Watch Trailer

Hijack 1971 (2024) Sinhala Subtitles | ත්‍රාසජනක ගුවන් ගමන [සිංහල උපසිරසි] (18+)

Hijack 1971 (2024) Sinhala Subtitles අද මන් උපසිරැසි අරන් ආවේ මේ අවුරුද්දේ ආපු සුපිරි කොරියන් ෆිලුමකට. නම තමා Hijack 1971. මේ අවුරුද්දේ ජුනි 21 වෙනිදා තිරගත වුනු මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 13.4 ක ආදායමක් ලබාගෙන 2024 කොරියානු බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ පස්වෙනි ස්ථානයට එන්න සමත් වෙනවා. පැයයි විනාඩි හතළි…

Hijack 1971 (2024) Sinhala SubtitlesHijack 1971 (2024) Sinhala Subtitles

අද මන් උපසිරැසි අරන් ආවේ මේ අවුරුද්දේ ආපු සුපිරි කොරියන් ෆිලුමකට. නම තමා Hijack 1971. මේ අවුරුද්දේ ජුනි 21 වෙනිදා තිරගත වුනු මේ චිත්‍රපටිය ඩොලර් මිලියන 13.4 ක ආදායමක් ලබාගෙන 2024 කොරියානු බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ පස්වෙනි ස්ථානයට එන්න සමත් වෙනවා. පැයයි විනාඩි හතළිහක් පුරාවට ගලන් යන මේ ෆිලුම Action, Adventure, Thriller, Crime යන ගනයන්ට අයිති වෙනවා. Hijack 1971 චිත්‍රපටියේ අධ්‍යක්ෂණය Kim Seong Han විසිනුත්, තිර රචනය Kim Kyung Chan විසිනුත් සිදු කරනු ලබනවා. මන් කැමතිම කොරියන් නළුවෙක් වෙන Ha Jung Woo ඇතුළුව Yeo Jin Goo, Sung Dong Il, Chae Soo Bin වගේ සුපිරි නළු නිළියෝ රැසක් මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙනවා. ෆිලුම ගැන කිව්වොත් මේක 1971 වර්ෂයේ සිදුවුන සත්‍ය සිදුවීමක් පාදක කරගෙනයි නිර්මාණය කරලා තියෙන්නේ.

Hijack 1971 (2024) Sinhala Subtitles

《CAST – රංගන දායකත්වය》

• Ha Jung Woo – ටේ ඉන්
• Yeo Jin Goo – යොන්ග් දේ
• Sung Dong Il – ග්යු ශික්
• Chae Soo Bin – ඔක් සුන්

Hijack 1971 (2024) Sinhala Subtitles

《Summary – සාරාංශය》

Hijack 1971 (2024) Sinhala Subtitles

1971 වර්ෂයේ ජනවාරි මස 23 වන දින පස්වරු 1:07යි…

සෝල් බලා පිටත් වෙන හොටෙල්-ලිමා 5212 ගුවන් යානය හැමදාම වගේ සාමාන්‍ය විදියට ගුවන් ගමන ආරම්භ කරනවා. ඒත් නොහිතපු විදියට ගුවන් යානයේ ආධිපත්‍යය සුළු වෙලාවකින් තම අතට අරගන්න එක තරුණයෙක් සමත් වෙනවා. ඒ එයා ළග තිබුණු බෝම්බ පාවිච්චි කරලා. දැන් ගුවන් යානය තියෙන්නේ හයිජැකින් තත්වයක. ගුවන් නියමුවෝ දෙන්නට හයිජැකර් බල කරන්නේ, ප්ලේන් එක උතුරට ගෙනියන්න කියලා. ගුවන් නියමුවන්ට වෙන විකල්පයක් නැති නිසා උතුරට හරවනවා. උතුරේ දේශසීමා පැන්නොත් ආයේ එන්න පුළුවන් වෙයිද කියන බයෙනුයි මගියෝ 58 දෙනාම මේ වෙලාවේ ඉන්නේ. බෝම්බය පිපුරුණු වෙලාවේ ඇස්වලට තුවාල වුන නිසා ප්‍රධාන නියමුවාගේ ඇස් දෙකම පේන්නැති වෙලා ගිහින් දැන්. සම්පූර්ණ වගකීම තමන්ගේ අතට අරගෙන යානය අරගෙන යන්නේ සහය නියමුවා.. ටේ ඉන්. ඉතින් ටේ ඉන්ට යානය උතුරට ගෙනියන එක වළක්වන්න පුළුවන් වෙයිද? යානය හයිජැකින් තත්වයෙන් ගලවගන්න පුළුවන් වෙයිද? මේවට උත්තර දැනගන්න නම් අනිවාරෙන් මේ ෆිලුම බලන්න. අමතක කරන්නැතුව කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් No Way Out සීරීස් එකේ තුන්වෙනි එපියෙන් හම්බෙමු. හැමෝටම සුභ දවසක්!

Hijack 1971 (2024) Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා පමණක් අදාළ වේ.

8,551 downloadsDownload Hijack-1971-2024-Sinhala-Subtitles.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ නයන බුද්ධික ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය. 

 

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2023-01-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Hijack 1971 (2024) Sinhala Subtitles

Subtitles by

නයන බුද්ධික

Subtitles

8,551 downloadsDownload Subtitles34 KB

11 comments

  1. Deshan Nipun

    well done bro

  2. Gagan pabasara

    සුපිරි ආ ❤️ Dead Man , The Plot චිත්‍රපට් දෙකටත් සිංහල උපසිරස කරන්න කො

  3. Geun dae

    සබ් එකට thanks සහෝ. කාලෙකින් බැලුව හොදම film එකක්..

  4. J.kaushalya

    Good job
    Nice movie❤

  5. Ishara Gunarathna

    උපසිරසියට ස්තූතියි

  6. Kavindu Nethmina

    Sub Ekata Thanks Bro

  7. Buddhika laKMal

    Thanks machan sub ekata

  8. Anonymous

    සබ් එකට thanks සහෝ

  9. Anonymous

    උපසිරසියට ස්තූතියි

  10. Akila Dilhara

    Thanks for Sub...❤❤❤

  11. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..❤