Watch Trailer

Batman v Superman: Dawn of Justice (2016) with Sinhala Subtitles |යුක්තියේ අරුණැල්ල… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් අද කට්ටියට බයිස්කෝප් අපි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ සිනමා ලෝලීන් හුඟ දෙනෙක් හුඟක් ආසාවෙන බලාගෙන හිටපු ඒ සිනමාපටයයි. ඔව් Batman vs Superman Dawn of Justice. DC කොමික් රසිකයන් මේ වගේ සිනමාපටයක් නිර්මාණය වෙනකම් කොච්චර කල් බලාගෙන හිටියද… ඔන්න ඒ සිහිනය මේ අවුරුද්දෙ සැබෑ වුණා Watchmen, Sucker Pu…

Batman v Superman-Dawn of Justice (2016)

හොඳයි එහෙනම් අද කට්ටියට බයිස්කෝප් අපි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ සිනමා ලෝලීන් හුඟ දෙනෙක් හුඟක් ආසාවෙන බලාගෙන හිටපු ඒ සිනමාපටයයි. ඔව් Batman vs Superman Dawn of Justice. DC කොමික් රසිකයන් මේ වගේ සිනමාපටයක් නිර්මාණය වෙනකම් කොච්චර කල් බලාගෙන හිටියද… ඔන්න ඒ සිහිනය මේ අවුරුද්දෙ සැබෑ වුණා Watchmen, Sucker Punch, Legend of the Guardians: The Owls of Ga’Hoole, 300 සහ 2013 වසරේ නිකුත් වෙච්ච Man of Steel වැනි සිනමාපට අධ්‍යක්ෂණය කළ සැක් ස්නයිඩර් අධ්‍යක්ෂකතුමාට පිංසිද්ධ වෙන්න. සමහර විට කට්ටිය දන්නවත් ඇති සමහර විට නොදන්නවත් ඇති, මුළින්ම මේ සිනමාපටයට අඩිතාලම දැම්මේ Man of Steel සිනමාපටයෙන් කියලා. මං නම් කියන්නෙ මේ ෆිලුම බලන්න කළින් පොඩ්ඩක් MoS එක බලලා ඉන්න කියලයි. ඕනම නෑ. නමුත් බලලා හිටියා නම් හොඳයි කියලා කියනවා, පොඩ්ඩක් පරණ දේවල් මතක් කරගන්නත් එක්ක. මොකද මේ සිනමාපටය පටන් ගන්නෙත් MoS එකේ අන්තිමට සුපර්මෑන් ජෙනරල් සොඩ් එක්ක සටන ගිය තැනින්. ඉතින් මේ සිනමාපටය ගැන නම් කතා කරන්න හුඟක් දේවල් තියෙනවා. සිනමාපටය බලද්දි තේරෙනවා මේක නිකම්ම ආරම්භයක් නෙවෙයි කියලා. මේ සිනමාපටයේ වෙන සිදුවීම් ටික වෙන මොහොත වෙනකොට කොමික් වල වෙච්ච හුඟාක් සිදුවීම් දැනටම වෙලා ඉවරයි කියලා පෙන්නනවා. ඉස්සරහට ඒ ගැන කතා කරමුකො. ඉතින් සිනමාපටයේ නමින්ම මේකේ ප්‍රධාන චරිත වෙන්නෙ බැට්මෑන්(බැස්ටි) සහ සුපර්මෑන්(සුපී). ඒ අතරෙම ප්‍රධාන චරිතයක් විදිහට අපේ තෙමිස්කයිරා වල ඩයනා කුමරිය හෙවත් වොන්ඩර් වුමනුත් එනවා.

