උපසිරැසි වල පේලි 500ක් 1000ක් විතර ටයිප් කරලා අන්තිමේට ලිපි ලියන්න කම්මැලි හාදයෙක්ට ඉන්නේ මම විතරයිද මන්දා. මම හිතන්නේ ඒකට හේතුව ඉවසීම අඩුකම වෙන්නත් පුලුවන්. මොකද මොන උපසිරැසිය කලත් මේක සයිට් එකට යවනකන් ඉවසිල්ලක් නෑ. ඕක වෙන්නැති මම දෙන උපසිරැසි එක්ක පොඩි පොඩි ලිපි පලවෙන්න හේතුව. ( කම්මැලිකමත් පොඩ්ඩ…

උපසිරැසි වල පේලි 500ක් 1000ක් විතර ටයිප් කරලා අන්තිමේට ලිපි ලියන්න කම්මැලි හාදයෙක්ට ඉන්නේ මම විතරයිද මන්දා. මම හිතන්නේ ඒකට හේතුව ඉවසීම අඩුකම වෙන්නත් පුලුවන්. මොකද මොන උපසිරැසිය කලත් මේක සයිට් එකට යවනකන් ඉවසිල්ලක් නෑ. ඕක වෙන්නැති මම දෙන උපසිරැසි එක්ක පොඩි පොඩි ලිපි පලවෙන්න හේතුව. ( කම්මැලිකමත් පොඩ්ඩක් විතර ගෑවිලා යනවා ඇති 😉 ඉතින් බෑයි කියලා බෑයි කියලා බැරි නිසා, මටත් මෙන්න මේ අවස්ථාවේ මේ විදියට ටිකක් දිග ලිපියක් ලියන්න වෙනවා. ඒ මුකුත් නිසා නෙමෙයි, මමත් උපසිරැසි ජීවිතයේ දෙවෙනි කඩඉමට ආපු නිසා. මේක තමයි මගේ 100 වෙනි උපසිරැසිය..
The Rite (2011) කියන චිත්‍රපටියට උපසිරැසි කරමින් මම මගේ උපසිරැසි ජීවිතය බයිස්කොප් පවුල සමඟ ආරම්භ කරන්නේ 2014 වර්ශයේ සැප්තැම්බර් මාසයේ. ඉතින් ඔහොම උපසිරැසියෙන් උපසිරැසිය කරලා පලවෙනි කඩඉම (50 වෙනි උපසිරැසි ගැන්වීම) පහුකලා 2015 ජූලි මාසය වගේ වෙනකොට. මුලින් මුලින් නම් ගොඩාක්ම උපසිරැසි කලේ ඉංග්‍රිසි චිත්‍රපටි වලටම තමයි. ඒ අතරිනුත් වැඩිම කැමැත්තක් තිබුනෙ කොමඩි චිත්‍රපටි වලට තමයි. දැන් නම් ටීවී එපි ටික කරනකොට ෆිල්ම් දිහා බලන්නවත් වෙලාවක් නෑ. ඉතින් ඔය අතරතුර සමහර කාලවලදී මට මේ වැඩෙන් ටිකක් දුරස් වෙන්නත් සිද්ධවුනා අධ්‍යාපන කටයුතු නිසා. එහෙමයි කියලා ඉතින් වැඩේ අතැරියෙත් නෑ. මේ උපසිරැසිය කරන්නෙත් විභාගයක් කිට්ටුවම තියන්, ඔන්න ඕකයි ඉතින් තත්වේ. ^_^
මේ ගමනේ මට සහය දුන්න මාත් එක්ක හිටපු ටිකදෙනෙක්ව මතක් කරන්නම ඕනා. මේ උපසිරැසි කරන කටයුත්තට මම බැස්සේ මගේ හොඳම මිත්‍රයා ධේනුක යශාන් එක්ක. මෑන්ස් නම් කොටි වලිගේ මුලින් අතැරියට මම නම් අතැරියේ නෑ හැබැයි 😀 කොහොම උනත් මට උපසිරැසියක් දෙකක් කරගන්න බැරි උන වෙලාවට නෑ බෑ නොකිය වැඩේ ගොඩ දාලා දුන්නාට ඔබතුමාට බොහොම ස්තූති කරනවා මේ වෙලාවේ. ඔතනින් ගියාම ඊලඟට සෙට් උන චරිතය තමයි සමීර චතුරංග.