Watch Trailer

Beyond Valkyrie: Dawn of the 4th Reich (2016) Sinhala Subtitles | නාසී මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ ප්‍රථම උපසිරැසි නිර්මාණය.ඉතින් ගොඩක් වැරදි අඩු පාඩු ඇති. මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා අසංක ප්‍රදීප් රණතුංග සහෝට, මට මේ උපසිරැසිය කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව.ඒ වගේම අඩුපාඩු පෙන්නා දුන් සිසිල ප්‍රසාද් සහෝටත් ස්තුතියි.ඇත්තටම වැඩේට අත ගැහුවට පස්සේ තමයි තේරුනේ හිතුවට වඩා මේක අමාරුයි කියලා. සබ් එ…

මේ මගේ ප්‍රථම උපසිරැසි නිර්මාණය.ඉතින් ගොඩක් වැරදි අඩු පාඩු ඇති. මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා අසංක ප්‍රදීප් රණතුංග සහෝට, මට මේ උපසිරැසිය කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව.ඒ වගේම අඩුපාඩු පෙන්නා දුන් සිසිල ප්‍රසාද් සහෝටත් ස්තුතියි.ඇත්තටම වැඩේට අත ගැහුවට පස්සේ තමයි තේරුනේ හිතුවට වඩා මේක අමාරුයි කියලා. සබ් එක කරන්න ඉල්ල ගෙන ටික කාලයක් වෙනවා,ඒත් අධ්‍යාපන කටයුතු හින්දා සබ් එක ඉවර කරන එක කල් ගියා. මේ වැඩේදී උදුල ඉදුනිල් මිත්‍රයා මට ලොකු සහයෝගයක් ලබා දුන්නා.ඔහුටත් බොහොම ස්තුතියි.

ඇත්තටම Film එක ගැන කිව්වොත්, 2016 අගෝස්තු 12 දින තිරගත කිරීම් ආරම්භ කළ, විනාඩි 100 ධාවන කාලයකින් යුත්, War-History-Drama ගණයට අයත් වන ඇමරිකානු චිත්‍රපටයක්. Claudio Fah විසින් මෙය අධ්‍යක්ෂණය කර ඇති අතර Jeffery Beach විසින් නිෂ්පාදනය කර ඇත. මේ සඳහා Sean Patrick Flanery( කැප්ටන් ඉවාන් ), Pasha D.Lychnikoff(මේජර් කුල්කෝව් ), Julie Engelbrecht(එල්කේ ෂෙරෝඩර් ), Michael Epp(නාසී මේජර් කෲස් ) යන අය රංගනයෙන් දායකත්වය සපයයි.කොහොම වුනත් මේ සඳහා IMDB දර්ශකයේ 4.9 අගයකුත්, කුනු තක්කාලි දර්ශකයේ 29% අගයකුත් තමයි ලැබිලා තියෙන්නේ. ඒත් මන් හිතන්නේ ඒ අගයන් Film එක රසවිදින්න කිසිම විදියකට බාධාවක් නෙවෙයි.මොකද Film එකේ කතාව ගොඩක් හොදයි.

කතාව ගැන කිව්වොත්…… Valkyrie නම් වු මෙහෙයුම මගින් Adolf Hitler ව ඝාතනය කිරීමට සැලසුම් කර ඇත. මේ සඳහා තවත් නාසී ලොක්කෙකු නායකත්වය සපයන අතර ඔහුව ආරක්ෂා කිරීමට එංගලන්තයෙන් හා රුසියාවෙන් විශේෂ හමුදා ඒකක දෙකක් ජර්මනියට පැමිනෙයි. නමුත් Valkyrie මෙහෙයුම අසාර්ථක වන නිසා එයට නායකත්වය සැපයු නාසී ලොක්කාව මරා දැමීමට නාසී නිළධාරීන් ක්‍රියා කරයි. කෙසේ වෙතත් ඔහු මිය යෑමට ප්‍රථම අතිශය රහසිගත ලේඛනයක් එම විශේෂ කණ්ඩායම්වලට ලබා දෙයි. ඇත්තටම ඒ යුද්ධය පරාජයට පත් වෙමින් යන නාසී පක්ෂයේ සියලුම ප්‍රධාන නිලධාරින්,බිලියන ගනනක රත්තරන් සමඟ ආර්ජන්ටීනාවට පලා යන මෙහෙයුමක් සම්බන්ධ ලිපිගොනුවක්. තමා පැමිනි මෙහෙයුම අසාර්ථක වුනත්,එංගලන්ත හා රුසියානු කණ්ඩායම් අතර හැලහැප්පීම් තිබුනත් ඔවුන් මේ මෙහෙයුම නතර කිරීම උදෙසා එකට එක්ව කටයුතු කරයි.මන්ද යත් නාසීන්ගේ මේ පලා යාමේ මෙහෙයුම සාර්ථක වුවහොත්, එය නාසී පක්ෂයේ නැවත නැගිටීමට හේතු විය හැකි නිසාවෙනි.ඇත්තටම රත්තරනුත් එක්ක නාසීන්ට ආර්ජන්ටීනාවට පලා යෑමට හැකි වෙයිද?????

