Watch Trailer

Mr. and Mrs. Iyer (2002) with Sinhala Subtitles | හිමි අහිමි [සිංහල උපසිරසි සමඟ]

මගේ පළමුවෙනි උපසිරසියෙන් හරියටම මාස 10 කට පස්සේ තමයි මේ දෙවැනි උපසිරැසිය ඔයාලට දෙන්නේ . ඉඩ තියෙන තියෙන වෙලාවට තමයි ඉතින් උපසිරැසි කරන්නේ . සුපුරුදු විදියට මෙය මට භාර දුන් ශාන් විමුක්තිට මගේ ස්තුතිය හිමිවෙනවා . මේ චිත්‍රපටියත් මම විදේශ ගතවෙලා ඉන්නකොට ආශාවෙන් බලපු එකක්. වෙනස් ආකාරයක කතාවක් අඩංගු, මා…

 

මගේ පළමුවෙනි උපසිරසියෙන් හරියටම මාස 10 කට පස්සේ තමයි මේ දෙවැනි උපසිරැසිය ඔයාලට දෙන්නේ . ඉඩ තියෙන තියෙන වෙලාවට තමයි ඉතින් උපසිරැසි කරන්නේ . සුපුරුදු විදියට මෙය මට භාර දුන් ශාන් විමුක්තිට මගේ ස්තුතිය හිමිවෙනවා . මේ චිත්‍රපටියත් මම විදේශ ගතවෙලා ඉන්නකොට ආශාවෙන්  බලපු එකක්.  වෙනස් ආකාරයක කතාවක් අඩංගු,  මා සිත් ගත් මේ චිත්‍රපටය  ඔයාලගෙත් සිත් ගනීවි යයි මම හිතනවා .  උපසිරසිවල අඩු පාඩු ඇති. ඒ ගැන සමාවෙන්න කියලා ඉල්ලා හිටිනවා. ඩීවීඩී ෆයිල් එකත් (කොටස් දෙකකින් තියෙන්නේ)  ගැලපෙන සබ් ටයිටල් ෆයිල් එකත් හොයාගත්තේ ටිකක් අපහසුවෙනුයි. වෙබ් පිටුවේ ලිපිනය තියෙන නිසා බාගතකරගන්න ඔයාලට නම්  ගැටළුවක් වෙන එකක් නැහැ .

2002 වසරේ ජූලි 19 වන දින  තිරගතවීම ඇරඹුණු   ඉංග්‍රීසි බසින් නිමැවුණු   මෙම බෙංගාලි චිත්‍රපටිය සම්මානනීය අධ්‍යක්ෂිකා අපර්ණා සෙන් ගේ නිමැවුමකි .ඉන්දියාව තුලදී මෙන්ම විදේශ රටවලදීද සම්මාන ගණනාවකින් පිදුම් ලැබූ මෙයට  හිමි IMDB  අගය 8 කි . අධ්‍යක්ෂිකාවගේ දියණියද වන කොන්කොනා සෙන් ශර්මා සහ රාහුල් බෝස් ගේ ප්‍රධාන රංගනයෙන් දායකත්වය ලබන මෙහි සංගීතය සම්මානනීය සංගීත ශිල්පී උස්තාද් ශකීර් හුසේන් ගේ ය . මෙහි ප්‍රධාන භාෂාව ඉංග්‍රීසි වුවද , දමිළ , බෙංගාලි , හින්දි  යන භාෂා වලින්ද බොහෝ දෙබස් ඇත . ඉතින් අපි කථා සාරාංශයට යොමුවෙමු .

කල්කටාවේ ජීවත්වෙන තරුණ මවක වන  මීනාක්ෂි අයියර් හට ,  අවුරුද්දක් වයසැති තම කුඩා දරුවාද සමගින් ඈත කඳුකර පෙදෙසක සිටින  තම දෙමව්පියන් බැහැ දැකීමෙන් පසු නැවත කල්කටාව බලා යන ගමනේදී මුස්ලිම් ජාතික ජෙහන්ගිර් චවුද්රි  හෙවත් රාජා නමැති වනජීවී ජායාරූප ශිල්පියා මුණගැසේ . බස්රථය තුලදී ඇයගේ තනි නොතනියටත් දරුවාගේ වැඩකටයුතුවලටත් උදව්වූ ඔහුත් ඇයත් අතර හිතවත්කමක්ද ගොඩ නැගේ . මනරම් කඳුවැටි පසුකරමින් ගමන්ගන්නා බස්රථය එක්තරා ස්ථානයකදී මාර්ගය වසා දමා ඇති බැවින් අතුරු  මාර්ගයකින් හරවා යන විට ගංගා තීරයක් අසලදී නැවතත් විශාල රථවාහන තදබදයකට හසුව නතරකරනු ලබයි . එම මාර්ග තදබදය ඒ අසල  හින්දු ගම්මානයේ ඇතිවූ කැරැල්ලක් හේතුවෙන් වූ එකක් වන අතර  ඒ වනවිට අවට ප්‍රදේශය පුරා ඇඳිරි නීතියද පැනවේ . එහිදී බස්රථය වැටලූ හින්දු කැරලිකරුවන් පිරිසක් මුස්ලිම් ජාතිකයින්  සොයමින් කලබල කරද්දී තමන්ගේ සැමියා බව පවසමින් ජෙහන්ගිර් ව ගලවා ගනියි.

