කුමරේසන් සෙල්ලියම්මන් දුර්ගම් ගමේ පොලිස් රැකියාව සඳහා යනවා. මේ ගම ඉතාමත් දුෂ්කර ගමක්. ඒ වගේම මේ ගම අයත් අරුමපුරි දිස්ත්‍රික්කයේ ජන සේනා නම් ත්‍රස්තවාදී සංවිධානයේ ක්‍රියාකාරකම් බහුලව සිදු වුණා. කටුක බව දැනුනත් කුමරේසන් සතුටින් සේවය ඇරඹුවා. පලමු දිනයේදිම ඉහළ නිළධාරීන්ගේ නියෝග නොසලකා වළහෙක් ගහපු වයසක…
කුමරේසන් සෙල්ලියම්මන් දුර්ගම් ගමේ පොලිස් රැකියාව සඳහා යනවා. මේ ගම ඉතාමත් දුෂ්කර ගමක්. ඒ වගේම මේ ගම අයත් අරුමපුරි දිස්ත්‍රික්කයේ ජන සේනා නම් ත්‍රස්තවාදී සංවිධානයේ ක්‍රියාකාරකම් බහුලව සිදු වුණා. කටුක බව දැනුනත් කුමරේසන් සතුටින් සේවය ඇරඹුවා. පලමු දිනයේදිම ඉහළ නිළධාරීන්ගේ නියෝග නොසලකා වළහෙක් ගහපු වයසක ගැහැනු කෙනෙකුගේ ජීවිතය බේරගන්නත් පුළුවන් වුණා. ගම්මුන්ට උදවු කරන්න යද්දි අනෙක් නිළධාරීන් ද අවවාද කලා. ඒත් කුමරේසන්ට ප්‍රතිඵල ලැබුණට පස්සෙදි නිලධාරීන් එයාට අවවාද කලේ මොකද කියලා තේරුම් ගියා. ඉහළ නිළධාරියාගේ අණට පිටුපෑමනිසා කුමරේසන්ට දිගින් දිගටම දඬුවම් රාජකාරි පැවරුවා. නින්දක්, කෑමක් වත් හරියට ලැබුණෙ නැහැ. ඔය අතරෙදි වළහා ගහපු මැහැල්ලගේ මිනිබිරී තමිල්අරසි නම් කෙල්ල කුමරේසන්ව හොයාගෙන ඇවිත් වෙලාවට ආච්චිව රෝහලට එක්කගෙන ගිහින් ජීවිතය බේරගන්න උදවු කලාට ස්තූති කරනවා. ඉන් පස්සෙ මේ දෙන්නා විටින් විට මුණ ගැහුණා. කාලය ගෙවී යද්දි තමිල්අරසි සහ කුමරේසන් අදරය කරන්න පටන් ගන්නවා. තමිල්අරසිගේ බාප්පා ජන සේනා ත්‍රස්තවාදී කල්ලියේ සාමාජිකයෙක්. ඔහොම යද්දි දවසක දෙන්නම කසාද බඳින්න තීරණය කරනවා. කුමරේසන්ට එයාගේ අම්මව එක්කගෙන ඇවිත් තමිල්අරසිගේ ආච්චි එක්ක කතා කරන්න කියනවා. ඒත් තමිල්අරසිගේ ආච්චි මේ සම්බන්ධයට අකැමැති වෙනවා. මොකද කුමරේසන් ගම්මුන්ට උදවු කරන යහපත් මනුස්සයෙක් වුණත් පොලිස් කාරයෙක් නිසා. මේ අතරේ කුමරේසන් වැඩ කරන පොලිස් E සමාගමේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක්ම ජන සේනා කල්ලිය විසින් වෙඩි තබා මරා දැමුවා. මේ සංවිධානයේ මහ මොළකරු පෙරුමාල්ව අල්ලා ගන්න “ගෝස්ට් හන්ට්” නමින් මෙහෙයුමක් පටන් අරගෙන තිබුණත් කිසිම ප්‍රගතියක් අත්කරගෙන තිබුණේ නැහැ. මේ නිසා මේ මෙහෙයුමේ ප්‍රධානියා විදියට සාර්ථක නිලධාරියෙක් වුණ DSP සුනිල් මේනන්ව පත් කරනවා. සුනිල් මේනන් හොඳ නරක දෙක සමබරව පවත්වාගෙන යන සුනිල් මේනන්ගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම වඩාත් දැඩිව සිදු කෙරුණා. සිරභාරයේ තබා ගත් පුද්ගලයින්ගෙන් විමර්ශනය කර පෙරුමාල්ගේ හැඩරුව කටුසටහනක් ලබා ගන්නවා. DSP කාර්යාලයේ තිබුණ මේ කටුසටහන් චිත්‍ර කුමරේසන්ට දකින්න ලැබෙනවා. බලද්දි කුමරේසන් මේ කටුසටහනේ ඉන්න පෙරුමාල්ව දෙසැරයක්ම දැකලා තිබුණා.