මේ වෙනකොට සිනමා රසිකයින් මේ චරිත වලට පණදෙන නළුනිලියන්ව නොදැන ඉන්න විදිහක් නෑනේ. මොකද ඒ තරමටම මේ සිනමාපටය ගැන අන්තර්ජාලය ඔස්සේ කතා වුණා. ඒත් කමක් නෑ. නළුනිළි කණ්ඩායමත් බලාගෙනම යමු. ප්‍රධාන චරිතයක් වෙන බැට්මෑන්, එහෙමත් නැත්නම් බෲස් වේන් විදිහට මේ සිනමාපටයෙදී අපට හම්බවෙන්නෙ බෙන් ඇෆ්ලෙක් කියන රංගධරයායි. මේ චරිතෙට බෙන්ව තෝරගත්තම හුඟක් අය කියපු දේවල් මේක ලියද්දි මට මතක් වෙනවා. හරියට මයිකල් කීටන් 1989 බැට්මෑන් සිනමාපටයේ බැට්මෑන් වෙනකොට, ෆැන්ටෑස්ටික් ෆෝ සිනමාපටයේ හියුමන් ටෝර්ච් වෙච්ච ක්‍රිස් එවන්ස් කැප්ටන් ඇමරිකා වෙනකොට,  හීත් ලේජර් අසමසම ජෝකර් චරිතය කරන්න එනකොට මිනිස්සු එයාලට එක එක කතා කිවුවා වගේ. ” මෙයාව හරියන්නෙ නෑ බැටාට. මෙයාට ඔය චරිතෙ හරියට කරන්න බෑ. බේල්ට වඩා වෙන හොඳ බැටෙක් ආයෙ නෑ.” ඔය වගේ කතා අපිට ඒ දවස් වල අන්තර්ජාලය පුරා අහන්න ලැබුණා. හැබැයි ඉතින් දැන් ඉතින් ඒ කෑගහපු හැමෝටම උත්තරේ ලැබිලා තියෙන්නෙ. හැබැයි ඉතින් දැන් එහෙම කියපු අයම තමා ඉතින් අනිත් පැත්තට කියන්නෙ “මේ තමා මං දැකපු නියම බැටා. ආයෙ කතා කරන්න දෙයක් නෑ” කියලා. මිනිස්සුන්ගෙ හැටි එහෙම තමා ඉතින්. හැබැයි ඉතින් DC ලෝලීන් වෙච්ච අපි නම් එදා ඉඳන් දැනගෙන හිටියා බෙන් අපි හිතනවටත් වඩා මේ චරිතයට සාධාරණයක් කරනවා කියලා.

 ඊළඟ චරිතෙ තමා සුපී. එහෙමත් නැත්නම් ක්ලාක් කෙන්ට්. හෙන්රි කැවිල් තමා ඉතින් මේ සුපීගෙ චරිතයට පන දෙන්නේ. කට්ටිය දන්නවා ඇතිනෙ MoS සිනමාපටය කරද්දිත් හෙන්රි මේ චරිතය වෙනුවෙන් කොච්චර කැපවුනාද කියලා. F&F සිනමාපට හරහා අපිට හමුවෙච්ච ගැල් ගැඩොට් තමා ඊළඟ චරිතය වෙන වොන්ඩර් වුමන් විදිහට මේ සිනමාපටයෙදී අපට හමුවන්නෙ. කට්ටිය මතක ඇතිනෙ වොන්ඩර් වුමන් විදිහට ගැල් ළමයව තොරගත්තහම කට්ටිය කියපු කතාව. ඔව් ඔව් ඒ ප්‍රශ්නෙ ගැන තමා කට්ටිය කිවුවෙ. 😛 ඒකට මාධ්‍ය සාකච්ඡාවකදි ගැල් හොඳ උත්තරයක් දුන්නා. මං ඒ උත්තරය මෙතන කියන්න යන්නෙ නෑ. 😛 හැබැයි ඉතින් මං නම් කියන්නෙ ගැල් ළමයව පවර් ගර්ල් විදිහටවත් ගත්තා නම් තමා ඒ ප්‍රශ්ණය හුඟක් බලපාන්න තිබුණේ. හෙ හේ… 😀 ඉතින් කොහොම හරි අන්තිමට සිනමාපටය බැලුවට පස්සෙ ගැල් ළමයා වොන්ඩර් වුමන්ට නියමෙට ගැලපෙනවනේ කියලා කියන්න ගත්තා සුපුරුදු පරිදිම.

