Aranmanai 4 (2024) Sinhala Subtitles සරවණා නීතිඥවරයෙක්. එයාගේ නංගි සෙල්වි පෙම්වතා එක්ක ගෙදරින් පැනලා ගිහින් අවුරුදු 10ක් වෙනවා. නංගිට ගෙදරට එන්න දුන්නෙ නැහැ වගේම එයාලා නංගිගේ ගෙදර ගියෙත් නැහැ. ඒ නිසා මේ පවුල් දෙක දුරස් වෙලා හිටියේ. හදිසියෙම සරවණාගේ ගෙදරට පොලිස් කාරයෙක් අසුබ ආරංචියක් අරගෙන එනවා. සරව…

සරවණා නීතිඥවරයෙක්. එයාගේ නංගි සෙල්වි පෙම්වතා එක්ක ගෙදරින් පැනලා ගිහින් අවුරුදු 10ක් වෙනවා. නංගිට ගෙදරට එන්න දුන්නෙ නැහැ වගේම එයාලා නංගිගේ ගෙදර ගියෙත් නැහැ. ඒ නිසා මේ පවුල් දෙක දුරස් වෙලා හිටියේ. හදිසියෙම සරවණාගේ ගෙදරට පොලිස් කාරයෙක් අසුබ ආරංචියක් අරගෙන එනවා. සරවණාගේ නංගි සියදිවි නසාගෙන මැරිලා. ඒ වගේම හරියටම එදා දවසෙදිම නංගිගේ මහත්තයත් අත්භූත විදියට කැළෑවක මැරිලා ඉඳලා තියෙනවා. සරවණායි එයාගේ නැන්දයි සෙල්විගේ ගෙදරට යනවා. ගෙදර කිව්වට මේක මාලිගාවක්. සෙල්විට ශක්ති නම් දුවෙක් හා සරවණා නම් පුතෙක් හිටියා. අම්මා සියදිවි නසාගන්නවා ඇස් දෙකින්ම දැකපු ශක්ති දැන් කෝමා තත්ත්වයට පත් වෙලා ඉන්නෙ. පුංචි සරවණාත් අම්මා තාත්තා නැති වුණ දවසේ වුණ භයානක සිද්දියෙන් හොඳටම තිගැස්මට පත් වෙලා තිබුණා. සෙල්විගේ මහත්තයා සන්තෝෂ් අලුත්වැඩියා කරලා විකුණන්න මේ මාලිගාව අරගෙන සේවකයින් දම්මලා වැඩ කටයුතු කරමින් හිටියා. ඒත් වැඩ ඉවර කරලා විකුණගන්න කලින් එයා මැරුණේ. අලුතෙන් කියන්න දෙයක් නැහැනේ මේ මාලිගාවෙත් හොල්මන් අරක්ගෙන තියෙන්නෙ. ඉතින් මේ මාලිගාවේ හොල්මන් කරන්නෙ කවුද? සුපුරුදු පරිදි මායා ද? නැත්නම් වෙනත් ආත්මයක්ද? බාක් කියන ආත්මය මේ කතාවට සම්බන්ධ වෙන්නෙ කොහොමද? වෙස් මාරු කරන බාක්ගෙන් ගැලවෙන්නේ කොහොමද? මේ මාලිගාවේ ඉන්න අයට මොන වගේ ඉරණමක් අත් වේවිද?
Aranmanai 4 (2024) Sinhala Subtitlesඋපසිරසිය විතරක් ගන්න ආව අය පහලට ගිහින් සබ් එක ඩවුන්ලෝඩ් කරගන්න. කලබල නැති අයට විස්තර ටිකක් කියන්නම්.
