Watch Trailer

Batman: The Doom That Came to Gotham (2023) Sinhala Subtitles | ගෝතම්වලට ආ මාරයා… [සිංහල උපසිරසි]

ඔන්න අද අරගෙන ආවේ මගේ පළවෙනි බැට්මෑන් ෆිල්ම් එකේ සබ් එක. මේ තමයි Batman The Doom that Came to Gotham කියන චිත්‍රපටිය. මේ චිත්‍රපටිය නිකුත් වුණේ මැයි 28 වෙනිදා. IMDb දර්ශකයේ ලකුණු 6ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය Standalone යටතේ වර්ග කරලා තියෙනවා. ඒ කියන්නේ මේ චිත්‍රපටිය DC Tomorrowverse එකට කිසිම සම්…

ඔන්න අද අරගෙන ආවේ මගේ පළවෙනි බැට්මෑන් ෆිල්ම් එකේ සබ් එක. මේ තමයි Batman The Doom that Came to Gotham කියන චිත්‍රපටිය. මේ චිත්‍රපටිය නිකුත් වුණේ මැයි 28 වෙනිදා. IMDb දර්ශකයේ ලකුණු 6ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය Standalone යටතේ වර්ග කරලා තියෙනවා. ඒ කියන්නේ මේ චිත්‍රපටිය DC Tomorrowverse එකට කිසිම සම්බන්ධයක් නැති කතාවක් කියන එකයි.

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Christopher Berkeley සහ Sam Liu. David Giuntoli (Batman), Gideon Adlon (Oracle), John DiMaggio (James/Jimmy Gorden), Navid Negahban (Ra’s al Ghul), Patrick Fabian (Harvey Dent) ආදී අය හඬකැවීමෙන් දායක වෙලා තියෙනවා. ඉතින් cast එක දිහා බැලුවාම පේනවා ඇතිනේ, මේ ෆිල්ම් එකේ බැට්මෑන්ගේ හතුරන්ගෙන් බොහොමයක් දකින්න ලැබෙන බව.

BATMAN: The Doom that Came to Gotham

ඉතින් මේ ෆිල්ම් එකේ පසුබිම ගැන ටිකක් කියනවා නම්, මේ ෆිල්ම් එක ඉහත දැක්වෙන කොමික් එකේ අනුවාදයක්. DC Comics ආයතනය මඟින් 2000 – 2001 දක්වා කොටස් තුනක් වශයෙන් තමයි මේක පළ කරලා තියෙන්නේ. Mike Mignola සහ Richard Pace විසින් තමයි කතාව ලියලා තියෙන්නේ.

මේක DC Elseworld ගණයේ කතාවක්. Elseworld කියන්නේ DC main continuity හෙවත් DC canon වලට අයිති නැති කතාවන්. මේ Elseworld කතාවල තියෙන හොඳ තමයි කතුවරුන්ට ඕනම දෙයක් කරන්න පුළුවන්, මොකද චරිතවලට මොනවා වුණත් එයාලගේ main timeline එකට කිසිම හානියක් වෙන්නේ නැති නිසා. ඒක නිසා සුපිරි කතා මේ elseworld යටතේ ලියවෙලා තියෙනවා.

මේ කතාව සිද්ධ වෙන්නේ 1920 ගණන්වල ගෝතම් නගරයේ. ඒවගේම H. P. Lovecraft කියන ඉතාම ප්‍රසිද්ධ cosmic horror ලේඛකයගේ කතාවලින් මේකට ආභාසය ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක අපි හැමදාම දකින බැට්මෑන් කතාව වගේ නම් නෙමෙයි. කොහොම හරි, ඇන්ටාක්ටිකාවේ ඉන්න බෲස් වේන්ට හම්බවෙනවා වෙනත් මානයකින් ආව සත්ත්වයෙක්. මෙයා, ඇන්ටාක්ටිකාවට ඔස්වෝල්ඩ් කොබල්පොට් එක්ක ආව මිනිස්සුන්ව එයාගේ පාලනයට අරගෙනයි ඉන්නේ. ආපහු ගෝතම්වලට ආවම තමයි බෲස් දැනගන්නේ මේ සත්ත්වයාගේ තාත්තා හෙවත් අයොග්-සෝතා කියලා රාක්ෂයෙක් ව පුදන ලබ්ධිකයන් ජාලයක් පිළිබඳව. මේ අයොග්-සෝතා දිහා බැලීමත් උමතුවට අත වැනීමක් කියලා තමයි කියන්නේ. ඉතින් මේ ලබ්ධිකයන්ට ඕනේ මේ සතාව එයාලගේ ලෝකයට ගෙන එන්නයි. ඉතින්, හැමදාම වගේ, මේක නවත්තන්න පුළුවන් එකම කෙනා බැට්මෑන් විතරයි. ඒවගේම කතාව තුළ Green Arrow, Ra’s Al Ghul, Mr. Freeze, Killer Croc, Poison Ivy, Two-Face එහෙම බලාගන්න පුළුවන්. එහෙම නම් ඔයාලා බලලම ඉතුරු හරිය දැනගන්නකෝ.