සම්මානනීය සිනමා අධ්‍යක්ෂක වෙට්‍රිමාරන් අධ්‍යක්ෂණය කරනු ලැබූ මේ චිත්‍රපටයට ආශ්‍රය කරගෙන තියෙන්නෙ බී. ජෙයාමෝහන් ලියන ලද “තුනෛවන්” නම් කෙටි කතාවක්. මේකේ එන ගුරුතුමාගේ චරිතයට තමිල් දේසියම් කණ්ඩායමේ සාමාජිකයෙක් වුණ කු. කලියපෙරුමාල් වාතියාර්ගේ චරිතය පාදක කරගෙන ඇති බව කියනවා.
මේ චිත්‍රපටියේ නළුවෝ රඟපෑවා කියනවා නම් ඒක අඩුපාඩුවක්. ඇත්තටම රඟපෑවා කියලා පෙනුනෙ නැහැ. එයාලා චරිතවල ජීවත් වුණා. සේදුපතිගෙ ඇස් දෙකෙන් විතරක් නොයෙක් දේ ප්‍රකාශ කෙරෙන එක් අවස්ථාවක් තිබුණා. ඒ අතරින් සූරිගේ කැපවීම වඩාත්ම ඉස්මතු වෙලා තිබුණා. සිනමාකරණය විශිෂ්ඨයි. ඉලෙයරාජා මේ චිත්‍රපටයට සංගීතය ලබා දුන්නා. පසුබිම් සංගීතය තරමක් සාමාන්‍ය මට්ටමේ තිබුණා. චිත්‍රපටයේ එන ගීත චිත්‍රපටයට තවත් මන්දගාමී කලා. පසුතල නිර්මාණ අද්විතීය ආකාරයෙන් නිර්මාණය කර තිබුණා. නළු ධනුෂ් මෙහි “උන්නෝඩු නඩන්දා” ගීතය ගායනයෙන් සම්බන්ධ වෙනවා. එයත් ඉලෙයරාජා යටතේ ගීතයක් කියන්න ප්‍රබල නළුවෙකුට ලැබෙන දුර්ලබ අවස්ථාවක්.
සූරි, විජයි සේදුපති, භවානි, ගෞතම් වාසුදේවන් මේනන්, චේතන්, රාජිව් මේනන්, ඉලවරසු, මුන්නාර් රමේෂ් යන අය මේ Viduthalai Part 1 චිත්‍රපටයේ රඟපානවා.
ආරම්භයේදී ඩොමෑඩෝ, පොඩෑඩෝ වගේ ඉංග්‍රීසි වැරදියට කියන් විකට චරිත කරපු සූරි ප්‍රථම වතාවට ප්‍රධාන චරිතයක් ඉදිරිපත් කරන්නේ මේ චිත්‍රපටයේදීයි. සූරී වෙට්‍රිමාරන්ගේ චිත්‍රපටියක් නිසාවෙන්ම ශරීර යෝග්‍යතාවය ගැන ගොඩක් සැලැකිලිමත් වුණා. වෙනත් චිත්‍රපට රූගත කිරීම් අතරෙදි පවා ව්‍යායාම ආදියේ යෙදී තිබුණා. රජිණිකාන්ත් විඩුදලෛ නරඹා වෙට්‍රිමාරන්, ඉලෛයරාජා, සූරි හා අනෙක් නළු නිළියන්, අනෙත් සැමට සුබ පැතුම් එක් කර තිබුණා. දෙවන කොටස වෙනුවෙන් බලා සිටින බවත් සඳහන් කර තිබුණා.

සූරිගේ පැමිණීමට නියමිත චිත්‍රපට අතරින් Kottukkali චිත්‍රපටයට මලයාලම් නිළි ඇනා බෙන් ද සම්බන්ධ වෙනවා. දමිළ සිනමා අධ්‍යක්ෂණය රාම් Yezhu Kadal Yezhu Mazhai නිවින් පෝලි සමඟ චරිත ඉදිරිපත් කරනවා. ඒ වගේම Viduthalai Part – 2 සහ අධ්‍යක්ෂක දුරෛ සෙන්තමිල්කුමාර් සමඟ චිත්‍රපටයක් පැමිණීමට නියමිතයි.
වෙට්‍රිමාරන් අධ්‍යක්ෂණයෙන් මීලඟට සූරියා රඟන වාඩිවාසල් චිත්‍රපටයේ රූගත කිරීම් කටයුතු මේ වෙද්දි සිදු වෙනවා. වඩචෙන්නෛ 2 චිත්‍රපටයත් ඒ ලැයිස්තුවේ තියෙනවා.
