කොහොමද බයිස්කෝප් හිතවතුනි.. මේ උපසිරැසි අරගෙන එන්නෙ කොරියානු චිත්‍රපට වලට ඇලුම් කරන ගොඩක් දෙනෙක් එනකල් මග බලාගෙන හිටිය චිත්‍රපටයකටයි..මං උපසිරැසි අරගෙන ආව Steel Rain චිත්‍රපටය ගොඩක් දෙනෙක් නරඹන්න ඇතිනෙ.ඒකෙ sequel එකක් විදිහට එන Steel Rain 2 : Summit පලමු චිත්‍රපටය හා කිසිදු සම්බන්ධයක් නෑ..ඒත් නිකුත…

කොහොමද බයිස්කෝප් හිතවතුනි..
මේ උපසිරැසි අරගෙන එන්නෙ කොරියානු චිත්‍රපට වලට ඇලුම් කරන ගොඩක් දෙනෙක් එනකල් මග බලාගෙන හිටිය චිත්‍රපටයකටයි..මං උපසිරැසි අරගෙන ආව Steel Rain චිත්‍රපටය ගොඩක් දෙනෙක් නරඹන්න ඇතිනෙ.ඒකෙ sequel එකක් විදිහට එන Steel Rain 2 : Summit පලමු චිත්‍රපටය හා කිසිදු සම්බන්ධයක් නෑ..ඒත් නිකුත් වුන දවසෙම කොරියාවේ Box office වාර්තා අතර ඉහලට පැමිණෙන්න සමත් වෙලා තියෙනවා.ජූලි මස 29 වෙනිදා තිරගත කිරීම් ආරම්භ කරපු මේ චිත්‍රපටය මේ වනවිට 7.6 ක IMDb අගයක් අරගෙන තියෙනවා..පලමු චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු Yang Woo-suk තමයි මේකත් අධ්‍යක්ෂණය කරන්නේ.නළු නිළියන් ගැන කියනවනම් පලමු චිත්‍රපටයේ හිටිය Jung Woo-sung , Kwak Do-won මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වුනත් මේ පාර මේ දෙන්නා නියෝජනය කරන රටවල් දෙක වෙනස්.මීට අමතරව Yoo Yeon-Seok සහ Jeong-geun Shin වගේ නළු නිලියන් විශාල පිරිසක් රංගනයෙන් දායක වෙනවා.එහෙනම් චිත්‍රපටයේ මොකද වෙන්නෙ කියලා බලමු.
ජපාන ධනවතෙක් විසින් චීන නිලධාරියෙක්ට කගේමුෂා මෙහෙයුම කියලා අතිරහසිගත ඇමරිකානු ලියවිල්ලක් පෙන්වනවා.මේකෙ තියෙන්නෙ ජපානය සහ ඇමරිකාව එකතු වෙලා කරන කුමන්ත්‍රණයකින් චීනය ආක්‍රමණය කරලා ඇමරිකාවට තමන්ගේ ලෝක බලවතා කියන තැන නැවත තහවුරු කරගන්න මෙහෙයුමක සැලැස්මක්.ඒත් ජපානය චීනය එක්ක යුද්ධයට යන එක අවදානම් නිසා චීනය එක්ක එකතු වෙලා මේකට ඉලක්ක කරන්නෙ උතුරු සහ දකුණු කොරියාවයි.ඉතින් ඔවුන් මේකට උතුරු කොරියාවෙ ඉහල හමුදා නිළධාරියෙක්ට මුදල් ගෙවනවා..මේ වෙලාවෙදි උතුරු කොරියානු නායකයා, දකුණු කොරියා සහ ඇමරිකානු ජනාධිපතිවරුන් කොරියා අර්ධද්වීපයේ සාමය තහවුරු කරන්න සාකච්ඡා කිරීමට එකතු වෙනවා.මේකට රැස් වෙන නායකයින්ව ප්‍රාණ ඇපයට අරගන්න කුමන්ත්‍රණයට හවුල් හමුදා නිලධාරියා න්‍යෂ්ටික මිසයිල සහිත සබ්මැරීනයකට ගෙනියනවා.මේකෙන් පස්සෙ ලෝක දේශපාලනය ගොඩක් උණුසුම් වෙනවා.ඇමරිකාව චීනය වගේ රටවල් අතර යුද්ධයක් ඇතිවෙන්නත් යනවා.ඒත් මේ නිළධාරියාගෙ ඇත්තම අරමුණ වෙනම එකක්..ඒ මොකක්ද කියලා මං කියන්නෙ නෑ..
පැය 14ක් විතර එකදිගට ටයිප් කරලා හරිම මහන්සියි..වැරැද්දක් තිබුනොත් සමාවෙන්න,එහෙනම් මං සමුගන්නවා..හොඳ නරක කියලා කමෙන්ට් එකක් දාන්න.
හැමෝටම ජය..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
7,035 downloadsDownload Steel-Rain-2-2020.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
22 comments
Prabodha
Anonymous
sthuthi sub ekata
film eke plot eka waradi neda
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Unkown
sputnik movie eke plot eke nam tiyenne..
Kavindu12345desilva
thanks sub ekta jaya wewa
penisula,alive,beasts crawaling at straws wage thwa 2020 release vena hoda korean films valta sub denna pleaseAnonymous
sub eka supiri digatama korean diyan deiya
Anonymous
sub eka supiri digatama korean diyan deiya adarei
Sulakshana Thilakarathna
Sub eka kotapu agili walata devi raka waranai!! Bohoma sthuthi
isuru srinath sjs
උපසිරැසියට බොහොම ස්තුතියි ..
ජය!!සඳමාල්
කලින් ෆිලුමත් බැලුව සහෝ.නියම කතාවක් මේකත් එහෙමම ඇති කියල හිතනවා.බොහොම ස්තුතියි...
sashitha
ela broo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
super...thanks
Malith Samarawickrama
එනකල් බලන් ඉදපු ෆිලුමක් ස්තුතියි සහෝ උපසිරැසියට.
Nilush Angana
Sub ekata thanx
MAALNATH
Thanks ..............good luck .............
kevin D...
Thanks...
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Bobby
Thank you very much
misaja
supiriiiii
Dewadithya
Thanks for sub!
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Sthuthi obata...