Berserk: The Golden Age Arc I – The Egg of the King (2012) Sinhala Subtitles ස්වර්ණමය යුගයේ නිමවුනු එනම් තවත් විදිහකට කිව්වොත් 1997 වර්ෂයේදී නිකුත් වුනු අතිශය ජනප්‍රිය වගේම නිතැතින්ම Masterpiece එකක් බවට පත් වුනු Dark Fantasy තේමාවක් රැගත් Berserk ඇනිමෙ කතා මාලාවේ අවසානයෙන් පසුව ඔන්න අපි නැවතත් ඒ D…
Berserk: The Golden Age Arc I – The Egg of the King (2012) Sinhala Subtitles
ස්වර්ණමය යුගයේ නිමවුනු එනම් තවත් විදිහකට කිව්වොත් 1997 වර්ෂයේදී නිකුත් වුනු අතිශය ජනප්‍රිය වගේම නිතැතින්ම Masterpiece එකක් බවට පත් වුනු Dark Fantasy තේමාවක් රැගත් Berserk ඇනිමෙ කතා මාලාවේ අවසානයෙන් පසුව ඔන්න අපි නැවතත් ඒ Dark Fantasy යට ඇතුළු වෙන්නයි සූදානම් වෙන්නේ. Berserk කතා මාලාවේ ලිපියේ මම සඳහන් කළා වගේම මෙවර මේ අරන් එන්නේ Berserk චිත්‍රපට ත්‍රිත්වයේ පළමු වැනි චිත්‍රපටය. අපි බලමු මේ චිත්‍රපටයේ පසුබිම මොකක්ද කියලා.

1997 දී නිකුත් වුනු Berserk කතා මාලාවට පදනම් වුනු Kentaro Miura අතින් ලියවුනු Berserk මන්ගා මාලාවේම The Golden Age නම් Arc එක ඇසුරෙන් තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. Berserk: The Golden Age Arc 1-The Egg of the King නම් මේ චිත්‍රපටය Studio 4°C අතින් නිර්මාණය වී 2012 වසරේදී නිකුත් වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ Music වෙනුවෙන් පෙර Berserk කතා මාලාවේ වගේම Susumu Hirasawa තමන්ගේ දායකත්වය ලබා දෙනවා. IMDB දර්ශකයේ 7.5 ක අගයක් වගේම MyAnimeList දර්ශකයේ 7.71 ක අගයක් ලබාගෙන තිබෙන මේ චිත්‍රපටය පැය 1 මිනිත්තු 16 ක් පුරා දිවෙනවා. ඒ වගේම Action, Adventure, Drama, Fantasy, Horror, Gore, Military, Seinen යන Genre වලට අයත් වෙමින් R+ Mild Nudity යටතේ Rate වෙලා තිබෙනවා.
ඉතින් මේ චිත්‍රපටයේ කතා වස්තුව ගැන කියන එක අවශ්‍ය නෑ කියලයි මගේ හැඟීම. මොකද කියනවා නම් 1997 දී නිකුත් වුනු Berserk කතා මාලාවේම Remastered Movie Series එකේ පළමුවැන්න කියල මේ චිත්‍රපටය හඳුන්වන්න පුලුවන්. ඒ කියන්නෙ ඒ කතා මාලාව Animation අතින් නවීකරණය කරල නිකුත් කරපු චිත්‍රපටය කියල හඳුන්වන්න පුලුවන්. කතා මාලාවේ සෑම සිදුවීමක්ම මේ චිත්‍රපටයට ඇතුළත් වෙන්නේ නෑ. හැබැයි එහෙමයි කියලා වැදගත් සිදුවීම්වල කප්පාදුවක් කරලා ගොඩනගපු චිත්‍රපටයක් කියල හඳුන්වන්නෙත් නෑ. ඒ වගේම කතා මාලාවේ දකින්න ලැබුනාට වඩා මේ චිත්‍රපටයේ දකින්න ලැබෙන සටන් ජවනිකා Violated සහ Brutal කියල කියන්න පුලුවන්. තමාගේම හමුදාවක් ගොඩනගන ග්‍රිෆිත් සහ අසාමාන්‍ය ශක්තියක් තියෙන අසාමාන්‍ය කඩුවක් හසුරුවන ගට්ස්ගේ හමුවීමේ පටන් එක්තරා හැරවුම් ලක්ෂ්‍යයක් වෙනකල් මේ චිත්‍රපටයේ කතාව දිවෙනවා.
