Watch Trailer

Before I Disappear (2014) with Sinhala Subtitles | නික්ම යාමට මත්තෙන් [සිංහල උපසිරසි සමඟ]

4 වෙනි උපසිරැසියත් අරන් ආවා ඔන්න, ආයෙත් වතාවක් අමුතුම සිනමාපටයක් ඕගොල්ලන්ට අරන් එන්න වාසනාව ලැබුනා. මේක 2014 අවුරුද්දෙ නිකුත් වුන චිත්‍රපටයක්. ටිකක් පරන වුනත් මේක නියම එකක්, කවුරුත් දකින්න නැතුව ඇති මං හිතන්නෙ, නැත්තන් මෙලහකටත් අපෙ අයියලා මේකට සබ් දීලා, ලේසි කට්ටිය නෙවෙයිනෙ අපිට ඉන්නෙ, මගෑරුන එකක්…

Before I Disappear (2014)

4 වෙනි උපසිරැසියත් අරන් ආවා ඔන්න, ආයෙත් වතාවක් අමුතුම සිනමාපටයක් ඕගොල්ලන්ට අරන් එන්න වාසනාව ලැබුනා. මේක 2014 අවුරුද්දෙ නිකුත් වුන චිත්‍රපටයක්. ටිකක් පරන වුනත් මේක නියම එකක්, කවුරුත් දකින්න නැතුව ඇති මං හිතන්නෙ, නැත්තන් මෙලහකටත් අපෙ අයියලා මේකට සබ් දීලා, ලේසි කට්ටිය නෙවෙයිනෙ අපිට ඉන්නෙ, මගෑරුන එකක් හොයාගන්නත් අමාරුයි දැන්. එහෙ බැලුවත් සබ්..මෙහෙ බැලුවත් සබ්.

ඇක්ශන් නෑ! රහස් පරීක්ශකලා නෑ! සුපිරි වීරයෝ නෑ…..මේකෙ ඉන්නෙ ලස්සන පොඩි ගෑනු ලමයෙක්, පොඩි කිව්වට ටීනේජර් කෙනෙක්. ඒ වගේම අපේ අසාහය කතා නායකයා නිදි පෙති  20ක් විතර ගහල තමයි කතාවට එන්ටර් වෙන්නෙ. මුළු කතාව පුරාම කම්මැලි නැතුව බලන්න පුළුවන්! මෙකේ විශේෂත්වය වෙන්නේ කතාව ලියල තියෙන්නෙත්, අධ්‍යක්ශනය කරල තියෙන්නෙත්, රගපාන්නෙත් එකම පුද්ගලයෙක් විසින්!!!!

Shawn Christensen විසින් තමයි මෙහි ප්‍රධාන චරිතය රගදක්වන්නේ, මේ චිත්‍රපටය IMDB 7.2ක අගයක් සටහන් කරගෙන තියෙනවා. අනෙක් ප්‍රධාන චරිතය Fatima Ptacek විසින් රගදක්වන කුඩා තරුණියකගේ චරිතයක්. ඇමරිකාවේ නිව්යෝක් නගරය ආශ්‍රිතව මේකෙ රූගත කිරීම් කරල තියෙන්නේ. කතාව ගැන කියනවනම් මේකෙ ප්‍රධාන චරිතය ‘රිචී’, තමන්ගෙ ජීවිතේ දැන් ඇතියි කියල හිතලා එපාම වෙලා දිවි නහගන්න කියල හිතලා නිදි පෙති 20ක් විතර පානය කරනවා! ඒත් මෙයාගෙ සහෝදරිය හදිසි කරදරයක වැටිල ඉන්න අතරේ තමන්ගෙ දුවව බලාගන්න කියලා රිචීට බාරදෙනවා, මැරෙන්නයි ලමයි බලාගන්නයි දෙකක් බෑනේ නේද! ඒක තමා අපිත් කියන්නෙ! ඒක තමා එයත් කියන්නෙ…කොහොමින් කොහොමහරි මැරෙන්න වෙන්නෙත් නෑ…මැරෙන්නවත් නිදහසක් නෑ! කතාව බාගෙනම බලමුකෝ කොච්චර ලස්සන කතාවක්ද කියලා! පොඩ්ඩක්වත් බෝරින් නෑ හරිය!

එහෙනං ජයවේවා හැමෝටම! 

 

The Driftless Area (2015) on IMDb

 

 

Web-DL පිටපතට ගැළපේ

1,379 downloadsDownload Before.I.Disappear.2014.Baiscopelk.com_.rar38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/01/10477717_10203011632632964_1521473326431080854_o-e1421601669236.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාධව චතුරංග” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

මාධව චතුරංග

Subtitles

1,379 downloadsDownload Subtitles38 KB

44 comments

  1. Jnz

    ela bro

  2. achila

    ko link eka.