ඉස්සර නම් ඉතින් ෆිලුමක් හොයාගන්න ඕන නම් සමීර චතුරංග තමයි 😉 අම්මපා දැන් කොහේ ඉන්නවාද දන්නේ නෑ හොයාගන්නත් නැහැ ^_^ ඊට පස්සේ තමයි සමන් ප්‍රසාද් එහෙම නැත්නම් අන්වර්ථ නාමයෙන් සඳහන් කලොත් පුසා සෙට් උනේ. ඒ එක්කම වගේ තමයි අශාන් විමුක්ති එහෙම නැත්නම් විමාවත් සෙට් උනේ. මේ දෙපලට තමයි ඉතින් සයිට් එක සම්බන්ධයෙන් මොකක්හරි පස්නයක් උනොත් වද දෙන්නේ. මේකේ හරි කොපියක් එනකන් මං සබ් එක කලේ කැම් කොපියට. ඉතින් ඒක වෙබ් කොපියට සින්ක් කරලා දුන්නේ අපේ විමා තමයි. ඒ එක්කම අද බ්ලූරේ එකත් ආවා. ආයෙත් විමා ඒකට සින්ක් කරලා වැඩේ ගොඩ දාලා දුන්නා. බොහොම ස්තූතියි විමෝ. චාමර සම්පත් තමයි අනික් ඩැයල් එක. නෑ බෑ නොකිය මම බාරගත්තු සමහර උපසිරැසි මට කරන්න බැරි වෙන වෙලාවට කරලා දෙනවා. ඔබතුමාටත් බොහොම පිං. එතනින් ගියාම සයිට් එකේ ප්‍රශ්නයක් උනොත් ඉතින් හසන්ත අයියාත් ඕන වෙලාවක සහයට ඉන්නවා. ප්‍රශ්න කියන්නේ ඉතින් සබ් එකක් ඉක්මණට දාගන්න ඕන උනාම හසාටයි විමාටයි තමයි වද දෙන්නේ. මේ ෆිලුම කරන්න මුලින් බාරගෙන තිබුනේ නම් පූසා, ඉතින් මට මේක කරන්න දුන්නාට ගොඩාක් ස්තූතියි ඈ, ඒවගේම ඉසිර අයියා, රොයිලි අයියා, සමීර කරුණාරත්න, නිලුපුල්, ප්‍රණීත්, අසංක ප්‍රදීප් එතකොට මේ ලඟදි සෙට් උන රවිඳු රුක්ෂාන් මලයා, ඉසුරු දිල්ශාන්, රාජ් මලයා, චන්දිම, සුරාජ්, නලින්, ආසිරි, සඳුන්, කලිඳු, රසිත, නිර්මාණි අක්කා, තිසර, ඇතුලු බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ මම දැන හඳුනාගත් නොගත් හැම උපසිරැසිකරුවෙක්ම මේ වෙලාවේ මතක් කරනවා. තව කාගේ හරි නමක් සඳහන් කරන්න බැරි උනා නම් සමාවෙන්න ඕන..
මේ හැම උපසිරැසිකරුවෙක්ම මේ දෙවල් කරන්නේ කිසිම ලාභ ප්‍රයෝජනයක් බලපොරොත්තුවෙන් නම් නෙමෙයි. මේ කරන සේවයේ එකම තෘප්තිය ඔබේ කාලයෙන් බිඳක් වැය කරලා දාන පුංචි කොමෙන්ටුවක් විතරයි. මම නම් ඇත්තටම උපසිරැසියක් කරගෙන යන වෙලාවට කම්මැලි කමක් ආවොත් එහෙම කරන්නේ කලින් මම දීපු උපසිරැසිය අඩංගු ලිපියේ ඔයාලා දාලා තියන අදහස් කියවන එක. කොටින්ම කිව්වොත් සෑහෙන ගැම්මක් එනවා ඒවා කියවනකොට. එතනින් ගියාම උපසිරැසියක් පොඩ්ඩක් පරක්කු උනාම මම දැකලා තියනවා සමහරු බොහොම පහත් විදියට බැනලා කමෙන්ට් දාලා තියනවා. කරුණාකරලා ඒ වැඩේ නම් කරන්න එපා. ඒක පව් වැඩක්. ඒ මිනිස්සු තමන්ගේ කාලය කැප කරන් මේවා කරන්නේ කාගෙන්වත් බැනුම් අහන්න බලන් නෙමෙයි. ඉතින් දැන් ඒවා මේවා කිව්වා ඇති වගේ. කතාව ගැන පොඩ්ඩක් කියන්නත් එපෑය.

