Watch Trailer

Batman: The Long Halloween, Part One (2021) Sinhala Subtitles | හොලිඩේ නම් මිනීමරුවා [සිංහල උපසිරසි]

සෑහෙන්න පරක්කු වෙලා තමා මට මේක අරං එන්න සිද්ද වුනේ. මට ආරංචිත් උනා ගොඩ දෙනෙක් මේකේ සබ් එක දෙනකං බලාගෙන ඉන්නවා කියලා. ඒත් මොනා කරන්නද, කාර්‍යබහුල උනාම ගොඩක් වැඩ කරන්න පරක්කු වෙනවා. පරක්කු වෙලා නිසා මම වැඩිය දිගට ලිපිය ලියන්නෙත් නෑ. එහෙනම් වැඩේ පටං ගමු. මීට අදාල කොමික් පසුබිම… Batman: The Long Hallow…

සෑහෙන්න පරක්කු වෙලා තමා මට මේක අරං එන්න සිද්ද වුනේ. මට ආරංචිත් උනා ගොඩ දෙනෙක් මේකේ සබ් එක දෙනකං බලාගෙන ඉන්නවා කියලා. ඒත් මොනා කරන්නද, කාර්‍යබහුල උනාම ගොඩක් වැඩ කරන්න පරක්කු වෙනවා. පරක්කු වෙලා නිසා මම වැඩිය දිගට ලිපිය ලියන්නෙත් නෑ. එහෙනම් වැඩේ පටං ගමු.

මීට අදාල කොමික් පසුබිම…

Batman: The Long Halloween කියන කොමික් එක 1996-1997 අතර තමා නිකුත් වුනේ. කොටස් දහතුනකින් සමන්විත මේ කොමික් මාලාව රචනා කලේ Jeph Loeb. ඒ වගේම කොමික් එකේ සිතුවම් නිර්මානය කලේ Tim Sale. මේ කොමික් එකෙන් Batman: Year One කොමික් කතා මාලාවේ කතාවත් ඉදිරියට ගෙනියනවා. මේ කොමික් එකේ සතුරන් විදිහට ජෝකර්, පොයිසන් අයිවි, ටූ ෆේස්, ස්කෙයාක්‍රෝ, ජාවිස් ටෙක්( මෑඩ් හැටර්) ඒ වගේම රිඩ්ලරුත් ඉන්නවා. ගෝතම් වල මැර පවුල් නායකයෝ විදිහට කාමයින් ෆැල්කෝනි, ඒ වගේම සැල් මැරෝනිත් ඉන්නවා. කොහොම වුනත් මේකේ කැපී පෙනෙන හතුරා තමා හොලිඩේ කියන්නේ. හොලිඩේ කියන මේ මිනීමරුවා හැලොවීන් දවසේ ඉදන් මාසෙකට එන සෑම එක නිවාඩු දවසකම මනුශ්‍යයෙක්ව ඝාතනය කරනවා. ඒ නිසා තමා එයාට හොලිඩේ කියන්නේ. නිවාඩු දවස් වල මිනී මරන නිසා. හොලිඩේගේ ගොදුරු හැම එකක්ම වගේ කාමයින් ෆැල්කෝනි එක්ක වැඩ කරන අය.

ඇනිමේශන් චිත්‍රපටය ගැන කෙටියෙන්…

කෙටියෙන් කිව්වොත් මේ සිද්දිය බැට්මෑන් ලෝකේ හොදම රහස්පරීක්ශකයා වෙන්න කලින් කාලේ සිද්ද උන සිදුවීමක්. ඒ කියන්නේ මේ කතාවෙදි බැට්මෑන්ටත් මේ අබිරහස විසදගන්න සෑහෙන්න අමාරු වෙනවා. උඩදී කිව්වා වගේ හොලිඩේ තමා මේකේ කැපි පෙනෙන හතුරා. ජිම් ගෝඩන්, හාවි ඩෙන්ට්, බැට්මෑන් යන තුන්දෙනාම මහන්සි වෙනවා මේ හොලිඩේ කියන්නේ කවුද කියලා හොයාගන්න. පාරවල් වල මැරයන්ට තඩිබානවට වඩා රහස්පරීක්ශක වැඩ කොච්චර අමාරුද කියලා බැට්මෑන් තේරුම් ගන්නේ මේ කතාවෙන්.

කොහොම උනත් අපිට සම්පූර්ණ කතාව බලාගන්න මේකේ දෙවෙනි කොටස එනකම් ඉන්න වෙනවා. එහෙනම් අපි ආයෙමත් Batman: The Long Halloween Part 2 එකෙන් හමුවෙමු. ජය!!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

7,645 downloadsDownload Batman-The-Long-Halloween-Part-One-2021.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

7,645 downloadsDownload Subtitles40 KB

28 comments

  1. Gagana Kalhara

    Well

  2. Anonymous

    So late but you've done your job

  3. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  4. PahasaraDv

    Thankz....

  5. Anonymous

    f9 sub dennako ikmanata

  6. Lakmal

    උපසිරැසියට බොහෝම ස්තුතියි,

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  8. Nilush Angana

    Sub ekata thanx

  9. Suranjan

    Thanks jayawewa....!

  10. Shaggy

    Thank you very much brthr

  11. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  12. ravidu ishan

    සබ්එකට tnx mchn ,, part 2 එකත් දෙමු,.. ,ජය!! ✌️✌️

  13. Buddhika Lakmal

    ♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦

  14. Ishan Madusha

    බොහෝම ස්තූතියි සබ් එකට

  15. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️

  16. Anonymous

    Part 2 nadda

    1. Anonymous

      Part 2 sub

  17. JonDoe297

    දෙවැනි එකත් ඇවිත්....

  18. Nisal

    2 awith ko sub dapan

  19. Ruvin

    2weni eketh sub one

  20. Chamath

    දෙවෙනි එක දෙන්නෙ නැද්දෝ?

  21. asira

    2ka dennnako ikamanta

  22. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  23. lakshan

    thanks .......................

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට ... ලිපියත් සුපිරි... බයිස්කෝප් සෙට් එකටම ජය වේවා..❤️❤️❤️

  26. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  27. Dewadithya

    Thanks for Sub!