    1. සමන් ප්‍රසාද්

      මීට පස්සෙ සයිට් ඒකෙ ටොරන්ට් දෙන්න විදිහක් නෑ සහෝ. කට්ටියක් සයිට් එක වට්ටන්න උත්සාහා කරනවා. ඒ නිසා ඉදිරියට අපි දෙන්නෙ සබ් ෆයිල් එක විතරයි. ටොරන්ට් ලින්ක් එක අපි දෙන්නෙ නෑ. fb ෆෑන් පේජ් ඒකට ගිය ටිකේ ලොකු කරදරයක් වුණා මේ නිසා. ඇඩ්මින්ලව බ්ලොක් වුණත් එක්ක fb එකෙන්. ඒ නිසා මේක කරන්නෙ අපි හැමෝගෙන හොඳට. සයිට් එක වැටුනොත් ආයෙ කවදාවත් ඔයාලට අපිට සබ් දෙන්න බැරි වෙයි. ඒ නිසා මේ ගැන අහිතක් හිතන්න එපා.
      ජය.

    2. මාධව චතුරංග

      අපි ප්‍රසිද්ධියේ ටොරන්ට් බෑවට මේක එක්තරා විදියක නීති විරෝදී වැඩක්, ඒක නිසා මේකෙන් ප්‍රයෝජන ගන්න මේ අඩවියක් එක්ක කෝපයෙන් ඉන්න ගොඩක් දෙනෙක් ලෑස්ති වෙලා ඉන්නවා! ලංකාවෙ ප්‍රධානම වෙබ් අඩවියක් හැටියට ටොරන්ට් ලින්ක් දෙන එක ගැන දැන් දෙපාරක් හිතන්න වෙලා, හුගක් රටවල්වල ටොරන්ට් තහනම් කරල තියෙනවා, ටොරන්ට් බාන අය තමන්ගෙ IP එක පවා හංගලා තමයි යන්නේ! ඒක නිසා ඔයාලා තරහ වෙන්න එපා කියල තමයි ඉල්ලන්නේ, ඔයාලගෙ හැකියාවෙන් Google කරලා තමයි අදාල ටොරන්ට් එක හොයාගන්න වෙන්නේ, ටිකක් කරදරයි තමා, දැනට අපි එහෙම කරමු! මේ දීලා තියෙන සබ් එක ඕනම Web-Dl කොපියක් එක්ක Sync වෙනවා!

    3. mithun

      මෙ දිල තියෙන උත්තරයෙන් සැහිමකට පත් වෙන්න බැ. ඇයි මෙ ෆබ් එකක් ගවගෙන මෙ වගෙ කතාවක් කියන්නෙ. Torrent line එකක් ඇදල අරන් දුන්න කියල සයිඩ් එක වැටෙන්නෙ කොහොමද ? බයිස්කෝප් සයිඩ් එක කියන්නෙ ලංකාවේ අංක එකෙ විනොදාස්වාද වෙබ් අඩවියක් .
      මෙ මොකක් හරි පුන්ච් දෙයකට ඔච්චර බය වෙනවද ඔයගොල්ලො. torrent ලින්ක් ඇදල දෙන්නෙ පාරිභෝගිකයන්ගෙ සහයට කි දන්නව. ටොරෙන්ට් ලින්ක් එකක් බාගත කරගන්න අමරු අයට එක බොහොම වටිනව.
      මට තියෙන ප්‍රදානම ප්‍රස්නය මෙ වගෙ දෙකයි පනහෙ කතාවක් කියන්න මොකක්ද ඔච්චරම ප්‍රස්නෙ කියන එකයි.
      ටොරෙන්ට් ඇදල දෙන එකට නඩුවක් වත් වැටුනද.. සමාවෙන්න සහො මෙ කතාවෙන් නම් කොහොමට වත් සෑහිමකට පත් වෙන් නැ.
      ඔයාට මෙකට තර්ක අර්ත තෙරුමක් දෙන්න වෙයි.
      @Fb එකක් හින්ද ඇඩමින්ල බ්ලොක් උනා කියල torrent දෙන්න ලැබෙන් නෑ ලු..
      එක බොහොම විහිලු කතාවක් නෙවෙද. බයිස්කෝප් සයිඩ් එකෙන් එ වගෙ කතාවක් අහපු පලවෙනි පර.