ඉතින් අපි කාගේත් ආදරය දිනාගත් ඒ සුරූපී නිලිය එමා වොට්සන් සහ ඩෑන් ස්ටීවන්ස් ප්‍රධාන චරිත වලට පණ පොවමින් හැඩකාරිය සහ මෘගයා එහෙම නැත්නම් Beauty and the Beast කියන මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තියනවා. ඉතින් මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Bill Condon විසින් සහ නිෂ්පාදන සහය David Hoberman, Todd Lieberman යන දෙදෙනා ලබාදී තිබෙනවා. Imdb අගය 7.7ක් ලෙසින් වාර්තා වෙලා තියන මේ චිත්‍රපටිය බොක්ස් ඔෆිස් ආදායම දැනට ඩොලර් බිලියන 1.208ක් ලබාගෙන ඇතිබව සඳහන් වෙනවා. ඉතින් ඒ පොඩි විස්තරය එක්ක කතාව ගැන කිව්වොත්, ඉතින් කතාවේ මුලින්ම පෙන්නන්නේ රාජමාලිගාවක ඉන්න අකාරුණික රාජ කුමාරයෙක්ට මායාකාරියක් හූනියමක් කරලා එයාව මෘගයෙක් කරන එක. එයා ඒ හූනියමෙන් බේරෙන්න නම් එයාට ඇත්ත ආදරයක් ලැබෙන්න ඕන. ඒ ආදරය ලැබෙන්නේ කාගෙන්ද කියලා ඔයාලාට බලාගන්න පුලුවන් වෙයි. ඉතින් එමා වොට්සන් එහෙම නැත්නම් කතාවේ විදියට බෙල් එයාගේ තාත්තා මෝරිස් එක්ක පොඩි ගමක ජීවත්වෙනවා. බෙල් ගොඩාක් කැමති පොත් කියවන්න. ඒ උනාට ගමේ මිනිස්සු හිතන්නේ මෙයා අමුතුයි කියලා. ඉතින් ගමේ ඉන්න ගැස්ටොන් කියලා හැඩිදැඩි හාදයෙක් බෙල්ට ඇහැ දාගෙන ඉන්නේ. ඒත් බෙල් නම් එයාට කැමති නෑ. ඉතින් බෙල්, ගැස්ටොන්, මෘගයා මේ චරිත සහ තව බොහොමයක් චරිත වල එකතුවෙන් බොහොම ලස්සන කතාවක් ගෙතිලා තියනවා. කතාව බලන්න ඔයාලාට බාරයි. ලිපිය ටිකක් අපිලිවෙලයි වගේ නම් සමාවෙන්න.
දැන් රෑ 11:45යි හරියටම. ඇස් දෙකෙත් මකුණු දැල් බැඳිලා වගේ බොඳවෙලා පේන්නේ මේක දිහා බලන් ඉඳලාම. එහෙන් නිදිමතයි. පාන්දර වැඩට යන්නත් ඕන. පැය 4ක් වගේ තමයි නිදාගන්න වෙන්නෙත්. මේ කැපකිරීම් ඔයාලා වෙනුවෙන්. ඒක නිසා කමෙන්ට් එකක් දැම්මාට කිසි තරහක් නෑ. එහෙනම් නැවත උපසිරැසියකින් හමුවෙනතුරු. හැමෝටම ජය!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HD / Br පිටපත සඳහා වලංගු වේ.
58,821 downloadsDownload Beauty.and_.The_.Beast_.2017.zip166 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
320 comments
krishan
krishan
100 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම් . .
200 කුත් ගහමු හොදේ......ns
100 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම් . .
rex
බොහොම ස්තුතියි සහෝදරයා...
Sandheep
Macho upasirasa supiri..200th ikmntama kramu.. film ekath maru.. 'office christmas party(2016)' movie ekatath sub kramuda? ඔබට ජය !!!!
