උදාවුණු 2018 වසර චිත්‍රපට ලෝලී ඔබ සැමගේ සියළු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත වසරක් වේවා! මුළින්ම කියන්න ඕන Elephant Man කියල නම තිබුණට මේක Spider Man, Bat Man, Ant Man වගේ සුපිරි වීරයෙක්ගෙ කතාවක් නම් නෙවෙයි. 1980 ඔක්තෝම්බර් මාසෙ 10 වෙනිදා මුළින්ම තිරගතවුණු David Lynch ගෙ අධ්‍යක්ෂණයක් වුණු මේ චිත්‍රප…

උදාවුණු 2018 වසර චිත්‍රපට ලෝලී ඔබ සැමගේ සියළු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත වසරක් වේවා!
මුළින්ම කියන්න ඕන Elephant Man කියල නම තිබුණට මේක Spider Man, Bat Man, Ant Man වගේ සුපිරි වීරයෙක්ගෙ කතාවක් නම් නෙවෙයි. 1980 ඔක්තෝම්බර් මාසෙ 10 වෙනිදා මුළින්ම තිරගතවුණු David Lynch ගෙ අධ්‍යක්ෂණයක් වුණු මේ චිත්‍රපටිය පැය 02 විනාඩි 04ක දර්ශන කාලයක් සහිත කළු සුදු චිත්‍රපටියක්. මේ චිත්‍රපටියට IMDB දර්ශකයෙ 8.2ක අගයක් වගේම Rotten Tomatoes වල 8.4ක ඇගයුමක් ලැබිල තියෙනවා. මේක IMDB දර්ශකයෙ එතෙක් මෙතෙක් තිබුණු හොඳම චිත්‍රපටි 150 අතරෙ තවමත් තියෙන චිත්‍රපටියක්. එතකොට හිතාගන්න පුළුවන්නෙ චිත්‍රපටිය කොච්චර ජනප්‍රියයිද කියලා. මේක හදල තියෙන්නෙ සත්‍ය සිද්ධියක් පදනම් කරගෙන. මගේ 10 වෙනි උපසිරැසිය විදිහට 2018 වසරෙ මුළින්ම ඔයාලට මේක තිළිණ කරන්න ලැබුණු එක ගැන මටත් සතුටුයි.
මේකෙ Elephant Man නැත්නම් ජෝන් මෙරික් (John Merrick) විදිහට රඟපාන්නෙ John Hurt. එයා Dead Man (1995), Night Train (1998), New Blood (1999), Short Order (2005), Outlander (2008) චිත්‍රපටිවලත් රඟපාලා තියෙනවා වගේම 2008-2012 කාලය තුළ විකාශනය වුණු, අපි කවුරුත් දන්න මර්ලින් (Merlin) රූපවාහිනී කතා මාලාවෙ “මකරා”ගෙ හඬ ලබාදීල තියෙන්නෙත් එයාම තමයි.
මේකෙ අනෙක් ප්‍රධාන චරිතය වන Frederick Treves දොස්තර මහත්තයගෙ චරිතයට පණ පොවන්නෙ Anthony Hopkins. එයා ගැන මතක් කළොත් Hannibal (2001), Red Dragon (2002), Fracture (2007), The Wolfman (2010), Hitchcock (2012), Thor:The Dark World (2013), Thor: Rangnarok (2017), Transformers: The Last Knight (2017) චිත්‍රපටිවල රඟපෑවා. Elephant Man චිත්‍රපටියෙ පෙනුමෙන් නම් මෑත කාලෙ චිත්‍රපටිවල එයාව අඳුනගන්න බැරි වෙයි. The Mask of Zorro (1998) චිත්‍රපටියෙ දොන් ඩියේගෝ (Don Diego) එහෙම නැත්නම් සෝරෝ (Zorro) වුණෙත් මෙයාම තමයි.
මීට අමතරව මේ චිත්‍රපටියෙ රඟපාපු කිහිපදෙනෙක් තමයි Anne Bancroft (Mrs. Kendal), John Gielgud (Carr Gomm), Wendy Hiller (Mothershead), Freddie Jones (Bytes).
ශාරීරික අඩුපාඩුකම්වලින් පීඩා විඳින අසරණ මිනිස්සුන්ට කවදාවත් සමච්චල් කරන්නවත් කරදර හිරිහැර කරන්නවත් යන්න එපා කියන පුංචි පණිවුඩයත් මේ චිත්‍රපටියත් එක්කම හැමෝටම දෙමු.
