Watch Trailer

Infested (2023) Sinhala Subtitles | විසකුරු මකුළුවෝ [සිංහල උපසිරසි]

Infested (2023) Sinhala Subtitles හැමෝටම සුභ දවසක්..!! අද අරගෙන ආවෙ ප්‍රංශ ෆිල්ම් එකක්. මේක Horror කැටගරියේ වර්ග කරලා තියනවා. මේක මුලින්ම 2023 ප්‍රංශයේදී “Vermines” කියන නමින් තමයි originally රිලීස් උනේ. පස්සෙ 2024 අප්‍රේල් වල “Infested” නමින් OTT release උනේ. ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂ Sébastien Van…

Infested (2023) Sinhala Subtitles
Infested (2023) Sinhala Subtitles

හැමෝටම සුභ දවසක්..!!
අද අරගෙන ආවෙ ප්‍රංශ ෆිල්ම් එකක්. මේක Horror කැටගරියේ වර්ග කරලා තියනවා. මේක මුලින්ම 2023 ප්‍රංශයේදී “Vermines” කියන නමින් තමයි originally රිලීස් උනේ. පස්සෙ 2024 අප්‍රේල් වල “Infested” නමින් OTT release උනේ. ප්‍රංශ චිත්‍රපට අධ්‍යක්ෂ Sébastien Vanicek විසින් තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. අපිට ඒ තරම් හුරු නැති සෙට් එකක් තමයි මේකෙ ඉන්නේ. මම ප්‍රංශ දන්නෙ නෑ, English සබ් එකක් තමයි translate කලේ. අඩුපාඩු ඇතොත් සමාවෙන්න.
මේකෙ කතාව යන්නෙ මෙහෙමයි, කාලෙබ් කියන්නේ එයාගෙ නංගිත් එක්ක දේපල ආරවුලක් නිසා අමනාපෙන් ඉන්න කොල්ලෙක්. මෙයා තනියම අපාර්ට්මන්ට් එකක ඉන්නේ. පොරගෙ ආසාව තමයි කෘමි සත්තු එකතුකරලා ඇති කරන එක. දවසක් මෙයා සත්තු විකුනන කෙනෙක්ගෙන් කාන්තාර ඉන්න මකුලුවෙක් ගෙදර අරන් එනවා ඇතිකරන්න. ඒ මකුලුවා කාන්තාරෙන් හොයාගෙන අරන් එන්නේ වෙනම සෙට් එකක්, හෙන ගේමක් දීලා. ඉතින් මේ මකුලුවා උග්‍ර විස තියන එකෙක්. අනික මුන් ගොඩක් ඉක්මන්ට බෝවෙනවා සහ ඉන්න වටපිටාවට හැඩගැහෙනවා. මුන්ට තමන්ගේ මුල් ප්‍රමාණය වගේ දස ගුණයකටත් වඩා ලොකු වෙන්නත් පුලුවන්. ඉතින් අර කොල්ලා ගෙනාව මකුලුවා වැරදීමකින් ඌ හිටිය තැනින් පැනලා යනවා. ඔතන ඉඳන් තමයි ඔක්කොම කනපිට හැරෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ කියලා දැනගන්න මේ film එක බලන්න වෙනවා.

Infested (2023) Sinhala Subtitles

Infested (2023) Sinhala Subtitles
මේක සාමාන්‍ය මකුලු කතාවක් කියලා හිතන්න එපා. භාෂාව ලොකු අවුලක් නෑ, බලන්න කිසිම බාදාවක් නෑ. මේ ෆිල්ම් එක ගැන IT චිත්‍රපට මාලාව , Shawshank Redemption වැනි චිත්‍රපට රචනා කල Stephen King පවා වර්නනා කරලා තිබුනා. දැනට IMDB වල 6.3ක් සහ Rotten Tomatoes වල 95% ක් රේටින් අරන් තියනවා.

Infested (2023) Sinhala Subtitles

හො.ම.ත.ග.යු.
මේ ෆිල්ම් එකට සිංහල සබ් එකක් මුලින්ම දෙන්නේ අපි. ඒ නිසා හෙට ඉදන් අනිත් අයියලාටත් මේක දෙන්න පුලුවන් වෙයි.
කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. නැවත හමුවෙමු, ජයවේවා..!!

Infested (2023) Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Web-Rip පිටපත් සඳහා අදාළ වේ.

2,743 downloadsDownload Infested-2023-Sinhala-Subtitles.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුරංග උස්වත්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2014-01-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Infested (2023) Sinhala Subtitles

Subtitles

2,743 downloadsDownload Subtitles36 KB

5 comments

  1. Buddhika laKMal

    බොහෝම ස්තූතියි චතුරංග සහෝ අලුත්ම ෆිලුමකට සබක් ගෙනාවට..
    ජයවේවා......

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි චතුරංග ...............
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  3. kaveen

    thank yo saho.

  4. Duminda K

    ඔබගේ වටිනා කාලය වැය කරමින් මෙම සිංහල උපසිරැසිය අප වෙත ලබාදීම ගැන “චතුරංග උස්වත්ත” සොහොයුරාට මගේ ස්තූතිය පුදකරන අතර
    තවත් මෙවැනි උපසිරැසි කිරීමට අවශ්‍ය කාලය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කර්මි..!
    බයිස්කෝප් පවුලේ සැමට තෙරුවන් සරණයි..!
    ජයවේවා..! ❤❤❤

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.