    4. mithun

      මොකක් හරි සිද්ධියක් නිස සයි එකට ඔයල කියනව වගෙ අනතුරු ඇගවිමක් තියෙනව නම් , එ ගැන වචනයක් වත් අයෙ කත කරන් නෑ සහො.
      අදාල සබ් ෆයි එක hd කොපි වලට ,වගෙම blurry පිටපත් වලටත් වෙලාවට යාව කාලින කරල දෙනව නම් එක තම ගොඩක් වටින්නෙ.. ස්තුතියි අදහස් දැක්කුවට @සමන් ප්‍රසත් සහො, @ මාධය සහො.ජය

    5. Dinuka

      ube kathawata math ekagai machan.
      meka vihiluwak.

    6. සමන් ප්‍රසාද්

      මේකයි සහෝ. රසිකයන්ට හොඳ කරන්න ගිහින් දින තුනක් පුරාවට කතෘවරුන් මුහුණු පොතේ block වෙලා තිබ්බා. ඒ අපි පලකල උපසිරැස මුහුණු පොතේ ප්‍රචාරය කිරීම නිසාවෙන්. මුහුණු පොතට අනුව අපි නිල නොලත් පිටපත් දීලා තියනවා. ඉතින් අපිට සයිට් එකටත් අනතුරු ඇඟවීම ආවා. ටොරන්ට් දෙන එකට චිත්‍රපට නිෂ්පාදකයින් විරුද්ධයි කියලා අපි හැමෝම දන්නවනෙ. ඉතින් අපිට කරදරේ වැටෙන්න වුවමනාවක් නැහැ තවත් ඒ කාර්යය එහෙම්ම කරගෙන ගිහින්. ඔයාලාට පුළුවන් මේක හොයලා බාගෙන අපේ සබ් අරගෙන යන්න. මොකද සමහර විට එහෙම ටොරන්ට් දෙන්න ගියොත් මේ සයිට් එකම නැති වෙලා යන්න පුළුවන්. එහෙම උනොත් ඔයාලට මේ විදිහටවත් සබ් එකක් බලන්න ලැබෙන එකක් නෑ. අපි දන්නවා මේ වැඩෙන් ඔයාලා කොච්චර අපහසුතාවෙට පත් වෙනවද කියලා. නමුත් මේක තමා අපිට කරන්න වෙන්නෙ සහෝ. මේක එක රෑකින් ගත්ත තීරණයක් නෙවෙයි. ඇඩ්මින්ලා හැමෝම ඒකට කතා වෙලා ගත්ත තීරණයක්. අපිටත් කණගාටුයි සහෝ මෙහෙම කරන්න වුණාට. නමුත් මේක තමා අපිට කරන්න වෙන්නෙ.

  3. Achila Udara

    ko download link eka ?

    1. මාධව චතුරංග

      E69C4A1AFBEE6205210E8CFFC92A69421AEA2F6E මේක ගූගල් කරලා බා ගන්න

    2. Chalana Rukshan

      thnx bro..

  4. Dhanushka

    Thanksssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  5. supungw

    oyala mechchara kattak kala apita nomilema sub. denawa ehema karana meyalata mehema karana eka (SITE 1 WATTANNA HADANA 1)tirisan wadak unta hena gahanna oni .BAISCOPELK.COM GOOD LUCK..!! ubalata

  6. mithun

    සබ් එකට බොහොම ස්තුතියි සහො .

    1. සිහින අනුහස්

      ස්තුතියි සහෝ

  7. isuru neranjan

    oya link 1ka nm galapenawa kamathi kenek innawa nm baganna

  8. wimukthi

    thanx subata.machan RISEN @)!^ film ekatath sub diyanko

  9. wimukthi

    RISEN [2016]

  10. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  11. Achila Udara

    saho samahara welawata api ganna link eke film ekata sub eka match une nati unoth giyapu deta tika aparade neda.................. sub ekata thanks.

    1. මාධව චතුරංග

      E69C4A1AFBEE6205210E8CFFC92A69421AEA2F6E මේක ගූගල් කරලා බාගන්න! මේකට සින්ක් වෙනවා

  12. රොයිලි

    බොහොම ස්තූතියි මාධව සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Tharaka

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.

  14. මාධව චතුරංග

    අදහස් දැක්වූ හැමට තුති! E69C4A1AFBEE6205210E8CFFC92A69421AEA2F6E මේ ලින්ක් එක ගූගල් කරලා බා ගන්න!

  15. Palitha madusanka

    ඔයාලට ගොඩාක් ස්තුති වෙනව සිංහල sub වලට . නමුත් film link එක දෙන්න පුළුවන්නම් එක ලොකු දෙයක්

  16. Haritha Dayanga

    පුලුවන්නම් හෑශ්ටෑග් එකවත් දාන්න
    උපසී‍රැසියට ස්තුති

  17. Chami.S

    Thanks..
    Good Luck...