MoS එකේ වගේම මේ සිනමාපටයෙදිත් ලොයිස් ලේන් විදිහට ඇමි ඇඩම්ස්වත්, සුපීගෙ පෘතුවියේ අම්මා වෙන මාතා කෙන්ට් විදිහට ඩයන් ලේන්වත්, ඩේලි ප්ලැනට් එකේ පෙරී වයිට් විදිහට ලෝරන්ස් ෆිශ්බන්වත්, ජෙනරල් සොඩ් විදිහට මයිකල් ෂැනොන්වත් අපිට දැකගන්න පුළුවන්. අපි හැමෝම බලාගෙන හිටපු අනිත් චරිතය තමයි ලෙක්ස් ලූතර්. මේකට වාසනාව හම්බෙන්නෙ ජෙසී අයිසන්බර්ග්ට. කට්ටිය තාමත් කියනවා ලෙක්ස් විදිහට එන්න ඕනා ජෙසීට වඩා පෞර්ශවත් කෙනෙක් කියලා. මටත් ඒකට එකඟ වෙනවද නැද්ද කියලා හිතාගන්න අමාරුයි. කෙවින් ස්පේසි, මයිකල් රෝස්න්බෑම් එක්ක එහෙම බලනකොට පොඩ්ඩක් ඒ ගැන හිතන්න වෙනවා තමා. අනිත් චරිත වෙන   ඇක්වාමෑන් විදිහට ජේසන් මැමෝවා, ෆ්ලෑෂ්, එහෙමත් නැත්නම් බැරී ඇලන් විදිහට එස්රා මිලර්ද, වික්ටර් ස්ටෝන් හෙවත් සයිබෝග් විදිහට රේ ෆිෂර්ද, මාර්තා වේන් විදිහට ලෝරන් කොහාන්ද, තෝමස් වේන් විදිහට ජෙෆ්රේ ඩීන් මොගන්ද මේ සිනමාපටයෙදී අපිට දැකගන්න පුළුවන්. අපිට බැටා සමග අමතකම කරන්න බැරි චරිතයක් වෙන, ඕනම වෙලාවක මාස්ටර් බෲස් කිය කිය බැටා ගැන සොයා බලන හිතවත් සේවකයා වෙන ඇල්ෆ්‍රඩ් පෙනිවර්ත් විදිහට මේකෙදි අපිට හමුවෙන්නෙ ජෙරමි අයන්ස්වයි.