හොඳට කල්පනා කරලා බලන්න. මේ උඩින් සඳහන් කරපු කතාව තමයි අරන්මනෛ 1 සහ 2 චිත්‍රපටවල කෝවෛ සරලාගේ කතාව. මේක හාස්‍ය උපදවන ආකාරයෙන් ප්‍රධාන කතාවට අමතරව එක් කළ උප කතාවක්(Sub Plot). කොහොම වුණත් කෝවෛ සරලාට පෙම්වතා එක්ක පැනලා යන්න ලැබෙන්නෙ නැහැ. එයාගේ අයියා ඇවිත් එයාව ආපහු මාලිගාවට එක්කගෙන යනවා. අන්තිමට සුන්දර් කෝවෛ සරලාගේ උප කතාව වෙනස් කරලා අරගෙන මේ චිත්‍රපටයේ ප්‍රධාන කතාව විදියට ගොඩ නගලා තියෙනවා. කොහොම වුණත් අරන්මනෛ 1 කතාව Ayiram Jenmangal (1978) චිත්‍රපටය පාදක කර ගෙන තනලා තියෙනවා. ඒ වගේම Chandramukhi (2005) චිත්‍රපටයේ බලපෑමත් කා වැදිලා තියෙනවා. මායා, සෙල්වි, රවී, සරවණන් කියන නම් පෙළ මේ චිත්‍රපට වලදී අහන්න ලැබෙන සුපුරුදු නම් කිහිපයක්. ඒ වගේම ‘අම්මන් චිත්‍රපටි’ වල වගේ අවසනයේදී පෙන්වන විශාල අම්මන් පිළිමය සහ පිළිමය ඉදිරියේ කරන බක්ති ගීත ගායනය සුවිශේෂීයි. මේ පිළිමය එන්න එන්නම විශාල වෙමින් තියෙන්නෙ. 5 වෙනි චිත්‍රපටයේ අම්මන් පිළිමයේ ප්ලේන්, ජෙට් එහෙම හැප්පෙන්නත් පුළුවන් තරම් උසට පෙන්වාවි කියලා අනුමාන කරනවා. කාංචනා චිත්‍රපට මාලාවෙදි මේ විදියටම දේව පිළිමයක් ඉස්සරහදි පළි ගැනීමේ ගීතයක් ගායනා කරනවා දකින්න පුළුවන්.
Aranmanai 4 (2024) Sinhala Subtitlesමේ චිත්‍රපටිය බලන්න කලින් Aranmanai 1, 2, 3 බලපු නැති අය ඒ චිත්‍රපටි බලන්න අවශ්‍ය වෙන්නෙ නැහැ. කොහොම වුණත් මේ චිත්‍රපට මාලාවේ හොඳම චිත්‍රපටය Aranmanai (2014) චිත්‍රපටය. 2 චිත්‍රපටයේ හාස්‍යජනක ජවනිකාවන් බොහොමයක් තියෙන නිසා ආසාවෙන් හිනා වෙවී බලන්න පුළුවන්.
සුන්දර් සී., තමන්නා, රාෂි කන්නා, කෝවෛ සරලා, යෝගි බාබු, VTV ගනේෂ්, රාමචන්ද්‍ර රාජු(ගරුඬා), වෙන්නිලා ක්‍රිෂෝර්, ස්‍රීනිවාසා රෙඩ්ඩි යන අය මෙහි රඟපානවා. ඒ වගේම කුෂ්බු, සිම්‍රන් සහ සිනමා අධ්‍යක්ෂක කේ.එස්. රවිකුමාර් මෙහි විශේෂ පෙනී සිටීමක් ඉදිරිපත් කරනවා. මෙය තෙළිඟු බසින් Baak ලෙස හඬ කවා තිරගත කෙරුණා. දෙමළ චිත්‍රපටයේ යෝගි බාබු සහ VTV ගනේෂ් ඉදිරිපත් කළ චරිත තෙළිඟු චිත්‍රපටයේ වෙන්නිලා ක්‍රිෂෝර් සහ ස්‍රීනිවාසා රෙඩ්ඩි රඟදක්වනවා.
Aranmanai 4 (2024) Sinhala Subtitlesපලමුවෙන්ම ප්‍රධාන චරිතය වෙනුවෙන් විජේ සේදුපතිව සම්බන්ධ කර ගැනීමට සූදානම් වුවත් සේදුපතිගේ කාලසටහනේ ඉඩකඩ වෙන් කරගැනීමේ ප්‍රශ්නයන් නිසා එම අවස්ථාව මගහැරී යනවා. ඇත්තටම Aranmanai, Aranmanai 2, Aranmanai 3 චිත්‍රපටවල මොන නළුවා ඉස්සරහින් දැම්මත් අන්තිමේදි වැඩකාරයා වෙන්නෙ අපේ සුන්දර් සී. ඒ නිසා අනිත් චිත්‍රපටවල වගේම මේ චිත්‍රපටයේත් ප්‍රධාන නළු චරිතය රඟදක්වන්නේ සුන්දර් ම තමයි. අරන්මනෛ ඉතිහාසය බැලුවොත් කෝවෛ සරලා, යෝගි බාබු, මනෝබාලා චිත්‍රපට හතරෙන් තුනකටම සම්බන්ධ වෙලා තිබෙනවා.
