Watch Trailer

Newton (2017) Sinhala Subtitles | යුධ බිමේ ඡන්ද සටන [සිංහල උපසිරැසි සමඟ]

8.2/10 ක Imdb අගයක් සටහන් වුනු අමුතු ආකාරයේ හින්දි සිනමා සිත්තමක් අරං තමයි අද ආවේ…හැමෝටම සුභ දවසක්! රජයේ ලිපිකරුවෙක් මධ්‍යම ඉන්දියාවේ ගැටුම් සහිත ප්‍රදේශයක නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන්න උත්සාහ කරනවා.කතා සාරාංශය මෙන්න මෙහෙමයි. Drama/Comedy කාණ්ඩයෙන් නිර්මාණය වූ මේ සිනමා පටය 2017 සැප්තැම්බර් ම…

8.2/10 ක Imdb අගයක් සටහන් වුනු අමුතු ආකාරයේ හින්දි සිනමා සිත්තමක් අරං තමයි අද ආවේ…හැමෝටම සුභ දවසක්! රජයේ ලිපිකරුවෙක් මධ්‍යම ඉන්දියාවේ ගැටුම් සහිත ප්‍රදේශයක නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන්න උත්සාහ කරනවා.කතා සාරාංශය මෙන්න මෙහෙමයි. Drama/Comedy කාණ්ඩයෙන් නිර්මාණය වූ මේ සිනමා පටය 2017 සැප්තැම්බර් මස 22 ඉන්දියාව පුරා තිරගත වීම ආරම්භ වුනා.ඉන්දීය රුපියල් කෝටි 9ක් වැය කරමින් නිපද වූ මෙම සිනමා පටයේ ආදායම ඉන්දීය රුපියල් කෝටි 31ක්.තිරගත වීම ආරම්භ කළ පළමු සතියේම කෝටි 11.75ක අදායමක් ලබා ගනිමින් 2017 වර්ෂයේ තිරගත වුනු ෆිල්ම් අතරින් වඩාත් ලාබ ලැබූ ෆිල්ම් එකක් විදියටත් නිව්ටන් සිනමා පටය නම් කරනු ලැබුවා.මිනිත්තු 109ක් පුරා දිවෙන මෙම සිනමා සිත්තමේ අධ්‍යක්ෂණය අමිත් මසුර්කර්ගෙන්.මනීෂ් මුන්ද්‍රාගේ නිෂ්පාදන පිරිවැයෙන් හැඩ වුණු මේ සිනමා පටයේ ප්‍රධාන නළුවා වශයෙන් ෆිල්ම් ෆෙයාර් සම්මාන රාත්‍රීන් වල නොමැකෙන සටහනක් තැබූ රාජ් කුමාර් රාවෝ විසින් රග දක්වනවා.සෙසු චරිත ලෙස අන්ජලී පටෙල් පන්කජ් ත්‍රීපති ඇතුළු නළු නිළියන් සිය රංගන දායකත්වය ලබා දෙනවා.

ලබාගත් ජාත්‍යන්තර සිනමා සම්මාන
බර්ලින් ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල- CICAE සම්මානය
හොංකොං ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙල- තරුණ සිනමා තරග විනිශ්චය සම්මානය

92%ක ගූගල් භාවිතා කරන්නන්ගේ ප්‍රසාදය ලැබුණු මේ සිනමා සිත්තමේ කතාවත් පොඩ්ඩක් කියන්නම්, නිව්ටන් රජයේ ලිපිකරුවෙක් මෙයාට අවස්ථාවක් හම්බ වෙනවා ගැටුම් බහුල මාවෝ වාදී කැරළිකාරයන්ගේ ග්‍රහණයේ පවතින අති දුෂ්කර ප්‍රදේශයක ප්‍රධාන මැතිවරණ නිලධාරියා විදියට සහභාගි වෙන්න.රජයේ හමුදාවේ සහයත් සමග කැළයක් මැද ඡන්ද මධ්‍යස්ථානයක් හොයාගන කට්ටිය යනවා.ඉතිං ප්‍රධාන හමුදා නිළධාරියානම් හිතන්නේ මේක බොරු වැඩක් කියලා, අකුරක්වත් දන්නේ නැති, දේශපාලන පක්‍ෂයක් දන්නේ නැති, කවුද ඡන්ද අපේක්‍ෂකයෝ කියලා දන්නේ නැති, මිනිස්සු ටිකකගෙන් ඡන්දයක් ගන්නේ මොකටද කියලා හිතනවා.ඉතිං නිව්ටන් ගමේ ඡන්ද ටික ගයිද? හමුදාවේ සහය ලැබෙයිද?මාවෝ වාදී කැරළිකාරයන්ගේ ප්‍රහාර එල්ල වෙයිද? කොටින්ම කිව්වොත් ඡන්ද දායකයෝ හරියට ඡන්ද දායිද? මේ හැම දේම දැනගන්න නරබන්න ආරාධනා කරනවා ‘Niwton’සිනමා පටය.