දැන් හැරෙමු එහෙනම් කතාව පැත්තට…..
සුපුරුදු විදිහටම මේකෙත් බැටාගෙ පොඩි කාලෙ සිදුවීම් තියෙනවා. අම්මවයි තාත්තවයි මරණ සිදුවීම. ඊට පස්සෙ තියෙන්නෙ මුළින්ම මම කිවුවා වගේ  අර Man of Steel ෆිල්ම් එකේ සුපී ජෙනරල් සොඩ් එක්ක සටන යන දර්ශනය. MoS ෆිල්ම් එක බලද්දි අපි නොදැක්කට ඒ සිදුවීම වෙද්දි බෲස් එතන ඉඳලා තියෙනවා. ඒ වගේම අපි දැක්කනෙ ඒ සටන නිසා මෙට්‍රොපොලිස් වලට කොච්චර අලාභ හානියක් වුණාද කියලා. ඒ සටනේදි මෙට්‍රොපොලිස් නගරෙ තියෙන වේන් සමාගමේ ශාඛාවකුත් විනාශ වෙනවා. ඒ වගේම කට්ටියට මතක නම්, MoS ෆිල්ම් එකේදි අර විනාශ වෙන චන්ද්‍රිකාවත් අයිති බෲස් වේන්ටම තමා. මතක නැතිනම් යන්න යන්න, දැන්මම ගිහින් බලන්න ඒක. ඉතින් මේ සටනෙදි හුඟක් මිනිස්සුන්ව මැරෙනවා. ඉතිං හිතාගන්න පුළුවන්නෙ බැටාට මේ ගැන කොච්චර තරහක් එන්න ඇතිද කියලා. ඉතින් ඒ නිසා මෙයා තීරණය කරනවා සුපීව මරන්න. ඒත් කොහොමද ඒක කරන්නෙ. එතනදි තමා බෲස්ට, ලෙක්ස් ලූතර් හරහා ක්‍රිප්ටොනයිට් ගැන දැනගන්න ලැබෙන්නෙ. ඊට පස්සෙ මෙයා ලෙක්ස්කෝප් එකෙන් ක්‍රිප්ටොනයිට් හොරකම් කරනවා. ඒ අතරේ ලෙක්ස් සෙනෙටර් ෆින්ච් මාර්ගයෙන් ජෙනරල් සොඩ්ගෙ මිනිය වගේම ක්‍රිප්ටෝනියන් යානයටත් ඇතුල් වෙන්න අවසර ලබා ගන්නවා. බෲස් වේන් ලෙක්ස්කෝප් එකේ තියෙන ලෙක්ස්ගෙ සාදයකට යනවා. එතනදි තමා බෲස්ට මුල්ම වතාවට ඩයනා කුමරියව හම්බවෙන්නෙ. මෙතනදි බෲස් ලෙක්ස්ගෙ මේන්ෆ්‍රේම් කම්පියුටර් එකෙන් දත්ත වගයක් ගන්නවා. ඊට පස්සෙ ඒ ටික ඩික්‍රිප්ට් කර කර ඉන්නකොට තමා වැදගත්ම දේ වෙන්නෙ. ජස්ටිස් ලීග් එකට පාර කැපීම. මං කතාව කියන එක මෙතනින් නවත්තන්නම්. ෆිල්ම් එකේ තියෙන අනිත් වැදගත් කරුණු කීපය විස්තර කරන්නම්. මම ඒක සබ්  එකත් එක්ක  වෙනම නෝට්පෑඩ්  ෆයිල් එකක අන්තර්ගත කරලා තියෙනවා. මොකද ඒ ගැන මෙතන විස්තරයක් දුන්නොත් ඔයාලට මම මුළු කතාවම කිව්වා වෙනවා. ඒ නිසා කතාව බලල ඒක ඕපන් කරගෙන කියවන්න. චිත්‍රපටයේ තියෙන ස්පොයිලර් වගේම ඊස්ටර් එග්ස්  ගැන තරමක් දැනගන්න පුළුවන් වේවි.

අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ මේ ෆිල්ම් එක හරහා ඉස්සරහට එන්න තියෙන හුඟක් ෆිල්ම් වලට මග පාදලා තියෙන්නෙ කියලා. නිල නොලත් විදිහට ආරංචියි බෙන් ඇෆ්ලෙක්ම අධ්‍යක්ෂණය කරන බැට්මෑන් සිනමාපටයක් එන්න තියෙනවා.  2017 ජූනි 2 වොන්ඩර් වුමන් ෆිල්ම් එක එනවා කියලා දැනට කියල තියෙනවා. 2018 අවුරුද්දෙ ෆ්ලෑෂ් ෆිල්ම් එක වගේම අක්වාමෑන් ෆිල්ම් එක. 2020 අවුරුද්දෙ ග්‍රීන් ලැන්ටර්න් කෝර්ප්ස් සහ සයිබෝග් ෆිල්ම් දෙකත් එනවා කියලා දැනට කියලා තියෙනවා. 2017 ජස්ටිස් ලීග් පලවෙනි කොටස අපිට බලාගන්න පුළුවන් වගේම 2019 අවුරුද්දෙ ඒකෙ දෙවනි කොටස බලාගන්න පුළුවන්. ඒ වෙනකම් පණ බේරගෙන ඉන්න තමා තියෙන්නෙ. ඔය මම කියපු කාල වකවානු බොහෝ දුරට වෙනස් වෙන්න පුළුවන්. අනික් විශේෂ කාරණය තමා මේ අවුරුද්දෙ බැට්මෑන් ඉන්න සිනමාපට දෙකක්ම නිකුත් වෙනවා කියන එක. සුයි සයිඩ් එකෙත් බැටා ඉන්නවනේ. ඒකයි.

