Watch Trailer

Berkshire County (2014) Sinhala Subtitles | වෙස්මූණ යට සැඟවුණු කුරිරුකම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම! ඉතින් මං අද අරගෙන ආවා ඔයාලට Berkshire County කියන ෆිල්ම් එක. මේක ගැන පොඩ්ඩක් කිව්වොත් Audrey Cummings විසන් අධ්‍යක්‍ෂණය කරන ලද මේ සලරුව මිනිත්තු 83ක් පුරා ධාවන කාලයකට සමත් Thriller, Horror ගණයට අයත් වූවක් වෙනවා.. මෙය කැනඩාවේ රූපගත කරණ ලද්දක් බවත් සඳහන්වෙනවා. Horror ගණයේ චිත්‍…

සුබ දවසක් වේවා හැමෝටම! ඉතින් මං අද අරගෙන ආවා ඔයාලට Berkshire County කියන ෆිල්ම් එක. මේක ගැන පොඩ්ඩක් කිව්වොත් Audrey Cummings විසන් අධ්‍යක්‍ෂණය කරන ලද මේ සලරුව මිනිත්තු 83ක් පුරා ධාවන කාලයකට සමත් Thriller, Horror ගණයට අයත් වූවක් වෙනවා.. මෙය කැනඩාවේ රූපගත කරණ ලද්දක් බවත් සඳහන්වෙනවා. Horror ගණයේ චිත්‍රපටිවලට ආසකරන උදවියට නම් මේක හොඳයි.

සලරුව ගැන පොඩි විස්තරයක් කිව්වොත් එහමෙ, මේ කතාසමය පාදක වෙන්නේ කයිලි වින්ටර් කියන චරිතය වටා. ඇය තවමත් උසස් පාසලේ ඉගෙන ගන්න සිසුවියක්. ඉතින් කතාව ආරම්භක සමයේදීම ඇයට පොඩි අකරතැබ්බයකටත් මුහුණ දෙන්න වෙනවා. හැබැයි පොඩියි කිව්වට ඒකත් පොඩිම අකරතැබ්බයක් නෙවෙයි. ඒ ඇය සාදයකදී කරපු වැඩක් සම්බන්ධයෙන් තියෙන වීඩියෝවක් ලීක් වෙන එක තමයි සිද්ද වෙන්නෙ. ඒ කොහොමෙන් කොහොම හරි ඒ සේරම වෙන්නෙ හැලොවින් දවසෙ. ඔයගොල්ලො දන්නවනේ බටහිර රටවලට හැලොවින් කියන්නේ මෙකක්ද කියලා. ඒගොල්ලො ඒක මහ ඉහලින්ම සමරන උත්සවයක් කියලත් දන්නවනේ. මං හිතනවා ඒගැන අමුතුවෙන් කියන්න ඕන නෑ කියලා. දැන් අපි කතාව පැත්තට හැරෙමු. ඉතින් එදා හවස්වරුවෙ ඇයට රාජකාරියක් පැවරෙනවා දන්න අඳුනන ගේකට ගිහිල්ලා ළමයින්ව බලා ගන්න. ඉතින් මෙහෙම ඉන්නකොට එදා රැ ඇය ඉන්න ගෙදරට ඌරු මූණු දාන් ඉන්න 3න් දෙනෙක් එනවා. දන්නවනේ හැලොවින් දවසෙ රෑ කොහොමත් වෙස්මූණු දානවයි කියලා. හැබැයි ඔවුන් නම් එන්නෙ වෙනස්ම අරමුණකටයි. ඒ ඒගෙදර පොඩි ළමයින්ව පැහැරගෙන යන්න. හැබැයි ඇය නම් හිතන්නෙ ඒ එන්නෙ පැණිරහ ජාති ඉල්ලගෙන වෙන්නැතියි කියලා. ඇය දොර ඇරලා ටොෆි ටිකක් දෙන කොට තමයි ඒ සේරම වෙනස්වෙන්න යන්නෙ. ඉතින් ඇය මේ ගැන පොලීසියට කියනවා. එහිදී ඇයගෙ ඇමතුම්වලට කාන්තාවක් සම්බන්ධ වෙනවා. හැබැයි ඒ පොලීසියෙන් නම් නෙමේ. ඇය මේ කාන්තාවගෙන් උදව් ඉල්ලනවා. හැබැයි ඒ වෙනුවට ඇයට සිද්දවෙන්නෙ තවතව කරදරවල පැටලෙන්න. හැබැයි අවසානයේ ඇය කවුද කියලත් හෙලි වෙනවා. එහෙනම් කවුද මේ ඇය උදව් ඉල්ලලා සම්බන්ධ කරගත්තු කාන්තාව? ඊට පස්සේ මොකද උනේ? ඇයට ළමයින්ව බේරගන්න පුළුවන් වෙයිද? කියලා ඔයාලා ෆිල්ම් එක බලලම දැනගන්න. එහෙනම් හැමෝටම චිත්‍රපටිය බලන්න ආරාධනා කරනගමන් අදට මම සමුගන්නවා.

නැවත උපසිරසියකින් හමුවන තුරු ජයෙන් ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,376 downloadsDownload Berkshire-County-2014.zip66 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Hiran-Senanayaka-e1520270875676.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් සේනානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-03-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

හිරාන් සේනානායක

Subtitles

1,376 downloadsDownload Subtitles66 KB

13 comments

  1. Tharaka

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
    ජය වේවා!
    බුදු සරණයි!

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. heshan666

    Download karanna baane...no connected kiyala watenawa..

  4. SAjith Anthony

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    ජය වේවා!

  5. Kulanjana Maduranga

    thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Haashan Dhanushka

    thnxxxx

  7. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  8. Suranjan

    Thanks machan......jayawewa......!

  9. ranga11112

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.

  10. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි හිරාන් සහෝ.
    ජයෙන් ජය.

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. indika_shalinda

    a.better.tomorrow 2018 flim akata subtitles dannako

  13. AsithaDilruwan

    ela ela thanks saho