මේ සිද්දිය ඇත්තක්ද,බොරුවක්ද කියන්න මන් දන් නෑ.ඒත් මම දන්න විදියට නාසී පක්ෂයේ දෙවැනියා මෙවැනිම වු මෙහෙයුමක් මගින් සබ්මැරීනයකින් පලා යෑමට උත්සහ කර තිබෙනවා.ඔහුත් බේරුනාද නැද්ද කියලා දන්නේ දෙවියොම තමා……මම හිතන්නේ දැනට මේ ඇති. ඔයාලම Film එක බලලා සබ් එක හොඳද නැද්ද කියලා තීරණය කරන්න.

~~~ඔබට ජය~~~

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,517 downloadsDownload Beyond-Valkyrie-Dawn-of-the-4th-Reich-2016.zip43 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදීප සඳකල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-31
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

උදීප සඳකල්

Subtitles

2,517 downloadsDownload Subtitles43 KB

55 comments

  1. Sanath Perera

    thanks for sub bro...
    welcome to baiscopelk & happy new year too...

    1. Udeepa Sandakal

    2. bandula priyantha

      සබ් එක නැහැනේ

  2. Kantha_DLA

    චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි........

    `````````සුබ අලුත් අවුරුද්දක් වේවා.```````````````

    1. Udeepa Sandakal

      ~ජය~

  3. malintha

    rhank u bn,,,jaya weawa

    1. Udeepa Sandakal

      ~ජය~

  4. විදුෂාන් සජිත්

    :-) පළමු උපසිරැසියට උණුසුම් සුබපැතුම් උදීප සඳකල් සහෝ.. ඉදිරියටත් මේ වගේම කරගෙන යමු. ජය!.... :-)

    1. Udeepa Sandakal

      ~ජය~

  5. downx

    The Foreigner (2017) brrip 720p yify ෆිල්ම් එකට sub තාම නැද්ද ?? උණුසුම් සුබපැතුම් 2018 නව වසරට

    1. Udeepa Sandakal

  6. SAjith Anthony

    පළමු උපසිරැසියට උණුසුම් සුබපැතුම් සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

    1. Udeepa Sandakal

      ~ජය~

  7. Udara Damith Dissanayaka

    පළමු උපසිරැසියට උණුසුම් සුබපැතුම්
    ඉක්මනට අනිත් එකක් ගේන්ඩ

    1. Udeepa Sandakal

      අනිවා අලුත් එකක් ගේනවා
      ~ජය~

  8. Prabodha Madhusankha Hettiarachchi

    Congratulations brother 1st sub ekata...

    1. Udeepa Sandakal

      ස්තුතියි.
      ~ජය~

  9. kanchanae

    Thanks for your great job

    1. Udeepa Sandakal

      Welcome..

  10. Kulanjana Maduranga

    G’luck for the 1st attempt Bro.Great work & Lot of thanks.Me wge idiriyatath sub denna shakthiya labewa…Baiscope 1th ekka digu gamanak yamu….jaya wewa………..

    1. Udeepa Sandakal

      එලම
      ~ජය~

  11. shanthap

    thank you hoyapu deyak labuna

    1. Udeepa Sandakal

      Welcome bro.

  12. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

    1. Udeepa Sandakal

      ~ජය~

  13. Pradeep Iresh

    eloooooooooooooooooooooo

    1. Udeepa Sandakal

      එලම
      ~ජය~

  14. chandima123

    super work

    1. Udeepa Sandakal

      ස්තුතියි .
      ~ජය~

  15. Helili Hemamali

    පළමු වෑයමට ස්තූතියි. තවත් නිර්මාණයක් අරන් එන්න.

    1. Udeepa Sandakal

      අනිවා අක්කේ..
      ~ජය~

  16. kasunkavinda

    supiriiiii

    1. Udeepa Sandakal

      එලම
      ~ජය~

  17. tharanga nayana

    බොහොම ස්තූතියි සහෝ

    1. Udeepa Sandakal

      එලම Kevin සහෝ..
      ~ජය~

  18. jagath55

    Thanks

    1. Udeepa Sandakal

      Welcome

  19. Hasitha_Madhushan

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.........
    ලගදීම තවත් උපසිරැසියකින් හමුවෙමු.
    ඔබට ජය.....

    1. Udeepa Sandakal

      අනිවා බන්....
      ~ජය~

  20. AsithaDilruwan

    elama saho thanks

    1. Udeepa Sandakal

      එලම
      ~ජය~

  21. Nishanfernando

    Thanx bro

    1. Udeepa Sandakal

      Welcome

  22. asikkitha suran

    Ela

    1. Udeepa Sandakal

      එලම
      ~ජය~

  23. damith.thara

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි උදීප සහෝ.
    ජයෙන් ජය.

    1. Udeepa Sandakal

      ~ජයම වේවා සහෝ~

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. Udaya Saman

    සබ් එක නැහැනේ

  26. Re Load 1

    පළවෙනි සබ් එකට සුබපැතුම්.

  27. gayann

    sub eka ko...

  28. subodha madushanka

    ko sub eka

  29. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata..
    Jaya wewa!

  30. Lakshansilva18

    Thanks for subtitles

  31. Prabodha Jayakody

    Thanks...