Watch Trailer

Battery Number One (2015) aka Edinichka Sinhala Subtitles | අභීත විරුවන් [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් යාලුවො හැමෝටම සුභදවසක්, මම අදත් අරගෙන ආවෙ දෙවන ලෝක යුද්ධය ගැන කියවෙන රුසියානු චිත්‍රපටයක්. මේ කතාව අධ්‍යක්ෂණය කලේ Kirill Belevich විසින් වන අතර Stanislav Callas, Valeriya Dmitrieva, Ilya Korobko ඇතුළු විශාල පිරිසක් රංගනයෙන් දායකවෙනවා. Drama, War කාණ්ඩවලට අයිති මෙම සිනමා පටය 2015 මැයි 09 ව…

බයිස්කෝප් යාලුවො හැමෝටම සුභදවසක්, මම අදත් අරගෙන ආවෙ දෙවන ලෝක යුද්ධය ගැන කියවෙන රුසියානු චිත්‍රපටයක්. මේ කතාව අධ්‍යක්ෂණය කලේ Kirill Belevich විසින් වන අතර Stanislav Callas, Valeriya Dmitrieva, Ilya Korobko ඇතුළු විශාල පිරිසක් රංගනයෙන් දායකවෙනවා. Drama, War කාණ්ඩවලට අයිති මෙම සිනමා පටය 2015 මැයි 09 වනදා රුසියාවෙ ප්‍රදර්ශනය ආරම්භවුනා. පැය එකයි මිනිත්තු පහලවක් පුරා ධාවනය වෙනවා. මෙ චිත්‍රපටියෙ ඉතාම ආකර්ශනීය දර්ශන තල යොදාගෙන තියෙනව, බොහෝ ප්‍රේක්ෂකයන්ගෙ අවධානය දිනා ගැනීමට තිර පිටපත සමත්වුනා. මම උපසිරසි කරන රුසියානු චිත්‍රපට නරඹන්නෙ ඉතාම සීමිත බයිස්කෝප් පිරිසක් වෙන අතර ඒ සංඛ්‍යාව දිනෙන් දින වැඩිකරගන්න බලාපොරොත්තුවෙනවා. ඒකට ඔය යාලුවන්ගෙ සහාය මට උවමනාවෙනවා.

දැන් අපි චිත්‍රපටියෙ කතාව පැත්තට හැරෙමු. 1944 වසර,පෝලන්තය තුල ජර්මන් හමුදා සහ රුසියානු රතු හමුදා එකිනෙකාට එරෙහිව සටන්කරමින් හිටියා. මේ අතර ජර්මානු වධ කඳවුරු වලින් පැන යන කුඩා දරුවන් දෙදෙනෙක් වන ලැහැබක් තුල ගමන් කරමින් සිටිනවා. හිටි හැටියේම ජර්මානු හමුදා කණ්ඩායමක් ඔවුන් පසු කර යනවා, මේ වෙලාවෙ ලමයි දෙදෙනා කැලෑවෙ සැඟවෙන අතර ජර්මානු හමුදා යාබද ඇති පල්ලියකට ගොස් එහි සිටින පූජකවරියන් ඇතුළු සියළුදෙනාම ඝාතනය කරනවා, මේ අවස්ථාවෙ ලමයි දෙදෙනා අතර සිටි වැඩිමහල් පිරිමි දරුවාට එක පූජකවරියක් බේරගන්න පුලුවන්වෙනවා, එතන ඉඳලා මේ අයගෙ කතාව ගලාගෙන යනවා, රුසියානු රතු හමුදා පැමිණීමත් සමග තත්වය තවත් වෙනස්ම පැත්තකට යනවා. මේ චිත්‍රපටිය නරඹන්න මම බයිස්කොප් යාලුවො හැමෝටම ආරාධනා කරනවා. ඔබ සැමට ජය!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 මෙම ලබා දී ඇති උපසිරසි BDRip පිටපත් සඳහා අදාළ වේ.

2,899 downloadsDownload Battery-Number-One-2015.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උවිඳු සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2013-04-18
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

උවිඳු සත්සර

Subtitles

2,899 downloadsDownload Subtitles37 KB

21 comments

  1. Lakshansilva18

    උපසිරිසියට බොහොම ස්තුති

    Requests:-

    In the name of the father (1993)
    Primal fear (1996)
    K pax (2001)
    Big fish (2003)

  2. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  3. Anurada

    ThaNx saho

  4. Kanchana

    උවිදු සහෝ බොහෝම ස්තුතියි.
    මෙම film එක බාගත කල හැකි ක්‍රමයක් කියන්න පුලුවන්ද?

    1. Uvindu sathsara

      baiscopedownloads(dot)co site eke mama deepu seeram thiyenawa. mekath dawi

    2. Kanchana

      Thanx saho

    3. lol

      dan film eka download karaganna thiyenawa

    4. lol

      dan film eka ganna thiyenawa

  5. MKIL

    Thanks brother....go head

  6. supun danushka

    බොහොම ස්තුතියි

  7. Jeewantha ranasinghe

    My 1st comment (baiscopelk.com ) සුපිරි මචන්

  8. indika75

    thanks..

  9. harshahjk

    බොහොම ස්තුතියි උවිඳු මම කැමති විදිහේ ෆිලුමක් ඒ වෙනුවෙන් උන මහන්සිය අගය කරනවා සබ අරගත්තා ජයවේවා

  10. isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි... ජය!!

  11. Anonymous

    Thank u

  12. හිරාන් ශාරංග

    උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි....!
    ජයවේවා...!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Anonymous

    where can i fond this film?? Link ??

    1. Uvindu sathsara

      baiscopedownloads(dot)co site eken ganna

  15. යසිත්

    ම් ෆිල්ම් එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එකක් ගන්න තියෙනවා ද?? හොයාගන්න ටිකක් අමාරුයි ...

  16. Dewadithya

    Thanks for sub!