ආදරණීය බයිස්කෝප්වාසිනී, ඔන්න අද මගේ උපසිරැසි දිවියේ තවත් කඩයිමක් පනින්නයි සූදානම. මේ වගේ ගමනක් එන්න මට වචනයෙන් පවා උදව් උපකාර කළ බයිස්කෝප් සිංහලෙන් නිර්මාතෘතුමා, ඇඩ්මින් මඩුල්ල, සහෝදර උපසිරැසිකරුවන් සහ කාරිනියන්, බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් අඩවියේ හිතවතුන්, බයිස්කෝප් මංසල, හිතාදර බයිස්කෝප්වාසි ඔබ ඇතුළු ස…

ආදරණීය බයිස්කෝප්වාසිනී, ඔන්න අද මගේ උපසිරැසි දිවියේ තවත් කඩයිමක් පනින්නයි සූදානම. මේ වගේ ගමනක් එන්න මට වචනයෙන් පවා උදව් උපකාර කළ බයිස්කෝප් සිංහලෙන් නිර්මාතෘතුමා, ඇඩ්මින් මඩුල්ල, සහෝදර උපසිරැසිකරුවන් සහ කාරිනියන්, බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් අඩවියේ හිතවතුන්, බයිස්කෝප් මංසල, හිතාදර බයිස්කෝප්වාසි ඔබ ඇතුළු සියලු දෙනාට මං මගේ හද පිරි ස්තූතිය පුද කරනවා. මේ චිත්‍රපටය මට වෙන් කර දුන්න හසන්ත අයියාව විශේෂයෙන්ම මතක් කරනවා. කඩයිම් හතරක් පුරාවට මගේ විස්තර කියලා තියන නිසා මේ වතාවේ මම හිතුවා, මේ චිත්‍රපටය ගැන වැඩි විස්තරයක් ඔබට දෙන්න ඕනේ කියලා.

Walt Disney Pictures සමාගම මගින් නිෂ්පාදනය වුන ඇමරිකානු ක්‍රියාදාම – නාට්‍යමය ශානරයේ චිත්‍රපටයක් විදියට Mulan 2020 හඳුන්වන්න පුලුවනි. ඔබ සියලු දෙනාම Mulan 1998 චිත්‍රපටය නරඹා ඇති බව නිසැකයි. ඉතින් ඒ ඇනිමේෂන් චිත්‍රපටයේ සජීවි ක්‍රියාදාම අනුවාදයක් විදියටයි මේ චිත්‍රපටය එලි දක්වලා තියෙන්නෙ. මීට පාදක වෙලා තියෙන්නේ චීන ජනශ්‍රැතියේ එන “The ballard of Mulan.” මේ බැලඩ් කාව්‍යයට අනුව හුආ මුලාන් කියන්නේ චීන ඉතිහාසයේ ජීවත් වුන රණශූරියක්. ඇයගේ වියපත් පියා වෙනුවට, පිරිමියෙක් සේ වෙස් ගෙන ඇය යුද්ධයට යනවා. ඉන්පසු මේ මුලාන් වසර දොලහක් පමණ සටන් බිමේ සටන් වැදී, චීන අධිරාජ්‍යයාගේ පැසසුම් ලබා, සම්මාන, ත්‍යාග ප්‍රතික්ෂේප කර ඇයගේ ගමට නැවත පැමිණ තිබෙනවා.
18 වැනි සියවසේ ඇඳි හුආ මුලාන් සිතුවමක් – මෙය දැනට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර තිබෙනවා.
1998 වසරේ කාටුන් චරිතයක් ලෙසින් ආ මුලාන්, සජීවිකරණ-ක්‍රියාදාම ප්‍රතිනිර්මාණයක් බවට පත් කිරීමේ සැලසුම් ආරම්භ වුනේ 2010 වසරේ සිටයි. නමුත් ඒ සැලසුම් සාර්ථක වුනේ නැහැ. නැවත 2015 වසරේ සිට Niki Caro ගේ අධ්‍යක්ෂණය යටතේ ඒ සිහිනය සැබෑවක් වන නිමිති පහළ වුනා. ඒ අනුව 2018 අගෝස්තුවේ සිට නොවැම්බරය දක්වා නවසීලන්තය සහ චීනය තුළ රූගත කිරීම් නිම කර තිබෙනවා. මේ චිත්‍රපටය ඉතිහාසයට එක් වන්නේ එතෙක් මෙතෙක් වැඩිම නිෂ්පාදන වියදමක් යටතේ (ඇ.ඩො මිලියන 200) කාන්තාවක් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටය ලෙසයි.
