Watch Trailer

Ben 10 vs. the Universe: The Movie (2020) Sinhala Subtitles | බෙන් ටෙන්ට එරෙහිව විශ්වය [සිංහල උපසිරැසි]

ඔන්න ඉතින් මම තීරණය කළා මගේ දෙවනි උපසිරැසිය විදියට බෙන් 10 චිත්‍රපටියක්ම අරගෙන එන්න. මේ පාර අරගෙන එන්නේ 2020 අවුරුද්දේ නිකුත් වුණු Ben 10 Versus the Universe – The Movie කියන චිත්‍රපටිය. මේක තමයි Ben 10 Reboot කියන කතා මාලාවේ සීසන් 4 අවසානය ලෙස නිකුත් වුණු චිත්‍රපටිය. එක චිත්‍රපටියක් වගේ තිබුණට මේක…

ඔන්න ඉතින් මම තීරණය කළා මගේ දෙවනි උපසිරැසිය විදියට බෙන් 10 චිත්‍රපටියක්ම අරගෙන එන්න. මේ පාර අරගෙන එන්නේ 2020 අවුරුද්දේ නිකුත් වුණු Ben 10 Versus the Universe – The Movie කියන චිත්‍රපටිය. මේක තමයි Ben 10 Reboot කියන කතා මාලාවේ සීසන් 4 අවසානය ලෙස නිකුත් වුණු චිත්‍රපටිය. එක චිත්‍රපටියක් වගේ තිබුණට මේක ඇත්තටම ඒ කතා මාලාවේ 167-172 දක්වා තියෙන එපිසෝඩ් වශයෙන් තමයි ලියලා තියෙන්නේ. මේක IMDb දර්ශකයේ 5.6ක අගයක් අරගෙන තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Henrique Jardim සහ John Mclntyre විසින්. ඒවගේම හඬ කවන්න Tara Strong (බෙන්), Daryl Sabara (ගිනිකසයා), Greg Cipes (කෙවින් ඊ. ලෙවින්), David Kaye (මැක්ස් සීයා) ආදී ශිල්පීන් සහභාගී වෙලා තියෙනවා.

කතාවට යන්න කලින් දන්නේ නැති අයට Ben 10: Reboot කියන්නේ මොකක්ද කියලා හඳුන්වලා දෙන්නම්. Ben 10 Reboot කියන්නේ Ben 10 Omniverse කතා මාලාවට පස්සේ ආපු බෙන් 10 කතා මාලාව. මේක 2016 පටන් ගත්තේ. සීසන් 5 සමඟින් මෑතකදී අවසාන වුණා. මුලින්ම කියන්න ඕනේ මේකේ ඉන්නේ අපි කවුරුත් දන්න බෙන් 10, එහෙම නැත්නම් Ben Prime නෙමෙයි. මේ වෙන බෙන් කෙනෙක්. Ben 10 Omniverse එකෙන් පස්සේ කතාව දිගටම ගෙනිච්චොත් බෙන් 10ව දන්නේ මුල ඉඳන්ම බලන ෆෑන්ස්ලා විතරයි කියලා Man of Action එකට තේරුණා. ඒක නිසා එයාලා තීරණය කළා අලුත් පරම්පරාවට බෙන් 10ව හඳුන්වා දෙන්න. අන්න ඒක නිසා තමයි Ben 10 Reboot එක පටන්ගත්තේ. ඉතින් දැන් ඔයාලා Ben 10 Reboot කියන්නේ මොකක්ද කියලා දන්න නිසා ඉක්මනට චරිත ටික හඳුන්වලා දෙන්නම්.