එහෙනම් හැමෝටම සුභ දවසක්! තෙරුවන් සරණයි!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDRip පිටපත සඳහා අදාළ වේ.

7,925 downloadsDownload Newton-2017.zip43 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Shehan-Prathapasinghe-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙහාන් ප්‍රතාපසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

7,925 downloadsDownload Subtitles43 KB

26 comments

  1. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

  2. thisal

    තන්ක්ස් මචන් සබට

  3. නිරෝෂ්

    ස්තුතියි ෂෙහාන් සහෝ.ජයවේවා !

  4. තරිඳු රසාංග

    බොහොම ස්තුතියි සහෝ,මේකත් ඉඩක් ලැබුණු ගමන්ම බලන්න ඕනේ.ඉස්සරහටත් මේ වගේ හොඳ ෆිලුම් වලට සබ් දෙමු,ජය!

  5. චතුෂ තුෂර කුමාර

    බලන්න ඕන...

  6. Kasun Weihenage

    සහෝ මේ සබ් එක ගැලපෙන්නේ මොන ෆයිල් එකටදෝ?
    ජය

  7. කසුන් නුවන්ත

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට,
    ජය වේවා...!

  8. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. දමිත්

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ෂෙහාන් සහෝ.
    ජයෙන් ජය.

  12. Sajith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  13. mindika

    Thanks !!!!!!!!!!!!!

  14. D.Chamara

    bohoma sthuthi sahoooo

  15. sumed

    උපසිරැසියට ස්තූතියි සහෝ.බයිස්කෝප් එකට ජය වේවා...!!!!

  16. Kinith Hettiaarachchi

    කණගාටුවෙන් වුණත් කියන්න වෙන්නෙ මේ සබ් එකෙන් චිත්‍රපටය සම්පූර්ණයෙන්ම වගේ වෙනස් කරලා කියලා තමයි. චිත්‍රපටයේ කියන දේ නෙවෙයි සබ් එකේ තියෙන්නෙ. වෙනස්ම දෙබසක් ගොතලා.

    එක තැනක චිත්‍රපටයේ තියෙනවා 83දි කෙල්ලක් හිටියා, කෙල්ලගෙ තාත්තා අකැමැති වුණෙ නැත්නම් දැන් ළමයි තුන් දෙනෙකුගෙ තාතතෙක් කියලා.

    සබ් එකේ දානවා 83දි කෙල්⁣ලක් හිටියා, තාත්තා අවුලක් දැම්මෙ නෑ. දැන් ළමයි තුන්දෙනෙක් ඉන්නවා කියලා!

    තව තැනක ගිණි පෙට්ටියක් ඉල්ලනවා. සබ් එකේ රෑවෙලාද අහනවා.

    මේ එක උදාහරණයක් විතරයි. චිත්‍රපටය පුරාම මේ වගේ විකෘති වුණ දෙබස් කියන්න බැරි තරම් ප්‍රමාණයක් තිබුණා. ඒ ගැන ඊළඟ සබ් එකේදි සැලකිලිමත් වුණානම් හොඳයි. සමහර වෙලාවට සබ් කරනකො⁣ට අපිට නොතේරෙන අපැහැදිලි තැන් පුරවන්න අපි අපිට හිතෙන දේ අනුමාන කරලා ටයිප් කරන එක සාමාන්‍යයෙන් කරන දෙයක් වුණත් මේ සබ් එකේ ඒ වගෙ අනුමාන තැන් වැඩියි.

    මොකද කොච්චර මහන්සි වෙලා නොමිලේ කරන සේවයක් වුණත් අන්තිමට චිත්‍රපටයෙන් අදහස් කරන දේ ප්‍රේක්ෂකයාට ගෙන නොයා වෙනමම කතාවක් ගෙතීම චිත්‍රපටයට වගෙම ප්‍රේක්ෂකයාටත් කරන ලොකු අසාධාරණයක්.

    තරහ වෙන්න එපා, මම මේ චිත්‍රපටය මුලින්ම සබ් නැතිව බලලා පස්සෙ ගෙදර අය එක්ක සබ් දාලා බලනකොට අඩුපාඩු ⁣දැක්ක නිසයි කිව්වෙ. සබ් එකට තැන්ක්ස්! මේ කාරණාව ගැන සැලකිලිමත් වෙන එක හොඳයි!

    1. Wicki

      Thanks

    2. Chamara

      Sub ekata thanks.. eth godak wenaskam thiyenawa bro..

    3. Chamara

      ඇත්තටම ඔව්, වෙනස්‌කම් ගොඩක් තියෙනවා..
      Hope you will do your best for upcoming subtitles..

  17. nadeera witharanage

    ස්තුතියි

  18. Wicki

    උපසිරැසියට ස්තූතියි

  19. NUWAN24

    THANX..............!

  20. සජිත් Sαjιτh

    Bluray එකට අප්ඩේට් කරහන්කො මචෝ

  21. EM Nishshanka

    Thanks mcn

  22. chathurangi93

    thank you....

  23. සාරංග ජේ. ලියනගම

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.