මේ චිත්‍රපටයේ හොලිවුඩ් මංගල දර්ශනය පැවැත්වූවේ මේ වසරේ මාර්තු 9 වෙනිදා. නමුත් කෝවිඩ් උවදුර නිසා චිත්‍රපටය සිනමාහල් වල් ප්‍රදර්ශනය සෑහෙන වාර ගණනක් කල් තැබුනා. ඔන්න ඔය නිසා අවසානේ ඩිස්නි සමාගම නිවේදනේ කළා, සැප්තැම්බර් 4 වෙනිදා ඉඳන් Disney+ ඔස්සේ “මුලාන්” නරඹන්න අවස්ථාව සැලසෙනවා කියලා. Disney+ සේවාව නැති රට වල ප්‍රේක්ෂකයන් වෙනුවෙන්, සිනමාහල් නැවත විවෘත වුනාම, මුලාන් ඒ සිනමාහල් වල ප්‍රදර්ශනය කෙරෙන බවත් ඔවුන් සඳහන් කර තිබුනා.
චිත්‍රපටයේ මීලඟ විශේෂම දේ තමයි නළු නිළි කැළ. මුලාන් කියන චරිතය චීන ජනප්‍රවාද වල එන එකක්නේ. කාටුන් මුලාන් චිත්‍රපටයෙත් චරිත වල තිබුනේ චීන ස්වරූපයක්. නමුත් ප්‍රශ්නේ ඇති වුනේ මුලාන් සජීවිකරණ ප්‍රතිනිර්මාණයක් බවට පත් කරද්දි. ඔබ අහලත් ඇති white washing කියලා දෙයක් චිත්‍රපට කර්මාන්තයේ තිබෙන බව. ඒකේ තේරුම තමයි සුදු ජාතික නොවන චරිත වලට සුදු ජාතික නළු නිලියන් ගැනීම. මේක මුලාන්ටත් බලපෑවා. ඉතින් මාර්ගගත ක්‍රමේට අත්සන් රැස් කිරීමක් කළා, මුලාන්ව වයිට් වොශ් වෙන එක නවත්තන්න. ඒකේ තේමාව වුනේ; “Tell Disney You Don’t Want A Whitewashed Mulan!” (ඩිස්නිලාට කියන්න, ඔබට වයිට් වොශ් වුන මුලාන් කෙනෙක් නුවමනා බව) මේ පෙත්සමට අත්සන් 100,000 කට වඩා ලැබුනා. ඉතින් 2016 වසරේ ඔක්තෝම්බරේ ඩිස්නි සමාගම නිවේදනේ කළා, ඔවුන් ලෝකය පුරා මුලාන්ට සුදුසු චීන නිළියක් සොයන බව. මුලාන්ව ප්‍රතිනිර්මාණය කරන්න නිළියක් හොයාගන්න එක ලේසි වෙලා නැහැ. මහද්වීප පහක අපේක්ෂිකාවෝ 1000 ක් විතර පරීක්ෂා කරලා තමයි අවසානේ මුලාන් විදියට චීන-ඇමරිකානු සම්භවයක් හිමි Liu Yifei තෝරාගෙන තියෙන්නේ. මෙතනදි ඇයගේ සටන් ක්‍රම නිපුණතාව, පැහැදිලිව ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව, තාරකා ගුණය විශේෂයෙන් සලකා බලලා තියනවා.

