Watch Trailer

Battalion (2015) Sinhala Subtitles | නොසැලෙන කැපවීම [සිංහල උපසිරසි සමඟ]

ඉතින් බයිස්කෝප් යාලුවනෙ හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න මම අදත් රුසියානු චිත්‍රපටියක් ගෙනාවා. අපි ඕනතරම් දෙවන ලෝක යුද්ධය ගැන කියවෙන චිත්‍රපටි දැකල තිබුනට පලවෙනි ලෝක යුද්ධය ගැන කියවෙන චිත්‍රපටි තරමක් අඩුයි. රුසියානු ඉතිහාසයෙ වඩාත් සංකීර්ණම කාල පරිච්ඡේදය ලෙස සලකන මේ කාලය ගැන කියවෙන සංවේදී වගේම ලස්සන චිත…

ඉතින් බයිස්කෝප් යාලුවනෙ හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න මම අදත් රුසියානු චිත්‍රපටියක් ගෙනාවා. අපි ඕනතරම් දෙවන ලෝක යුද්ධය ගැන කියවෙන චිත්‍රපටි දැකල තිබුනට පලවෙනි ලෝක යුද්ධය ගැන කියවෙන චිත්‍රපටි තරමක් අඩුයි. රුසියානු ඉතිහාසයෙ වඩාත් සංකීර්ණම කාල පරිච්ඡේදය ලෙස සලකන මේ කාලය ගැන කියවෙන සංවේදී වගේම ලස්සන චිත්‍රපටියක් මම අද ගෙනත් තියෙන්නෙ. Dmitriy Meskhiev විසින් අධ්‍යක්ෂනය කරපු මේ චිත්‍රපටියට Lesya Andreeva, Mariya Antonova, Mariya Aronova වගෙ දක්ෂ නළු නිලියන් රැසක් දායකවෙනවා. පැය දෙකකට වඩා කාලයක් දිවෙන 2015 පෙබරවාරි 20 තිරගතවුන මේ චිත්‍රපටය ගැන බොහෝ දෙනෙක් ප්‍රශංසාවෙන් යුතුව කතාකලා. ඒ මේ චිත්‍රපටියෙ ඇති විශිෂ්ඨ රංගනය ගැන වගේම නිවැරදි ඓතිහාසික තොරතුරු හේතුවෙන්. මේ චිත්‍රපටියෙ පෙන්වන ගිනි අවි, නිල ඇඳුම්, රථවාහන, ආදිය සියල්ලම නිවැරදි ලෙස නිර්මාණය කිරීමට දැඩි පරිශ්‍රමයක් දරා තිබෙනවා. මේ චිත්‍රපටය දෙස් විදෙස් සම්මාන උලෙලවල් රාශියක් නියෝජනය කර තිබෙන අතර ඉන් බොහෝමයක් අවස්ථාවල ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා.

මාරියා බොච්කරේවා ඇතුළු කාන්තා බලඇණිය

ඒ 1917 වසරයි රුසියානු ඉතිහාසෙ වඩාත් සංකීර්ණම යුගය, මේ කාලයෙ රුසියානු විප්ලයවත් පළමු ලෝක යුද්ධයත් නිසා මේ සංකීර්ණ බව ඇතිවෙනවා. 1917 පෙබරවාරි මාසයේ ඇතිවුන රුසියානු විප්ලවය නිසා සාමාන්‍ය ජනජීවිතයට මෙන්ම පලමු ලෝක යුද්ධයෙ සටන්කල රුසියානු හමුදාවටත් බලපෑම් එල්ලකලා. රුසියානු රාජාණ්ඩුව පෙරලී තිබුනු අතර ජර්මන්නුන්ට එරෙහිව සටන්කරන්න සොල්දාදුවන් මැලිකමක් දැක්වුවා. මේ කාලෙ කොමියුනිස්ට් වාදී බොල්ශෙවික් පාක්ශිකයන් රුසියානු හමුදාව තුල සක්‍රීයව හිටියා. ඔවුන් සතුරා සමග සටන් නොකල අතර හමුදා කමිටු පත්කරගෙන ඉහල නිලධාරීන්ට බලපෑම් කරමින් හිටියා. පරාජයෙ අභියස හිටි හමුදාව දැනගන් ප්‍රාදේශිය රජය මෙයින් ගොඩ ඒම සඳහාත් හමුදාවෙ ධෛරය ශක්තිය ඉහල නැංවීම උදේසාත් මාරියා බොච්කරේවා නම් හමුදා සෙබලියක් යටතේ කාන්තා බලඇණියක් නිර්මාණය කරනවා. ඔවුන්ට මේ බල ඇණිය නිර්මාණයේදි කැපකිරීම් රාශියක් සිදුකරන්න වෙනවා, අන්න ඒ සත්‍ය සිදුවීම ගැන මේ චිත්‍රපටයෙන් ඔයාලට බලාගන්න පුලුවන්. මේ චිත්‍රපටිය හොයාගෙන කොහොමහරි බලන්න. අමුත්තක් දැනේවි. ඔයාල හැමෝටම සුභ දවසක් වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.

2,888 downloadsDownload Battalion-2015.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

උවිඳු සත්සර

Subtitles

2,888 downloadsDownload Subtitles33 KB

9 comments

  1. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. sampath n perera

    jayawewa

  3. isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි !!

  4. හෂාන්

    උපසිරසියට බොහෝම ස්තූතියි

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Dewadithya

    Thanks for sub!

  7. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  8. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  9. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!