මේ දීර්ග විස්තරයයි අලගිය තැන මුල ගිය තැන් කියල දුන්නේ කවුද කියලා බයිස්කෝප් එකට එන හැමෝටම අනුමාන කරන්න පුළුවන් නේ? වෙන කවුරුත් නෙමේ මේ වගේ DC පිස්සෙකුට ඉන්නේ සමන් ප්‍රසාද් හේවත් පූසා විතරයි. මේ ලිපිය වෙනුවෙන් බළලාට ස්තුතිය  හිමි වෙන්නේ. පූසා කියාගත්තට  මම නම් කතා කරන්නේ බළලා කියල. අනික් කාරණය තමයි මේ චිත්‍රපටයේ උපසිරැසි කරන්න භාර උනෙත් ඒ සත්වයාටම තමා. පස්සේ මිනිහට කුලී වැඩ වගයක් හම්බෙලා මේකට පොල්ලක් තිබ්බා. ඒ නිසා අන්තිමේ උපසිරස කරන්න සිද්ධ උනේ මට. ටික කලකට උපසිරසිකරණයෙන් ඉවත් වෙන්න හිතුවට එහෙම ඉන්න එක ලේසි නැහැ. ඒ නිසාත් DC ෆිල්ම් එකක් අතාරින්න තියෙන ලෝබකම නිසාත් ආයේ උපසිරසක් කරන්න යොමු උනා. එහෙනම් ඉතින් කට්ටියට ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා. නැවතහමුවෙමු.  ජය වේවා…!!!

 

Batman v Superman: Dawn of Justice (2016) on IMDb

 

 

 

” Due to copyright issues, we do not provide any torrent links. “

සියලුම Extended Cut Ultimate Edition BR පිටපත් සඳහා අදාළ වේ.

48,349 downloadsDownload Batman.v.Superman.Dawn_.of_.Justice.2016.EXTENDED.Baiscopelk.com_.rar182 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

හසන්ත වික්‍රමරත්න

Subtitles

48,349 downloadsDownload Subtitles182 KB

186 comments

  1. namal

    ela

  2. Sandeepa Ratnayake

    Thanks br :-)

  3. Dee

    Thank u.............................. ela :D

  4. yasas

    thankzzzzzzzz aiye.......

  5. Kulanjana Maduranga

    niayamai…mechchara dawasak hitapu 1ke br 1ka enakm innawa.thanks HASANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Sajeevi

    Thanks

  7. Sanindu Lakkitha

    Ela machn thnx.. BR eka awama download karanawa..
    Good Luck .

  8. Dhanushka

    Thankssssss!!!!!!!!!!!!!!!!!!!!!!

  9. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට.
    මේක දෙනකම් තමා බලාගෙන හිටියේ...
    සමන් ප්‍රසාද් සහෝ එක්ක ලියලා තියෙන ලිපියත් නියමයි. ඒකෙන් ගොඩක් දෙවල් දැන ගත්තා...
    හොඳ කොපියක් ආව ගමන්ම අර ගන්නවා...
    ජයෙන් ජය....

  10. නුවන්

    ස්තූතියි සහෝ...

  11. Dil Ru

    බොහොම ස්තූතියි හසන්ත අයියේ. ඒ වගේම සමන් ප්‍රසාද් අයියටත් ස්තූතියි ලිපියට

  12. සුරේෂ් ජයතිලක

    පහර පහර! =D

  13. exit_9.1

    WoW,
    Mewa mehema balanna baroooo.
    Br enakn innama wenawa.

  14. Samila Udayantha

    Thabks bro.......................DCEU ekata jayawewa

  15. Samith

    බොහොම ස්තූතියි හසන්ත අයියේ

  16. Fawaz

    ELAKIRI TNX BANG

  17. kavinda

    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ බ්ලුරේ 1080p පික්සල් එකම දෙනකම් අමාරුවෙන්

    මේක හොදට දිලිසි දිලිසි බලන්න ඕන චිත්රපටයක්නේ .
    ඉවසන් ඉන්නවා…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට.

