හැමෝටම සුභ දවසක් වේවා…!!! ඔන්න මගෙ දෙවෙනි උපසිරසියත් අරගෙන ආවා. පැය 2ක් දුවන මේ film එක Action / Adventure / Biography / Drama / History කාණ්ඩෙට තමා අයිති වෙන්නෙ. මේක film 5ක් තියෙන film serious එකක පළවෙනි ෆිල්ම් එක. ටිකක් පරණ උනාට මේක IMDB අගය 7.3කුත්, rotten tomatoes ප්‍රතිශතේ 88%කුත් හිමි කරගෙන…

හැමෝටම සුභ දවසක් වේවා…!!!
ඔන්න මගෙ දෙවෙනි උපසිරසියත් අරගෙන ආවා. පැය 2ක් දුවන මේ film එක Action / Adventure / Biography / Drama / History කාණ්ඩෙට තමා අයිති වෙන්නෙ. මේක film 5ක් තියෙන film serious එකක පළවෙනි ෆිල්ම් එක. ටිකක් පරණ උනාට මේක IMDB අගය 7.3කුත්, rotten tomatoes ප්‍රතිශතේ 88%කුත් හිමි කරගෙන තියෙන සුපිරි ෆිලුමක්. බොක්ස් ඔෆිස්හි ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන මේ ෆිලුම ඒ කාලෙ තරුණ තරුණියො අතරෙ සටන් කලා උමතුව ඇති කරන්නත් හේතු වෙලා තියෙනවා. තව මේ ෆිලුමට සම්මානත් බර තොගයක් හම්බ වෙලා තියෙනවා.
මේකෙ ප්‍රධාන චරිතෙ, එහෙමත් නැත්තම් කතාවෙ වීරයා වෙන මාස්ටර් වොන්ග්ට රඟපාන්නෙ අපි කවුරුත් දන්න සුපිරි සටන් නළුවෙක් වෙන jet-li. මෙයාගෙ නම අහපු ගමන්ම අපිට කතාවයි, කතාවෙ වලි ටිකයි කොහොම ඇත්ද කියලා හිතා ගන්න පුළුවන්නෙ. Tsui Hark මහත්තයා තමා මේ කතාව ලියලා, අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ. අනිත් චරිතවලට Rosamund kwan(13වෙනි නැන්දා), Biao yuen(ෆූන්), Jacky cheung(බක් ටූත් එහෙමත් නැත්තම් සෝ), Kent cheng(පොර්කි), Kam- fai(කායි), Cheung- yan(මාස්ටර් යිම්),Xin xiong(ෂාහෝ කල්ලියෙ නායකයා) වගෙ නළු නිළියො ටිකක් තමා රඟ පාන්නෙ.
කතාව ගැන කිව්වොත් මාස්ටර් වොන්ග් සටන් කලා උපදේශකයෙක්. එයා යටතේ සටන් කලා පුහුණුව ලබපු දේශීය මහජන හමුදාවක් ඉන්නවා. තව මෙයා දේශිය සම්ප්‍රදායෙ වෙද සායනයක්(පෝ-චී-ලැම්) පවත්වාගෙන යනවා. මේ අතරෙ මෙයාට එයාගෙ සීයගෙ සහෝදරයෙක්ගෙ දියණිය හම්බවෙනවා. මෙයාල දෙන්නා එක වයසෙ උනත් නෑදෑකමට වෙන්නෙ නැන්දනෙ. ඉතින් මෙයාට කතා කරන්නෙ 13වෙනි නැන්දා කියලා. මේ දෙන්නට ආදර හැගීම් තිබ්බත් මේ නෑදෑකම හින්දා ඒව හංගන් ඉන්න වෙලා තියෙන්නෙ. ෂාහෝ කල්ලිය කියන්නෙ මේ නගරෙ ඉන්න කප්පම් ගන්න, මැර කල්ලියක්. ඉතින් මාස්ටර් වොන්ග්ගෙ කට්ටියයි මේගොල්ලොයි අතරෙ සටන් ටිකක් ඇති වෙනවා. ඔය අතරෙ මාස්ටර්ට අයන් වෙස්ට්(මාස්ටර් යිම්) කියලා කෙනෙක් ද්වන්ධ සටනකට අභියෝග කරනවා. මෙයත් එසේ මෙසේ කෙනෙක් නෙමේ, වැඩකාරයෙක්. ඒ වගේම මේකාලෙ විදේශියොත් චීනෙට ඇවිල්ල ඉන්නෙ. මේ විදේශිකයන්ගෙ වැඩ හින්දා මාස්ටර් වොන්ග්ට ඒගොල්ලො එකකත් හැප්පෙන්න වෙනවා.