  18. Harsha Nuwan

    Hash tag එකවත් දාන්න බැරිද බං. අවුලක් නෑ බං. මේ දෙන තරම ඇති හොඳටම. ඕක ගූගල් කරල හොයාගන්නත් අපේ එවුන් කම්මැලියි. ඒකනේ අවුල. උඹල වෙන මහන්සිය මුන්ට තේරෙන්නෑනේ බං. හැබැයි කොහොම උනත් පට්ට බලු වැඩේ එහෙම කරපු එක. බයිස්කෝප්ලට ජයෙන් ජය...!!

  19. Shyan Rhydmika

    bohoma sthuthi yaluwa..torrent eka nudunnata kamaknene..hariyana eka kiyala thiyenawane baana kattiya torrentz wage site ekakata gihin search kalama tik gala hambenawa thanks madawa..thanks bicecopelk

  20. Ranesh Cooray

    torrantz downloads gihin serch karala film eka ganinko ban..mun mehemawath sub dena eka loku deyakne.....

    ela ela admin machan ..nikan hoda karanna gihin illan kanna epa..sub witharak deepan..

  21. Rusiru

    salenna epa... hoda karana ayawa wattanna thamai hamoma balan inne. api hamadama baisecopelk ekka innawa... GOOD LUCK.....

  22. Rusiru

    mama danata films 150k withara balala thiyenawa me web site eken dena sub ekka.. oyala karana mahansiya therenawa.. sub file ekak hadanawa kiyanne lesi game ekak neweine... sinhalata translate karala type karannath epai.. line gaana wadi weddi danena mahansiyath hitha ganna puluwan... me site eken sub eka aragena mama film eke nama agata torrent kiyala gahala search karala ena web walin hoda copy ekak thorala gannawa. e wade hodai mokada hoda seeds la inna torrent ekak apitama hoya ganna puluwan nisa... All the best addministrators

  23. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaa

  24. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  25. thilina

    bada gosthara waaadii rupawaahinii naalikaa tikata thama oyalawa prashnayak wenawanam wenne, mokada unta hambakaran kanna thiyana chance1ne me site1 nisaa nathi wenne. eg 2016 ta ena aluth film oyala meke daanawa. ita passe ewa dvd karanawa, ethtkota wenne tv wala pennuwata eke watinaakamak na.
    eka handa me site1 wattana hadanawa.

  26. thilina

    uba kohoma hari hash dunna ne thank u “මාධව චතුරංග”

  27. thilina

    E69C4A1AFBEE6205210E8CFFC92A69421AEA2F6E

  28. Chanaka

    Seeds adunam mokada karanne

  29. Chanaka Nilanga

    E69C4A1AFBEE6205210E8CFFC92A69421AEA2F6E
    Me hash tag eke seeds mara adui mokadda karanne

  30. මාධව චතුරංග

    ටොරන්ට් එකේ සීඩ් අඩුයිනම් විකල්පයකට තියෙන්නේ ඩිරෙක්ට් බා ගන්න එක, www.seedr.cc සයිට් එකට ගිහින් ඔයාගේ ෆේස් බුක් එකවුන්ට් 1 පාවිච්චි කරලා ලොග් වෙන්න! ඒ සයිට් එකට ටොරන්ට් ෆයිල් එක අප්ලෝඩ් කරන්න, නැත්තන් මැග්නට් ලින්ක් එක කොපි පේස්ට් කරන්න. ඒකෙන් ඔයාලට අදාල ෆයිල් එක උපරීම ස්පීඩ් එකෙන් ඩිරෙක්ට් බා ගන්න දෙයි

  31. danushka

    Sab එකට thank මචං.baiscopelk මග හැරැන සුපිරි කතා තව තියෙනවා .
    1.taxi driver 8.3/10
    2. Mulholland Drive 8/10
    3. L.A. Confidential 8.3/10
    4. Superbad 7.6/10
    තව ගොඩක් තියෙනවා මග හැරැන එවා.පුලුවන් නම් sub එක දාන්න මචං

  32. danushka

    Sub එකට thank මචං.baiscopelk මග හැරැන සුපිරි කතා තව තියෙනවා .
    1.taxi driver 8.3/10
    2. Mulholland Drive 8/10
    3. L.A. Confidential 8.3/10
    4. Superbad 7.6/10
    තව ගොඩක් තියෙනවා මග හැරැන එවා.පුලුවන් නම් sub එක දාන්න මචං

  33. Akila Dilhara

    Thanks Brother...❤