    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

    මේක පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් .
    කරන වැඩේ..ජය
    සුපිරියි සුභපැතුම්.
    දිගටම සබ් කරන්න ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වේවා !!!¡¡!!!!

    , අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා. Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත් ඉන්නවා සුබපැතුම් ජයවේවා!
    බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රපයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
    අනේ මේ වගේම SMALLVILLE TV SEASON සේරමටත් සබ දෙන්න .
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්න හැමෝටම .
    ඔයාලට වචනයෙන් කියන්න බැරි තරමට ස්තූතියි. මේකේ SEASON 10ක් තියෙනවා.
    මේකත් smallville වගේ නිසා මට නම් හොදට හිතට අල්ලලා තියෙන්නේ. smallville එක සිංහල සබ් දාන්නකෝ සම්පුර්ණ කතාවම .
    ගොඩක් ස්තූතියි. දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    ඔන්න ගත්තා බොහොම ස්තුතියි වේගෙන්ම දෙමු. ඒ වගේම මමත් කැමතියි SMALLVILLE එකත් සබ් දෙනවානම්
    නමුත් smallville එකේ නම් season 10 තියෙනවා එත් කතාවනම් සුපිරියතම තියෙනවා. smallville සම්පුර්ණ කතාවම දානවානම් එක හැමෝම වෙනුවෙන් කරන ලොකුම සේවයක් වෙනවා.
    smallville කියන්නේ අපි පොඩි කාලේ බලපු ගොඩක් ලස්සන කථාවක් .
    මට මතක විදිහට smallville පළවෙනි season එක පටන් ගත්තේ 2001 දී ඉවර කළේ 2011 දී විතර වගේ .
    මම පොඩි කලේ පාසල් නොයා හරි ගෙදර වැඩ නොකර පිස්සුවෙන් වාගේ බලපු කථාවක් තමා එක.
    සුපිරි බොහෝම ස්තුතියි මහන්සිවෙලා සබ් දුන්නට.
    DC කථාවක් නම් ඉතින් සුපිරිම තමා.
    පුංචි කලේ මගෙත් කැමතිම වීරයා තමා superman පුංචි කලේ මම ගොඩක් අසාවෙන් බලපු කථාවක් smallville කියන්නේ එකට
    සිංහල sub දෙනවා නම් ගොඩක් අගය කරනවා. කොමික් සෙට් එකම ඉන්නවා .
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
    නියම කතාවක් මේක .
    දිගටම කරගෙන යමු…
    කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි

    1. Asiri

      කොරියන් කතා???

    2. Hope

      ohoma nahayen adanna epa bn nitharama... uba reply ekak dammoth aniwa smallville sub dannalu hama ekatama. Smallville outdated bn. Dan ewata sub karanne na... Poddak therum ganinko plz.

    3. hitlor

      kauda bn me sub illala nahayen adana podi aka

  18. Vidura

    Thanks
    :D (y)

  19. රොයිලි

    බොහොම ස්තූතියි හසෝ සිංහල උපසිරැසියට. හොඳ කොපියක් ආවහමම බලන්නම්. මෙහෙම බලලා හරි යන්නෙ නෑ. මම හිතුවෙම පූසා මේක කරයි කියලා. ජය෴෴ :P :P

  20. Asiri

    පට්ටායි.... දත කට මැදගෙන බලාගෙන හිටපු ෆිල්මුවක්.DC කොමික් වල ෆිල්ම් එකක් කිව්වම ආයේ අනික්වට හැරෙන්නවත් බෑ.එලම තමා.sub කරපු හසන්ත සහෝටයි ලිපිය ලියපු පූස් සහෝටයි පට්ට ස්තූතියි.ජය වේවා...

  21. තිසර නියෝ

    පූසල, මාමිලා, චාමරලා අර උද පැන පැන බලන් හිටපු දැන් වෙනකොට එපාම වෙලා තියෙන ෆිලුම නේ මේ...
    මොනා උනත් දැන් කට්ටිය අඬල එහෙම ඉවර ඇති නේ...
    මොනා උනත් පූසා පව්...
    උපසිරැසියට තුති…
    br එනකල්ම ඉන්නවා ඉතින්....

