Watch Trailer

Sadhuram 2 (2016) Sinhala Subtitles | ජීවිතයේ වටිනාකම නොදත්තා, මරණය අභියසට [සිංහල උපසිරැසි සමඟ]

මේ වතාවෙ අරගෙන ආවෙ පොඩ්ඩක් විතර පරණ දෙමළ ෆිල්ම් එකක්, කවුරුත් උපසිරසියක් කරල තිබුණෙ නැති නිසා කරොත් හොදයි කියල හිතුව. පරණයි කිව්වට ෆිලුම නිකුත් වෙලා තියෙන්නේ 2016 සැප්තැම්බර් මාසෙ. චිත්‍රපටියේ තිර රචනය හා අධ්‍යක්ෂණය දෙකම Sumanth Radhakrishnan විසින්. සංගිතය Girish Gopalakrishnan ගෙන්. Roheit Nair,…

මේ වතාවෙ අරගෙන ආවෙ පොඩ්ඩක් විතර පරණ දෙමළ ෆිල්ම් එකක්, කවුරුත් උපසිරසියක් කරල තිබුණෙ නැති නිසා කරොත් හොදයි කියල හිතුව. පරණයි කිව්වට ෆිලුම නිකුත් වෙලා තියෙන්නේ 2016 සැප්තැම්බර් මාසෙ. චිත්‍රපටියේ තිර රචනය හා අධ්‍යක්ෂණය දෙකම Sumanth Radhakrishnan විසින්. සංගිතය Girish Gopalakrishnan ගෙන්. Roheit Nair,  Yog Japee, Riaz, Sanam Shetty, Suja Varunee මේ කට්ටිය තමයි රංගනයෙන් දායක වෙන්නේ. IMDb මිටරේ 7.2 ක වගේ ඉහළ අගයක් ගන්නත් චිත්‍රපටය සමත් වෙලා තියෙනවා. මේක එක Sathuram 1 ෆිල්ම් එකත් එක්ක සම්බන්ධයක් නෑ, ඒ හින්ද පළවෙනි එක බැලුවේ නෑ කියල මේක බලන්න අවුලක් වෙන්නෙ නෑ. මුල ඉදන් අග වෙනකන්ම ඊලගට මොනවා  වෙයිද කියන කුතුහල‍යෙන් බලන්න පුළුවන් කියල නම් සහතිකවම කියන්න පුළුවන්.

ෆිල්ම් එක පටන් ගන්නේ KE370 කියන ගුවන් යානය අනතුරට පත්වෙන සිද්ධියකින්. ප්‍රධාන වශයෙන් චරිත 3ක් චිත්‍රපටියේ ඉන්නවා. ඒ තමයි විශාල්, වාසුදේවන් හා ශිවා. විශාල් වෘත්තියමය ඡායාරූප ශිල්පියෙක්, වාසුදේවන් වෛද්‍යවරයෙක්. යම් කෙනෙක් විසින් මේ දෙන්නව පැහැරගෙන ඇවිත් හතරැස් කළුවර කාමරේක දෙන්නගෙම කකුල් දම්වැල් වලින් බැදලා දාලයි තියෙන්නේ. මේ දෙන්න මීට කලින් එකිනෙකාට අදුරන්නෙත් නෑ. කාමරේ තව මලසිරුරක්, කැසට් රෙකෝඩරයක්, පිස්තෝලයක් සහ තව පොඩි පොඩි දේවල් ටිකකුත් තියෙනවා. දෙන්නා මේකෙන් ගැලවෙන්නෙ ක්‍රමයක් හොයනකොට විශාල්ගෙ සාක්කුවෙ තිබිල කැසට් එකක් හම්බෙනවා. ඩොක්ටර් වාසුදේවන්ගෙ සාක්කුවෙත් මේ වගේම කැසට් එකක් තියෙනවා. කැසට් එකේ තියෙන්නේ මොකක්ද කියලානම් කියන්න බෑ, ඒක ඔයාලම බලාගන්න.

එතකොට ශිවා ගැන කියන්න බැරි වුනානේ, ශිවා වැඩ කරන්නේ බහුජාතික සමාගමක. එයාගෙ දක්ෂතා නිසාම දශකයේ සේවානියුක්තකයාට හිමි සම්මානය ශිවාට දෙන්න සමාගම තීරණය කරල තියෙනවා, ඒ නිසා එයාට චෙන්නායි ඉදන් දිල්ලි යන්න සිද්ධ වෙනවා. ඒ යන ගමනෙදී ශිවාට ලොකු කරදරයකුත් වෙනවා. ශිවාට වෙන කරදරය මොකද්ද? විශාල්ටයි, වාසුදේවන්ටයි ගැලවෙන්න පුළුවන් වෙයිද? හතරැස් කාමරේ තියෙන මලසිරුර කාගෙද? කැසට්වල තියෙන්නේ මොනවද? මුලින්ම සිද්ධවෙන ගුවන් අනතුර මේකට සම්බන්ධ වෙන්නෙ කොහොමද? කියන දේවල් චිත්‍රපටිය බාගෙනම බලාගන්න….ජයවේවා…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/ධනුෂ්ක-ආරියරත්න-e1525685776490.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ්ක ආරියරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

18 comments

  1. Prasanna123

    Download Link eka nane bro.......

  2. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  3. Kantha_DLA

    Shikkari Shambhu (2018) Malayalam film ekata
    sub denna puluwanda saho...plzzzzz.....

    1. sachinthak1234

      Oke sub eka ne bn math ganna heduwa beeeee ganna

  4. Prabodha Madhusankha Hettiarachchi

    Supiri brooooooo.. thanks sub ekata.

  5. Senarathd

    Saw I English eke copy ekak ne?

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. malith

    Ela ela

  8. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  9. ranga11112

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.

  10. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ධනුෂ්ක සහෝ.
    ජයෙන් ජය.

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. sachinthak1234

    Meka ba ganna beriwa godak dawas hitiye Thnks mcn Supiri aa

  13. sampath n perera

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  14. Madusankasupun

    Sub ekta thnkz sahooo....

  15. tharidu sagara

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
    ජය

  16. madushangamage

    thankes

  17. Shehan putha

    Thanks brooo

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.