දෛවය, මිනිසුන්ගේ ජීවිත සමග කෙතරම් සෙල්ලම් කරන්නෙහිද, විටක එය කුරිරුයි, තවත් විටක දුක්ඛදායකයි, තවත් විටක සන්තෘෂ්ටි ජනකව එහි අනෙක් පසින් පිහිටයි. මේ කුමක් සිදුවුවද සෙල්ලම සිදුවනුයේ වර්තමානයට අනුව වෙනස් වන අප අනාගතය සමගිනුයි. අහඹුව යන්න දෛවයට ඉතා ළගම ඥාතීත්වයක් දක්වන්නෙකි. එදා දුම්රියෙදි අප මුණ ගැසුණු…

දෛවය, මිනිසුන්ගේ ජීවිත සමග කෙතරම් සෙල්ලම් කරන්නෙහිද, විටක එය කුරිරුයි, තවත් විටක දුක්ඛදායකයි, තවත් විටක සන්තෘෂ්ටි ජනකව එහි අනෙක් පසින් පිහිටයි. මේ කුමක් සිදුවුවද සෙල්ලම සිදුවනුයේ වර්තමානයට අනුව වෙනස් වන අප අනාගතය සමගිනුයි. අහඹුව යන්න දෛවයට ඉතා ළගම ඥාතීත්වයක් දක්වන්නෙකි. එදා දුම්රියෙදි අප මුණ ගැසුණු ඒ මොහොත, අප නෙතට-නෙත ගැටුණු ඒ ඇසිල්ල කෙතරම් ආහ්ලාද ජනකද. අහබුව විසින් මුනගැස්සවූ අප දෙදෙන දෛවය විසින් වෙන්කළද අප හදවත් තවම එකිනෙකෙ බැදීපවතින බැව් අප ගතකළ ඒ සොදුරු පෑ කිහිපය මතකෙට නැගෙන සැණින් දෙනෙත් වලට කදුලැල් උනන ආකරයෙන් සිතාගත හැකිය. මතකද ඔයාට අපි එදා මොනතරම් දොඩමළු උනාද ඔයාව සෑහෙන කාලෙක ඉදන් අදුනන් ඉදිය වගේ මගේ හැම දෙයක්ම මම ඔයාට කිව්වා, හරියට පිස්සු හැදුණු කෙල්ලෙක් වගේ.
ඔයාගෙ තර්කානුකුල රැඩිකල් අදහස් මම අහන් ඉදියෙ හරියට නින්ද යනකම් අම්මගෙන් කතන්දර අහන පොඩි ලමෙක් වගේ. හැම එහෙකටම ඔයාගෙ ළග තර්කානුකූල උත්තරයක් තිබුණා, මාත් එක්ක කතා කරනකොට දිලිසුණ ඔයාගෙ ඔය ඇස් දෙක තාමත් මාත් එක්ක හිනාවෙනව නේද? ඇත්තටම මට ඔයාගෙ බැල්මෙන් ගැලවෙන්න පුළුවන් උණේ නෑ. ඔයා වියානා වලින් බැහැල යන්න හදනකොට ඇත්තටම මට ඕන උණා ඔයාට යන්න එපා කියන්න. ඒත් මම කොහොමද එහෙම කරන්නෙ. මම දුම්රියේ කවුළුවෙන් පිටත බලාගෙන මගේ හිතට ඔයත් එක්ක යන්න ඉඩ දුන්නා. දැහැනකට සමවැදිල ඔයාගෙ රුව හිතින් මවාගෙන උන්නු මගේ සිතුවිලි දාමය බිද දැම්මෙ හැමදාම ලගතියන් අහන් ඉන්න ඇත්නම් කියල හිතුණු ඔයාගෙම කටහඩ නේද? එදා රෑ අපි දෙන්න ගෙවපු හැටි, නන්නාදුනන ඔයා එක්ක මම මුළු රෑම ලගින් හිටිය. හැම තැනකම ඇවිද්දා. හෝටලේකින් හොරකම් කරගත්තු වයින් වීදුරු වලට. ණයට අරගත්තු වයින් බෝතලෙන් වයින් පුරවගෙන, පිනි වැටිල සීතල වෙච්ච තණ බිමක, තරු එළිය යටට වෙලා, මූණට මූණ බලාගෙන ඉදගත්තු අපි දෙන්න අපේ හමුවීම සැමරුව අපූරුව. අපි අපෙන් සමුගන්න වෙලාවෙ ඔයා මට දුන්නු උණුසුම් හාදුව. මේ හැම දේම තාම මට මතකයි. අපිට ආයෙමත් හමුවෙන්න පුළුවන්නම්, මම පොරොන්දු වෙනව ඔයාගෙ ලගින් හැමදාටම මම ඉන්නව. ඔයා මගේ ළග නැතත් මේ දැනුත් මගේ හිත ඔයාගෙ ළග. ඔයා මගෙන් සමු අරන් ගියෙ තනියම නෙමෙයි, මගේ හිතත් අරගෙන, ඔයාට තනි නැතුව ඇති ඒ නිසාම.
