කොමික් යුනිවර්ස් වලට වගේම තවත් දැවැන්ත විශ්වයකට තමයි The Witcher යුනිවර්ස් එක හිමිකම් කියන්නෙ. මං මේ ගැන සම්පූර්ණ හැදින්වීමක් The Witcher කතාමාලාව අරගෙන එන්න කලින් ලිපියක් හරහා පැහැදිලි කරලා තියෙනවා. ඒක කියවලා නැත්තම් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ලා ඒ ගැන කියවන්න පුලුවන්. මොකද අද මේ අරගෙන එන ඇනිමේෂන…

කොමික් යුනිවර්ස් වලට වගේම තවත් දැවැන්ත විශ්වයකට තමයි The Witcher යුනිවර්ස් එක හිමිකම් කියන්නෙ. මං මේ ගැන සම්පූර්ණ හැදින්වීමක් The Witcher කතාමාලාව අරගෙන එන්න කලින් ලිපියක් හරහා පැහැදිලි කරලා තියෙනවා. ඒක කියවලා නැත්තම් මෙන්න මේ ලින්ක් එකෙන් ගිහිල්ලා ඒ ගැන කියවන්න පුලුවන්. මොකද අද මේ අරගෙන එන ඇනිමේෂන් චිත්‍රපටයත් දැවැන්ත The Witcher විශ්වයට සම්බන්ධ වෙනවා. ඇනිමේෂන් කිව්වට ඇනිමේෂන්ම නෙවෙයි මේක ඇනිමේ චිත්‍රපටයක්.
‘The Boondocks’ ඇනිමේ කතාමාලාවේ නිර්මාතෘවරයෙකු වන ‘Kwang Il Han’ යටතේ චිත්‍රපටයෙ අධ්‍යක්ෂණය සිද්දවෙද්දී Daredevil, The Defenders, The Umbrella Academy වගේම සුපුරුදු The Witcher කතාමාලාවෙ පිටපත් රචකාවියක මෙන්ම නිෂ්පාදිකාවක ලෙසින් කටයුතු කල “Lauren Schmidt Hissrich” යටතේ තමයි මේ චිත්‍රපටය නිෂ්පාදනය වෙන්නෙ. ඒවගේම මේ අලුත් චිත්‍රපටයෙ පිටපත නිර්මාණය වෙන්නෙ The Originals, The Witcher වැනි අතිශය ජනප්‍රිය කතාමාලා රචක “Beau DeMayo” විසින්. ඉතිං මේ විදිහට The Witcher කතාමාලාවෙම නිර්මාතෘවරුන් යටතේ නිර්මාණය වුන මේ ඇනිමේ චිත්‍රපටය Netflix හරහා නිකුත් වෙන්නෙ අගෝස්තු 23’වැනිදා. Animation, Action, Adventure, Drama, Fantasy, Mystery යන වර්ගීකරණ යටතේ නිර්මාණය වුන මේ ඇනිමේ චිත්‍රපටයෙ පැය එකයි, විනාඩි 21ක ධාවන කාලයක් සටහන් වෙනවා. IMDb දර්ශකය තුල 8/10ක අගයක් වගේම Rotten Tomatoes දර්ශකයෙ 100%ක අගයක්ද සටහන් කරගෙන තියෙනවා. මීට අමතරව මෙහි දකින්න ලැබෙන ප්‍රධාන චරිත සදහා Graham McTavish, Theo James, Lara Pulver, Mary McDonnell, Matthew Yang King, Tom Canton, David Errigo Jr. යන නළු/නිලියන් හදකැවිමෙන් සම්බන්ධ වෙලත් තියෙනවා.
The Witcher මුල් කතාසමය පුරාවට දැකගන්න ලැබෙන ප්‍රධාන චරිතයක් තමයි රිවීයාවල ගැරල්ට් කියන්නෙ. ඉතිං ගැරල්ට් හා සමානම තවත් චරිතයක් තමයි වෙසෙමියර් කියන්නෙ. කෙටියෙන් කිව්වොත් වෙසෙමියර් කියන්නෙ මායාකරුවන් (විචර්ලා) අතරේ ඉන්න වයස්ගතම හා වැඩිපුරම අත්දැකීම් තියෙන මායාකරුවන්ගෙන් කෙනෙක්. කයර් මෝහෙන්වල ගත කල කාලයෙ වෙසෙමියර් ගැරල්ට් ඇතුළු අනෙක් මායාකරුවන්ව ලගින්ම ඇසුරු කරලා තියෙනවා. විශේෂයෙන්ම ගැරල්ට්ගෙ උපදේශකයා ලෙසින්ද ඔහු කටයුතු කරලා තියෙනවා. ඉතිං ඔය කියන වෙසෙමියර් චරිතය පාදක කරගෙන තමයි The Witcher: Nightmare of the Wolf චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නෙ.

විශේෂයෙන්ම මතක් කරන්න ඕන The Witcher මුල් කතාසමය පුරාවටම වෙසෙමියර් කෙනෙක් දැකගන්න ලැබෙන්නෙ නැති වුනත් දෙවැනි කතාසමය හරහා රංගන ශිල්පී ‘Kim Bodnia’ රංගනයෙන් වෙසෙමියර් චරිතය දැකගන්න ලැබෙන බවට තහවුරු වූ තොරතුරු ඔස්සෙ දැනගන්න ලැබිලා තියෙනවා. මේ ගැන දැනට නිකුත් වෙච්ච පූර්ව ප්‍රචාරක පටය තුලම මතක් කිරීමක් සිදුවෙනවා.
එහෙමනම් ඉතිං බලලම ඉන්න මේ චිත්‍රපටය මොන වගේද කියලා. නැවතත් The Witcher දෙවන කතාසමය එක්ක හමුවෙමු මේ වසරේ දෙසැම්බර් මාසෙදි.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,440 downloadsDownload The-Witcher-Nightmare-of-the-Wolf-2021.zip78 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
28 comments
Gihan
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Niyumika
ගොඩාක් ස්තුතියී
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Suranjan
Thanks....jayawewa....!
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Solo Player
Sub එකට ගොඩක් ස්තූතියි
Anonymous
Thank You !
Anonymous
Thanks
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Nilush Angana
Sub ekata thanx
Udara Damith
eeelll
Namiee N. Kumara
thankss
විනිත්
ස්තුතියි සහෝ
ලඟදී Netflix එකේ රීලිස් උන the Loud house movie එකට සබ් එක හදන්නකෝ ප්ලීස්.Nishan S Ariyarathna
උපසිරැසියට බොහොම ස්තුතියි!
indika75
thanks..
malithudayanga
See season 2 ekt sub dennko ikmntm
gihan
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Harvey O'brien
සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra
Pavith Wijesooriya
බොහෝම ස්තූතියි සබ් එකට.නියමෙටම තියෙනවා.ඉදිරියටත් මේ වගේ සුපිරි ෆිල්ම් වලට සබ් ඕනේ...
BIMBISHA
සිංහල උපසිරැසියට හෘදයාංගම ස්තූතිය❣️ ජයෙන් ජය✨️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALNATH
Thanks...........good luck................
Oneth nethmika
Witcher game series eka gahapu kenek nam witcher kiyanne mokakda kiyala dannawa
isuru udana
meka 18+ dha.mata 15yi baluwata awlak nadda.
Udara Damith
epaaa
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
සිංහල උපසිරැසියට ස්තූතීයි ......