdownload eken balanna..nethinam sub eke namin search karala araganna...
Anonymous
ස්තුතියි සහෝ සබ් එකට....
අනේ ඉතින්! සබ් එකේ අවුලක් නම් රෙද්ද උස්සන් එන්න පුලුවන් උබලට thanks කියන අකුරු ටික කමෙන්ට් එකකින් දාන්න තමයි වෙලාවක් නැත්තේ
මොන සක්කිලි ඉන්න රටක්ද මන්දා මේක
මන් නම් ගත්තෙ 720p HEVC කොපිය කිසි අවුලක් නෑ ඒක නම් අනිත් ඒව නම් දන්නේ නෑoshanda
thanks sahooo
Shane de Silva
Thanks for the subtitle. Keep it up the good work.
charuka lakshitha
api dannawa sub ekak karanna tiyana amaruwa...
waradunath waradi hadagena issarahata yamu...
jaya wewa....Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Anonymous
good work bro... keep it up...
Anonymous
Thnx for sub ...❤️
Nishantha
MIKA (2021) Tamil Proper _ - 400MB - x264 - AAC - ESub mekata sub karala denna puluwan da?
oshanda
Mika kiyala film ekak hoyaganna nene saho
Malith Samarawickrama
Thanks sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සාරංග ජේ. ලියනගම
Thanks...
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Dewadithya
Thanks for Sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thittam Irandu ekath bluwa saho
Ekath patta mekath ehmma athi
Bohoma sthuthiyi saho
Digtma me wage supiri ewa demu