Titanic 25 Years Later With James Cameron (2023) Sinhala Subtitles මිත්‍රවරුනි, මේ වතාවේ මං උපසිරැසි ගන්වුවේ සුවිශේෂ වාර්තා වැඩසටනකට. ගණනින් බැලුවොත් මේ මගේ එකසිය විසි වැනි සිංහල උපසිරැසි නිර්මාණයයි. ඒ තමයි 2023 පෙබරවාරි 05 වැනිදා නිකුත් කෙරුණු Titanic 25 Years Later With James Cameron (2023) වැඩසට…
Titanic 25 Years Later With James Cameron (2023) Sinhala Subtitles
මිත්‍රවරුනි, මේ වතාවේ මං උපසිරැසි ගන්වුවේ සුවිශේෂ වාර්තා වැඩසටනකට. ගණනින් බැලුවොත් මේ මගේ එකසිය විසි වැනි සිංහල උපසිරැසි නිර්මාණයයි. ඒ තමයි 2023 පෙබරවාරි 05 වැනිදා නිකුත් කෙරුණු Titanic 25 Years Later With James Cameron (2023) වැඩසටහන. මේක අධ්‍යක්ෂණය කළේ Thomas C. Grane සහ David Hay විසින්. මිනිත්තු හතළිස් දෙකක ධාවන කාලයකින් යුතු මේ වාර්තා වැඩසටහන IMDb දර්ශකයේ 6.5/10 ක අගයක් ලබාගන්නට සමත් වෙනවා. සුපුරුදු පරිදි ජේම්ස් කැමරන් මේ වැඩසටහනෙන් පෙන්වන්නේ 1997දි නිකුත් වුණු Titanic සිනමාපටයෙන් විසි පස් වසරකට පසුව ඒ ගැන කෙරෙන සමාලෝචනයක්. ඔබට මතක ඇති මං මීට කළිනුත් සුප්‍රකට සිනමා අධ්‍යක්ෂක සහ ගවේෂක ජේම්ස් කැමරන්ගේ දායකත්වයෙන් නිර්මාණය කෙරුණු, ටයිටැනික් ඇතුළු නෞකාවශේෂ ගැන සාගර අභ්‍යන්තරයේ සිදුකෙරුණු ගවේෂණ හා බැඳුණු වාර්තා වැඩසටහන් කිහිපයකට සිංහල උපසිරැසි ගැන්වුවා. පහත මං ඒ වැඩසටහන් වල නම් සඳහන් කරනවා කැමති කෙනෙකුට ඒවා නරඹන්න.
- Ghosts of the Abyss (2003) | ‘අගාධයේ අවතාර’ ගවේෂණය.
- Titanic: The Final Word with James Cameron (2012) | ටයිටැනික්, සියවස් සමාලෝචනය ජේම්ස් කැමරන් සමඟින්
- Deepsea Challenge (2014) | ගැඹුරු සයුරේ අභියෝගය
- Titanic: 20 Years Later with James Cameron (2017) | ටයිටැනික්: විසි වසරකට පසු ජේම්ස් කැමරන් සමඟින්

හොඳයි එහෙමනම් අපි මේ වාර්තා වැඩසටහනේ වස්තුවිෂය ගැන කතා කරමු. මේකේ තියෙන්නේ Titanic (1997) චිත්‍රපටය නිකුත් වුණාට පස්සේ, එදා මෙදාතුර රසිකයන් විසින් වැඩියෙන්ම වාද විවාද කළ ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් ගැනයි. ඒ සිනමාපටයේ අවසානයේ නෞකාව ගිලී යාමෙන් පසුව, රෝස් දිවි ගලවා ගන්නට නැඟගත් දැවමය සුන්බුන් කැබැල්ල මතට, ජැක්වත් නංවා ගත්තා නම් ඔහුගේ ජීවිතය ගලවා ගත හැකිව තිබුණු බව. සමහරු ඒ බව ඔප්පු කළ බවද පැවසුවා. ඒ වාද විවාද ගැන ටයිටැනික් චිත්‍රපටයේ අධ්‍යක්ෂක ජේම්ස් කැමරන් දක්වපු ප්‍රතිචාරය තමයි මේ වාර්තා වැඩසටනේ පෙන්වන්නේ. ඔහු ඊට පිළිතුරු දෙන්නේ නිකම්ම නෙවෙයි. විද්‍යාත්මක ලෙස සිදුකෙරෙන පරීක්ෂණ වලින් පසුවයි.