ලොකු මල්ලි
බොහොම ස්තුතියි සහෝදරයා…
100 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම් . .Kasun Widusha
Elama mchoo 100 ta subapethum .150 ta yan ikmaninma. tnx
shan
NUWAN MALLI THANKS.PLZ APITA HOTTUB TIME MACHSINE 2 sub dunna aeka dunne ne aeke tava teayanwanam 3 vage denna,tava hoda comedy rate godak yana denna
shan
NUWAN MALLI,TAVA SUB DENAKOTA NEYAMETA HINAA YANA SINHALA WORD DANNA AEKATA FIT VENA HODATAMA OK,JAYA WEWA
Indika
ස්තුතියි සහෝ උපසිරැසියට...............!
100 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්.................!Lahiru Oshan Dahanayake
Godak thanks. anee ikmanata download weyan
Helili Hemamali
උණුසුම් සුබ පැතුම්!
තවත් දුර යන්නට ඔබට ශක්තිය,වාසනාව ලැබේවා!sunimal
ammo meka enakal maga balan hitiye film eka download karala dawas 3 i saba adai ai heta ai gaga hitiya.... godak thanks..... niyama wadak.... suba patanawa.... ela bro....elao
Bhanuka
Congratulations and thanx for sub man...!!
nopuna
thnkd mchn 2017 lokuwata kiyala lassana ekak awe nane.ithin dn meka blnt oni emma num aniwa blmws hee thnk mchn godariy
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
ඒ වගේම 100 වෙනි උපසිරැසට හදවතින්ම සුභ පතනවා සහෝ.. මේ ෆිලුම ගොඩක් ආසවෙන් බලන්න හිටපු එකක්. (එමා ඉන්න නිස තමයි ඉතිං) කොහොමහරි BR ආව දවසෙම දුන්නට ගොඩක් පිං සහෝ.. ඔයාගේ හැම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉක්මනින්ම 200,300 ගහන්න පුලුවන් වේවා..අපි හැමොම වෙනුවෙන් කරන මේ කැපකිරීමට (සරලවම කිවුවොත් මේ කන කට්ටට) බොහොම පිං මචං..උබලා නිසා තමයි හැමදාම දෙයියනේ කියලා ලස්සනට ෆිලුමක්,ටීවී සීරිස් එකක් බලන්නේ..Comment එකක් දාලා අපිට දෙන්න පුලුවන් සහයෝගය අනිවා දෙනවා සහෝ!
~~බුදුසරණයි..ජය වේවා~~Bhagya Sankalpa
Thanks baiscope
Subtitles nm ubala tamai yaluwaneනිර්මාණී විජේසිංහ
100 වෙනි උපසිරසිය වෙනුවෙන් සුභ පැතුම් මල්ලි. තව තවත් වැඩි වැඩියෙන් උපසිරසි කරන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මාවත් මතක් කරාට බොහොම ස්තූතියි. ජය....
Sajith Anthony
100 වෙනි උපසිරැසියට සුභ පැතුම්...!!
ජයෙන් ජයම වේවා...Ravindu harsha
Elm sahoo. 100 weni sub ekt unusumsuba pethum
Prasad
100 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්...................
Maduranga
Ela macho
Hasara Dulanjana
100 වන උපසිරැසියට සුබ පැතුම්...
charith eranga
බොහොම ස්තුතියි සහෝ සබ් එකට......
ජයෙන් ජයම වේවා....!!!charith eranga
100 වෙනි සබට උණුසුම් සුභ පැතුම්....!!!
Dilip Prasanna
මගේ උණුසුම් සුභ පැතුම් සහෝ
Sanjeewa Bandara
Thanks bro pelenda. ikkanta 200 gahamu.
විමා
සියවැනි උපසිරසට මුලින්ම උණුසුම් සුභපැතුම් එක්කරන්න කැමතියි. අර කිව්වත් වගේ දැන් ෆිල්ම් වලට උපසිරසි කරන අය හොයාගන්න නෑ හැමෝම ටීවී වලට යටවෙලා. කොහොම උනත් හැම වැඩක්ම අස්සේ කාලය වෙන්කරගෙන මේ කරන්නාවූ සේවය වෙනුවෙන් බොහොම ස්තුතියි. මෙතනින් නොනැවතී ඉදිරියටම යාමට ඉඩ හසර ලැබේවා කියල පතනවා. ජයෙන් ජයම වේවා නුවන්ත :D
හම්මේ එමා පණ <3 :*
Hope
Niyamai machan... 100 ta congratz!!