ඉතින් මම තව කතාව කියන්න යන්නෙ නෑ. මාස්ටර් වොන්ග් ද්වන්ධ සටනින් දිනයිද? මාස්ටර් වොන්ග් හා 13වෙනි නැන්ද අතර මොකෝ වෙන්නෙ? මේ විදේශිකයො කවුද? මේ ගොල්ලොන්ගෙ වැඩ මොනාද? කතාවෙ අවසානෙ මොකෝ වෙන්නෙ? මේ ප්‍රශ්නවලට උත්තර ඔයාලා ෆිලුම බලලම හොයාගන්නකො. උපසිරසියෙ අඩුපාඩු තියෙනව නම් පහළින් comment එකකුත් හලාගෙන යන්න කියලා ඉල්ලනවා.
එහෙනම් හැමෝටම ජය වේවා!!!
එහෙනම් හැමෝටම ජය වේවා!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
2,682 downloadsDownload Once-Upon-a-Time-in-China-1991-AKA-Wong-Fei-Hung.zip48 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිකිත මේනුල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-06-10
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිකිත මේනුල
Subtitles
22 comments
ශාමල් මනෝජන්
ශාමල් මනෝජන්
සහෝ පළමු ෆිල්ම් එකට සබ් දුන්න එක සෑහෙන වටින දෙයක්. ජෙට් ලී ඉන්න ඉතිරි ෆිල්ම් ටිකටත් සබ් දෙන්න සහෝ. සැහෙන වටිනවා මේ ටිකටත් සබ් දුන්නොත්.
Once Upon a Time in China II - 1992
(Wong Fei Hung II)Once Upon a Time in China III - 1993
(Wong Fei Hung III)Last Hero in China - 1993
(Wong Fei Hung V)Once Upon a Time in China & America - 1997
(Wong Fei Hung VI)Anonymous
Thanks mchn sub akta
Thawa wenas filumak ilagta deepn mchn
Oya pahala thyna set ekema ewa ona naAnonymous
❤️... 2,3 sub one...
Sahan Rashmik
Thank you machan, anith film tikatath sub tika denna welawak thibboth. Film eka balannath kalin comment eka danna awe. Good Luck bro
indika75
thanks..
Anonymous
Al pacino
Tom hanks wage actors lage film dynko bn parana ewa deddi mewage laachoru ewa nodeeAnonymous
ade jet lige film ekak chora wenne khmd bn.meka phrk.apahu prk lipiya kiywhn mchn
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
S.H. Tharaka prabhath
Thanks for the sinhala sub bro...
Udaya Fdo
Thank you
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Bimbisha Adithya
සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️
wasantha senadheera
මේ වගේ පරන සුපිරි ෆිල්ම් වල සබ් තව දෙන්න..
Heshara
උපසිරසියට බොහෝම ස්තූතී අනිත් ෆිල්ම්ස්වලටත් උපසිරස ලබා දෙන්න ජයවේවා. තෙරුවන් සරණයි
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
Anonymous
thanks saho
jagath55
Thanks
Dewadithya
Thanks for sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. සැහෙන කාලයක් සබ් දෙනකම් බලාගෙන හිටපු ෆිල්ම් එකක්.
පළවෙනි එක විතරක් දීලා මදි. ෆිල්ම් සීරියස් එකම ඕනේ.