කාටුන් චිත්‍රපටයේ මුලාන් සහ සජීවිකරණ චිත්‍රපටයේ මුලාන්ට පණ පොවන Liu Yefei
මීට අමතරව වූෂු ශූරයෙකු ලෙස ප්‍රකට ජෙට් ලී මෙහි චීන අධිරාජ්‍යයා ලෙස පණ පොවනවා. 1998 කාටූන් චිත්‍රපටයත් එක්ක සසඳද්දී මෙහි චරිත කිහිපයක වෙනස්කම් වෙලා තියනවා. විශේෂයෙන්ම කාටූන් චිත්‍රපටයේ හමු වුන “මූෂූ” මෙහි දකින්න ලැබෙන්නෙ නැහැ. ඒ වගේම ඒ චිත්‍රපටයේ ජෙනරල්වරයා එක්ක මුලාන් ආදරයෙන් බැඳෙනවා. නමුත් එවැන්නක් මේ ප්‍රතිනිර්මාණයේ අඩංගු වෙන්නෙ නැහැ. මොකද මුලාන් බැලඩ් කාව්‍යයේ (මුල්ම මුලාන් කතාවේ) මූෂු කියලා චරිතයක් ඇත්තේ නැහැ වගේම, සැබෑවටම මුලාන්, ජෙනරල්වරයා එක්ක ප්‍රේමයක් ඇති කර ගන්නෙ නැහැ. එහෙමයි කියලා මේ ප්‍රතිනිර්මාණයේ රසයට හානියක් වෙලා නෑ කියලා අධ්‍යක්ෂවරිය කියනවා. නමුත් ප්‍රේක්ෂක මතය ගත්තම මූෂු නැති අඩුව ගැන අවලාද කියන කොටසක් ඉන්න බව පේනවා.
චිත්‍රපටයේ මීලඟ සුවිශේෂ දේ තමයි සංගීතය.
මුල් චිත්‍රපටයේ තිබුන ගීත කිසිවක් ඒ ආකාරයෙන්ම මේ ප්‍රතිනිර්මාණයේ අඩංගු නොවෙන බව අධ්‍යක්ෂවරිය කියලා තියනවා. මොකද ඒ ගීත මේ ප්‍රතිනිර්මාණයේ යතාර්තවාදී ස්වරූපය එක්ක ගැලපෙන්නෙ නැති බවක් ඇයට තේරුනාලු, නමුත් ඇයට කිසිසේත්ම මුල් චිත්‍රපටයට අගෞරව කරන්න වුවමනා නැති බවත් ඇය කියලා තියනවා.
මුල් චිත්‍රපටයේ, මුලාන්ට මනාලියක් වෙන්නට බැහැ කියලා ප්‍රතික්ෂේප වෙන තැනදි ඇහෙන “Reflection” ගීතය ඔබට මතක ඇති. 1998 මුල් චිත්‍රපටය සඳහා මේ ගීතය ගායනා කර තිබෙන්නේ සම්මානනීය ශිල්පිනී Lea Salonga. ඉන්පස්සේ ඇමරිකානු ජාතික Christina Aguilera විසින් මේ ගීතය තනි පටිගත කිරීමක් කර තිබෙනවා. එවකට 17 හැවිරිදි දැරියකව සිටී ඇය මේ ගීතයෙන් තමයි මිනිස්සු අතරට මුලින්ම ගිහින් තිබෙන්නේ. ඉතින් ඒ ගීතයම අලුත් ආකාරයකින් මේ ප්‍රතිනිර්මාණය වෙනුවෙන් ගයන්නේත් ඒ Christina Aguilera විසින්. මීට අමතරව ඇය විසින්ම ගයන “Loyal, brave and true” ගීතය අන්තර්ජාලයේ අධික ජනාදරයක් හිමි කර ගෙන සිටිනවා. අධ්‍යක්ෂවරිය කිව්වා වගේම මේ ගීත දෙකම යන්නේ කතාව අතරතුරේ නෙවෙයි. ඉතින් මේ ගීත දෙකම චිත්‍රපටය අවසානේ ඔබට අසන්න ලබේවි, සිංහල උපසිරැසි එක්කම.
ඉතින් සමුගන්නම් “මුලාන්” කිව්ව ගමන් මතකයට එන වැකියක් එක්කම..!
“The flower that blooms in adversity is the most rare and beautiful of all.”
“වසන්තයේ කොතරම් මල් පිපුනත්, හිතන්නවත් බැරි සීතලෙත් පිපෙන මල් තියනවා. ඒ වගේ මල් විරලයි වගේම අනික් හැම මලකටම වඩා සුන්දරයි.”