Aranmanai 4 (2024) Sinhala Subtitlesඅරන්මනෛ 4 චිත්‍රපටයට සුන්දර් සී.ගේ බිරිඳ කුෂ්බූ නිෂ්පාදනයෙන් දායක වෙනවා. හිප් හොප් තමිලා මේ චිත්‍රපටයට සංගීතය සපයනවා. ඔවුන් මීට පෙරදී සුන්දර් සී.ගේ Aambala (2015), Aranmanai 2 (2016), Kalakalappu 2 (2018), Vanthaa Rajavathaa Varuven (2019), Action (2019) චිත්‍රපට වලට සංගීතය සැපයුවා.
Aranmanai 4 (2024) Sinhala Subtitlesමේ චිත්‍රපටයට තරමක් යහපත් ප්‍රතිකාර හිමි වෙලා තියෙනවා. ඉන්දීය චිත්‍රපට විචාරකයින් අතරින් Times Now 3/5, New Indian Express 3/5, TOI 2.5/5 ලෙස රේටින් අගයන් ලබා දී තිබෙනවා. මෙය තිරගත කර සතියක් තුල ඉ.රු. කෝටි 50ක් උපයා ගනු ලැබුවා. සති දෙකක් තුල කෝටි 75කුත් තිරගත කර අවසානයේ ඉ.රු. කෝටි 100 ඉක්මවූ ආදායමක් උපයා ගැනීමට සමත් වුණා. මේ වසරේ වාර්ථා වූ දෙවැනි ඉ.රු. කෝටි 100 චිත්‍රපටය මෙය වනවා.
Aranmanai 4 (2024) Sinhala Subtitlesචිත්‍රපටයේ අවසානයටම යන සින්දුව ඇරෙන්න පවුලේ හැමෝටම එකට ඉඳන් බලන්න පුළුවන් චිත්‍රපටයක්. අධික නිෂ්පාදන පිරිවැයක් දරා ප්‍රේක්ෂකයන්ට අනර්ඝ අත්දැමීමක් ලබා දෙන්න අධ්‍යක්ෂක වරයා උනන්දුවක් දක්වා තියෙනවා.
තමන්නා රඟන Vedaa සහ Stree 2, Odela 2 චිත්‍රපට පැමිණීමට නියමිතයි. Stree 2 චිත්‍රපටයේ තමන්නා ගීතයකට විශේෂ පෙනී සිටීමක් ඉදිරිපත් කරනවා. ඒ වගේම රාෂි කන්නා ගැනත් කිව්වොත් ඇය රඟන The Sabarmati Report, TME, Telusu Kada, Methavi චිත්‍රපට ඉදිරියේදී පැමිණීමට නියමිතයි.
Aranmanai 4 (2024) Sinhala Subtitlesසුන්දර් සී මීළඟට ඔහු හා රාෂි කන්නා, වඩිවේළු සමඟින් චිත්‍රපටයක් කිරීමට නියමිතයි. ඒ වගේම Aranmanai 5, Kalakalappu 3, Sangamithra යන චිත්‍රපට වල වැඩ කටයුතු පෙර නිෂ්පාදන මට්ටමේ තිබෙනවා. තවද සුන්දර්ගේම තවම නිකුත් නොවුණ Madha Gaja Raja චිත්‍රපටය මේ වසරේදී නිකුත් කිරීමට සූදානමක් තිබෙන බවත් සඳහන් වුණා.
අරන්මනෛ ඇතුළුව දෙමළ සිනමාවේ හොල්මන් චිත්‍රපට මාලා කිහිපයක්ම මේ වෙද්දි නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේම ගොඩක් චිත්‍රපට ආදායම් ඉපයීම අතින් සාර්ථක වෙලා තියෙනවා. ලබන මාසයේ(2024 අගෝස්තු) Demonte Colony 2 චිත්‍රපටය තිරගත වීමට නියමිතයි. ඒ වගේම Muni 5: Kanchana 4 චිත්‍රපටයේ රූගත කිරීම් මේ වසරේ සැප්තැම්බර් සිට ඇරෙඹෙන බව එහි අධ්‍යක්ෂක මෙන්ම නිෂ්පාදක වන රාඝවා ලෝරන්ස් නිළ වශයෙන් නිවේදනය කළා. තවද සන්තානම්ගේ Dhilluku Dhuddu 4 රංගනයට ආර්යාද සම්බන්ධ කරගෙන තියෙනවා. ඒ වගේම Pizza 4 චිත්‍රපටයක් පැමිණෙන බවත් නිළ වශයෙන් නිවේදනය කළා.