visal
thanx bn good luck bro
Janaka J
බොහොම ස්තුතියි
100 වෙනි උපසිරැසියට සුභ පැතුම්…!!Tharindu Nirmal Pieris
Adoo congarts...partyak deepan... ;)
Pramod Senanayake
සියවැනි උපසිරසට උණුසුම් සුභ පැතුම් සහෝ . .
lahiru
subata thanks bro
sam fisher
ම්‍ෙවග්‍ෙ හාෙද ෆිල්ම් එකක් ආපු ගමන්ම වග්‍ෙ,cam cpy එකට හරි අපිට බලන්න සබ්කරනවට(ම්‍ෙච්චර උනන්දුව්‍ෙන්,නිදිමරාගෙන)ස්තුති කියල පොඩි කම්‍ෙන්ට් එකක් දාලා මටනම් මදි.එකනිසා මම කියන්න්‍ෙ ඔයාලා වග්‍ෙ(cam කොපියට හරි)අපුගමන්ම film වලට කැපවිම්‍ෙන්,කාෙලිටියට සබ්කරනවට free නැතුව කියක් හරි ලැබ්‍ෙන විදිහට(reload එකක් data කාඩ් එකක් දාගන්නවත් බැරියැ) ම්‍ෙවැඩ්‍ෙ කරන්න.මම නම් එකපයින්ම එකට ඕක්‍ෙ.ම්‍ෙ වැඩ වලට ඕගොල්ලො අපිට නාෙකිව්වට සල්ලි වියදන් වෙනවන්‍ෙ.ම්‍ෙ සබ් එක හදන්න(අපිට බලන්න)විමා අයියත් උදව්කරලා තිබ්බන්‍ෙ එයාටත් අප්‍ෙ තෑන්ක්ස් එක දෙන්න.ම්‍ෙ වග්‍ෙ කරන විමා අයියටත් මාෙකෙක්ද බැනලා තිබ්බ පව්.එයාත් ලගදිම කැපෙනවාලු(අපිට තමා පාඩු ඉතිං).අයිය්‍ෙ මම ම්‍ෙ සයිට් එක සල්ලි හාෙයන්න පුලුවන් විදිහට හදන්න කිව්වෙ තව හ්‍ෙතුවක් ඇතුව.ම්‍ෙක එව්දිහට හැදුවාෙත් සබ්කරන කට්ටිය වැඩිව්‍ෙයි.තවම සබ් දුන්නැති,කවදාවත් ද්‍ෙන්නෙත් නැති tv show,film ගාෙඩක් තියනවා කියක් හරි හොයාගන්න පුලුවන් විදිහට හැදුවාෙත් එක්‍ෙන් කාටහරි කියක්හරි හාෙයාගන්න උදව්වක් වග්‍ෙම ගාෙඩක් සබ් ගානකුත් කෙරෙයි ම්‍ෙ අදහස පුලුවන්නම් ඇඩ්මින්ලට කියන්න.අන්තිමටම 100ට සුබපතනවට sorry.congratulation
thisal
සියවැනි උපසිරසට උණුසුම් සුභ පැතුම්
ashan
thanx bro
max don
Thanks.. Was waiting for this mate.
භාෂිත් උඩවත්ත
100ට සුබපැතුම්....
ජය වේවා....sanath indika
thx u broo
Udara Damith B/K
ස්තුතියි සහෝ උපසිරැසියට……………!
100 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්............thusitha
thanks machan,,,,,oyala karana sewaya athi vishishtai,,,,,,,,,jaya wewa.....
pasindu
100 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම් . .
Kulanjana Maduranga
welldone....Hat off Respect Bro....Great work & Lot of thanks NUWANTHA saho.wish u'r great future.....
Wolwerine.
100 වන සිංහල උපසිරැසියට හදවතින්ම සුභ පතනවා!
එනකල් බලන් හිටපු ෆිල්ම් එකක්.
සබ් එකටත් ස්තූතියි!Mithun
මහන්සියට බොහොම ස්තුතියි සහෝ ..
බලන්න ඔනෙmaiකියලා උන්නු එකක්
ඔන්න ගත්තChami.S
Thanks..
Good Luck..sanka
100 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
manoj
thanks saho
Sajeevi
100 වෙනි උපසිරසියට උණුසුම් සුභ පැතුම්!
Hashan
Ela sub ekata thanks
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Br එක ආව ගමන්ම මේවගෙ සිංහලෙන් උපසිරසි ලබා දුන්නට ගොඩාක් ස්තුතියි .
නියමයි....!
බුදුසරණයි . !