මුලින්ම ඉන්නේ බෙන්. එයා තමයි බල ඔරලෝසුව හොයා ගත්තේ. බල ඔරලෝසුව කියන්නේ ඒක පළඳින කෙනාට ඒක ඇතුළේ DNA තියෙන ඕනම ජීවියෙක් බවට හැරෙන්න ඉඩ දෙන උපකරණයක්. ඒකේ මුලින් හිටියේ ජීවීන් 10ක් වුණාට මේ කතාව වෙනකොට ඒකේ ජීවින් 13ක් විතර ඉන්නවා. එයා එක පාරක් ජීවියෙක් වෙලා බල ඔරලෝසුවේ ලකුණ ආපහු කරකැව්වාම එයාට පුළුවන් ඒ ජීවියාට සන්නාහයක් සහ ආයුධ දෙන්න (Armor-up කරන්න).මෙයා ටිකක් නාහෙට අහන්නේ නැති පිරිමි ළමයෙක්. ඊළඟට ඉන්නේ ග්වේන්. මෙයා තමයි බෙන්ගේ ඥාති සහෝදරිය. මේ දෙන්නා නිතරම රණ්ඩු වෙනවා. (තව දෙයක් කියන්න ඕන. මේ Ben Primeගේ විශ්වය නෙමෙයි නිසා මේකේ ඉන්න ග්වේන්ට මැජික් බෑ.). ඊළඟට ඉන්නේ මැක්ස් සීයා. එයා Plumbers කියලා අන්තර්මන්දාකිණි සාමය පවත්වා ගන්නා සංවිධානයක හොඳ නිලධාරියෙක්. හැබැයි දැන් එයා විශ්‍රාම අරගෙන ඉන්නේ. (මෙයා Plumber කෙනෙක් කියලා බෙන්වත්, ග්වේන්වත් තාම දන්නේ නෑ.) ඉතින් ඔය තමයි ප්‍රධානම චරිත. ඊළඟට ඉන්නවා කෙවින්. හැබැයි මෙයාට අපි හැමෝම දන්න කෙවින්ට වගේ ශක්තිය සහ පදාර්ථ උරා ගන්න බැහැ. මේ කෙවින්ට තියෙනවා එයාටම කියලා බල ඔරලෝසුවක්. ඒකට කියන්නේ ඇන්ටිට්‍රික්ස් කියලා. එයාට ඒකේ සැලසුම හීනෙන් පෙනිලා තමයි එයා මේක හැදුවේ. එයාටත් මේක නිසා බෙන් වෙන ඕනම ජීවියෙක් වෙන්න පුළුවන්, Shockrock සහ Slapback ඇර. ඒ වෙනුවට මෙයාට ඉන්නවා බෙන්ට නැති ඒලියන් කෙනෙක් Bashmouth කියලා. මේ ඔක්කොම ඒලියන්ලා ෆිල්ම් එකේ බලාගන්න පුළුවන්. ඊළඟට ඉන්නේ විල්ගැක්ස්. එයාට බල ඔරලෝසුව ඕන වෙලා තියෙනවා විශ්වය පාලනය කරන්න. එයා තමයි බෙන්ගේ පරම හතුරා. තව මේකේ ඉන්නවා ෆිල් කියලා එක්කෙනෙක්. ෆිල් Ben 10 Classic සහ Omniverse එකේදී හතුරෙක් වුණාට මේකේ එයා මිතුරෙක්. එයා තමයි බෙන්ට බල ඔරලෝසුවේ අවුලක් වුණාම හදාගන්න උදව් වෙන්නේ. තව ඉන්නවා Glitch (ග්ලිච්) කියලා එක්කෙනෙක්. මෙයා බෙන් වගේමයි. බල ඔරලෝසුවේ ලොකු අවුලක් වෙලා Galvanic Mechamorphගේ DNA දාලා තිබුණු කුටිය කැඩුණා. විනාශයෙන් බේරෙන්න මේ DNA එක බෙන්ගේ DNA එක්ක මිශ්‍ර වෙලා බල ඔරලෝසුවෙන් එළියට ආවා. එයා තමයි ග්ලිච්. මෙයත් බෙන්ගේ යාළුවෙක්. තව ඉන්නවා ටෙට්‍රැක්ස්. මේ කතා මාලාවේ එයා බෙන්ගේ හතුරෙක්. එයාට ඕන බෙන්ව අල්ලල දීලා ලොකු මුදලක් ගන්න. ඔන්න ඔය චරිත තමයි ඔයාලා ෆිල්ම් එක බලන්න කලින් දැනගන්න ඕන ප්‍රධාන චරිත ටික.