මේ චිත්‍රපටයට උපසිරසි කරන්න කවුරුත් බාරගෙන තිබුණේ නැහැ. මට මේ චිත්‍රපටයට උපසිරසි අරගෙන එන්න තියා බලන්න වත් කිසිම කැමැත්තක් තිබුණෙ නැහැ. අනපේක්ෂිත විදියට කෝටි 100 පහු කරපු නිසා පරක්කු වෙලා හරි දෙන්න හිතුවා. Aranmanai චිත්‍රපට මාලවේ කලින් චිත්‍රපට වලට උපසිරසි අපේ අඩවියෙන් ලබා දීලා තියෙනවා. අවශ්‍ය කෙනෙකුට 1️⃣, 2️⃣, 3️⃣ ඔබලා ඒ ඒ උපසිරසි ඩවුන්ලෝඩ් කරගන්න යන්න පුළුවන්.
Aranmanai 4 (2024) Sinhala Subtitlesඉතින් සිනමා ලෝලීන්ගේ 100%ක් රසවින්දනය වෙනුවෙන් ගීත සියල්ලටම උපසිරැසි කර තිබෙනවා. මතක තියාගන්න ලංකාවේ විවිධ වෙබ් අඩවි වලින් වගේම ෆේස්බුක් චිත්‍රපටි බලන්නන්ගේ ගෲප් වලින් සොරාගන්නා හොඳම ගුණාත්වයෙන් යුත් සිංහල උපසිරැසි ලැබෙන එකම තැන Baiscope.lk. අපේ උපසිරැසි මහගෙදර බයිස්කෝප් වෙබ් අඩවියේ කිසිම උපසිරැසි කරුවෙක් වෙනත් වෙබ් අඩවිවලට උපසිරැසි ලබා දෙන්නෙ නැහැ වගේම ලිපිය ඒ ඒ වෙබ් අඩවි වලට ගැලපෙන විදියට කපා කොටා පළ කරන්නේ ද නැහැ.
කෙටි විරාමයකින් පසුව නැවතත් හමුවෙන්නම්. අඩුපාඩු එහෙම තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා කියන්න අමතක කරන්න එපා. හැමදාම වගේ අදහස් දක්වන සහ බයිස්කෝප් සිංහලෙන් අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම ආදරෙයි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
TAranmanai 4 (2024) Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB/ HQ HDRip පිටපත් සඳහා ගැළපේ.
6,226 downloadsDownload Aranmanai-4-2024-Sinhala-Subtitles.zip62 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
TAranmanai 4 (2024) Sinhala SubtitlesSubtitles by
රවිඳු නවින්
Subtitles
- #2024
- #Aranmanai
- #Aranmanai 4
- #Aranmanai 4 (2024)
- #Aranmanai 4 (2024) Sinhala Sub
- #Aranmanai 4 (2024) Sinhala Subtitles
- #Delhi Ganesh
- #Deva Nandha
- #Fredrick Johnson
- #Harsha Harish
- #Indian Box Office Hits
- #K.S. Ravikumar
- #Khushbu Sundar
- #Kovai Sarala
- #Lollu Sabha Seshu
- #Motta Rajendran
- #Namo Narayana
- #Raashi Khanna
- #Ramachandra Raju
- #Santhosh Prathap
- #Simran
- #Singampuli
- #sinhala sub
- #Sinhala Subtitle
- #subtitle
- #Sundar C.
- #Suprava Mondal
- #Tamannaah Bhatia
- #Tillu
- #Tillu Square
- #V. Jayaprakash
- #Vichu Vishwanath
- #Vtv Ganesh
- #Yatin Karyekar
- #Yogi Babu
- #You Decide
- #රවිඳු නවින්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
අචින්ත
Buddhika laKMal
බොහෝම ස්තූතියි රවිදු සහෝ උපසිරැසියට
Malik Perera
sorry den hari giya . thnks for the sub
Malik Perera
sub aeka download wenne nahane,
Uresh
Subtitles download krnna bene
Sanupa Ranmeth - Admin
එහෙම අවුලක් නෑනේ සහෝ.
වෙන බ්‍රවුසර් එකකින් ට්‍රයි කරල බලන්න.
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..❤
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

ස්තුතියි කිව්වා සබ් එකට මල්ලි