මේ අවුරුද්දෙ ආව සුපිරිම ෆිලුමක් අරන් තමා අද මං ආවෙ. මුලින්ම කියන්න ඕනෙ මේක පරක්කු උනාට සමාවෙන්න ඕනෙ. මේ වැඩත් එක්ක ටිකක් අමාරු උනා සබ් එක අරන් එන්න. kevin hart කිව්වම කොමඩි බලන අය නම් නොදන්නවා වෙන්න බෑ. ඔන්න මේ පාර පොරට වෙනස්ම චරිතයක් හම්බෙලා තියනවා. අපි වෙනද දකින කොමඩි kevin hart ව නැතුව මෙදා […]

මේ අවුරුද්දෙ ආව සුපිරිම ෆිලුමක් අරන් තමා අද මං ආවෙ. මුලින්ම කියන්න ඕනෙ මේක පරක්කු උනාට සමාවෙන්න ඕනෙ. මේ වැඩත් එක්ක ටිකක් අමාරු උනා සබ් එක අරන් එන්න. kevin hart කිව්වම කොමඩි බලන අය නම් නොදන්නවා වෙන්න බෑ. ඔන්න මේ පාර පොරට වෙනස්ම චරිතයක් හම්බෙලා තියනවා. අපි වෙනද දකින කොමඩි kevin hart ව නැතුව මෙදා සැරේ වෙනම kevin hart කෙනෙක් තමා දකින්න හම්බෙන්නෙ මේ ෆිලුමෙන්. සංවේදි, තනිකඩ පියෙක්ගෙ චරිතයකට තමා මෙදා පොටේ kevin ඉන්නෙ. kevin ට අමතරව Melody Hurd, Alfre Woodard, Lil Rel Howery, DeWanda Wise යන අයත් මේකට රංගනයෙන් දායක වෙනවා. Comedy/Drama ගණයට වැටෙන ෆිලුම එලියට දාන්නෙ අපි කව්රුත් දාන්න Netflix තමා. IMDB එක 6.7ක් වගේම කුණු තක්කාලි මට්ටම 67% ක් තියාගෙන ඉන්න මෙයා රිලීස් වෙන්න හිටියෙ 2020. ඒත් වසංගත තත්වෙ හින්ද ඒක දෙපාරක් තුන්පාරක් විතර කල් ගිහින් 2021 ජූනි 18 Netflix එකෙන් එලියට දැම්මා.
ඒ වගේම මේ ෆිල්ම් එක හදන්නෙ Matthew Logelin කියන කතුවරයා තමන්ගෙ ජීවිතේ මුහුණ දුන්න සත්‍ය සිදුවීම් අලලා ලිව්ව Two Kisses for Maddy: A Memoir of Loss and Love යන පොත පදනම් කරගෙන. Matthew Logelin (kevin hart) තමන්ගෙ දුවව තනියම හදාගන්න දරන වෑයම තමා කතාවෙ සිද්දිය. ලොකුවට මං විස්තර කියන්නෙ නෑ කිව්වම රහ නැති වෙනවනේ. තාත්ත කෙනෙක්ට තනියම දරුවෙක් හදාගන්න තියන අමාරුව, එතකොට එන ප්‍රශ්න ඔක්කොම මේ ෆිල්ම් එකෙන් අපිට දැක ගන්න පුළුවන්. කොමඩි සීන් එකේ ඉන්න kevin hart උනත් මේ චරිතෙට සුපිරිම සාධාරණයක් කරල තියනව කියල ෆිලුම බැලුවම ඔයාලට තේරෙයි. ඒකෙන් අදහස් කරන්නෙ කොමඩි නෑ කියන එක නෙවෙයි හොඳේ.
හොඳයි එහෙනම් ඔය ටික තමා විස්තර ටික. ලිපිය අවුල් වගේ කියල ෆිල්ම් එක බලන්නෙ නැතුව ඉන්න එපා. හොඳ ෆිලුමක් මග ඇරෙයි. මේක බාර දුන්න ලශේන් අයියාවත් මතක් කරන ගමන් දැනට නවතිනවා. තව ෆිලුමකින් හම්බෙමු. පරිස්සමින් ඉන්න. හැමෝටම ජය!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
6,524 downloadsDownload Fatherhood-2021.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුජිත් ප්‍රියංකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-05-15
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුජිත් ප්‍රියංකර
Subtitles
22 comments
gg
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!DILmin
උපසිරැසිවලට ස්තූතියි පුළුවන් නම් ' ' එකටත් දෙන්න
Sachintha Benat
බලපු ලස්සනම ෆිල්ම්වලින් එකක්. කෙවින් හාර්ට් පට්ටම සාධාරනයක් චරිතෙට කරනවා.
බොහොම ස්තූතී සහෝ සබ් එකට.
Nilush Angana
Sub ekata thanx
Anonymous
බොහොම ස්තුතියි උපසිරැසි වලට
indika75
thanks..
Nishan S. Ariyarathna
Thanks
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
අසේල
බොහොම ස්තූතියි මහත්තයෝ.... බුදු සරණයි දෙව් පිහිටයි
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Anonymous
Thanks Brother
jagath55
Thanks
Pramukmili
Thanxxxx bro..............
MAALNATH
Thanks.........good luck.......
thesaru praneeth
ft ft
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manohari
Bohoma sthuthi..Jaya wewa!
Neth
Thanks.
Cheer up Mr.lee and Yes day dennakoDewadithya
Thanks for Sub!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
Thanks bro for the Sub!