අපි ඒ හමුවෙලා ගතකළ පෑ කිහිපය ඇසුරින් නිපදවුණු මේ සිතුවමට, ජාතයන්තර සිනමා දත්ත ගබඩාවට ගොඩවෙලා අපි දෙන්නගෙ හමුවීම ගැන තොරතුරු හොයපු 110,464 දෙනෙකුගේ මනාපයට අනුව “8.1” ක් වගේ ඉහළතම අගයක් හිමිවෙලා තියෙනව. අපි දෙන්නගෙ කතාව අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Richard Linklater විසින්, ඉතින් Richard Linklater එක්ක එකතුවෙලා Kim Krizan කියල කෙනෙක් තමයි අපි දෙන්නගෙ ඒ පැය කිහිපය සිනමාපටයකට ගැලපෙන විදියට ලියල තියෙන්නෙ. අපි දෙන්නගෙ චරිතවලට සිනමාපටයෙදි පණදීල තියෙන්නෙ Ethan Hawke එක්ක Julie Delpy කියන දෙන්න. ඒ දෙන්නගෙ රාජකාරිය හොදට කරල තියෙනව කියල මට කියන්න පුළුවන්, ඉතින් මට අන්තිම වශයෙන් කියන්න තියෙන්නෙ අපි දෙන්න ගැන මොනතරම් සිනමාට හැදුණත්, අපි දෙන්න ගැන කවුරු කොහොම කතා කළත් ඔයාගෙ ඔය හිතට ගලාගෙන එන අදහස් වලින් අපි දෙන්නගෙ හමුවීම ගැන පොතක් ලියවුනොත්, ඒ දේ තරම් වටින කිසිම දෙයක් මට මේ ලෝකෙ නැතිවෙයි. එහෙම උණොත් මට පුළුවන් වෙයි ඔයාගේ ඒ පොතේ පෙරවදන වෙන්න.
ඉක්මනටම දවසක ආයේ ඔය අතරු ඇස් දැකගන්න මග බලන් ඉන්නවා. මම ඔයාට සදහටම ආදරෙයි මේක මෙතනින් ඉවර වෙන්න දෙන්නේ නැහැ. අපේ ආදරේ වෘතාන්තයක් බව මට ඒකාන්තයි – මීට ඔයාගෙම “සෙලීනා”
“l just keep missing you”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය BR පිටපත් සඳහා ලබා දි ඇත.
1,717 downloadsDownload Before-Sunrise-1995.zip206 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/vima.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
81 comments
mihin ලංකා
ganidu
තෑන්ක්ස් මචෝ
isuru samarasinghe
pattama film akak udenama deela ela
wow
wow,,, maru :D
yasas
digatama denna mey wage hoda katha jaya
eranga
cool :D
නලින්
එළ එළ විමා කොලුවෝ
ජය වේවා!
quik
thanks
kalinga
බොහොම තුති සහෝට
asiri
tx bro
ositha
gr8 film
tharanga
ජය වේවා!
Thisara NEO
සුපිරියි කොල්ලෝ......
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Nic
Great work,
We need Before Sunset also...Sanjaya
thank Saho......
ns
Hostages එකේ ඉතිරි කොටස් ටිකට
කවුරුහරි ඉක්මනට සබ් දෙන්නකෝ.....kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa......wasanaweewa.....pinsiduweewa...tharindu
Pissu hadenaa lipiyaknee bnn mee....nikanma atha aran ynva download link ekatahh...pissu ahh...mona unath kollata hodata adAra vadan liyathahaki...ela ela..adama blnna onee..thankss sahoo sub ekatahhh.....
යශෝධ
විමා සහෝගේ පෝස්ට් ඉතින් තනි ඇහෙන් තමා....
මැක්ස්ස්ස්ස්ස්ස්ස්ස්.........
ජය වේවා..! අනිවා බානවා.... ;-)
Chaturange
Sira Film eka bro...
puluwannam mekatath sub danna...
12 Years a Slave
namika
මේ ලිපිය සලරුවේ එන දෙබසක්ද? නැත්නම් 'විමා'ම කියන එකක්ද?
මොනවා වුනත් හිතට වදිනවා හොඳටම. එකෙන් හිතාගන්න පුළුවන් සිනමාකෘතිය ගැන,
ලස්සන ආදර කතාවක් වගේ, අවසානය කොහොමද දන්නේ නෑ. අරගෙනම බලනවා. බොහොම ස්තුතියි විමා!shamod
ela ela
Sanka
Thank You!
dinidu madushanka
ela ela bro
mudiya / මුදියා
පට්ට පෝස්ට් එක.
නියමයි වීමා.
කොල්ලට ලව් සික් එක සෑහෙන්න වැදිල වගේ.
අවුලක් නෑ අපිටත් එහෙම තමයි.
අනිව බලනවා මචෝ.
ජයවේවා.බොහෝ..............................................................................................ම ස්තූතියි...!ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
හෑ.............!