    #Hail_Hydra

    1. සමීර කරුණාරත්න

      ඌ පව් නැහැ බන්... හොර පුසා

    2. සමන් ප්‍රසාද්

      කවුද යකෝ හොර පූසා... -_-

    3. තිසර නියෝ

      අහ සමීරට වැරදිලා. හොර බළල් තඩියා කියල වෙනස් වෙන්න ඕනි

  22. Shenin Perera

    බොහොම ස්තූති හසන්ත අයියේ සිංහල Sub එකට!

  23. Tharindu Athukorala

    තැන්කු බ්‍රෝ.හොද කොපියක් එනකම් ඉන්නවා

  24. the flash

    oh kollo meke denkam thamai balan idiye than koooooooooooo

  25. Saketha Pulasthi

    ස්නයිඩර්ගෙ ෆිල්ම් එකක් නිසයි,ගැඩොට් අක්ක <3 හිටපු නිසයි හෝල් එකේදි ඇස් දෙක එලියට දාගෙන බැලුව මිසක කියපු දේවල් නම් තේරුනේ නෑ.(ස්නයිඩර්ගෙ ෆිල්ම් එකක මීට වඩා දෙයක් බලාපොරොත්තුවෙන් හිටියෙ :( )
    R-rated BR එකටම සබ් එක අප්ඩේට් කරමු....
    උපසිරසියට බොහොම ස්තූතියි :)

  26. Hima Bene

    thanx saho...... meka enakan balan hitaye...

  27. Jack

    නියමයි හසන්ත අයියේ...
    මේක නම් බලන්නේ නිලක් තමයි.
    ආව ගමන්ම අප්ඩේට් එකක් දෙන්න.
    ස්තුතියි සබ් එකට.
    ජය...

  28. Ysa

    එල මචෝ.bluray එකක් එනකන්ම ඉන්නවා කොහොමහරි එතකොට තමයි අගේ වැඩි.... :-D

  29. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි හසා මාමි..
    අනේ අර අසරණ බළල් තඩියා කාලයක් බලන් උන්නා
    මේකට සබ් දාන්න.අවුලක් නැහැ අන්තිමේ ලිපියවත් ලියලනේ..
    මේවගේ ෆිලුමක් ඉතින් ආයේ බලන්න ඕනේ බ්ලුරේම තමා.එතකන් ඉවසනවා.
    ඔය මාවල් උන් කෑ ගහන්නේ පැහැදිලි ඉරිසියාවට.
    ආ පුසටත් තැන්කු වේවා දීර්ඝ ලිපිය වෙනුවෙන්.
    බ්ලුරේ ආ සැනින් අප්ඩේට් පාරක් දාලා ඕනේ.

  30. rajitha sankalpa

    thanks

  31. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!

  32. kasun

    thanks saho thanks

  33. Gathsara Umesh Kumara

    වෙන අඩවියකින් දීල තිබ්බත් මේකෙන් දෙනක්ම්ම හිටියා.සබට තුති සහෝ..දිගටම යමූ.............

  34. asiri

    thanks maxxaaa

  35. Sajith Anthony

    බොහොම ස්තූතියි උපසිරසට.
    මේක දෙනකම් තමා බලාගෙන හිටියේ
    ජයවේවා…!!!

  36. sam

    patta... thanks bro....

  37. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  38. ප්‍රණීත් චින්තක

    ෆිලුම දැන් තමා බලන්නේ.
    උපසිරැසියට බොහෝම ස්තුතියි කිව්වා.
    කොහොමත් ෆිලුමට වඩා මට නම් නැගලා ගියේ පූසට එරෙහිව පේජ් එකේ දාපු
    වීඩියෝ එක.
    පව් ඉතිං ඤාව්වා. කොහොම උනත් එක්කෝ ඌ බැන බැන සබත් එක්ක බලනවා ඇති,
    නැතිනං ඌම සාංකාවට කියලා උගේම සබ් එකක් හදාගෙන බලනවද දන්නේ නෑ. :) :P

  39. Lt.

    හ..යි..යෝ..යෝ පූ...සා....!!!!
    :D

    එල එල සබ් එකට ස්තූතියි.