මෙම කලබල මැද කැරැල්ල නිසා විනාශ වූ කුඩා ගම්මානයකට ඔවුන්ගේ බස් රථය ලඟාවේ. ඇඳිරි නීතිය මඳ වෙලාවකට ලිහිල් කලද නැවත එය ක්‍රියාත්මක වූ නිසාවෙන් සියලුම මගීන් හට ඔවුන්ගේ ගමනාන්තයට යාමට නොහැකිවී  ඔවුන් එම අඩක් විනාශ වූ ගම්මානය මැද අතරමංවේ. එහිදී රාජකාරියේ යෙදී සිටි උසස් පොලිස් නිලධාරියෙකුගේ උදව්වෙන් මීනාක්ෂි සහ ජෙහන්ගිර් හට පාලුවට ගිය වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් නවාතැනක් සොයාගන්නට හැකිවේ. අවට ගම් ජාතිවාදී ගිනි දැල් වලින් වෙලී යද්දී  කුඩා දරුවාද සමගින්, මහා වනාන්තරයක් මැද පිහිටි එම පාලු  නිවසෙහි නවාතැන් ගන්නා මීනාක්ෂිගේ සහ ජෙහන්ගිර් හෙවත් රාජාගේ ගමනේ අවසානය  කෙසේ වේද ?  එය දැනගැනීමට ඔබ සැමට මෙම චිත්‍රපටය නැරඹීමට ආරාධනා කරමින් මා නවතිමි.

සැමට ස්තුතියි .

 

Mr. and Mrs. Iyer (2002) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Mr.And.Mrs.Iyer.2002.DVDRip.XviD-BrG.CD1
Mr.And.Mrs.Iyer.2002.DVDRip.XviD-BrG.CD2

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,197 downloadsDownload Mr-And-Mrs-Iyer-2002.zip36 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/ChinthakaDe1-e1476053608512.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චින්තක ද සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,197 downloadsDownload Subtitles36 KB

18 comments

  1. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  2. Helili Hemamali

    උපසිරැසියට තුති!
    දිග ගමනක් යන්න සුබ පතනවා.

  3. udayasaman

    niyamai uthasahaya agya karanawa.ididriyatath mewage sub denna.

  4. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි උපසිරැසට***
    ~~බුදුසරණයි..ජය වේවා~~

  5. Kantha_DLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    -----ස්තූතියි-----

    මෙතෙක් උපසිරසි ලබා නොදුන් 2015-2016 වසරවල
    චිත්‍රපට සඳහා උපසිරසි ලබා දෙනමෙන් කාරුණිකව ඉල්ලමි.

  6. මයුර

    දැනෙන සතුට කියාගන්න බැහැ බන්. හිතුවෙත් නැහැ මේකට සබක් එයි කියලා. හොඳ කොපියකුයි ඉංග්‍රීසි සබකුයි හොයන්න නෙට් එකම පීරුවා. හම්බුනේම නැහැ. දැන් ඉතින් වදවෙන්න ඕන නැහැ. ස්තුති කරලා මදි මචෝ........

    1. Chinthaka De Silva

      ස්තුතියි

  7. අසිත

    elama saho thanks

  8. නිරෝෂ්

    ස්තුතියි චින්තක සහෝ.ජයවේවා !

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
    ජය වේවා!
    බුදු සරණයි!

    1. Tharaka

      Mr. and Mrs. Iyer (2002) ෆිල්ම් එකේ torrent වැඩ නෑ සහෝ. මම ගොඩාක් මේ ෆිල්ම් එක බාන්න try කලා. ඒත් හරි ගියේ නෑ. direct link එකක් තියෙනවද?

    2. Chinthaka De Silva

      මමත් ගොඩාක් හොයලා තමයි මේ ලින්ක් හොයාගත්තේ . මම නම් ඒකෙන් තමයි download කලේ . හැබැයි ඒ මාස ගානකට කලින් . දැන් ඒවා වැඩකරන්නේ නැතිද මන්දා

    3. Chalana

      link nahane....

    4. Tharaka

      හරි මචන් ගොඩාක් වෙලා ගියායින් පස්සේ download වෙන්න ගත්තා. අන්තිමට ෆිල්ම් එක බාගත්තා. සීඩ්ස් අඩු නිසා දවසක්ම ගියා.

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. SPD

    සබ නම් අරගන ගොඩක් දවසක් වෙනවා සහෝ. ඒත් අද තමයි බලන්න පුළුවන් වුනේ. බැලුවට පස්සේ කොමෙන්ට් එකක් දාන්නම ඕන කියලා හිතුනා. බලපු ලස්සනම ෆිල්ම් ටිකෙන් එකක් කියලා කියන්න පුළුවන. හදවතට ගොඩක් දැනුනා මචන්. ඉදිරියටත් මේ වගේ ලස්සන අපිට දෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    ජයවේවා...!

  13. Saranga J. Liyanagama

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.