Watch Trailer

Bill & Ted’s Bogus Journey (1991) Sinhala Subtitles | මරුවා සමග වාසේ [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක්.. ඔන්න එහෙනම් කට්ටිය බලාගෙන හිටපු Bill & Ted දෙවන චිත්‍රපටයට උපසිරැසි ගෙනාවා.පලමු චිත්‍රපටය නිකුත් වෙලා අවුරුදු දෙකකට පස්සෙ තමයි මේක තිරගත වෙන්නේ.Adventure,Comedy, Fantasy කාණ්ඩය යටතේ 6.3ක IMDb අගයක් අරගත්ත දෙවෙනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Peter Hewitt විසින්..පලමු කොටසේ ප්‍රධාන…

සුබ දවසක්..

ඔන්න එහෙනම් කට්ටිය බලාගෙන හිටපු Bill & Ted දෙවන චිත්‍රපටයට උපසිරැසි ගෙනාවා.පලමු චිත්‍රපටය නිකුත් වෙලා අවුරුදු දෙකකට පස්සෙ තමයි මේක තිරගත වෙන්නේ.Adventure,Comedy, Fantasy කාණ්ඩය යටතේ 6.3ක IMDb අගයක් අරගත්ත දෙවෙනි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Peter Hewitt විසින්..පලමු කොටසේ ප්‍රධාන චරිත නිරූපණය කරපුKeanu Reeves, Alex Winter  සහ George Carlinට අමතරව William Sadler මෙයට එකතු වෙනවා..ඩොලර් මිලියන 20 පිරිවැයකින් නිපදවුනු මේ චිත්‍රපටය ඇමරිකාව තුල ඩොලර් මිලියන 38ක ආදායමක් ලබන්න සමත් වුනා..එහෙනම් බලමුකො දෙවෙනි කොටසෙදි මොකක්ද වෙන්නෙ කියලා..

ඉතිහාස වාර්තාව සමත් වෙලා අවුරුදු දෙකකට පස්සෙ තමන්ගෙ සංගීත කණ්ඩායමේ වැඩ කරගෙන යන බිල් සහ ටෙඩ් හදන්නෙ ලෝකෙ හොදම සංගීත කණ්ඩායම වෙන්නයි.ඒත් තාම මෙයාලගෙ සංගීත හැකියාව මෙලෝ වැඩකට නෑ.ඔය අතරතුරේදි අනාගතයේදී මේ අයගෙ සංගීතයට අකමැති ඩිනොමොලස් කියන යුධ නායකයෙක් බිල් සහ ටෙඩ් ට සමාන රොබෝලා දෙන්නෙක් එවනවා.මේ රොබෝලගෙ මෙහෙයුම තමයි බිල් සහ ටෙඩ්ව මරලා ඒ අය වගේ රඟපාලා බැට්ල් ඔෆ් ද බෑන්ඩ්ස් කියන ප්‍රසංගයේදී කතාවක් පවත්වලා බිල් සහ ටෙඩ්ගේ සංගීතයෙන් ලෝක සාමය ඇතිවෙන එක වැලැක්වීමයි.ඉතින් මේ රොබෝලා අතීතයට ඇවිත් බිල් සහ ටෙඩ්ව මරලා ඒ අය වගේ රඟපානවා..මැරුන ටෙඩ් සහ බිල්ගෙ ආත්ම සිද්දවුන දේ අනිත් අයට කියන්න උත්සහ කලත් මේ අයට සිද්දවෙන්නෙ අපායට යන්නයි.ඉතින් අපායෙන් බේරිලා ආපහු ජීවත් වෙන්න මේ දෙන්නා මාරයා එක්ක ක්‍රීඩාවක් කරන්න අභියෝග කරනවා.මේ දෙන්නා මාරයව පරාද කරලා ආපහු ඇවිත් ඩිනොමොලස්ගෙ රොබෝලව පරදවන්නෙ කොහොමද කියලා බලන්නකෝ..

හැකි ඉක්මනින් Bill & Ted Face the Music උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා.කමෙන්ට් එකක් දාගෙන ගියාට කිසිම තරහක් නෑ..

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.

2,012 downloadsDownload Bill-Teds-Bogus-Journey-1991.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

LaHIRU

Subtitles

2,012 downloadsDownload Subtitles34 KB

11 comments

  1. Hashan

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)

  2. Hesh

    අද Keanu reeves ගෙ බර්ත්ඩේ එක.

  3. Buddhika Lakmal

    thanks for the sub broooooooooooo

  4. indika75

    thanks..

  5. isuru srinath sjs

    උපසිරැසියට බොහොම ස්තුතියි !!

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  7. Pasan

    Sub 1t thx bro..!!!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. sasanka

    thanks for the sub

  10. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  11. Samitha

    ගොඩක් ස්තූතියි සහෝ !!!