  40. manoj

    what is the release date of ARROW last episode and FLASH last episode thank for baiscope team

  41. thuaitha

    thanks machoo........

  42. Lakshan

    තෑන්ක් යු තෑන්ක් යු
    මේක film හෝල් එකේ බැලුවට පස්සේ ඉන්නේ හොඳ එකක් එනේකන් මයි මොකද DC කිව්වොත් ඉතින් අත හරින්න බෑ නේ එකයි සබ් එක දුන්නට ස්තුතියි ..හැමබ්යි දැන්ම මේක බාන්න යන්නේ නෑ මොකද CE(COLLECTORS EDITION) එක කොහොම හරි බාගන්න ඕනේ ඒක ආපුවාම ....
    සබ් එක විතරක් ඔහේ බාගන්නවා
    දිගටම සබ් කරන්න okඑහෙනම් ....
    ආයෙත් ස්තුතියි ....

  43. Vikum08

    නියමයි..! හසන්ත අයියේ..!
    මේ වගේ දැවැන්ත නිර්මාණයක් ඔයා වගේ දැවැන්ත උපසිරැසි නිර්මාණ කරුවෙකුගේ උපසිරසියකින්ම බලන්න ලැබෙන එක වටිනවා..!
    නිල් කිරණ පිටපත් නිකුත් වූ සැනින් යාවත්කාලීනයක් දෙමු සහෝ..!

    2017 දී යුක්තිගරුක ලීගයත් ඔබේ උපසිරසියකින්ම ලැබේවායි ප්‍රාර්ථනා කරනවා...!

    ඔබට සඳා ජය..!

  44. shikama

    මොකක්ද බන් MoS කියන ෆිල්ම් එක. එක්කෝ සම්පූර්ණ නම දාන්න ඕන නැත්තම් ලින්කුවක් වත්. වැඩිය ෆිල්ම් බලන්නේ නැති උන් කියල අනාත කරන්ඩ එපා.

    1. සමන් ප්‍රසාද්

      සමාවෙන්න සහෝ. MoS කිවුවෙ 2013 වසරෙ ආපු Man of Steel සිනමාපටයයි... :)

  45. bobby

    Thank you very much Hasantha

  46. Avinda

    Machan godak thx sub ekata. Puluwan nam The huntsman ekatai gods of Egypt ektat sub dipanko patta film dekak bn
    Anyway thx

  47. Avinda

    godak thx sub ekata. Puluwan nam The huntsman ekatai gods of Egypt ektat sub dipanko patta film dekak bn
    Anyway thx

  48. rex

    captain America civil war aket sub denako..................

  49. oshan

    Thanx br enakn innawa eth hadisi

  50. සමන් ප්‍රසාද්

    අනේද කියන්නෙ ඉතින්... මට වැඩක් සෙට් වුණේ නැත්නම් ඔබතුමාට කීයටවත් මං මේක දෙන්නෙ නෑ...
    ඔබතුමාගෙ වාසනාව මගේ අවාසනාව තමා ඉතින්..
    හා හා කමක් නෑ කවුරු හරි සයිට් එක වෙනුවන් සබ් ඒක දුන්නනේ... ඒ ඇති...
    හැබැයි ඉතින් ඉස්සරහට එන අනිත් ෆිල්ම් වලට ඔය ටික වෙයි කියලා නම් හීන දකින්න එපා...
    ඒවා නම් මැරුණත් දෙන්නෙ නෑ... :P
    සබට තුති...!!!
    ජය වේවා...!!!

    ප.ලි. - ලිපිය වෙනුවෙන් තවම මගේ ගාස්තුව ගෙවා නැත. කරුණාකර එය ගෙවීමට කාරුණික වන්න. අවසාන නිවේදනයයි...

Load more comments