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
28,259 downloadsDownload Mulan-2020-Blu-Ray.zip96 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
117 comments
Mayura
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති හෙළලි අක්කේ උපසිරසට...ඒ වගේම 250 වෙනි උපසිරස.කඩඉමට හදවතින්ම සුභ පතනවා. පරණම බයිස්කෝප් සාමාජිකාවක් විදියට තමත් වැඩේ ඉන්න එක ගැනනම් සෑහෙන්න සතුටුයි. පරණ අයගේ උපසිරස වැටෙන්නෙම නැති තරම් දැන්. තවත් උඋපසිරසකරණයේ යෙදෙන්න ලැබේවා කියලා වගේම ජීවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. ජය වේවා.. බුදුසරණයි..!
එල්.සී. දමැල්
250වෙනි උපසිරසගැන්වීමට උණුසුම් සුභ පැතුම් හෙළිලි අක්කේ!
කියන්න දෙයක් නැහැ ඉතින්, The fastest female subtitler in Baiscopelk කියලා කියන්න පුලුවන් බය නැතුව. එහෙනම් මම ඊළඟ කඩයිමටත් කමෙන්ට් එකක් ලෑස්ති කරගත්තනම් නුවණට හුරුයි දැන්ම :D ඉක්මනින් ඒ සඳහා යන්නත් ජීවිතේ අනිත් වැඩකටයුතුත් සාර්ථකව කරගන්න කාලය හා හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
ජය :)Pasindu Madumal
250 වෙනි උපසිරැසි ගැන්වීමට හදවතින්ම සුබ පතනවා අක්කේ..! ❤️
එදා ඉදන් සයිටේ, කාන්තා පාර්ශවයෙන් ලොකු වැඩක් කරන අක්කා කෙනෙක්. ළගදි දැන අදුන ගත්තේ. අපිට ආදර්ශ ගන්න පුළුවන් විදියට අපිත් එක්කම හිටිය අක්කා කෙනෙක්. බොහොම තුති අක්කේ මහන්සි වෙලා අපිට මේ චිත්‍රපටයට ආදාළ උපසිරැසිය අරන් ආවට. හරිම ආසාවෙන් එනකම් බලන් හිටිය ෆිලුමක්. එහෙනම් ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනේ කියල ප්‍රාර්ථනා කරනවා..!
සුබ අනාගතයක් අක්කා..! ✌️shelby
Thanks <3
Lahiru Dayan
බොහොම ස්තූතිය සහෝ.... :-)
Ishu91
සුබ පැතුම් හෙලලි නංගි.. දන්න සුපිරි උපසිරසිකරුවන්ගෙන් ඉහලින්ම ඉන්න කෙනෙක්..
amchaminda1996
ගොඩක් ස්තූතියි උසිරසියට,ආසාවෙන් බලන්න හිටපු ෆිල්ම් එකක් ,මේ උපසිරස කටඉඩමට සුභපැතුම්.......
යුරාන් ධනුක (දනුවා)
250* වෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝදරී
කාන්තා පාර්ශ්වයේ ගුණාත්මක උපසිරැසි දෙන ප්‍රමුඛයෙක්
ඉක්මනට 300*ත් කරමු
උපසිරැසියට බොහෝම ස්තූතියි !!!
ජයවේවා !Pcvenom
Cograts for 250 See you Soon in *******500
kevin D...
Thanks...
Uvindu Induwara
250 වන සිංහල උපසිරසට උනුසුම් සුබපැතුම්. ත්වත් උපසිරස කරන්න වෙලාව ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.
මේකට sub දානකන් ඊයෙ රෑ ඉදන් බලන් ඉන්නෙ. ඉක්ක්මනටම sub එක දුන්නට බොහෝම ස්තුතිය.
Asitha.pramoth
බොහොම ස්තූතියි
තුසිත
Thanq හෙළලි අක්කා 250 වන උපසිරසි කඩඉමට සුබ පැතුම්
Nilupul Madukapriya Perera
250ට හෘදයාංගම සුබපැතුම්!
ෆිලුමේ සබ් එක ගන්න කියලා ආවාමයි
දැක්කේ මේක හෙරළි අක්කගේ 250 කියල.
මයේ මතකේ හරිනම් 200 ගහලා මාස 3ක් වයේ
වෙන්නෙ නෙහ්? ආයේ මක්කැයි ඉතින් සයිටේ ස්පීඩ්ම
සබ් කරන කෙනෙක් කියලා වැඩවලින්ම ඔප්පු කරලා හමාරයි.