එහෙමනම් චිත්‍රපටිය සිංහල උපසිරැසි එක්කම බලලා පහළින් කමෙන්ට් එකකුත් දාගෙන යන්නකො. තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත සඳහා අදාළ වේ.
1,694 downloadsDownload The-Elephant-Man-1980.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/Ranjeewa-K.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රංජීව කේ. ලියනගේ
Subtitles
21 comments
Kantha_DLA
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි!
ජය වේවා!
බුදු සරණයි!windu
oyalge sub natthn api anathai oylata thwa dura ganak ynna suba pathum
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
harshani11112
------සුබ අලුත් අවුරුද්දක් වේවා-----
ඔබගේ කැපවීමට අපගේ උත්තමාචාරය
සියලු කටයුතු සාර්ථක වේවා..!
………තෙරැවන් සරණයි……..Nirosh C
ස්තුතියි රංජීව සහෝ.ජයවේවා !
chandima_herath
vistare hatiyatanam lassnai wage
araganama balannako thaks yaluKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි සහෝ උපසිරැසට..බුදුසරණයි..ජය වේවා!
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Priyantha Dayakeerthi
උපසිරසියට ස්තුතියි!
sathira529
බලන්න ගොඩක් ආසාවෙන් හිටපු,ඒත් සිංහල සබ් නැති නිසා බලන එක කල් දදා හිටපු ෆිල්ම් එකක්..ඔබට ගොඩක් ස්තූතියි උපසිරැසි ලබා දීම ගැන..
AsithaDilruwan
මුලින්ම තෑන්ක්ස් සහෝ ජීවිතේට පාඩමක් ඉගෙනීමට හැකි ආදර්ශයක් ගත හැකි මේ වගේ චිත්‍රපට සඳහා උපසිරැසි නිර්මාණකරණයට තෝරා ගත්තා එකටම...
ෆිල්ම් 100කට සබ් කරනවට වඩා මේ වගේ ෆිල්ම් 10 කට සබ් කරලා ලබන්න පුළුවන් සතුට වැඩියි.
ගොඩක් වෙලාවට මෙවන් චිත්‍රපටයක් සාමාන්‍ය චිත්‍රපටයක් මෙන් 02 ගුණයක් හෝ 03 ක ධාවන කාලයක් සහිත චිත්‍රපටයක් වනවා.ඒ නිසාම මෙවන් චිත්‍රපටයක උපසිරැසි නිර්මාණයට අවශ්‍ය කරන කාලය හා ශ්‍රමයත් නිතැතින්ම තෙතුන් ගුණයක් වනවා.
ඉහල සිනමා රසයක් ඇති බොහෝ දෙනෙක් අප අතර ඉන්නවා නමුත් ඔවුන් නිහඩව සබ් දෙන ෆිල්ම් එකක් අරන් බලනවා….මේ ෆිල්ම් එකට එන Vivews සහ වැටෙන Comments ගණන අනිත් ෆිල්ම් වලටත් වඩා අඩු වෙයි.
සබ් කරලා ලබන්න පුළුවන් සතුට Vivews සහ Comments වලින් මනින්න බෑ සහෝ…
ජයෙන් ජය වේවා!!!damith.thara
IMDb දර්ශකයේ 8.2ක් ගත්තා කියන්නේ සුපිරි චි්‍රපටක් වෙන්න ඕන.
ඩවුන්ලෝඩ් කවුන්ටර් එකේ ගණන අඩු වුනාට කමක් නෑ සහෝ.
සුපිරි ෆිපුමකට සබ් කරපු සතුට තියෙනවනේ.
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි රංජීව සහෝ.
ජයෙන් ජය.d
puluwannm eraserheard 1977 film ekata sun dannako
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
Thank you machan sub ekata..
Jaya wewa!Gayan Chathuranga
thanks!
kokila harshani
උපසිරසියට බොහොම ස්තූතී!!!
sasanka
thanks for the sub
Advertisement

චිත්‍රපටයක උපරිම රසාස්වාදය ලබාදීම සඳහා
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
.........බුදු සරණයි - දෙවි පිහිටයි........
`````````සුබ අලුත් අවුරුද්දක් වේවා.```````````````