Kevin Conroy (1955 – 2022)

Batman fan කෙනෙක්ට අමුතුවෙන් කෙවින් කොන්රෝයි කියන්නේ කවුද කියලා අඳුන්වලා දෙන්න දෙයක් නෑ. ගොඩක් අයට, කෙවින් කොන්රෝයි කියන්නේ බැට්මෑන් ම තමයි. බොහෝ දෙනා බැට්මෑන්ගේ කටහඬ කියලා සලකන්නේ මෙයාගේ කටහඬයි. ඒ මොකද කියනවා නම්, එයා එච්චරම මේ චරිතයට සේවයක් කරපු නිසා.

මේ තමයි Kevin Conroy ගේ මරණයෙන් පස්සේ නිකුත්වෙන පළවෙනි බැට්මෑන් ෆිල්ම් එක. එයා මේ ෆිල්ම් එකේ කාටවත් හඬ කැව්වේ නැතත්, එයා ගැන මේකේ ලියන එක හොඳයි කියලා හිතුණා. මොකද කෙවින් කොන්රෝයි කියන්නේ බැට්මෑන්ම තමයි. ඒකෙ දෙකක් නෑ.

1992 අවුරුද්දේ Batman: The Animated Series කියන සුපිරි කතා මාලාව හරහා තමයි කෙවින්ගේ කටහඬ ලෝකයාට මුලින්ම අහන්න ලැබෙන්නේ. එදා ඉඳන්, ඒක තමයි බැට්මෑන්ගේ කටහඬ බවට පත් වුණේ. කොන්රෝයි චරිතයට කරපු සේවය ලියලා ඉවර කරන්න බැහැ. Video games, TV series හා චිත්‍රපටි 50කට වඩා මෙයා බැට්මෑන් විදියට හඬකවලා තියෙනවා. එයාගේ අවසාන performance එක අපට ලැබෙන්නේ 2023 නිකුත් වෙන Suicide Squad: Kill the Justice League කියන game එකෙන්. එදායින් පස්සේ අපට බැට්මෑන්ගේ කටහඬ ආයේ අහන්න ලැබෙන්නේ නෑ. R.I.P. Mr. Conroy 🙏

එහෙම නම්, මෙතනින් මේ ලිපිය අවසන් කරන්නම්. ඔයාලා චිත්‍රපටිය බලන්නකෝ. අලුත් සබ් එකකින් ඊළඟට හමුවෙමු. පීස් ✌️

“I am Vengeance, I am the Night, I AM BATMAN!”

– Kevin Conroy (Batman:TAS, S1E10)

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

7,745 downloadsDownload Batman.The_.Doom_.That_.Came_.to_.Gotham.2023.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

7,745 downloadsDownload Subtitles40 KB

12 comments

  1. Thimira

    Thanx brother sub එකක් එනකම් බලන් හිටිය ගොඩ කාලයක්

  2. thilina

    ado thx bn

  3. thilina

    machan kauru hati meke tv sereis valta sub dena kenke invm The Good Doctor mekta sub denako kauruth krla naha

  4. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. lahiru priyankara

    ellla

  6. Tharindu

    Boma stuti... jaya wewa

  7. hunter zolomon

    bro meka serch karat enna

  8. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  9. lakshan

    thanks .......................

  10. Lochana

    Thank you.

  11. Shashi De Silva

    Plz Update to the Bluray

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P