එහෙමනම් ඉක්මණටම 300ත් දෙයි කියලා විශ්වාසයි.
මේ උපසිරසියට ස්තුතියි. ඔබට ජයෙන් ජය!geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
Anonymous
ela
Kantha_DLA
250 වෙනි උපසිරසියට හදවතින්ම සුභ පතනවා…!!!
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Anonymous
Congratulations !!!
Anonymous
Thank u very much sis...congratulations...
Navodani Thilini
250 වෙනි උපසිරසිය වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා අක්කෙ, හිතාගන්න බැරි වේගෙකින් උපසිරසි හදන කාන්තා පාර්ශවයේ අංක එකේ නියෝජනය ඉතින් හෙළිලි අක්කා තමයි. (ඒ වේගෙට කාටවත් එන්න බැරිවුනා තාම ). උසස් අධ්‍යාපන වැඩයි පෞද්ගලික වැඩයි සේරම අස්සෙ කරන මේ වැඩේ ඇත්තටම අගය කරන්න ඕනෙ. ඒ වගේම 250ට එනකන්ම බලාගෙන මුලාන්ම තෝරගත්ත එකටනම් ඇත්තටම සතුටුයි. ආයෙත් හැරෙන පරක්කුවෙන් 300ත් අරන් එනකන් බලන් ඉන්නවා... ජයවේවා.!!
Sujan wasala
congratualtions and thank you very much for subs. all the best
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
250 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවාAnonymous
Thnx..oyala me karana sewayata ❤
තාරක නුවන් දිල්හාර
සුභපැතුම් හෙළිලියේ... 250* වන උපසිරසි කඩයිම වෙනුවෙන්...
බයිස්කෝප් පවුලේ ඉන්න වේගවත්ම උපසිරැසි කරන සහෝදරියක්..
ඉදිරි කඩයිම් වලටත් නොනැවතී ඉක්මනින් යන්න පුළුවන් වෙන්න කියල පතනවා.
ඒ වගේම පෞද්ගලික ජීවිතේ සියලුම වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
ඉදිරි කඩයිම් වලින් ආයෙත් හමුවෙමු.
නැවතත් සුභ පැතුම් සහ ස්තුතියි උපසිරැසියටත්..
ජය..!!!Kavindu12345desilva
250ta suba pathanwa akke
oyagen korean tcv series valth sub balaporthu venwa
obata jaya budusaranayiAnonymous
subapatum oyata heli...
sampath n perera
unusum subapethum
subodha
Thanks
-චානක ඉඳුනිල්-
කඩයිමට උණුසුම් සුභපැතුම්!
ඒ වගේම මේ උපසිරැසියටත් බොහොම ස්තූතියී!Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️ සුභ පැතුම් !!
Chandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
M,T,R තරිඳු රුක්ෂාන් පෙරේරා
250 වෙනි කඩඉමට උනුසුම් සුභ පැතුම් නංගි.! ඉක්මණින්ම 300 කඩඉමටත් යන්න කාලය අවකාශය ලැබේවා.! උපසිරැසිය ගැන ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නැතුව ඇති ඔයාගේ චිත්‍රපට තෝරාගැනිම් ඉතාමත් හොඳයි කාලෙකින් හොඳ චිත්‍රපටයක් උසස් ගුණාත්මක උපසිරැසියක් එක්ක රසවිඳින්නට ලැබෙන බව නම් විස්වාසයි.! සිංහල උපසිරැසියටත් බොහොමයක්ම ස්තුතියි.
SanjulaJeter
250 ta suba pethum
ශසිත් සඳරුවන්
250 වන උපසිරැසි නිර්මාණය වෙනුවෙන් උණුුසුම් සුබපැතුම් හෙළිලි...
හැමෝම කියනවත් වගේ සයිට් එකේ ඉන්න වේගවත්ම උපසිරැසි කාරිණිය තමා ඉතින්.
ඒ වගේම රසවත්ව උපසිරැසි කරන කෙනෙක්.
වැඩේ කියන්නේ අධ්‍යාපන කටයුතුත් එක්ක මේවා කොහොම කරනවද මන්දා. :P
ඉතින් පෞද්ගලික ජීවිතේ කටයුතුත් සාර්ථක කරගන්න ගමන් ඉදිරියටත් කඩඉම් ගොඩක්
පහු කරන්න හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ජය!Chämàrá Sâmpáth
250'වැනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභපැතුම් හෙළිලි අක්කෙ.
