මෙවර ඔබ වෙත ගෙන එන්නේ සුන්දර ආදර කතාවක්. මේ 2013 වසරේ දී තිරගත වුණු, Carlo Carlei විසින් ඉතා විචිත්‍රවත් ලෙස අධ්‍යක්ෂණය කෙරුණු Romeo and Juliet (2013) චිත්‍රපටය යි. විලියම් ශේක්ස්පියර්ගේ සුප්‍රකට රෝමියෝ ජුලියට් ශෝකාන්තය පාදක කරගෙන මේ සඳහා තිරපිටපත රචනා කරනු ලැබුවේ Julian Fellowes විසින්. පරම්පරා ගණ…

මෙවර ඔබ වෙත ගෙන එන්නේ සුන්දර ආදර කතාවක්. මේ 2013 වසරේ දී තිරගත වුණු, Carlo Carlei විසින් ඉතා විචිත්‍රවත් ලෙස අධ්‍යක්ෂණය කෙරුණු Romeo and Juliet (2013) චිත්‍රපටය යි. විලියම් ශේක්ස්පියර්ගේ සුප්‍රකට රෝමියෝ ජුලියට් ශෝකාන්තය පාදක කරගෙන මේ සඳහා තිරපිටපත රචනා කරනු ලැබුවේ Julian Fellowes විසින්. පරම්පරා ගණනාවක් තිස්සේ එකිනෙකා සමඟ වෛරයෙන් ගැටුණු පවුල් දෙකක තරුණයෙකු හා තරුණියක අතර ඇතිවන ආදර කතාවක් මේ නිර්මාණයට පසුබිම් වෙනවා.
මේ චිත්‍රපටය මුල්වරට තිරගත වුණේ 2013 ඔක්තෝබර් 11 වන දිනයි. මිනිත්තු 113ක ධාවන කාලයකින් සමන්විත වෙන Romeo and Juliet චිත්‍රපටය ඇමෙරිකන් ඩොලර් මිලියන 3 ක පමණ ආදායමක් ඉපයීමට සමත් වුණා. එපමණක් නොවේ 2013 වසරේ International Film Music Critics Award (IFMCA) සම්මාන උළලේ දී Film Score of the Year සහ Best Original Score for a Drama Film and Film Music Composition of the Year යන සම්මාන දෙක දිනාගැනීමට ද රෝමියෝ ජුලියට් චිත්‍රපටය සමත් වුණා. චිත්‍රපටය රූපගත කෙරුනේ මැන්චුවා, රෝමය සහ වෙරෝනා ප්‍රදේශයේ ඉදිකෙරුණු දර්ශන තල වලයි. කෙසේවෙතත් මෙම චිත්‍රපටයට හිමිවුණේ IMdb දර්ශකයේ 5.8/10 ක අගයක්.
මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා:
Douglas Booth – රෝමියෝ මොන්ටේගු ලෙසින්
Hailee Steinfeld – ජුලියට් කැපියුලට් ලෙසින්
Damian Lewis – කැපියුලට් වංශාධිපති ලෙසින්
Kodi Smit-McPhee – බෙන්වොලියෝ මොන්ටේගු ලෙසින්
Ed Westwick – ටිබෝල්ට් ලෙසින්’
Paul Giamatti – පුජක ලෝරන්ස් ලෙසින්
Lesley Manville – සේවිකාව ලෙසින්
Christian Cooke – මර්කියුෂියෝ ලෙසින්
Stellan Skarsgård – වෙරෝනාවේ කුමාරයා ලෙසින්
Natascha McElhone – කැපියුලට් ආර්යාව ලෙසින්
Tom Wisdom – පැරිස් සිටුවරයා ලෙසින්
Leon Vitali – බෙහෙත් වෙළෙන්දා ලෙසින්
Laura Morante – මොන්ටේගු ආර්යාව ලෙසින්
Nathalie Rapti Gomez – රොසලයින් කැපියුලට් ලෙසින්
Tomas Arana – මොන්ටේගු වංශාධිපති ලෙසින්
“සොවින් දැවෙන හිරු ද තම මුහුණ නො පෙන්වනු ඇත.
මීට වඩා දුක්ඛිත කතාවක් මිට පෙර නොවීය…..
මෙය ජුලියට් සහ ඇයගේ රෝමියෝගේ ආදරයේ කතාන්දරයයි”
දිගටම බයිස්කෝප් අඩවියත් එක්ක රැඳී ඉන්න! කරුණාකර මේ නිර්මාණය පිළිබඳ ඔබේ අදහස් Comment එකකින් අප වෙත දන්වන්න. ඔබට තෙරුවන් සරණයි!!
🙂 🙂 🙂

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
4,304 downloadsDownload Romeo-Juliet-2013.zip138 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Kesara-Withanage.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේ්‍සර විතානගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රබුද්ධ කේසර විතානගේ
Subtitles
16 comments
AsithaDilruwan
Ishan Madusha
නියමයි.බොහොම ස්තූතියි සහෝ
oditha senevirathne
thanks bro. hoya hoya hitiya sub ekak
Lushan Tharinda
Subata thanks bro...
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
බුදු සරණයි - දෙවි පිහිටයි..!Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රබුද්ධ සහෝ.
ජයෙන් ජය.Helili Hemamali
බොහොම ස්තූතියි මල්ලි.
ප්‍රබුද්ධ කේසර විතානගේ
සියළු දෙනාගේම ප්‍රතිචාර වලට ස්තුතියි. තෙරුවන සරණයි! :) :)
daypal
උපසිරැසියට ගොඩක් ස්තුතියි.
හසිත මධුෂාන්
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට…….
Yushan Malith
Thanky for the sub
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sithukasun
බොහොම ස්තූතියි
Prageeth Gaya
thank u oba semata
sema suba nawa wasarak
01. illeemak
A promess film ekata sub dnna plzPahasaraDv
Thankz...
Related
![Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/bi-6b4858832e613cd933d7b010-card.webp)
Frame (2026) Sinhala Subtitles | හොඳ මනුස්සයෙක්ද හොඳ ඡායාරූප ශිල්පියෙක්ද? [සිංහල උපසිරසි]
2026MarathiMovie
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie

elama saho thanks
lassana kathwak hamoma balanna