Watch Trailer

Beach Rats (2017) Sinhala Subtitles | වෙරළ මීයෝ [සිංහල උපසිරසි සමඟ] (18+)

අද මම ඔයාලට ගෙනාවෙ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නිසා තමන්ගෙ ජීවිතේ විවිධ හැල හැප්පීම් වලට මූණ දෙන කොල්ලෙක්ගෙ කතාවක්. මුළින්ම කියන්න ඕන මේක “පවුලේ සැමට එකට හිඳ නැරඹිය හැකි” චිත්‍රපටියක් නම් නෙවෙයි. මේ චිත්‍රපටිය 2017 අගෝස්තු 25 වෙනිදා Neon සමාගමෙන් සීමිත ප්‍රේක්ෂකයින් පිරිසකට නිකුත් වුණත්, මේක Univer…

අද මම ඔයාලට ගෙනාවෙ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම නිසා තමන්ගෙ ජීවිතේ විවිධ හැල හැප්පීම් වලට මූණ දෙන කොල්ලෙක්ගෙ කතාවක්. මුළින්ම කියන්න ඕන මේක “පවුලේ සැමට එකට හිඳ නැරඹිය හැකි” චිත්‍රපටියක් නම් නෙවෙයි.

මේ චිත්‍රපටිය 2017 අගෝස්තු 25 වෙනිදා Neon සමාගමෙන් සීමිත ප්‍රේක්ෂකයින් පිරිසකට නිකුත් වුණත්, මේක Universal Home Entertainment සමාගමෙන් නිකුත් කළේ 2017 නොවැම්බර් 07 වෙනිදා . විනාඩි 95ක දර්ශන කාලයක් තියෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණයකළේ Eliza Hittman. මේක මේ වෙද්දි IMDB දර්ශකයේ 6.5ක අගයක් අරගෙන තියෙනවා.

මේකෙ “ෆ්රැන්කි” කියන ප්‍රධාන චරිතය කරන්නෙ Harris Dickinson. (එයා දැනට විකාශනය වෙලා තියෙන Silent Witness, Some Girls වගේ රූපවාහිනී කතාමාලාවල වගේම 2018 නිකුත්වෙන්න තියෙන Trust රූපවාහිනී කතාමාලාවෙත් රඟපාලා තියෙනවා) ෆ්රැන්කිගෙ ලස්සන ගෑණු ලමයා “සිමොන්” විදිහට රඟපාන්නෙ Madeline Weinstein. (දැනට විකාශනය වෙලා තියෙන Elementary, Blue Bloods, Shades of Blue රූපවාහිනී කතාමාලාවල වගේම 2018 නිකුත්වෙන්න තියෙන Hair Wolf, Kappa Force, Alex Strangelove රූපවාහිනී කතාමාලාවලත් රඟපාලා තියෙනවා)

කතාවත් පොඩ්ඩක් කියන්නම්. ෆ්රැන්කි කියන්නෙ කිසිම බරක් පතලක් නොදන්න කොල්ලෙක්. එයාගෙ තාත්තා පිළිකා රෝගියෙක්. පවුලෙ එකම පුතා විදිහට, මුළු පවුලෙම බර කරට අරගෙන වැඩ කරන්න ඕන වුනත් මිනිහ කරන්නෙ මත්ද්‍රව්‍ය පාවිච්චි කර කර ඒකටම හරියන යාළුවොත් එක්ක රවුම් ගහන එක. යාළුවුණු කෙල්ලටත් මේ යකාගෙ වැඩ එපා වෙලා තියෙන්නෙ. මත්ද්‍රව්‍ය වලට සල්ලි හොයාගන්න මූ තවත් අමුතුම දේකට යොමු වෙනවා. ඒ මොකක්ද කියල දැනගන්න නම් මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.

මේක මගේ හය වෙනි උපසිරැසිය. මම baiscope.lk එකට සම්බන්ධ වෙලා මාසයක් ඇතුළත කරන හත්වෙනි උපසිරැසියත් ඉක්මනටම දෙන්න තමයි හිතාගෙන ඉන්නෙ. ඒකත් බොහෝම මෑතකදි නිකුත් වුණු චිත්‍රපටියක්.

යන්න කලින් පොඩි අවවාදයකුත් දෙන්නම්. මත්ද්‍රව්‍ය වලට නම් පුරුදු වෙන්න එපා. මත්ද්‍රව්‍ය කියන්නෙ කෙනෙකුගෙ මුළු ජීවිතේම විනාශ කරන්න පුළුවන් දෙයක්. මේ චිත්‍රපටියෙන් පෙන්නන්නෙ මත්ද්‍රව්‍ය නිසා සිද්ධ වෙන දේවල් වලින් අල්ප මාත්‍රයක් විතරයි.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත සඳහා අදාළ වේ.

4,836 downloadsDownload Beach-Rats-2017.zip25 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Ranjeewa-K.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රංජීව කේ. ලියනගේ

Subtitles

4,836 downloadsDownload Subtitles25 KB

24 comments

  1. shamal

    Thank You....! keep it up good work...!

    1. රංජීව කේ.ලියනගේ

      Thank You..

  2. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

    1. රංජීව කේ.ලියනගේ

      බොහොම ස්තුතියි

  3. Udara Damith B/K

    .........බොහොම ස්තූතියි ........
    මන්නම් ඕවට නෑ නෙ

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

    1. රංජීව කේ.ලියනගේ

      බොහොම ස්තුතියි...

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

    1. රංජීව කේ.ලියනගේ

      ස්තූතියි

  7. දමිත්

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රංජීව සහෝ.
    ජයෙන් ජය.

    1. රංජීව කේ.ලියනගේ

      බොහොම ස්තූතියි...

  8. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  9. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

    1. රංජීව කේ.ලියනගේ

      ස්තූතියි

  10. Sohan Jayasooriya

    වෙනස් කතාවක් වගේ.. අනිව බලනවා සහෝ.. සබට තුති

  11. sumed

    උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!

  12. Dulanga

    Thanks

  13. tharangani

    thanx

  14. චාමර

    sub ekata Thanx machan ....jaya wewa

  15. chinthaka_priyadrshana

    Thank u bro..............

  16. MAALnath

    Thanks ............................good luck .........................................

  17. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  18. ShalithaSinghebahu

    Beach house (2017) subtitle නැද්ද ???