Watch Trailer

Beta (1992) Sinhala Subtitles | උත්තරීතර මව් සෙනෙහස වෙනුවෙන්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද ගෙනාවෙ 1992 අවුරුද්දෙ තිරගත වුනු, ලස්සනම සින්දු තියෙන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Dil (1990) , Raja (1995), Ishq (1997), Mann (1999), Rishtey (2002), Masti (2004), Grand Masti (2013), Great Grand Masti (2016), Dhamaal (2007), Double Dhamaal (2011), චිත්‍රපටි අධ්‍යක්ශ…

ඔන්න අද ගෙනාවෙ 1992 අවුරුද්දෙ තිරගත වුනු, ලස්සනම සින්දු තියෙන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Dil (1990) , Raja (1995), Ishq (1997), Mann (1999), Rishtey (2002), Masti (2004), Grand Masti  (2013), Great Grand Masti (2016), Dhamaal (2007), Double Dhamaal (2011), චිත්‍රපටි අධ්‍යක්ශනය කරපු Indra Kumar. කන්නඩ නවකතා රචකයෙක් වන B. Puttaswamayya ගෙ කෘතියක් වන Mallammana Pavada නවකතාව ඇසුරෙන් තමයි කතාව ගොඩ නැගෙන්නෙ. Anil Kapoor, Madhuri Dixit, Aruna Irani, Laxmikant Berde, Anupam Kher රංගනයෙන් දායක වන මේ චිත්‍රපටිය 1992 අවුරුද්දෙ වැඩිම ආදායම් ලබා ගත්තු චිත්‍රපටියත් වෙනවා.

ඒවගේම සම්මාන රැසකුත් දිනා ගන්නවා. ෆිල්ම්ෆෙයාර් උලෙලේ හොඳම නලුවා වෙනුවෙන් Anil Kapoor ද, හොඳම නිලිය වෙනුවෙන් Madhuri Dixit ද, හොඳම සහය නිලිය වෙනුවෙන් Aruna Irani ද, හොඳම පසුබිම් ගීත ගායනය වෙනුවෙන් Anuradha Paudwal (Dhak Dhak Karne Laga) වෙනුවෙන්ද, හොඳම නර්තනය වෙනුවෙන් Saroj Khan ද සම්මාන දිනා ගත්තා. සංගීත අධ්‍යක්ශනය කලේ Anand-Milind. ලස්සනම සිංදු ගොඩකුත් මෙ චිත්‍රපටියෙ තියෙනවා.

කතාවෙ තියෙන්නෙ මෙහෙමයි. රාජු කියන්නෙ පොඩි ළමයෙක්. එයාගෙ අම්ම නෑ. රාජු හැමදාම තාත්තට කියනවා එයාට අම්ම කෙනෙක් ගෙනත් දෙන්න කියල. ඉතින් රාජුගෙ උපන් දින තෑග්ගක් විදිහට එයාගෙ තාත්ත එයාට අම්ම කෙනෙක් ගෙනල්ල දෙනවා. රාජු මේ අම්මට ගොඩක් ආදරය කරනවා. එයාට දෙවියෙකුට වගේ තමයි සලකන්නෙ. ඒත් මේ අම්මට රාජු ගැන කිසිම ආදරයක් නෑ. රාජුගෙ දේපොල ගන්න තමයි හදන්නෙ බොරු ආදරයක් පෙන්නල. එයා රාජුට ඉගෙන ගන්න දෙන්නෙත් නෑ. ඒත් එයාගෙ පුතාට දොස්තර කෙනෙක් කරවනවා. රාජුගෙ තාත්තව පිස්සු කියල එයාව කාමරේකට දාල වහල තියනවා. ඔක්කොම පාලනය එයාගෙ අතට ගනන්වා. මේ අතරෙ මේ අම්ම දැනගන්නවා දේපොල ලියා ගන්න රාජු ගෙ බිරිඳගෙ අවසරය ඕනෙ කියලා. ඉතින් මෙයා රාජුට දුප්පත් ඉගෙන ගත්තු නැති කෙල්ලෙක්ව කසාද බන්දල දෙන්න හදනවා. ඒත් ඒ කසාදෙ තීන්දු කරන දවසෙම රාජු ආදරය කරන කෙල්ලව කසාද බැඳලා එක්කන් එනවා. එයා තමයි සරස්වතී. සරස්වතී කියන්නෙ හොඳ ඉගෙන ගත්තු කෙල්ලෙක්. එයා දැන ගන්නවා මේ අම්මගෙ ප්ලෑන. එයා රාජුව මේ අම්මගෙන් බේර ගන්න තවත් ප්ලෑනක් ගහනවා.

ඉතින් සරස්වතීට රාජුව මේ කපටි අම්මගෙන් බේර ගන්න පුලුවන් ද කියල කතාව බලලම දැන ගමු. කතාව බලන ගමන් කමෙන්ටුවක් දාන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් හම්බ වෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVDRip පිටපත් සඳහා ගැළපේ.

2,660 downloadsDownload Beta-1992.zip72 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/MuthuA.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

දහරා මුතුඅමා

Subtitles

2,660 downloadsDownload Subtitles72 KB

20 comments

  1. Chamil Mihiran

    Sub ekata thanx saho

  2. jstar

    thank you very much dear. brilliant idea brilliant work thanks a lot more....

  3. Udara Damith Dissanayaka

    ස්තුතියි

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. geeganagamage

    බොහෝම ස්තුතියි පරණ වුනත් මේ වගේ සුපිරි ෆිල්ම් අරගෙන එනවට .

  6. hasitha dilrangadias

    biscope team rishtey movie ekata sub dennako ikmanata plz

    දහරා මුතු අමා plz mekatath sub denna

  7. wera

    thanks. sub eka dunnata saho

  8. ishara

    Thanks ..

  9. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  10. දමිත් රත්නායක

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි.
    ජයෙන් ජය.

  11. ශසිත් සඳරුවන්

    බොහොම ස්තූතියි උපසිරැසියට..
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  12. Kantha_DLA

    Request::

    Laadla (1994)
    Mr. India (1987)
    Thanks sis..........

  13. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට…….

  14. jagath55

    Thanks

  15. Yushan Malith

    Thanky for the sub

  16. Yushan Malith

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. anunethu

    උපසිරැසියට ස්තුතී...

  19. මයිකි

    Thanks

  20. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි මුතු නංගී සිංහල උපසිරැසියට..ජයවේවා !!