“මිනිස්සු වාද විවාද කරන්නේ ජැක්ගේ ජීවිතය නැතිවීම වළක්වා ගැනීම ගැන. නමුත් ඇත්ත වශයෙන්ම ජැක් සහ රෝස් කියන්නේ ප්‍රබන්ධමය චරිත. එදා රැයේ ඇත්ත මිනිසුන් 1500ක් පමණ මහා සාගරයේ ගිලී මරණයට පත්වුණා. සිනමා පටයෙන් මට අවශ්‍ය වුණේ ඔවුන් ගැන මතකයට ගෞරවයක් එක් කරන්න. මේ වැඩසටහනෙන් ඌණතාපනය ගැන ප්‍රේක්ෂකයන්ගේ අවබෝධය පුළුල් වෙයි. ඒ වගේම මෙය එදා මියගිය මිනිසුන්ගේ මතකයට අගයක් එක් කරයි. ඔවුන් මියගියේ මිනිසුන් සිතන අන්දමින් නෙවෙයි, අතිශය බිහිසුණු ආකාරයෙන්. මට අනුව මේ වෑයම ටයිටැනික් ඉතිහාසය සංරක්ෂණය කිරීමක්.”
– අධ්‍යක්ෂක ජේම්ස් කැමරන්
මෙහිදී ජැක්ගේ දිවි ගලවා ගැනීමේ හැකියාවන් ගැන සොයා බලන්න කැමරන් නවසීලන්තයේ විද්‍යාගාරයක තටාකයක නිදර්ශක පුද්ගලයන් දෙදෙනෙක් යොදාගනිමින් පර්යේෂණ කිහිපයක් සිදු කරනවා. ඒ චිත්‍රපටයේ ජැක්ගේ සහ රෝස්ගේ වයස් වලට සමාන උසින් සහ බරින් සමාන දෙදෙනෙක් වශයෙන් ජැක් ඩෝසන් ලෙස ජෝෂ් බර්ඩ් සහ රෝස් බියුකේටර් ලෙස ක්‍රිස්ටීන් සිප්ෆෙල් යොදාගනිමිනුයි. ඒ ආචාර්ය ජිම් කොටර්ගේ මෙහෙයවීමෙන් ඔහුගේ විද්‍යාගාරය තුල සිනමා පටයේ දැක්වෙන හැකිතාක් දුරට සමාකරණය කරමින් සායනික ඌණතාපනයට ලක් කිරීමෙන්. මේ පරීක්ෂණ ඉදිරිපත් කරන්නට මූලාරම්භයක් ලෙසින් මින් පෙර ටයිටැනික් නෞකාවේ ගිලී යාම ආදර්ශනය කරන්නට ඔහු මින් පෙර කරන ලද පරීක්ෂණ සහ තවත් ජීවිතාරක්ෂක බෝට්ටු තිබුණා නම් තවත් ජීවිත බේරාගත හැකිව තිබුණාද යන්න සොයා බැලීමට කළ පරීක්ෂණ පුනරාවර්ජනය කරනවා. ඒ ජැක් සහ රෝස් මුහුණ දුන් බවට චිත්‍රපටයේ පෙන්වන තත්වයන්හි බිහිසුණු බව ප්‍රේක්ෂකයන්ට ඒත්තු ගැන්වීමේ අරමුණින්.

එසේනම් මේ වාර්තා වැඩසටහන දැන් ඔබට සිංහල උපසිරැසි සමඟින් රස විඳිය හැකියි. අපි නරඹමු, ජේම්ස් කැමරන් විසින් පුනරාවර්ජනය කරන ඔහු සහ විශේෂඥයන් විසින් සිදු කළ විවිධ පර්යේෂණ ගැන. ඇත්තෙන්ම ටයිටැනික් නැව සිනමාපටයේ පෙන්වන අන්දමින් ගිලී ගියාද? නැතිනම් ඊට වෙනස් අන්දමින් ගිලී යාම සිදු වුණාද? තවත් ජීවිතාරක්ෂක බෝට්ටු තිබුණා නම් තවත් ජිවිත බේරාගත හැකිව තිබුණාද? වඩාත් සිත් ඇදගන්නාසුලු ප්‍රශ්නය, ජැක්ට ජීවිතය බේරාගත හැකිව තිබුණාද? මේ සියල්ලට පිළිතුරු අද කතාංගයෙන් බලමු එහෙනම්.
මා මෙහි සිංහල උපසිරැසි සපයා ඇත්තේ Titanic.25.Years.Later.With.James.Cameron.2023.720p.WEBRip.x264.AAC-[YTS.MX] [387MB] පිටපතට වන අතර මෙම නමින් ගූගල් සෙවුමක් කර පිටපතේ ටොරන්ට් එකක් ඔබට සොයාගත හැකිවනු ඇති.
එසේ නම් යළිත් උපසිරැසියකින් හමුවන තුරු ඔබට ආයුබෝවන්!
තෙරුවන් සරණයි!
![]()

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Titanic.25.Years.Later.With.James.Cameron.2023.720p.WEBRip.x264.AAC-[YTS.MX] [387MB] පිටපත සඳහා අදාළ වේ.
1,625 downloadsDownload Titanic-25-Years-Later-With-James-Cameron-2023-Sinhala-Subtitles.zip39 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Titanic 25 Years Later With James Cameron (2023) Sinhala SubtitlesSubtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
- #2023
- #David Hay
- #Don Lynch
- #James Cameron
- #Josh Bird
- #Kate Winslet
- #Ken Marschall
- #Kristine Zipfel
- #Kurt Sayenga
- #Leonardo DiCaprio
- #Parks Stephenson
- #Richard Brehm
- #Robert Ballard
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Subs
- #Thomas C. Grane
- #Titanic
- #Titanic 25 Years Later With James Cameron (2023)
- #Titanic 25 Years Later With James Cameron (2023) Sinhala Sub
- #Titanic 25 Years Later With James Cameron (2023) Sinhala Subtitles
- #ප්‍රබුද්ධ කේසර විතානගේ
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika laKMal
S.S Straliyar
Unity 2015 නිකුත් වූ සුපිරිම වාර්තා චිත්‍රපටියට උපසිරැසි ,සාදන්න ඔබට හැකිද?...
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
ස්තූතියි කේසර සහෝ සබට