16 LOUIS ARCHER (බුද්ධීල)
අප්පේ මෙන්න බොලේ විමා කොලුවා, ලාස්ට් සෝන්ග් එකෙන් පස්සේ ලෙසටම වැඩ පටන් අරන් වගේ ආහ්. සන්තෝසයි ඒ ගැන. පට්ට කථාවකට කොලුවා මේ පාරත් දාලා තියෙනවා. එකෙන්ම, ඊලග පාරත් සුප්පා කථාවකට දාන්න ලැබේවා කියලා පාර්ථනා කරන ගමන්, මම කැපෙනවා. ජය වේවා!
Saman Prasad ( Black Cobra )
ela film ekakne Vimo... thanks...
හර්ෂ ලහිරු
අඩේ විමා ඒපාර ලෙව්ස්ටෝරි වලට බැහැලා වගේ
නියමයි සහො :D :D ජයවේවා“චූටී මල්ලි”
නවල් 1ක් කියෙව්වා වගෙ දැනුනේ බන්
පට්ටයි කොටින්ම
ෆිලුමත් ලෙසටම ඇති වගෙ
එලස් විමා
සබට තුති
ඔබට ජය...............nalaka
ela ela vima thanks,,machan
සුමුදු
නියම ලිපියක්නේ...අනිවා බලනවා
Buddhima
me lipiya kiyewwama download nokarana ekek innawa nam pudumai ela onna math banna damma
Aditha Praween
එළ කිරි සහෝ
නියම වැඩක්charlie
ela
mekuwi
meka liyala thiyana widiyata balannama hithenawa..thank you
amila roxx
thank sub ekata sahooooooooo :D
සමීර කරුණාරත්න
මම බලලා තියන ලස්සනම කතා වලින් එකක්...
මේකේ ඉතුරු කොටස් දෙකත් මෙහෙමම දේවි කියලා හිතනවා විමෝ...
බොහොම ස්තුතියි...මිහාන්
ජයවේවා. !
chap
මම මේ ෆිල්ම් එක download කරලා තිබ්බේ..අද බලන්න කියලා හැදුවේ,.මෙන්න එකට සබ් දිලා..තැන්ක්ස්
Danuka
ජය වේවා!
ARA
awesome ...
හේමාල්
බොහොම ස්තූතියි . .
මේකෙ දෙවන කොටස, බිෆොරෙ සන්සෙට් එකටත් සබ් දෙනවද?
හසන්ත වික්‍රමරත්න
මේකට නම් කොමෙන්ට් එකක් නොදා බැහැ. වෙන මොකුත් නෙමේ විමාගේ ලිවීමේ හැකියාවට. ඒක ගැන නම් කියන්න දෙයක් නැහැ. අමුතු විදිහට හිතල කියවන කෙනාගේ හිතට නෙමේ සරුවාන්ගෙටම වදින්න ලියලා තියෙනවා. මේ පෝස්ට් එකට ටොරෙන්ට් add කරද්දී මම මේකේ ලිපිය කියෙව්වේ. එවෙලේ කොමෙන්ට් කරන්න බැරි හන්දා දැන් ඔන්න දැම්මේ. කලින් අය කිව්වා වගේ නවකතාවක පෙරවදන කියෙව්වා වගේ ලිපිය කියෙව්වම. එහෙනම් ජය!!
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි හසෝ අගය කිරීමට
සමීරගේ අදහසකට අනුව සබ කරද්දී හිතට අපු ටික තමා ඉතින් මේ ලිවේ :)
Isuru Udana Abeysinghe
කාලෙකට පස්සෙ තමයි බයිස්කෝප් එකට ගොඩවැදුනෙ... හරිම සන්තෝසයි සයිට් එක අද තියෙන තැන ගැන. මේ හැම දෙයක්ම පිටිපස්සෙ ඉන්න විකියා සහෝට හදවතින්ම සුබ පතනවා තවදුරටත් මේ විබපල දියුණු කරන්න හැකියාව ලැබෙන්න කියලා!!!
මේ ලිපිය නම් සුපිරියටම ලියලා තියෙනවා අපේ වීමා සහෝ. කියවපු ගමන් බලන්න ආස හිතුනා. තව තවත් මේ වගේම සුපිරි නිර්මාණ අපි හැමෝම වෙනුවෙන් අරන් එන්න ශක්තිය ලැබේවා!!!
~ චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන් ~
dev
katawa nam Romantic ekak wage... .
bohoma stuti saho... .රොයිලි
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. හදවතටම වදින ලිපියක් නොවැ. උඹත් මගේ තුවාල පාරනවද මන්දා කියලත් හිතෙනවා. කොහොමවුණත් සියල්ල හොඳින් වෙන්න කියලා පතනවා. ජය෴෴ :P :P
දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම අර්ථවත් වටිනා කතාවක් වගේ බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
shamod
supiri macho...
දිල්ෂාන් කාලිංග
දැන් දැන් අපේ වීමා ආදර කතා වලට බැහැලා...
ඒකත් හොඳයි.
මමත් කැමතියි මේවා බලන්න.
තෑන්ක්ස් වීමෝ...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

පට්ට පට්ට මචෝ