දැන් කතාව පැත්තට හැරෙමු. පෘථිවිය විනාස කරන්න එන උල්කාවක් නිසා බෙන් අභ්‍යවකාශයට යනවා ඒක විනාස කරන්න. ඒත් මොකක් හරි හේතුවක් නිසා එයාට ඒක මගඇරිලා වර්ම්හෝල් එකක් තුළින් ගැඹුරු අභ්‍යවකාශයට විසිවෙලා යනවා ආපහු එන්න විදියක් නැතුව. මේ අතරේ මෙයාව බේරගන්නවා පිටසක්වළ ගෙම්බෝ වගයක් විසින්. මේ තමයි Emperor Milliusගේ ගෝලයෝ ටික. එයා මේ කතාමාලාවේ පිටසක්වළ උසාවියක විනිශ්චයකාරයෙක්. එයා හිතන්නේ බෙන් විල්ගැක්ස් කියලා. ඒක නිසා එයා බෙන්ව නොල්-වොයිඩ් එකට විසි කරනවා. බෙන්ට නොල්-වොයිඩ් එකේදී හම්බ වෙනවා බල ඔරලෝසුවේ නිර්මාතෘ. මේ අතරේ විල්ගැක්ස් පෘථිවියට එනවා. ඇවිල්ලා කෙවින්ගේ බල ඔරලෝසුව ගන්නවා. ඒකෙන් එයාට පුළුවන් ඒලියන් එක්ස් වගේ බලවත් වෙලා පෘථිවිය විනාස කරන්න. තව දෙයක් තියෙනවා. මේ කතාවේදී තමයි අපිට විල්ගැක්ස්ගේ origin එක හම්බවෙන්නේ. ඉතින් ඒක මොකක්ද? විල්ගැක්ස් පෘථිවිය විනාස කරයිද? බෙන්ට මොකද වෙන්නේ? බල ඔරලෝසුවේ නිර්මාතෘ එයාට උදව් කරයිද? එයා නොල්-වොවිඩ් එකෙන් පැන ගනීවිද? මේ ප්‍රශ්නවලට උත්තර හොයා ගන්න නම් ෆිල්ම් එක බලන්නම වෙනවා.

සිංහල උපසිරැසිය ගැන ඔයාලගේ අදහසත් යටින් කමෙන්ට් කරගෙනම යන්න. තවත් මේ වගේ නිර්මාණයකින් හමුවෙමු. සුබ දවසක්.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HD පිටපත් සඳහා අදාළ වේ.

6,807 downloadsDownload Ben-10-vs.-the-Universe-The-Movie-2020.zip49 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

6,807 downloadsDownload Subtitles49 KB

16 comments

  1. Supun Kaushalya

    නියමයි මල්ලි දිගටම උපසිරැසි දාමු. ඔයාගෙ ලිපියත් මරු.

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. Kavindya wanniarachchi

    තවත් කතා ලියන්න මල්ලි..හරිම ලස්සනයි ❤

  5. indika75

    thanks..

  6. Nilush Angana

    Sub ekata thanx

  7. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  8. Anonymous

    Superb...

  9. Udara Damith

    jkkkkkk

    1. Yasitha

      Ben 10 Omnivers Ake season 5 idan subtitles tika denna kooo

  10. supun

    tz sub ekata.

  11. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥ ලියල තියෙන ලිපියටත් බොහෝම ස්තූතියි

  12. Dhanushka

    පුලුවන් නම් classic, Alien Force, Ultimate Alien, Ominiverse වලටත් සබ් හදනවකෝ

    1. Thashindu Sandeepa

      පුලුවන්නම් Ben 10 Classic එකටයි Omniverse subtitles හදන්නකෝ

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!