ඔයා තාමත් Berserk (1997) කතා මාලාව නරඹපු නැති කෙනෙක් නම් ඒ කතා මාලාව මුල සිටම නරඹලා මේ චිත්‍රපටයට එන එක තමයි හොඳම දේ වෙන්නේ. මොකද ඇතැම් සිදුවීම් සවිස්තරාත්මකව කතා මාලාවේ විතරයි දකින්න ලැබෙන්නෙ. ඒ නිසා මේ චිත්‍රපටය නරඹන්න කලින් ඒ කතා මාලාව අනිවාරෙන්ම සම්පූර්ණයෙන්ම නරඹලා එන්න. මේ චිත්‍රපටයේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශන කිහිපයක් වගේම වැඩිහිටියන්ට පමණක් සුදුසු වචනත් ඇතැම් තැන්වල ඇතුළත් වෙනවා. ඒ වගේම චිත්‍රපටයේ සිංහල උපසිරැසිය නිර්මාණය කරල තිබෙන්නේ ජපන් භාෂාවට අනුකූල විදිහටයි. එහෙනම් නරඹන්න මේ චිත්‍රපටය. Berserk චිත්‍රපට ත්‍රිත්වයේ මීළඟ චිත්‍රපටය වෙන Berserk: The Golden Age Arc 2-The Battle for Doldrey චිත්‍රපටයෙන් මීළඟට මුණ ගැසෙමු.
Berserk: The Golden Age Arc I – The Egg of the King (2012) Sinhala Subtitlesලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,806 downloadsDownload Berserk-The-Golden-Age-Arc-I-The-Egg-of-the-King-2012-Sinhala-Subtitles.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Berserk: The Golden Age Arc I – The Egg of the King (2012) Sinhala SubtitlesSubtitles by
ලංකන් Weebs
Subtitles
- #2012
- #Aki Toyosaki
- #Ayako Takeuchi
- #Berserk
- #Berserk: The Golden Age Arc I
- #Berserk: The Golden Age Arc I - The Egg of the King
- #Berserk: The Golden Age Arc I - The Egg of the King (2012)
- #Berserk: The Golden Age Arc I - The Egg of the King (2012) Sinhala Sub
- #Berserk: The Golden Age Arc I - The Egg of the King (2012) Sinhala Subtitles
- #Box Office Hits
- #Carrie Keranen
- #Editor's Pick
- #Hiroaki Iwanaga
- #Hiroshi Arikawa
- #Hôchû Ôtsuka
- #Ichirô Ôkouchi
- #Jun Inoue
- #Kazuki Yao
- #Kendô Kobayashi
- #Kenta Miyake
- #Kentaro Miura
- #Kevin T. Collins
- #Maki Mizuma
- #Masashi Nogawa
- #MaxxA
- #Minako Kotobuki
- #Must Watch
- #Nobuyuki Katsube
- #Rikiya Koyama
- #Shingo Egami
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Takahiro Fujiwara
- #Takahiro Sakurai
- #Toa Yukinari
- #Yasunobu Iwata
- #Yoshiro Matsumoto
- #Yûki Kaji
- #ලංකන් Weebs
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
ගයාන් ධනුෂ්ක
Supun
Thnx.....මේ anime එකෙන් පස්සේ vinland saga sinhala sub ගේන්න පුලුවන්ද
Ishan Madusha
බොහොම ස්තූතියි.
priya
2016-17-22 season වලටත් සබ් දෙන්න බොහොම ස්තුති
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

Beverly Hills Cop Axel F 2024 ඕන.