තමන්ගෙ පුද්ගලික වැඩ කටයුතු මැද්දෙ සයිට් එක ඇතුලෙ අලුත් කොරියන් කතා වගේම විශේෂයෙන්ම මග නතරවුනු Fringe වගෙ හොදම නිර්මාණයක් ආපහු වතාවක් එක පෙලට කට්ටියට බලන්න සලස්වපු එක ඇත්තටම අගය කරන්න ඕන.
මෙතැනින් නොනැවති තවත් ඉදිරි කඩයිම් වලටත් ඉක්මණින්ම ලගාවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
ඒවගේම මේ උපසිරැසියටත් හුගක් ස්තුතියි. ජය!!!Anonymous
thanks
Malith Sandeepa
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි❤
250 වෙනි කඩයිමය සුභ පැතුම් ඉක්මනට 300ත් ගහමු❤Udara
එල හෙලලි ආච්චි මරු
Anonymous
250 ta suba pathum naga.
digatama subtitile demu ...Nimesh kavinda .
මම මීට කලිනුත් හෙලළි සහෝගේ උපසිරැසි බාගත කරගෙන තියෙනවා . Alpha , First man වගේ චිත්‍රපට සදහා ඔබ ලබා දුන් උපසිරැසි ගුණාත්මක බවින් ඉතාමත් ඉහලයි . ඒවගේම උපසිරැසි නිර්මාණකරණයේදී ඔබ දක්වන කාර්‍යක්ෂමතාවයත් මම ඉහළින්ම අගය කරනවා . නුදුරු අනාගතයේදී 300 වෙනි උපසිරැසි නිර්මාණ කඩඉම සාක්ෂාත් කරගන්නත් , විශ්ව විද්‍යාල අධ්‍යාපන කටයුතු නියත වශයෙන්ම ශක්තිය ධෛර්යය ඔබට ලැබේවා කියා මම හදවතින්ම ඔබට සුභ ප්‍රාර්ථනා කරනවා සහෝ !!!!
maleesha
Mulan එක කෙල්ලෙක්ම දීපු එක හොදයි.. ගුඩ් ලක් ඉතින්..ලේසිද සබ් 250ක් කියන එක නේද අක්කේ.. මාර කට්ටක්.. මේක ඊයෙම රීලීස් වෙලා අදම දුන්නත් එක්ක කොච්චර dedicated ද..
දිගටම කරගෙන යනවද ඉතින් සබ් ජොබබියොන් අයන්සයිට්
තෑන්ක්ස් ❤️
Amalka
250 වෙනි සබට සුබපැතුම්
Lahiru MV
250 වෙනි කඩඉමට උණුසුම් සුභ පැතුම්...ඉදිරි වැඩ කටයුතුත් සාර්ථකව කරගෙන ඉක්මනින්ම 300 වෙනි කඩඉමටත් ලගාවෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
හිරාන් ශාරංග
250 වෙනි කඩඉම වෙනුවෙන් සුබ පැතුම්....!
උපසිරැසි 250 ක් වෙනුවෙන් මිඩංගු කරපු කාලය, දැනුම, මහන්සිය නොමිලේම බයිස්කෝප් වාසී අපිි වෙනුවෙන් වැය කළාට ස්තුතියි...!
තෙරුවන් සරණයි....!ෆිල්ම් පිස්සා
good job sister..congrats to your 250th sub...keep it up
Sandun Dilaksha
Good work ❤️
Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට.ජය වේවා!
damindabg
හෙළිලි.. බයිස්කෝප් ටීම් එකේ දැකපු ලස්සනම නම.. ස්තුතියි සබ් එකට..
Advertisement
![Mulan (2020) Sinhala Subtitles | මුලාන්; මේ ශ්‍රේෂ්ඨ රණශූරියකගේ ආගමනයයි [සිංහල උපසිරසි සමඟ] (250)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/09/mulan-2020.jpg)

සුබ පතනවා හෙළිලියේ 5වන කඩ ඉමට.
තව කඩ ඉම් ගණනාවක් පසු කරන්න ඉඩ ප්‍රස්තාව ලැබේවා..
පුද්ගලික වැඩ කටයුතුත් සාර්ථක වේවා