Zee5 OTT මාධ්‍යය හරහා නිකුත් වුණ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයාගේ සංස්කරණයේ (Director’s Cut) පිටපතේදී අමතරව මිනිත්තු 16ක පමණ කාලයක් එකතු වෙනවා. තිරගත වූ පිටපත නැරඹූ අයට අවුල් වුණ, නොතේරුණු තැන් මේ පිටපතෙන් පැහැදිලි වේවි. උපසිරැසිය යාවත්කාලීන කරද්දී, අනිත් චිත්‍රපටි වලට උපසිරැසිය යාවත් කාලීන කරනවා වගේ මේ පිටපතට හදන එක ලේසි වැඩක් වුණේ නම් නැහැ. මුල ඉඳන්ම ඔක්කොම කාල රේඛා වෙනස් කරන්න සිද්ද වුණා. කාර්යබහුල වෙලාවක් නිසා උපසිරැසිය තවත් ප්‍රමාද වුණා. උපසිරැසිය යාවත්කාලීන කරන්න කියලා ඉල්ලුව අයටත් ස්තූතියි. ඔයාලගේ කමෙන්ට් එකත් මාව ධෛර්යමත් කිරීමක්. ඉතින් තේරෙන්න ඇති මේ පිටපත් දෙක අතරේ මොන තරම් වෙනසක් තියෙනවද කියලා. මේ Director’s Cut පිටපත වෙනුවෙන් ලැබුණ විවිධ අගය කිරීම්.

ඉතින් තවත් උපසිරැසියකින් හැකි ඉක්මනින්ම හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන හැමෝටම ස්තූතියි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HC HDRip/HQ HDRip(Director’s Cut) පිටපත සඳහා අදාළ වේ.
14,716 downloadsDownload Viduthalai-Part-1-2023.zip173 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු නවින්
Subtitles
- #Bhavani Sre
- #Gautham Vasudev Menon
- #Indian Box Office Hits
- #MaxxA
- #Must Watch
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Soori
- #Sub
- #Subs
- #Vetrimaaran
- #Viduthalai Part 1 (2023) Sinhala sub
- #Viduthalai Part 1 (2023) Sinhala subtitles
- #Viduthalai Part 1 Sinhala sub
- #Viduthalai Sinhala sub
- #Viduthalai Sinhala subtitles
- #Vijay Sethupathi
- #You Decide
- #රවිඳු නවින්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
38 comments
tharidu16
Ravindu_Heshan
බොහොම ස්තූති මල්ලි❤️❤️❤️❤️
Naveen Mbr
බොහොම ස්තූතියි අයියේ!
ලලිත් mbr
සබට බොහොම තුති මචෝ.. පාට් 2 එකත් ඉක්මනට දෙන්න.
Naveen Mbr
බොහොම ස්තූතියි මයුර අයියේ!
Lakindu R
බයිස්කෝප්! 2024 ආසියා පැසිපික් සීන් එකේ එක වෙන්න ඕනේ ඈ, ඔය තියෙන්නේ ගැම්ම!
අනේ රත්තරන්ලා මේ වගේ සින් සින් ගාලා බාෂා දන්න අය සබ් අලුත් ඒවා හදලා දාන්නකෝ!!ජයවේවා කොල්ලෝ සෙට් එක, මේක පටන් ගත්තේ උඹලා, අද හතු පිපෙන්න සයිට් තිබ්බට
Anonymous
Patta
Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Naveen Mbr
ස්තූතියි සහෝ.
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රවිඳු සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Anonymous
සිම්බුගේ අලුත් ෆිල්ම් එකත් දෙමු
මේකටත් තැන්ක්ස්Naveen Mbr
දෙනවා සහෝ.
නුවන්
ඔර්ජිනල් ඒකට අප්ඩේට් කරන්කෝ
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Anonymous
Supiri
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Lahiru
Proper HDRip පිටපතට අප්ඩේට් කරන්නකෝ.
Ranasinghe arachchilage Darsha Praveen Ranasinghe
Extended version එකට අප්ඩේට් ඕනි !!
Kushan
thanks mcho sub ekata
නුවන්
Original ekata ubat karanako
සාරංග J ලියනගම
Thanks
නුවන්
අප්ඩේට් කරන්කෝ ඔර්ජිනල් ඒකට
Kushan
සිංහල උපසිරසියට ස්තුතියි
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Dhanushka
Webdl ekata update karnnko.
nadmax
HQ hd rip ekata sub eka update arannakoo
නිසල්
කාලෙකින් එකදිගට ආසාවෙන් ෆිල්ම් එකක් බැලුවේ
ස්ටෝරිය නියමෙට ගොඩනගලා තියෙනවා කම්මැලි නොවෙන්න
සූරීගේ ඇක්ටින් පට්ට
සබ් එකත් පට්ට
ජය වේවාKavee
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ❤️
Anonymous
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suresh
Tamil
Ruwan premashantha
Viduthalai part 2 sinhala sub dennako
Thathsara Dabarera
Viduthalai PART 2 subs ?????
malindu
viduthalai part 2 eka dennko pls
Deshan Jayawardhana
part 2 ekatath one
Malith samarawickrama
Thanks sub ekata
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
![Viduthalai: Part 1 (2023) Sinhala Subtitles | උදුරාගත් නිදහස යළි ලබා ගන්නට. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/04/Viduthalai-Part-1-2023-Cover-01.jpg)
hoda copyak awata passema balanwa.