Berserk: The Golden Age Arc II – The Battle for Doldrey (2012) Sinhala Subtitles Berserk විශ්වය අරන් එන චිත්‍රපට ත්‍රිත්වයේ පළමුවැන්න වෙන Berserk: The Golden Age Arc 1-The Egg of the King (2012) චිත්‍රපටයෙන් පසුව එහි මීළඟ අදියර දිග හරින්නයි මේ සූදානම් වෙන්නෙ. Berserk (1997) කතා මාලාවේම කතාව රැගත්,…
Berserk: The Golden Age Arc II – The Battle for Doldrey (2012) Sinhala Subtitles
Berserk විශ්වය අරන් එන චිත්‍රපට ත්‍රිත්වයේ පළමුවැන්න වෙන Berserk: The Golden Age Arc 1-The Egg of the King (2012) චිත්‍රපටයෙන් පසුව එහි මීළඟ අදියර දිග හරින්නයි මේ සූදානම් වෙන්නෙ. Berserk (1997) කතා මාලාවේම කතාව රැගත්, නමුත් ඇතැම් සිදුවීම් වෙනස් කරමින් ඒ රසයම තවත් වැඩි කරමින් Remastered Version එකක් විදිහට අරන් එන මේ Movie Trilogy එක ප්‍රචණ්ඩකාරී බවින් වගේම ලිංගිකත්වය අතින් ඉදිරියෙන් ඉන්න බවක් පළමු චිත්‍රපටය නරඹපු කෙනෙක් නම් ඔබට වැටහෙන්නට ඇති. ඒ අනුව මේ දෙවෙනි චිත්‍රපටයත් ඒ රසයන්ම සමගින් අරන් එන්නේ අතිශයින් වැඩිහිටියන්ට පමණයි කියන ලේබලය සහිතව බව මම මුලින්ම මතක් කරනවා.

1997 දී නිකුත් වුනු Berserk කතා මාලාවට පදනම් වුනු Kentaro Miura අතින් ලියවුනු Berserk මන්ගා මාලාවේම The Golden Age නම් Arc එක ඇසුරෙන් තමයි පළමු චිත්‍රපටය සේම මේ චිත්‍රපටයත් නිර්මාණය වෙන්නේ. 2012 වසරේ පෙබරවාරි මාසයේදී නිකුත් වුනු Berserk: The Golden Age Arc 1-The Egg of the King චිත්‍රපටයේ Sequel චිත්‍රපටය වෙන Berserk: The Golden Age Arc 2-The Battle for Doldrey නම් මේ චිත්‍රපටය Studio 4°C අතින් නිර්මාණය වී පළමු චිත්‍රපටය සේම 2012 වසරේදීම ජුනි මාසයේදී නිකුත් වෙනවා. ඒ වගේම මේ චිත්‍රපටයේ Music වෙනුවෙන් පෙර Berserk කතා මාලාවේ සහ පළමු චිත්‍රපටයේ වගේම Susumu Hirasawa තමන්ගේ දායකත්වය ලබා දෙනවා. IMDB දර්ශකයේ 7.7 ක අගයක් වගේම MyAnimeList දර්ශකයේ 7.87 ක අගයක් ලබාගෙන තිබෙන මේ චිත්‍රපටය පැය 1 මිනිත්තු 32 ක් පුරා දිවෙනවා. ඒ වගේම සුපුරුදු විදිහට Action, Adventure, Drama, Fantasy, Horror, Gore, Military, Seinen යන Genre වලට අයත් වෙමින් R+ Mild Nudity යටතේ Rate වෙලා තිබෙනවා.
මම මුලදී සඳහන් කළා වගේම 1997 දී නිකුත් වුනු Berserk කතා මාලාවේම Remastered Movie Series එකේ දෙවැන්න කියල මේ චිත්‍රපටය හඳුන්වන්න පුලුවන්. ඒ කියන්නෙ ඒ කතා මාලාව Animation අතින් නවීකරණය කරල නිකුත් කරපු චිත්‍රපටය කියල හඳුන්වන්න පුලුවන්. කතා මාලාවේ සෑම සිදුවීමක්ම මේ චිත්‍රපටයට ඇතුළත් වෙන්නේ නෑ. හැබැයි එහෙමයි කියලා වැදගත් සිදුවීම්වල කප්පාදුවක් කරලා ගොඩනගපු චිත්‍රපටයක් කියල හඳුන්වන්නෙත් නෑ. ඒ වගේම කතා මාලාවේ දකින්න ලැබුනාට වඩා මේ චිත්‍රපටයේ දකින්න ලැබෙන සටන් ජවනිකා Violated සහ Brutal කියල කියන්න පුලුවන්. ඒ වගේම කතාව Sexual පැත්තට පෙරට වඩා වැඩි නැඹුරුවක් කරල තිබෙනවා කියල කියන්න පුලුවන්.
කතාව අතින් ගත්තම තමාගේම සිහිනය සොයා ගන උකුස්සාගේ කල්ලියේ නායක ග්‍රිෆිත්ට අසාමාන්‍ය ශක්තියකින් යුතු දැවැන්ත කඩුවක් ලෙලදවන ගට්ස්ගේ හමුවීම එක්ක ඔවුන් දෙදෙනා යන ගමන අපිට පළවෙනි චිත්‍රපටයෙන් දකින්න ලැබුනා. ගට්ස් සමඟින් උකුස්සාගේ කල්ලිය ලබන යුධ ජයග්‍රහණ ප්‍රමාණය කෙමෙන් කෙමෙන් වැඩි වෙද්දී, ඒක මිඩ්ලන්ඩ් දේශයේ රජතුමාගේ ඇස ගැටෙනවා. ග්‍රිෆිත් ලබන නොනවතින ජයග්‍රහණ නිසාම උකුස්සාගේ කල්ලිය ජනප්‍රියත්වයට වගේම සැමගේම භීතියට පවා තුඩු දුන්නා. එක්තරා දිනයකදී තමයි ග්‍රිෆිත්ට මුහුණ දෙන්න ලැබෙන අසීරුතම සටන වෙනුවෙන් මිඩ්ලන්ඩ් රජුගෙන් නියෝගය ලැබෙන්නේ. ඒ තමයි ඩොල්ඩ්‍රි රාජ්‍යය සමඟ අවුරුදු සීයක් තිස්සේ පැවතුනායි කියල කියන යුද්ධය. මේ යුද්ධයට අවතීර්ණ වෙන තැනින් Berserk: The Golden Age Arc 1-The Egg of the King චිත්‍රපටය අවසාන වුනා. අවුරුදු සියයේ මේ යුද්ධය ග්‍රිෆිත් ප්‍රමුඛ උකුස්සාගේ කල්ලිය ජය ගනීවිද? ග්‍රිෆිත්ගේ වගේම කල්ලියේ කොඳු නාරටිය බඳු ගට්ස්ගේ දෛවය කෙසේ ලියවී ඇත්ද? ග්‍රිෆිත්ගේ සිහිනය ග්‍රිෆිත්ට සැබෑ කරගැනීමට හැකි වේවිද?
ඔයා තාමත් Berserk (1997) කතා මාලාව නරඹපු නැති කෙනෙක් නම් ඒ කතා මාලාව මුල සිටම නරඹලා මේ Movie Trilogy එකට එන එක තමයි හොඳම දේ වෙන්නේ. මොකද ඇතැම් සිදුවීම් සවිස්තරාත්මකව කතා මාලාවේ විතරයි දකින්න ලැබෙන්නෙ. ඒ නිසා මේ චිත්‍රපටය නරඹන්න කලින් ඒ කතා මාලාව අනිවාරෙන්ම සම්පූර්ණයෙන්ම නරඹලා එන්න. ඊට පස්සෙ Berserk: The Golden Age Arc 1-The Egg of the King චිත්‍රපටය නරඹලා මේ චිත්‍රපටය නරඹන්න පුලුවන්. ඔබ දැනටමත් නරඹපු කෙනෙක් නම් දන්නවා මෙහි රසය ගැන වගේම දැනෙන විදිහ ගැන. ඒ වගේම චිත්‍රපටය කතා මාලාවම නොවන බවත් ඔබ දන්නවා. මේ දෙවෙනි චිත්‍රපටයෙන් ඒ ස්වාභාවය තවත් වෙනස් වෙලා දරුණු අතට හැරෙන බව විතරයි මට කියන්න පුලුවන්. මේ චිත්‍රපටයේ මම ආරම්භයේදී සඳහන් කළා වගේ වැඩිහිටියන්ට පමණක් සුදුසු දර්ශන වගේම වැඩිහිටියන්ට පමණක් සුදුසු වචනත් ඇතැම් තැන්වල ඇතුළත් වෙනවා. ඒ වගේම චිත්‍රපටයේ සිංහල උපසිරැසිය නිර්මාණය කරල තිබෙන්නේ ජපන් භාෂාවට අනුකූල විදිහටයි. එහෙනම් නරඹන්න මේ චිත්‍රපටය. උපසිරැසිය ගැන ඔයාගෙ අදහසත් පහළින් comment කරන්න අමතක කරන්න එපා. Berserk චිත්‍රපට ත්‍රිත්වයේ මීළඟ චිත්‍රපටය වගේම අවසාන චිත්‍රපටය වෙන Berserk: The Golden Age Arc III-The Advent චිත්‍රපටයෙන් මීළඟට මුණ ගැසෙමු.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,347 downloadsDownload Berserk.The_.Golden.Age_.Arc_.2.The_.Battle.for_.Doldrey.2012.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Berserk: The Golden Age Arc II – The Battle for Doldrey (2012) Sinhala SubtitlesSubtitles by
ලංකන් Weebs
Subtitles
- #2012
- #Aki Toyosaki
- #Ayako Takeuchi
- #Berserk
- #Berserk: The Golden Age Arc II - The Battle for Doldrey (2012) Sinhala Subtitles
- #Box Office Hits
- #Carrie Keranen
- #Editor's Pick
- #Hiroaki Iwanaga
- #Hiroshi Arikawa
- #Hôchû Ôtsuka
- #Ichirô Ôkouchi
- #Jun Inoue
- #Kazuki Yao
- #Kendô Kobayashi
- #Kenta Miyake
- #Kentaro Miura
- #Kevin T. Collins
- #Maki Mizuma
- #Masashi Nogawa
- #MaxxA
- #Minako Kotobuki
- #Must Watch
- #Nobuyuki Katsube
- #Rikiya Koyama
- #Shingo Egami
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Takahiro Fujiwara
- #Takahiro Sakurai
- #Toa Yukinari
- #Yasunobu Iwata
- #Yoshiro Matsumoto
- #Yûki Kaji
- #ලංකන් Weebs
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Anonymous
Ishan Madusha
බොහොම ස්තූතියි.
Supun
Meken passe vinland saga oni
Supun
Meken psse vinland saga oni......
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

superb. thanks for sub. season 1 tv series eke all episodes subtitles download karanna baa bro.